චතු ධාතුව ගැන දතයුතු දේ
01)මෙම ලිපි පෙළ ආරමිභයේ චතු ධාතුව පිළිබඳවත්, උත්සන්නතාවය මත ධාතුන්ගේ පැවැත්ම ප්‍රකාශ කරනා ආකාරය පිළිබඳවත්, යමි වස්තුවක් ධාතුන් වලට බෙදා බලනා ආකාරය පිළිබඳවත් සරල හැදින්වීමක් කර ඇත.
02)භාහිර ධාතුන් හා ආධ්‍යාත්මික වශයෙන් ශරිරයේ ඇති ධාතුත් අතර සමිබන්ධතාවය කුමක්ද යන්න පිළිබඳව අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙලේ විස්තර කොට ඇත. ඒ කොටස හා ධාතු පිළිබඳ එම ලිපි පෙලේ ඇති විස්තරය මෙම භාවනාව වැඩීමට පෙර කියවාගත යුතුය.
03)කායානුපස්සනා භාවනා අතර ඉතාමත් පහසුවෙන් වැඩිය හැකි හා ඉතා ඉක්මන් ප්‍රතිඵල ලද හැකි භාවනාවක් ලෙස මේ ධාතු මනසිකාර භාවනාව දැක්විය හැක.
04)ධාතුන් පිළිබඳව මනා දැනුමක් ඇතිකර ගැනීමෙන් පසුවම පරිකමිම භාවනාව කල යුතුය.
චතු ධාතුව පරිකමිම භාවනාව
01)මෙම පරිකමිම භාවනාව සඳහා ද භාවතා කරනුයේ ශරිරයේ දෙතිස් කොටසයි.
02)ඒ අනුව මෙම භාවනාව වැඩීම සඳහා ද ශරිරයේ කොටස් 32 ක කට පාඩම් තිබීම ඉතාමත් වැදගත් වනු ඇත.
03)එසේම එහි ශරිර කොටස් වල ස්වභාවය පිළිබඳව යමි අවබෝධයක් තිබිය යුතුය, උදාහරණයක් වශයෙන් පෙනහැල්ල, හෘර්ධ වස්තුව ආදී ශරිර අවයව ඝණ බවින් යුක්ත ශරිර අංග වන බවට දැනුමක් යමෙකුට තිබිය යුතුය.
04)මෙම දැනුම ඇතිවූ පසු පළමුව සුදුසු ඉරියවිවකින් හිඳගෙන, පුර්වකෘත්‍ය ආදී ක්‍රියාවලිය නිමවා. තමාගේ ශරිරය සිතින් දැකීමට උත්සහ කල යුතුය. නැතහොත් තම ශරිරයේ ප්‍රථිබිමිබය තමා ඉඳිරියේ ඇතැයි සිතා එය සිතින් දැකිය යුතුය.
05)ඉන් අනතුරුව කෙස් මේ ශරිරයේ ගණ බවින් යුතු පඨවි ධාතු කොටසකි කියා එය හිසින් ගලවා පසෙකින් තැබිය යුතුය. මේ ආකාරයට ලොමි, නිය, දත් ආදී වශයෙන් වන්නාවූ පඨවි ධාතු කොටස් වෙන වෙනමම ගලවා පසෙකින් තැබිය යුතුය.
06)මෙසේ පඨවි ධාතු කොටස් සියල්ල හොදින් වැටහෙන්නට වන අවස්ථාවක් මතුවන තෙක් මේ භාවනාව නැවත නැවත වැඩිය යුතුය.
07)ඉන් අනතුරුවම ප්‍රධාන භාවනාවට යොමු විය යුතුය.