ධාතු මනසිකාර ප්‍රධාන භාවනාව.
01)යමි අවස්ථාවකදී පඨවි ධාතු කොටස් ඉතා හොදින් සිතට දර්ශනය වෙමින් කොටසින් කොටස ගොඩ ගැසිය හැකිවන අවස්ථාවක් වේද එබදු අවස්ථාවක් චතු ධාතු භාවනාවෙන් ඉදිරියට යෑමට සුදසු අවස්ථාවක් වනු ඇත.
02)ඉන් පසු තම ශරිරයේ ප්‍රතිබමිබය දෙස බලා හෝ තම ශරිරය දෙස සිතින් බලා හිසේ කෙස් ගලවාගත යුතුය.
03)මෙසේ ගලවාගත් කෙස් උත්සන්නතාවය අනුව ධාතු කොටස් 04 බෙදා වෙන්කල යුතුය.
04)මෙසේ ශරිර අවයවයක් බෙදා වෙන් කරන ආකාරය 05 කොටසේ දක්වා ඇත. කෙස් ගස් ගතහොත් මේ කෙස් ගස් කුඩා කුඩා සිහින් කුඩු බවට අඹරාගත හැකිය. එවන් විටක කෙස් යන්න නැතිවී ගස් කෙස් කුඩු නමි සංඥාව ජනිත වේ. කෙස්, ලොමි, නිය, දත් යන ශරිර කොටස් වල පඨවි බව ඉතා උත්සන්න බැවින් එහි ඇති ආපෝ, වායෝ බව කුමක්දැයි සායාගැනීමට යමෙකුට අපහසු විය හැක. නමුත් එබදු අයෙකුට වුවද කෙස් වල ඇති යමි උනුසුමක් හෝ සිසිලක් ඇති බව ප්‍රකට ලෙසම අත්දැකිය හැක. මෙසේ කෙසේ වල ඇති ධාතු ස්වභාවය සිතට වැටහෙන විටදී කෙස් වලින් එම වැටහෙන ධාතු ස්වභාවයන් බෙදා වෙන්කල යුතුය. උදාහරණයක් ලෙස යමෙකුට කෙස්වල ඇති පඨවි බව අත්දැකීමට පළමුව එය සිතින්ම කුඩුකර ගැනීම නමි උපක්‍රමය භාවිතා කල හැක. එම කෙස් කුඩු වල ඇති උණුසුමි බව හෝ සිසිල්බවක් ඇතිබව දැන කෙස් ගසින් ඒ කෙස් කුඩු පඨවි ධාතුව ලෙසත් උණුසුමි බව හා සිසිල් බව තේජෝධාතුව ලෙසත්, යමි ආකාරයකට පටවල් 04 ක් එකට වෙලී ඇති කඹයක ඒ පට 04 සිවි දිශාවට වේගයෙන් ඇඳ කඹය ලිහා ලනුපොටවල් 04 ක් ලබාගන්නා සේ කෙස් ගසින් ධාතු කොටස් 04 සිතින් සිවි දෙසට ඇද වෙන් කල යුතුය.
05)මේ ආකාරයට හෘර්ධය බෙදා බලමු. හෘර්ධ වස්තුවේ ඇති ආපෝ ධාතුව පළමුව ඉවතට ඇඳ පසකට දැමිය යුතුය. එවිට හෘර්ධ වස්තුව ආපෝධාතුව හරිතව වියලී කර්කශක වන ආකාරය දැකිය හැක. එසේ වියලී කර්කශක වූ හෘර්ධය සිතින්ම පොඩි කර කුඩුකර ගත් විට එහි ඇති තදබව ඇතිකරන කොටස නැතහාත් පඨවි ධාතුව ලබාගත හැක. එය පසකින් ගොඩ ගැසිය හැක. අනතුරුව ඉවත් කරගන්නා ලද ආපොධාතුව තුල හා පඨවි ධතුව තුල තවදුරටත් තේජෝ ධාතුව පවතින බව දැක එය පසකට ඇද ගොඩගසාගත යුතුය. ඉන් අනතුරුව ඉතිරිවන වායෝ ධාතුව අනිත් පසට ඇඳ දැමිය යුතුය.
06)මෙය ඔබට වඩාත් සුදුසු හෝ පහසු ක්‍රමයකින් කිරීමට හැක. මේ දැක්වූයේ කල හැකි එක් ක්‍රමයක් පමණි.
07)මේ ආකාරයට ශරිරයේ පඨවි කොටස් 20 ම පඨවි, ගොඩක්, ආපෝ, ගොඩක්, තේජෝ ගොඩක්, වායෝ ගාඩක් වශයෙන් ගොඩ ගසාගත යුතුය.
08)ශරිරයේ සෙසු කෙල, සොටු, මුත්‍ර, ආදී වශයෙන් වැටහෙන්නාවූ ප්‍රකට ආපෝධාතු කොටස් වලද අන් ධාතු 03 ම ඇත. එය වෙන්කර ගැනීමට ඔබට අපහසු නමි ඔබ මෙකතක් සිතින් වෙන් කල ආපෝ ධාතු ගොඩටම ඒවා සිතින් එකතු කල යුතුය.
09)අවසන් ප්‍රථිපලය ලෙස ඔබ සමිපුර්ණ ශරිරයම පඨවි, ආපෝ, තෝජා, වායෝ වශයෙන් ගොඩවල් 04 කට වෙන් කර තිබිය යුතුය.
10)මේ ආකාරයට මේ භාවනාව, ඉතාමත් පහසුවෙන් ශරීරංග ධාතුකොටස් වලට වෙන්කර ගොඩවල් 04ක් ගැසීමට හැකිවන ආකාරයෙන් ප්‍රගුණ කල යුතුය.
11)ඒ සදහා 100 වරක් භවනාව වැඩුව ද කමක් නැත. භාවනාව ප්‍රහුණ වූ විට ඔබට ඉතාමත් ඉක්මනින් මෙසේ ශරිරය වෙන්කර ගැනීමට හැකිවනු ඇත.
12)එසේ ශරිරය ධාතු කොටස් 04 ට වෙන් කරගැනීමේ ප්‍රවීණතාවයක් ඇතිවූ පසුව පමණක් භවනාව කෙලවර එම වෙන් කරන ලද ධාතු කොටස් ගොඩවල් 04 දෙස සිතින් බැලිය යුතුය. එසේ බලා එම ධාතු කොටස් 04 සිතෙන් සිවිපැත්තකට ඇද වෙන්කර දැමිය යුතුය.
13)එසේත් නැතහොත් ඔබ සිතින් දකින දකිනා පඨවි ධාතුව භාහිර ලොකයේ ඇති පසටම එක්කර දැමිය යුතුය. ආපෝ, ධාතුව, තොජෝධාතුව, වායෝ ධාතුව ද එසේ භාහිර ධාතුන් හා එක්කර දැමිය යුතුය.
14)එසේ එක්කර දමන ලද අවස්ථාවකදී නැවතත් සිතින් තමාගේ ප්‍රතිබිමිබය දැකීමට උත්සාහ කල යුතුය. එය දැකිය හැකි නමි ප්‍රථිබිමිබය සෘජුවම දාතු කොටස් 04 ට බෙදා වෙන්කර සිතින් ඈතට විසිකර දැමීමට ඔබට හැකිවිය යුතුය. එවන් විටක දැන් කෝ මගේ ශරීරය යන ප්‍රශ්ණය සිතින් විමසා සිටිය යුතුය. එවන් විටක සතිපිටඨාන සූත්‍රයේ දක්වා ඇති “කලෙකශරීරයෙහිඇතිවීමිස්වභාවදක්නේහෝකලෙකශරීරයෙහිනැතිවීමිස්වභාවදක්නේහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. ඒභික්ෂුවටසනත්ත්වපුද්ගලනොවූධාතු මාත්රවූශරීරයපමණක්ඇත්තේයයනසිහියහොඬින්පිහිටියේවෙයි”යන තත්වය ඔබට අත්දැකිය හැකි වනු ඇත.
15)එසේ අත්දැකිය නොහැකි වන්නේ නමි පරිකමිම භාවනාව ඇතුලු භාවනාක්‍රමය නැවත මුල සිට වැඩීම ආරමිභ කල යුතුය.
16)සිහිය වර්ධනය කරගත යුතුය, සමාධිය වර්ධනය කරගත යුතුය, ධාතු පිළිබඳව ප්‍රඥව වර්ධනය කරගත යුතුය.