මෙම ලිපි පෙල ලියා තැබූයේ මෛත්‍රී චින්තාව පාදකකර ගනිමින් පහසුවෙන් ධ්‍යානයක් උපදවාගනු ලබන ආකාරය පහදා දීමේ අභිලාශයෙනි. තවමත් මේ සිදුකරණුයේ මෛත්‍රී භාවනාව වැඩීමට සුදුසු මටිටමෙන් ඔබේ සිත කර්මන්‍ය තත්වයට පත්කර ගැණිමට අවශ්‍යවන්නාවූ මූලික මනස හුරු කිරීමේ භාවනා ක්‍රම කිහිපයක් විස්තර කර දීමයි.
එබැවින් පෙරකියූ භාවනා ක්‍රමයන් තුලින් මනස විසිරීයාම පාලනය කිරීමට හැකිවන අයෙකුට මෙම ලිපියේ ඇති භාවනා ක්‍රමයන් හා ඉදිරි ලිපියේ පලවන මණිපද්ම භාවනා ක්‍රමය අත්හදා බැලීමට හැකියාවක් ඇත.
මෙහිදී පහදා දෙනු ලබන්නේ කසින භාවනා 10 අතරින් පඨවි, ආපෝ, තෝජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත යන කසින භාවනා 08 භාවනාව සඳහා උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳවයි.
පඨවි කසිනය – තද බව නැතහොත් පඨවි බව අරමුණු කරගනිමින් වඩන්නාවූ භාවනාව පඨවි කසින භාවනාවයි. මේ සඳහා අඩි 1x1 ප්‍රමාණයේ මැටි කසින මණ්ඩලයක් සකස් කරගත යුතුය. වෙළඳ පොලේ විකිණිමට ඇති, රතු මැටි හෝ හුඹස් මැටි ප්‍රමාණවත් පරිදි ගෙන 1x1 ප්‍රමාණය හා අඟල් 2 ක් පමණ ඝණකම ඇතිවන පරිදි ලී පුවරුවක් සාදා එහි මැටි පුරවා වේලෙන්නට තබා මෙම කසින මණ්ඩලය සකසාගත හැක. නැතහොත් එය පුළුස්සා ගැණිම වුවුද කල හැක. මෙහි විස්තර කරණුයේ භාවනාව සඳහා අතීශය අදුනිකයෙකුට පඨවි කසිනය වැඩීම සඳහා වන අවශ්‍යතාවයයි. භාවනාව දියුණු අයෙකුට කසින මණ්ඩලයක් නොමැතිව ඕනෑම පඨවිධාතුවක් අරමුණු කොට එය වැඩීමේ හැකියාව ඇත. එබැවින් මෙය පරිකමිම භාවනාවක් නැතහොත් මූලික භාවනාවට පෙරාතුව කරනා හුරුවීමේ භාවනාවක් වශයෙන් ගනන් ගැනීම වඩා සුදුසුය.
මෙසේ සකස්කරගන්නා ලද ඇටවුම කසින මණ්ඩලය වන අතර, එය ඇසට පහසුවෙන් බැළිය හැකි දුර ප්‍රමාණයකින් තබා, සුදුසු ඉරියවිවකින් වාඩිවී එදෙස බලා පඨවි, පඨවි යන්න සජ්ජායනා කරමින් මුලින්ම භාවනා කල යුතුය. එය කල හැකි ආකාරය සජ්ජායනා ක්‍රමය නමි ළිපියේ පහදා දී ඇත. එය ප්‍රගුණවන අවස්ථාවකදී සජ්ජායන ක්‍රමය අතහැර සිතින් පඨවි පඨවි යන්න මෙනෙහි කල යුතුය.
එසේම කසින මණ්ඩලය දෙස බලාගෙන ඇස් විවර කරගෙනම පඨවි යැයි සජ්ජායනා කරමින් භාවනා කරනා සේම ඇස් වසාගෙනද පඨවි යැයි මනසිකාර කරමින් භාවනා කල යුතුය. යමි අවස්ථාවක දී පියවි ඇසට පෙනෙනා රූපය ඇස් වසාගත් විටද හිතට ඒ අයුරෙනම දර්ශනය වීමට ඇවකාශ ඇති අතර, එවන් අවස්ථාවක දී එම සිතින් දර්ශනය වන පඨවි කසින මණ්ඩලය දෙස බලමින් පඨවි පඨවි යැයි මෙනෙහි කරමින් භාවනා කල යුතුය.
භාවනාව වර්ධන වී ඇති අයෙකුට මෙබදු අවස්ථාවක් වන විට කායික වශයෙන් දැනෙන්නාවූ ඕලාරික සමාධි මටිටිමි බොහෝමයක් ඇතිවීම සිදුවන බැවින් ඒවා පිළිබඳව මෙනෙහි නොකොට කසිනාරමිමණයේම සිත නිමග්න කල යුතුය. මේ ආකාරයෙන් කසින භාවනාව මූලික වශයෙන් ප්‍රගුණ කල හැක.
මේ අයුරෙන්ම ආපෝ කසිනය සඳහා දිය පිරවූ බඳුනක් ද, තේජෝ කසිනය සඳහා දල්වන ලද ඉටිපන්දමක් ද, වායෝ කසිනය සඳහා ශරිරයේ වැදෙන සුලඟක් හෝ භාහිර පරිසරයේ ඇති සුලඟ ද අරමුණු කල හැක.
නීල කසින සංඛ්‍යාත වර්ණ කසින 04 සඳහා පඨවි කසින මණ්ඩලය මෙන්ම වර්ණවත් කඩදාසි, වර්ණවත් මල් ආදිය භාවිතා කල හැක.
මෙම කසින භාවනා ක්‍රමය අධ්‍යානය කිරීමේ දී ඔබට පෙනී යා යුතු කරුණ වන්නේ මින් පෙර පහදා දෙන ලද මනස ඒකාග්‍ර කිරීමේ භාවනා අභ්‍යාසයන් සියල්ල මෙම භාවනාව තුල අන්තර්ගව ඇති බවය. එබැවින් මුලන් දක්වා ඇති සරල භාවනා අභ්‍යාස වඩා තිබීම මෙම භාවනාව සාර්ථක කර ගැනීම සඳහා ඔබට මහෝපකාරී වනු ඇත.
මේතාක් භාවනා අභ්‍යාසයන්හි නියුතු වූ ඔබගේ මනස මෙම අවස්ථාව වන විට සංයමයකින් යුතු මනසක් විය යුතු අතර. එම වෙනස ඔබට පැහැදිලි ලෙස අත්දැකීමට හැකි වනු ඇත. යමිසේ කුණු කැලි කසල ආදියෙන් අපවිත්‍රව ඇති ජලාශයක් මත වූ පෙඳ පාසි සෙවෙල් ආදිය ඉවත් කල පසු පැහැදිලි ජලය දිස්වන්නේ යමිසේද, එපරිද්දෙන් මෙම අවස්ථාව වන විට ඔබේ මනසට වඩාත් ලංව අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට දැන් ඇත. එවන් ඔබට ඉලඟ පියවර කරා ගමන් ගැණිමේ හැකියාව ඇත.
ඉදිරි ලිපිය මනෝ නිර්මාණකරන භාවනාව.
මේතාක් ලිපි පෙළගැස්ම
- ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
- ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය)
- සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය)
- නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය
- හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා
- රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා