සමථ භාවනා යන්න බෞද්ධයන්ට පමණක් උරුම වූ භාවනා ක්‍රමයක් නොවන බව මින් පෙර ලිපියේ සඳහන් කිරීමට යෙදුනි.
හින්දුන් අතර ප්‍රචලිත ප්‍රානයාම මූලික චක්‍ර භාවනා ක්‍රමය යුරෝපයේ වර්ථමානයේ වඩා ප්‍රචලිත වෙමින් පවතියි. නමුත් මෙහි චක්‍ර භාවනා පිළිබඳව වැඩිමනත් යමක් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවක් නැත. චක්‍ර භාවනා පිළිබඳව සරල හැදින්වීමක් ගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමිපාණන්ගේ භාවනා දීපනියනමි ග්‍රන්තයේ අන්තර්ගතව ඇත. විවිධ භාවනා ක්‍රම පිළිබඳව උනන්දුව ඇති අයෙකුට එම ග්‍රන්තය කියවා යමි අදහසක් ඇතිකරගත හැක. කෙසේ වුවද නිසි ගුරු ඇසුරක් නොමැතිව කිනමි මටිටමකින් වුවද චක්‍ර භාවනා කිසිවක් නොකල යුතුම වන්නේය.
මෙම ලිපියේ සඳහන් වන්නේ කිසිදු හානියකින් තොරව වැඩීමට හැකියාව ඇති පරිකමිම භාවනා ක්‍රම කිහිපයක් පමණි.
"ඔමි"
හින්දූන් අතර පුරාණයේ සිට පැවත එන ධ්‍යාන වැඩීමේ ක්‍රමයක් ඇත. ඔවුන් ඒ සඳහා මුලික පරිකමිම වචනය වශයෙන් “ඔමි”කාරය භාවිතා කරති.
ඔමියන්න සජ්ජායනා කරමින් හා සිතින් මනසිකාර කරමින් ඔවුහු භාවනා කරති. ධ්‍යාන අතර වචන මාත්‍රයේ ඉපදවිය හැකි ධ්‍යාන පවතියි. එසේම ශුද්ධ මනෝ සංඥාවන් තුල ඉපදවිය හැකි ධ්‍යාන ද පවතියි. උදාහරණ ලෙස පිළිකුල් සංඥාව.
බොහෝ විට වචන මාත්‍රයේ ධ්‍යානයක් උපදවාගන්නා අයෙකුට කිනමි වචන මාත්‍රයක වුවද ධ්‍යානයක් උපදවා ගැනීමේ ශක්තිය ලැබිය හැකිය.
මේ ආකාරයෙන් ඔමි කාරය තුලද ධ්‍යාන ඉපදීමේ හැකියාවක් ඇත. ඒබැවින් යමෙක්ට “ඔමි” යන වදන මූලික භාවනා අභ්‍යාසයක් වශයෙන් භාවිතා කල හැක..
එසේ “ඔමි” කාරය තුල සිත සමාහිත කිරීමට සිතනා යෝගාවචරයා පළමුව සුදුසු ඉරියවිවකන් හිඳගත යුතුය. අනතුරුව පළමුව කී පරිදි නවගුන වැල ගෙන “ඔමි” කාරය කටින් සජ්ජායනා කරමින් භාවනා කල යුතුය.
එය ප්‍රගුණවූ කලෙකදී ඔමිකාරය සිතින් කියමින් භාවනා කල යුතුය. භාවනාව ප්‍රගුණවන අවස්ථාවදී යමිසේ මුවින් වචන පිටවනවාටත් වඩා සුපැහැදිලි ලෙස සිතින් වචන උචිචාරණය කල හැකි බව යමෙකුට අත්දැකිය හැක.
බීජ මන්ත්‍ර
මින් අමතරව හින්දූන් විවිධ දෙවියන් සමිබන්ධ බීජ මන්ත්‍රයන් ධ්‍යාන පිණිසත් සිත එකඟ කිරීම පිණිසත් යොදාගනිති. කිසිදු භාධාවකින් තොරව එබදු වචන මාත්‍රයේ වුවද හැකියාව ඇති අයෙකුට ධ්‍යානයක් උපදවා ගැණිමට හැකියාවක් ඇත.
උදාහරණ වශයෙන්
ඔමි ගමිගන පථයේ නමහඃ
ඔමි ශ්‍රීමි රීමි සරස්වත්‍යයෙයි නමහඃ
යනාදී වශයෙන් වන්නාවූ ඒ ඒ දෙවියන් සමිබන්ධයෙන් ධ්‍යාන කල යුතු බවට හින්දූන් විසින් නිර්දේශිත බීජ මන්ත්‍රයන් රාශියක් ඇත. එම බීජ මන්ත්‍රයක් වුව ද ගෙන යමෙකුට භාවනා කල හැක.
නැතහොත් “ඔමි”කාරය මෙන්ම චක්‍ර භාවනාවන් හි චක්‍ර කමිපිත කිරීමට උපයෝගී කරගන්නා
“LAM”- chakra 1 (root)මූලාධාර චක්‍රය ලං
“VAM”- chakra 2 (sacral/navel)ස්වදිශ්ඨාන චක්‍රය වං
“RAM”- chakra 3 (solar plexus)මණිපුර චක්‍රය රමි
“YAM”- chakra 4 (heart)අනාහථ චක්‍රය යමි
“HAM”- chakra 5 (throat)විශුද්ධි චක්‍රය හමි
“OM”- chakra 6 (third eye/brow)ආඤෙයිය චක්‍රය
“OM”- chakra 7 (crown)සහශ්‍ර චක්‍රය
යන බීජාක්ෂර වුවද යමෙකුට භාවනා කිරීමට උපයොගී කරගත හැක.
බීජ මන්ත්‍රයන් දේවතානුස්සතියක් ලෙසභාවිතය.
මහණෙනි, එක් ධර්යක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඬීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී.
කවර නමි එකම ධර්යක්ද? දෙවියන් සාක‍්ෂිකොට ගුණධර්ම සිහි කිරීමයි.
(අංගුත්තර නිකාය/ඒක නිපාත/ඒකධමිමවග්ගය/දෙවතානුස්සති සූත්‍රය.)
මෙහිදී භාග්‍යවතුන්වහන්සේ දේශිත පරිදි දෙවියන් සතු යමි ගුණධර්මයන් වේ නමි, එම ගුණධර්මයන් සිහි කිරීමද, දෙවියන් එකී ගුණධර්මයන් ලද්දේ කවර අයුරෙන් ද යන්න සිහි කිරීමත් දේවතානුස්සතියයි.
මේ ආකාරයට දේවතානුස්සති භාවනාව සඳහා පරිකමිම වශයෙන් මෙම බීජ මන්ත්‍රයන් භාවිතා කර තිබීම පසු කලෙක සමථ වශයෙන් දේවතානුස්සතිය ප්‍රගුණකිරීමට බලාපොරොත්තු වන්නෙකුට මහෝපකාරීවනු ඇත.
තාන්ත්‍රික භාවනා ක්‍රම.
තාන්ත්‍රික භාවනාක්‍රමයන් බොහෝවිට දේවතානුස්සති භාවනාවන් ගනයටම දැමිය හැකිය. තාන්ත්‍රික බුදු දහම තුල ධ්‍යානමාර්ගය ඉතාමත් පැහැදිලි ලෙසම ඇති බැවින් තන්න්‍රයානය බැහැර කල යුතු නොවේ. කිනමි දෙයක වුවද ගතයුතු හරයක් ඇතිනමි එය උකහාගත්තාට වරදක් නැත.
ඒ අනුව අවලෝකෙතිශ්වර බෝසතුන්ගේ මන්ත්‍රය වන
ඕමි මානි පද්මේ හුමි.෴
ඔමි මනි පද්මේ හුමි.෴
යන්න හෝ
වජ්‍රරසත්වයන්ගේ ඔමි බෙන්ස්ජන සත්වේ හුමි෴වැනි තාන්ත්‍රික වදනක පහසුවෙන් සිත එකඟ කල හැකි අයෙකුට සජ්ජායනා වශයෙන් මෙම භාවනාවන් කර භවනාව හුරුපුරුදු වූවාට වරදක් නැත.
මින් පෙර ලිපියකින් සංගීතස්වරයන්හි සිත එකඟ කරනා ආකාරය පහදා දී ඇති අතර, යමෙකුට සංගීතය සහිත වචන මාත්‍රයේ ද සිත එකඟ කල හැක. එවන් විටක;
ශරිරය සුදුසු ඉරියවිවකින් තබාගන්න. හෙඩිෆෝන් භාවිතා කරන්නේ නමි සුදුසු පරිදි ශබිධය අඩු වැඩි කර ගත යුතුය. පිටවන පිටවන ශබිධයන් පිළිබඳවම සිතින් මෙනෙහි කල යුතුය. කණින් ඇසෙනා ශබිධයට අනුව සිත ගමන් කරවීම තුලින් එය කල හැක. මෙවන් අවස්ථාවක සංගීත ස්වරයේ සිත එකඟ කිරීමට වඩා වැඩි ප්‍රවීනතාවයක් හා සමාධිමය බවක් අත්දැකීමට හැකියාවක් ඇත.
පහත දක්වා ඇති වීඩියෝ පට ඒ සඳහා භාවිතා කල හැක.
ඉතාමත් වැදගත්.

ඊලඟ ලිපිය රූප මාධ්‍යයේ සිත එකඟ කිරීම.