Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය

$
0
0
 ශබිධ මාත්‍රයේ සිත එකඟ කිරීමේ සජ්ජායනා ක්‍රම.
ශබිධ මාත්‍රයේ සිත එකඟ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

මේ කොටසේ දක්වා ඇති භාවනා ක්‍රම පිළිබඳව අවධාරණය කල යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත. එනමි සමථ භාවනා යන්න බුද්ධ දර්ශනයටම පමණක් සීමා වුවක් නොවේ. බුදු රජාණන්වහන්සේ බෝසත් අවධියේ උද්දකරාම පුත්ත හා ආලාරකාලාම යන තවුසන් වෙතින් අශ්ඨ සමාපත්තිය උපදවීමට කමටහන් ලබාගත් බව ආර්‍ය පර්යේශන සූත්‍රය, මහා සිංහනාද සූත්‍රය ඇතුලු සූත්‍ර ගණනාවක අන්තර්ගතව ඇත. මෙම බිලොගයේ බුද්ධ චරිතය කියවන්න.

සජ්ජායනා ක්‍රමය පිළිබඳව සඳහන් කිරීමේදී නවගුණ වැල පිළිබඳව හා එය භාවිතා කරනා ආකාරය පිළිබඳව පහදා දීමද වැගත් වනු ඇත.

නවගුණ වැල.
නවගුණ වැලක ශාකමය ඇට, ලී කැබලි හෝ ස්ඵටික 108ක් හා විශාල එක් ස්ඵටිකයක් ඇත.

යමි භාවනාවක් සඳහා සෑම විටම ඉලක්කයක් සපයා දීමට නවගුණ වැල උපකාරක වස්තුවක් වන බැවින්. සමථය සඳහා ආධුනිකයෙකුට නවගුණ වැල මහෝපකාරී වන්නාවූ වස්තුවකි
 
නවගුණ වැල භාවිතය්දී එහි ඇති විශාල ස්ඵටිකයට දකුණුපස සිට ඇති පළමුවැන්න ප්‍රථම ස්ඵටිකය ලෙස ගනන් ගත යුතුය. වාමාවර්ථව ගීනිම කල යුතුය.

යමි විටක නවගුණ වැලේ වටය සමිපුර්ණ වී නැවතත් විශාල ස්ඵටිකය වමි පසින් වන අවසන් ස්ඵටිකය දක්වා සජ්ජායනා කල අවස්ථාවදී විශාල ස්ඵටිකය උඩින් මුලින් පළමු යැයි සඳහන් කල ස්ඵටිකය වෙත අත මාරු නොකොට එම අවසන් ඒඵටිකය පළමු ස්ඵටිකය ලෙස ගණන් ගැනෙන් පරිදි නවගුන වැල හරවා නැවත සජ්ජායනා කය යුතුය.

මන්ත්‍ර ජප කිරීම හා මහායාන ත්‍රාන්ත්‍රික ක්‍රමයන්හි ස්ඵටිකයන් අල්ලා ගැණිම සඳහා විශේෂ ඇඟිලි දක්වා ඇතත් එහි ඇති වැදගත් කමක් මෙතනට නැත. එසේම ඒ ඒ තන්ත්‍ර සඳහා භාවිතා කල යුතු පබුළු මාල, බෝ ඇට මාල, නේළුමි ඇට මාල, මානික්‍ය මාල, රුද්රාක්ෂ ඇට මාල ආදිය ඇති බව දකවා ඇතත්. එහි එතරමි වැදගත්කමක් නැත. එබැවින් තමන්ට පහසු කිනමි ඇඟිලි හෝ භාවිතාකර ස්ඵටික ගිනීම කල හැක.

ථේරවාද සංජ්ජායනා ක්‍රම.
පළමු පියවර
බෞද්ධයෙකුට වඩාත් සුදුසු වන්නේ බුද්ධෝ ධමිමෝ සංඝෝ, සංඝෝ, ධමිමෝ බුද්ධෝ වශ‍යෙන් සජ්ජායනා කරමින් එනමි; සෙමින් මුවෙන් එම වදන් රිදමයානුකූලව පිටකරමින් සිතුවිලි එම වදන් තුලම නිමග්න කරවීමයි.

යමි අවස්ථාවක නවගුණ වැල භාවිතා කරමින් 1000 වරක් මෙම වචන මාත්‍රයේ සිත සමථයට පැමිණවීමට යමෙක් අදහස් කරන්නේ නමි
 
පළමුව තමා එසේ කරනා බවට තද අදිශ්ඨානයක් සිතින් කල යුතුය.

දෙවනුව නවගුණ වැල 10 වරක් අවසන් වන තුරු එක් එක් ස්ඵටිකයක් මත අත තබමින් “බුද්ධෝ, ධමිමෝ, සංඝෝ- සංඝෝ, ධමිමෝ, බුද්ධෝ වශයෙන් සංජ්ජායනා කල යුතුය.

සජ්ජායනා කිරීම යනු සිතින් සිතීම නොවේ. එය මනසිකාර කිරීමයි. සජ්ජායනා කිරීමේදී වචනය මුවින් පිටවිය යුතු අතර එය ඔබේ දෙසවනට ඇසිය යුතුය. ඒ ඇසෙන ශබිධයේ ඔ‍බේ සිතුවිලි පරමිපරාව පවත්වාගෙන යෑමටත්, වෙනත් භාහිර සිතුවිලි ගලා නොඒමටත් ඔබ භාවනා කාලය තුල වගබලාගත යුතුය.

දෙවනපියවර
යමි අයෙක් ප්‍රමාණවත් කාලයක් මෙසේ මෙම අභ්‍යාසය පුරුදු වූ පසු බුද්ධෝ, ධමිමෝ, සංඝෝ යන්න වෙනුවට, බුද්ධෝ ධමිමෝ- ධමිමෝ බුද්ධෝ වශයන් සජ්ජායනා කල යුතුය. එයත් හොදින් පිහිටි කලෙක.

තෙවන පියවර
බුද්ධෝ යන වදන හෝ ධමිමෝ යන වදන හෝ සංඝෝ යන වදන තනි තනිව ගෙන සජ්ජායනා කිරිම කල හැක.

සංක්‍රිර්ණ පියවර
ඉන් ඉදිරියට යන අයෙකුට බුද්ධානුස්සති ක්‍රමයක් භාවිතා කල හැක.
එනමි එක් එක් ස්ඵටිකයක් ගෙන
සෝ භගවා ඉතිපි අරහං
සෝ භගවා ඉතිපි සමිමා සමිබුද්ධෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරන සමිපන්නෝ
සෝ භගවා ඉතිපි සුගතෝ
සෝ භගවා ඉතිපි ලෝකවිදූ.
සෝ භගවා ඉතිපි අනුත්තර පුරිෂධමිම සාරථි
සෝ භගවා ඉතිපි සත්තා දේවමනුස්සානං
සෝ භගවා ඉතිපි බුද්ධෝ.
සෝ භගවා ඉතිපි භගවා
සෝ භගවා ඉතිපි බුද්ධෝ.
සෝ භගවා ඉතිපි සත්තා දේවමනුස්සානං
සෝ භගවා ඉතිපි අනුත්තර පුරිෂධමිම සාරථි
සෝ භගවා ඉතිපි ලෝකවිදූ.
සෝ භගවා ඉතිපි සුගතෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරන සමිපන්නෝ
සෝ භගවා ඉතිපි සමිමා සමිබුද්ධෝ
සෝ භගවා ඉතිපි අරහං

වශයෙන් ස්ඵටික 09ක් ආරෝහණ පිළිවලටද, ඉන්පසු ස්ඵටික 08ක් අවරෝහණ වශයෙන්ද සජ්ජායනා කල හැක.

භාවනාව තුලදී අභියෝග.
සමථය සඳහා ආධුනිකයෙකුට මෙසේ සජ්ජායනා කිරීම සිත ඇඹරී යන්නාවූ සිතට මහත් වදයක්, අපහසුතාවයක් මෙන් දැනෙන්නාවූ අත්දැකීමක් විය හැකියහීලෑ නැති කුලෑටි අසෙක් කෙවිටෙන් තලමින් මැනවින් හික්මවන්නේ යමිසේද සිත නැමැති කුලෑටි අසු මෙම අභ්‍යාසයන් ලබා දෙමින් එම තත්වයෙන් මුදවා තමාට අවශය පරිදි හසුරුවා ගැනීමට උත්සහ කල යුතුය.

එබැවින් කට රිදීම, ඇගිලි රිදිම, කමිමැලි කම, එපාවීම හා මෙය කර ඇති ඵලය කුමක්දැයි සිතිම වැනි සිතුවිලි සියල්ලක්ම පඤ්චනීවරණ ධර්මයන් බවම දැන ඒවා යටපත් කරමින් විර්‍ය, අදිශ්ඨානය වැනි බෝධි සංකල්පනාවන් පෙරටු කර මෙම කාර්‍ය සාර්ථක කරගැනීමට තරමි යෝගාවචරයා ශක්තිමත් මෙන්ම උපක්‍රමශිලි විය යුතුය.

ප්‍රථිපල
  • කට රිදෙන්නට ගන්නාවිටදී එය විර්‍ය පෙරටුකරගෙන මඩිමින් කට කොතෙක් රිදුනත් භාවනා කර්මය නොනවතා කරගෙන යන බවට සඵථ කරමින් භාවනා කරන්නාගේ ව්ර්‍ය පාරමිතාව හා විර්‍ය බල ධර්මය වැඩේ. එවන් ඔහු අදිශ්ඨාන කල ප්‍රමාණය සජ්ජායනා කර නිමවීමෙන් අධිශ්ඨාන පාරමිතාව වැඩේ. විවිධ ඕදාරික වූ අපහසු සිතුවිලි සංසිදුවමින් සිත මැදහත් කරමින් යන්නා තුල ශාන්ති පාරමිතාව හා උපේක්ෂා පාරමිතාව වැඩේ. භාවනාව තුල සිත නිමග්න කරනා කාලය තුල එම යෝගාවචරයාගේ නෙක්ඛමිම පාරමිතාව වැඩේ. මේ අයුරෙන් අන් පාරමිතාවන්ද වර්ධනය වේ. එබැවින් මෙය පාරමිතා ප්‍රකරණයට උපකාරී වේ.

  • සජ්ජායනා ක්‍රමයන් ආරෝහණ අවරෝහණ ලෙස භාවිතා කිරිමෙන් ඔහුගේ සිහි නුවන හා ස්මෘතිය, ධාරණ ශකිතිය දියණුවේ. සතිය වර්ධනය වේ. සිත සමාහිතවේ.
  • බුදු ගුණ වදනේ සිත දුවවමින්, බුදු ගුණ නවය සජ්ජායනා කරන්නා දෙවි මිනිසුන්ට ප්‍රිය වේ. ධ්‍යාන නොලැබුවහොත් මරණින් මතු සුගතිගාමීවේ. ඔහුගේ සිත වහා එකඟ බවට පැමිනේ. අකුසල කර්ම ක්ලේශ ධර්මයන් යටපත්වේ.

  • අමනුශ්‍ය පීඩාවන්ගෙන් මිදෙයි.
  • මුඛය සුගන්ධවත් වෙයි.
  • අකුසල කර්ම ක්ෂය වී යයි.
මේ අකාරයට බුදු ගුණ භාවනාවෙන් ලද හැකි සෑම අනුසසක්ම ලද හැකිවෙයි. එබැවින් කුසල් කැමැත්තෝ මෙම ක්‍රමය අනුව පිලිපැද භාවනා කර්මය දියණුවට පමුණුවාගනිත්වා.

ඊලඟ ලිපිය හින්දු හා තාන්ත්‍රික සමථ භාවනා මූලික අභ්‍යාස ක්‍රම

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles