Quantcast
Viewing all articles
Browse latest Browse all 168

සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව. (03 කොටස)

 සමථ භාවනාව පහළම තලයේ සිට දියුණු කිරිම.
    Image may be NSFW.
    Clik here to view.
  • විවිධ අරමුණු කරා දිවයමින් වික්ශිප්තව ඇති සිත, එක අරමුණකට ගෙන ඒම පහසු කටයුත්තක් නොවේ. එසේ සිත යමි නියමිත අරමුණක් කරා ගෙන ඒම කල්ගතවන්නාවූත් අපහසුවූත් ක්‍රියා පටිපාඨියක් විය හැක.
     
  • නමුත් උත්සාහවන්තවන්නා වූ විර්‍යය අත් නොහරින්නාවූ යම් අයෙක් වේ නමි එහි එතරමි අපහසු බවක් ඇත්තේ ද නැත.
  • එබැවින් මෙම ලිපිපෙළ සකස්කර ඇත්තේ කිසි දිනක කුමන හෝ ආකාරයකින් මනස එක්තැන් කර නැත්තාවූ විසිරුනු සිතකින්ම වාසය කල අයෙකුට වුවද භාවනාව දියුණු කරගන්නා ආකාරය දක්වමිනි. ඒ අනුව යමි අයෙක් වඩාත් ඉදිරියට ගොස් භාවනා කර ඇත්නමි හෝ චිත්ත ඒකාග්‍රතාවයක් ඇත්කරගෙන ඇත්නමි, මෙම භාවනා අභ්‍යාසයන්හි නියැලීම තුලින් සමථයේ නිපුණයෙක් වීමේ හැකියාවක් ඔහුට ඇත.
එකඟ කිරීමේ සරලම අවස්ථාව.
  • ඔබගේ රාග- ද්වේශා දී හැඟීමි උද්දීපනය නොවන්නාවූ යමි සංගීතයක් වේ නමි ඒ සංගීත ස්වරයෙන් දෙස ඔබ‍ගේ මනසින් බලා සි‍ටීම නැතහොත් ඉතාමත් අවධානයෙන් එම සංගීත නාදය වෙත මනස මුදා හැරීමෙන් මනස එකඟ කිරීමට හැකියාවක් ඇත.
  • ටහිර ලෝකයේ music therapyයනුවෙන් වර්ධනය කර ඇත්තේ මෙම අත්දැකීමය.  (music therapy ගැන මෙතැනින් කියවන්න)

  • සිත එකඟ කිරීම සඳහා සිතුවිලි වල අවශ්‍යතාවයක් ඇත. ඒ සඳහා අවශ්‍යය සිතුවිලි උපදවාගැනීමට, භාහිර ලෝකයේ උත්තේජනයක් බුදු දහමට අනුව අරමුණක් හා ඒ අරමුණ ලබාගැනීමට ආයතනයක් නැතහොත් ඇස, කන, නාසය, දිව, ශරීරය වැනි පංච ඉන්ද්‍රියයන්ගේ අවශ්‍යතාවයක් ඇත. සිත එකඟ කිරීමේ සරලම අවස්ථාව්දී ඇසින් ලබාගන්නා රූපයක නැතහොත් වර්ණයක සිත එක්තැන් කිරීම, (පඨවි, ආපෝ, තේජෝ නීල, පීත, ලොහිත, ඕදාත ආදී කසින හා ආලොක සංඥාව) ශරිරයෙන් ලබාගන්නා ස්පර්ශයක සිත එකඟ කිරීම (වායෝ කසින අවස්ථාව) නැතහොත් කණින් ලබාගන්නා ශබිධයක සිත එකඟ කිරීම වුවද කල හැක. මෙහි ගැඹුරුම අවස්ථාව වන්නේ මනසින් ලබාගන්නා සිතුවිල්ලක සිත එකඟ කිරිමයි. ඒ සඳහා හුරුවීම පිණිස මූලික වශයෙන් ප්‍රථමික අභ්‍යාසයක් කර තිබීම වැදගත් විය හැක.
සංගීතයක සිත එකඟ කිරීම (අති ප්‍රාථමික අවස්ථාව)
  • මෙහිලා කල යුතු විශේෂ කටයුත්තකු නැත ඇසෙනා ශබිධයේ සිත පවත්වාගෙන යෑමට උත්සුක විය යුතුය. මනස සංසුන් කොට විවෘත කොට, සියළු අන් සුතුවිලි පසෙකින් තබා සංගීත ස්වරය සිතින් ස්පර්ශ කිරීමට උත්සුක විය යුතුය.
  • පහත උදාහරණ වශයෙන් දක්වා ඇති වාදනයන් හා ගායනයන්හි සිත එකඟ කිරිමට හැකියාවක් ඔබට ඇතිදැයි බලන්න.
ඔබ සාර්ථක නමි ඔබේ සිත සංගීතය අතර තුරදී හා ඉන්පසුව මද වේලාවක් නිසල වී පවතින ආකාරය ඔබට අත්දැකිය හැකි විය යුතුය. උත්සහ කර බලන්න.


 


 





 



ඉදිරි ලිපිය- ශබිධ මාත්‍රයේ සිත එකඟ කිරීමේ තාන්න්‍රික ක්‍රමය
Image may be NSFW.
Clik here to view.


අමතර ප්‍රථිපල
මනස සංන්සුන් වීම,
මානසික ආතතියෙන් මිදිය හැකි වීම.
සුව නින්දක් ලද හැකි වීම.
ප්‍රබෝධමත් බව.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles