Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

ගියර් පද්ධතිය හා ධ්‍යාන..

$
0
0
ධ්‍යාන පිළිබඳව දැන සිටිය යුතු මූලික පරිචය.
    1. ධ්‍යානයක ස්වභාවය කුමක්ද යන්න පිළිබඳව සරල අදහසක් මොටර් රථයක ගියර් පද්ධතිය ඇසුරෙන් පහදා ගත හැක.

    2. යමි අවස්ථාවක මොටර් රථයක ගියරය නිවිටල් අවස්ථාවේ ඇතිවිට මොටර් රථය නිවැතී ඇත්තාක් මෙන්, සාමාන්‍ය පරිදි සමථ වශයෙන් නොදියුණු සිතේ ස්වභාවය වන්නේ එයයි. කාමචිචන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධචිච-කුක්කුචිච, විචිකිචිචා ආදී නිවරණ ධර්මයන්ගෙන් සමන්විත සිත මෙයට සම කල හැක. එකී නිවරණ ධර්මයන් ක්‍රියාත්මක වෙමින් නැතහොත් භවයේ පහලට පහලට ගමන් ගනිමින් නැතහොත් එක තැන නතරවී තිබෙන අවස්ථාව වන්නේ මෙයයි

    3. නමුත් යමෙකුට මේ සංසාරයෙන් එතෙරෙවීමට කැමැත්තක් ඇතිනමි හෝ, එම නිවරණ ධර්මයන් යටපත් කර භ්‍රහ්ම ලෝක දක්වා භවයේ ඉහලට ඉහලට ගමන් කිරීමේ කැමැත්තෙන් ඔහු පසුවන්නේ නමි, මොටර් රථයක් පදවාගෙන ගමනක් යෑමට කැමැති මිනිසෙක් මෙන් පළමුව ඔහු මොටර් රථය පනගැන්විය යුතුය.

    4. එනමි සමථ වශයෙන් භවනා කිරීම ආරමිභ කල යුතුය. ඒ අනුව වාහනය පිරිසුදු කර සර්විස් කොට දිගු ගමනක් යෑමට සකස් කර ගන්නාක් මෙන් පළමුව ඔහු භාවනාව දිගු කාලයක් කරගෙන යෑමට සුදුසු පරිදි වටපිටාව සකස් කර ගත යුතුය. භාවනාවේ බීජ තමා තුල රෝපණය වීමට සුදුසු වන ආකාරයේ පරිසරයක් තමාතුල නිර්මාණය කර ගත යුතුය. බැහැර කල යුතු ධර්මයන් බැහැර කල යුතුය. එක් කරගත යුතු ධර්ම ජීවිතයට එක් කරගත යුතුය. ආසේවනය කල යුතු ධර්ම ආසේවනය කල යුතුය, වැඩිය යුතු ධර්මයන් වැඩිය යුතුය. මෙසේ ගමන සඳහා සුදානමි කරගත් මොටර් රථය පනගන්වන්නේ යමිසේද එපරිද්දෙන් ධ්‍යාන වැඩීම සඳහා භාවනා කිරිම ඇරඹිය යුතුය.

    5. වාහනයක් පනගැන්වූ සැනින් පදවාගෙන යෑම සුදුසුද? පනගැන්වූ සැනින් පදවාගෙන යෑමට හැකියාව ඇති වාහන ඇත්තාක් මෙන්ම පාරමිතා ශක්තිය දියුණු ධ්‍යාන වඩා පල පුරුදු ඇති පිරිස් ද ඇත. ඔවුන්ට ධ්‍යානයක් වැඩීම එතරමි කරුණක් නොවේ. නමුත් එසේ ධයාන වඩා පළ පුරුද්දක් නැති දුර්වල තත්වයේ පවතින සිතට යමි ප්‍රචීනතාවයක් ලබාගැණිම සඳහා කලක් අවශ්‍ය වන්නේය. එනමි වාහනය පනගන්වා මද වේලාවක් එන්ජිම රත්වීමට හැර වාහනය පදවාගෙන යා යුතු බවට වාහන නිශ්පාදකයෝ නිර්දේශ කරන්නාක් මෙන්ම ධ්‍යාන වැඩිය යුතු යැයි අදහස් කරන්නා වාඩිවූ සැනින් ධ්‍යාන භාවනා කරන්නට නොගොස් මනස එක් අරමුණක පවත්වාගෙන යෑමට හැකිවනු පිණිස මනස එක්තැන් කිරීමේ අභ්‍යාස කිහිපයක් කර පුරුදු විය යුතුය.

    6. යමි කලෙක වාහනයේ එන්ජිම රත්වී වාහනයට හානියක් නොවී ගමනක් යෑමට සුදුසු මටිටමට එය පත්වන්නේ ද එපරිද්දෙන් ප්‍රාථමික අභයාස තුලින් හුරුකරන ලද මනසට දිගු ගමණක් යෑමට හැකියාවක් ඇත. එබැවින් මෙම ලිපි පෙලේ මුලින් දක්වා ඇති අභ්‍යාස අතරින් කවරක් වුවත් කලක් ප්‍රගුණකිරීම කලයුතු වනනේය.

    7. ඉන් අනතුරුව කැමති වන අයෙකුට පළමු ගියරයට ලීවරය ඇද කැමති තාක් කල ගමන් කල හැක

    8. යමි අවස්ථාව ප්‍රථම ධ්‍යානය උපදවාගත් අයකු හා පළමු ගියරයේ වාහනය පදවන්නා අතර සමානතාවයක් ඇත. පළමු ගියරයේ වහනය පදවන්නා‍ගේ සීමාව වන්නේ එයයි. ඔහුට කැමැති වේගයක් ගත නොහැක. වාහනය ගමන් ගන්නේ සෙමිනි. වැඩි වේගයක් ගන්නට ගියහොත් වාහනය වෙහෙසට පත්වී හඩ නඟයි. එමෙන්ම පළමු ධ්‍යානය උපදවූ අයෙකුට එහි ඇති නිවරණ ධර්මයන් අවම වශයෙන් යටපත්වී යෑම, දුර්වල සමාධි මටිටම හා කර්මන්‍ය බවින් අඩු බව හා බරින් වැඩි රළු බව අත්දැකිය හැක

    9. යමෙකුට වැඩි වේගයක් ලබා ගනීමට අවශ්‍ය වන්නේ නමි පළමුව ප්‍රථම ගියරය ඉක්මවා යෑමට අවශ්‍ය වේගයට රථය පැමිනවිය යුතු සේම ප්‍රථම ධ්‍යානය ඉක්මවා යෑමට කැමති තැනැත්තා හාත්පසින් එම ධ්‍යානය වශිකොට එම සීමාව ඉක්මවා යෑමට සුදුසු මටිටමට සිත පැමිණවිය යුතුය. නැතහොත් සිදුවන්නේ වාහනය එක තැන ගැස්සී නතර වන්නා සේ ධ්‍යානයෙන් පිරිහී යෑමයි. භාග්‍යවතුන් වහන්සේ මෙකී තත්වය විස්තර කොට ඇත්තේ කදු බෑවුමක තණකොල කමින් සිටින එලදෙනක් උදාහරණයට ගනිමිනි.

    10. ඒ අනුව එක් එක් ධ්‍යාන මටිටමක් ඉක්මවීමට පෙර එහි ප්‍රවීණතාවය ‍සියයට සියයක්ම ලඟාකරගත යුතුවීම අවධාරණය කරනු ලැබේ.

    11. යමිසේ දෙවන ධ්‍යානය, තෙවන ධ්‍යානය, චාතුර්ථක ධයානය පංචම ධ්‍යානය ලබාගැණිමේ පිලිවලද වාහනයේ ගියර් මාරු කිරිම හා සමාණය. පස්වන අවස්ථාවේ අත්දකින සිත විමොක්ෂ (අශ්ඨ විමොක්ෂයන් පිළිබඳව කියවන්න) තත්වයක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පහදා ඇත. යමිසේ රථයට උපරිම වේගයක් ඇත්ද එහිදී සිත එබදු තත්වයකට පත්කරගත හැක. එහි ඇත. 04 වන ගියර් මටිටිම වාහනයක වේගයෙන් ගමනක් යෑමට ප්‍රශස්ථ අවස්ථාවයි. ඉන්දන පිරිමැස්ම, එන්ජිම හොදින් ක්‍රියාත්මක වීම හා සුවපහසු බව එහි ඇත. චාතුර්ථක ධ්‍යානයේද එම ලක්ෂන ඇත.

    12. එබැවින් ධ්‍යාන කැමැත්තෝ ආදරෙයෙන් මේ ලිපි පෙළ පරිශිලනය කර ඒ අනුව පිළිපැද නිවන්... භ්‍රහ්ම ලොවි මාර්ගය විවර කර ගනිත්වා.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles