Quantcast
Viewing all articles
Browse latest Browse all 168

෴ පූජා පත්‍රය ෴






 පූජා පත්‍රය
මවෙත ධර්ම දානය සඳහා උපකාරී වන්නාවූ මේ බිලොගයත්, මෙහි අන්තර්ගත මවිසින් සමිපාදිත සියළුම දහමි ලිපිත්, අනන්ත වූ අපරිමිත වූ විශ්වයේ, අනන්ත අපරිමිත බුද්ධ ක්ශ්‍රේත්‍රයන්හි;

අනමතග්ග අතීත කාලයේ පහල වූවාවූ ගණනින් ප්‍රමාණ නැති අසංඛ්‍ය සංඛ්‍යාත බුදුරජාණන් වහන්සේලාටත්, අනාගත කාලයට පහල වන්නාවූ අසංඛ්‍ය ගණන් යමිතාක් බුදුවරයාණන් වහන්සේලාටත් වර්ථමාන කාලයේ අනන්ත බුද්ධ ක්ශ්‍රේත්‍රයන්හි වැඩ සිටින්නාවූ භාග්‍යවතුන් වහන්සේලාටත්,  

කාලත්‍රයේ උන්වහන්සේලාගේ සතර මාර්ග- සතර ඵල- නිර්වාණ සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මයටත්, විනය, සූත්‍ර, අභිධර්ම සංඛ්‍යාත ප්‍රතිපත්ති හා ප්‍රඥප්ති ධර්මයටත්, අපරිමාන විශ්වයේ කාලත්‍රයේ සෝවාන් මාර්ගස්ත- ඵලස්ත, සකෘදාගාමී මාර්ගස්ත- ඵලස්ත, අනාගාමී - මාර්ගස්ත, ඵලස්ත, අරහත් මාර්ගස්ත-ඵලස්ත වූ අසංඛ්‍ය ගණනින් ද ප්‍රමාණ නැති සකල අෂ්ඨාර්‍ය පුද්ගල සංඝ රත්නයටත්,  

කාලත්‍රයේ කල්‍යාණ පෘතග්ජන සංඝ රත්නයටත්; අප්‍රමාණ සඟසතු පූජාවක් කොට පූජා කරමි පූජා වේවා!! 

දෙවනුව ද තෙවනුව ද පූජා කරමි පූජා වේවා!! 

ප්‍රමාණ නැති විශ්වයේ ගණනින් ගනන් ගත නොහැකි වූ අපරිමාන වූ ආශ්චර්‍යමත් වූ සියළුම පසේ බුදු රජාණන්වහන්සේලාටත් පූජාවක් කොට පූජා කරමි.පූජා වේවා!!!
 
දෙවනුවද, තෙවනුවද අනන්ත වාරයක් පූජා කරමි පූජා වේවා!!

මේහි අන්තර්ගත සෑම ලිපියක්ම, සෑම ජේදක්ම, සෑම වදනක්ම, සෑම අකුරක්ම, ඒ සදහා වැයකල යමි කාලයක් වේනමි එය ද, ඒ සඳහා දරනලද යමි වෙහෙසක් වේනමි, එයද, ඒ සඳහා කැපකරන ලද යමිතාක් දෑ වේද ඒ සියල්ලද, ඒ සඳහා දරන ලද යමි ප්‍රයත්නයක් වේද ඒ සියල්ලද, ඒ සඳහා විඳින ලද යමි දුක් ගැහැටක් වේද ඒ සියල්ලද, මෙම ධර්ම දාන කර්මයට ආනුශංගික වූ සෑම සියළු යමිතාක් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්මයන් වේද ඒ සියල්ල ද ඒ සඳහා උපකාරවූ රූප- වේදනා- සංඥා- සංඛාර- විඥාන සංඛ්‍යාත කාලත්‍රයේ ඇතිවන පඤ්චස්කන්ධ පරිමිපරාව ද ආමිස - ප්‍රතිපත්ති පූජාවන් කොට;

කාලත්‍රයේ තුන්රුවනට පූජා කරමි පුජා වේවා!! දෙවනුවද තෙවනුවද පූජාකරමි පූජාවේවා!!

මෙම පූජාව තුලින් හා ධර්ම දානමය කුසල කර්මය තුලින් තුන්කාලයට රුස්වන යමිතාක් කුසල ශක්තියක් ඇතිනමි එකී කුසල ශක්තිය ගණිනින් ප්‍රමාණ නැති සකල විශ්විය සත්ත්වයින් ශේෂ රහිතව අනුමෝදනා වේවා!! ඔවුන්ගේ යහපත් අභිමතාර්ථයන් ඉශ්ඨ සඵල වේවා!!

විශේෂ කොට සසුන රකින අළුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්වහන්සේටත්, නවගමුවේ පත්නිති මෑණියන් වහන්සේටත් සුමන සමන් දේවියන්ටත්, සරස්වතී මෑණියන්ටත්, ශ්‍රී විශ්ණු දේවියන්ටත්, ලෝක පාලක සිවිවරමි දෙවියන්ටත් මෙහි රුස්වන කුසල ශක්තිය විශේෂ කොට අනුමෝදනා කරමි අනුමෝදනා වේවා!! 

 දෙවෙනුවද තෙවනුවද අනුමෝදනා කරමි. අනුමෝදනා වේවා!!

එත්තාවතාච අම්හේහි – සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බෙ දෙවා අනුමොදන්තු – සබ්බ සම්පත්ති සිද්ධියා.

එත්තාවතා ච අම්හෙහි – සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බෙ භූතා අනුමොදන්තු – සබ්බසම්පත්ති සිද්ධියා.

එත්තාවතා ච අම්හෙහි – සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බෙ සත්තා අනුමොදන්තු – සබ්බසම්පත්ති සිද්ධියා.

අතීත සංසාරයේ කරන ලද්දාවූ යමි දුර්විපාක දායක අකුසල කර්මයක් වේනමි  මේ මහා කුසල ශක්තියේ බලයෙන් එය සැනින් අහෝසි වේවා!! යටපත් වේවා!!



නිමි෴

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles