Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය෴)

$
0
0
  1. මෙම ලිපි පෙළෙන් ඔබට පහදා දෙනු ලබන්නේ ධ්‍යානයක් දක්වා සිත දියුණු කර ගන්නා ආකාරය පිළිබදවය.
  2. ඒ අනුව මෙහිලා සලකා බලනුයේ මෛත්‍රී චින්තාව පාදක කර ගනිමින් ධ්‍යානයක් පහසුවෙන් උපදවා ගැනීමේ වැඩ පිළිවෙලයි.
  3. ධ්‍යාන සමිබන්ධව සඳහන් කිරීමේදී සඳහන් කල යුතු වැදගත් කරුණු කිහිපයක් ද ඇත. එනමි ලෞකික ධ්‍යාන ඉපදවීම සියල්ලන්ටම කල හැකි කරුණක් නොවේ. විදර්ශනා භාවනාව වැඩීමෙන් එය මස්තකප්‍රාප්ථ වන්කුට විදර්ශනාමය ධ්‍යාන උපදවාගැනිම පහසුවෙන්ම කල හැකි වුවත් ලෞකික වශයෙන් උපදවන්නාවූ අශ්ඨ සමාපත්තිය ඉපදවීමට යමෙකුට විශේෂ පාරමිතාවක් නැතහොත් භව පුරුද්දක් තිබිය යුතුය.
  4. යමෙකුට එසේ පාරමිතාවක් නැතැයි කියා සිතෙන්නේ නමි, ඔහු භාවනා නොකොට පැත්තකට වී සිටිම එයට විසදුමක් නොවේ. පාරමිතාව යන්න පුරාගත හැකි දෙයක් බැවින්, පාරමිතා ඇති නැති කවුරුත් සමථ භාවනා වැඩිය යුතුය.
  5. යමි සේ කලයක අඩක දිය පිරි ඇති විට ඉතා පහසුවෙන් කලය පිරී යන්නා සේ පාරමිතා පිරී ඇති පුද්ගලයන්ට පහසුවෙන්ම ධ්‍යානයක් උපදවා ගැනීමේ හැකියාව ඇත. පාරමිතා පිරී නැති පුද්ගලයන් භාවනා කිරීමේ දී ඔවුන්ගේ කලය ටිකින් ටික පිරී කලක දී එය පිරි ඉතිරී යනු ඇත. එබැවින්, තමා ත්‍රිහේතුක ද නැතිද? තමාගේ පාරමිතා පිරී ඇතිද නැතිද? තමාට මෙය කල හැකිද නොහැකිද? මෙය කිරිමෙන් ඵලක් තිබේද නැතිද යනාදී වශයෙන් ඇතිවන්නාවූ නිශ්ඵල විතර්කයන් සියල්ල ඉවත දමා භාවනාවේ සිත නිමග්න කල යුතුය.
මෙම ලිපි පෙළ පරිහරණය කිරීමේ දී.
  1. භාවනාව සඳහා කැමති වන්නාවූ කවරෙකු වුවත් පළමුව භාවනාව ආරමිභ කිරිමි වශයෙන් දැනසිටිය යුතු කරුණු රාශියක් ඇත. එම දැනසිටිය යුතු කරුණු සමිබන්ධව භාවනා අත්පොත කියවා දැනුවත් විය යුතුය. එය කියවීමට මෙතනින් පිවිසෙන්න.
  2. අනතුරුව මෙහි මුලින්ම පල කර ඇති, මනස භාවනාව සඳහා හුරු කිරීමේ අභ්‍යාස කිහිපය කර බලා ඔබට වඩාත් සුදුසු මනස එක්තැන් කිරීමේ භාවනා ක්‍රමයක් ටික කලක් පුරුදු පුහුණු විය යුතුය. විවිධ අරමුණු වල දුව පැන ඇවිදීමට දිර්ඝ කාලයක් තිස්සේ හුරුවී ඇති මනසට ධ්‍යාන අභ්‍යාසයක් එක්වර පැටවීම ළදරුවෙකුට වාහනයක් තල්ලුකිරීමට කීම හා සමාන ක්‍රියාවකි.

  3. ධ්‍යානයක් වැඩීමට කැමති වන්නාවූ යෝගාවචරයා පළමුව එක් අරමුණක සිත එක්තැන් කිරීමට හුරු විය යුතුය.
  4. ධ්‍යාන වැඩිමේ දී පැයක්, දෙකක්, තුනක්.... ආදී වශයෙන් එකම භාවනා පල‍ඟේවාඩිවී සිට ධ්‍යාන අභ්‍යාස කරන්නේ යැයි අදිශ්ඨාන කර භාවනා කිරිමට තරමි සිත දියුණු තලයකට ගෙන ආ යුතු බැවින්, ශරිරයේ පාද- අත්පා, කොඳු ඇට පෙළ ආදිය පවා එයට හුරු විය යුතුය.
  5. එබැවින් මනස භාවනාවට හුරුකිරීමේ අභ්‍යාස අතරින් කැමැති භාවනාවක යෙදීම අනිවාර්‍ය වේ.
  6. විදර්ශනාවට මෙන් නොව සමථ භාවනා වැඩීමට නිදහස් නිරවුල් මනසක් මෙන්ම නිදහස් නිස්කලංක පරිසරයක පැවැත්ම ද අනිවාර්‍ය අංගයක් වන්නේය. එසේම ශරිරය වෙහෙස වී තිබිම, සිත පිනා යන ආහාරයක් නොතිබීම, මනස විසිරී පැවතීම හෝ තරහව, ද්වේශය, දුක ආදී අවස්ථවන්හි පසුවන විට වැඩීමට සුදුසු වන්නේ සමථය නොව විදර්ශනා භාවනාවයි.
  7. ඒ අනුව විදර්ශනා භාවනාව ආරමිභ කිරීම, ඉදිරියට කරගෙන යෑම ආදියෙහි යමි පහසුවක් ඇති අතර සාපේක්ෂව සමථ භාවනාව ආරමිභ කිරීම හා කරගෙන යෑමේ අපහසුතා හා ගැටුමිකාරී තත්වයන් ඇත.
  8. එබැවින් සමථ භාවනා වඩන්නන්ට විශේෂ විර්‍යක් පැවතිය යුතුම වන්නේය.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles