නවසීවථිකයම එකවර වැඩී යන ආකාරයෙන් භාවනා කිරීමේ ක්‍රමය.
Image may be NSFW.
Clik here to view.
මේ නව සීවථික භාවනාව" මළසිරුරක් පත්වන එක් එක්අවස්ථාව වෙන වෙනම අරමුණු කරමින් කිරිමට මෙන්ම නවසීවථිකයම එකවරම ප්‍රකට වන අයුරෙන් භාවනාකිරිමට ද හැකියාව ඇත. ඒ අනුව මෙම භාවනාව වැඩිය හැකි එක් ආකාරයක් පිළිබඳව දැන් සලකාබලමු. පළමුවසුදුසු ඉරියවිවකින් හිඳ කය නොසොල්වා තබා සතිය භාවනා අරමුණේ පිහිටූවිම අවශ්‍ය වනවා.
Clik here to view.

“එසේනමි මේ මොහොතේ ඔබට මරණයගෙන දෙන කුමන හෝ හේතුවක් මත ඔබ මරණයට පත්වුවා යැයි සිතන්න.මරණයත් සමඟ ඔබේ ශරිරය බිම පතිත වූවා.ඒ ශරිරයබිම පතිත වී තිබෙන ආකාරයත් සිතින්ම දකින්නට උත්සාහ කරන්න.
දැන් ඔබ අතිතයේ මේ ජීවිතයපැවැත්විමට ඔබ කල සියළුම දෑ මේ මරණයට පත් වීමත් සමඟ අපතේ ගිය ආකාරය දැකිය යුතුය.අනාගතයේ ඔබ කරන්නට සිතා සිටි සියළුම දෑ සිහිනයක් සේම නැතිවි ගිය ආකාරය දැකිය යුතුය.වර්ථමාන මේ මොහොත ඔබේ මරණ මොහොතයි.
ස්වල්ප වේලාවකින් ඔබේ ඤාතීන්ඔබේ මළ සිරුර සමීපයට පැමිණෙන ආකාරයත්, ඔවුන් ඔබේ ජිවයෙන් තොර මළ කඳ ඒ මේ අත පෙරලපෙරලා පරීක්ෂා කරන ආකාරයත්තවත් මොහොතකින් ඔබේ සිරුරතුල තවදුරටත් ජීවයක් නැති බවත් එය මළසිරුරක් බවත් ඔවුන් හඳුනා ගන්නා ආකාරයත් දැකිය යුතුය.
ඔබේ ඥාතින් ඔබේ හිතෛයිශින්ඔබ මියගොස් ඇතිබව කිය කියා විලාප තබනා අයුරු,පෙරළිපෙරලී හඩනා අයුරු ඔබ දැකිය යුතුය.ඔවුන් තුලදුඃඛ සත්‍ය ක්‍රියාත්මක වෙන ආකාරය;ප්‍රියවිප්පයෝග දුඃඛයෙන් ඔවුන් දුක් විඳිනා ආකාරය,සෝකය,පරිදේවය,දුඃඛය,දොමනස්සය,උපායාසය ආදිය ඔවුන් තුල ක්‍රියාත්මකවන ආකාරය ඔබ දැන් ඔබේ සිතින්ම දැකිය යුතුය.මේ සංස්කාරයන්ගේඅනිත්‍ය බව ඔබ සිතින්ම දැකිය යුතුය.
මොහොතකටකලින් ජීවත්ව සිටි ඔබගේ ජීවය අනිත්‍යට ගොස් ඔබ මළමිණියක් බවට පත්වු ආකාරය ඔබ දැන්සිතින්ම දැකිය යුතුය. ඒ මරණයත් සමඟ කාලත්‍රමත් ඔබ ප්‍රිය කල ඇලුමි කල සෑම සියළුදෙයක්මත් ඔබට අතහැරී ගිය ආකාරය ඔබ දැන් දැකිය යුතුය.
ඔබේ ඤාතින් එක්ව ඔබේ මේ මළසිරුර දැන් ප්‍රදර්ශනයට තබා ඇති විටඔබගේජිවිත කාලය පුරා ඔබ ඇසුරු කල ඔබේ හිතවතුන්,ඤාතීන්,මිත්‍රයන්,දු දරුවන් මෙන්ම ඔබටඑදිරිවාදි කමි කල සතුරන් පවා ඔබේ මෘතදේහය අවසන් වශයෙන් දැක ගැනීමට පැමිණ ඇතිඅයුරුත්, ඒ අතර තුර ඔබේ මළ සිරුර නිසොල්මන්ව ඇති සැටිත් එයින් නිකුත් වන දුඟද හේතුවෙන්ඔබේ මළසිරුරට මැස්සන් වසනා හැටිත් වරින් වර විවිධ විලවුන් ගල්වමින් එය දුඟඳ නොවි පැවත්වීමටඋත්සාහ දරනා ආකාරයත් ඔබ දැකිය යුතුය.
ජීවිත කාලයක් තුල ඔබ ඉතාඅගේවත් කියා සිතා සිටි පුද්ගලයන් කෙරේ තිබුන බැදිමි අතහැරි ඇති අයුර ඔබ දැකිය යුතුය.ඔබට මිත්‍රත්වය පෙන්වු සමහරුන් ඔබේ මරණ මොහොත දැක සතුටු වන ආකරය දැකිය යුතුය. සැබවින්මඔබට එදා හෝ මේ මොහොත් හෝ කිසිවෙකුගෙන් කිසිදු පිහිටක් නැති අයුර දැකිය යුතුය.මරණයෙන්ඔබව ගලවාගත හැකි කිසිවෙක් මෙහි නැති බව දැකිය යුතුය.
දැන් ඔබේ ඥාතීන් එක්ව ඔබේ මලසිරුර අපේක්ෂා රහිතව සොහොනට ගෙන ගොස් හැරදා එන අයුරු දැකිය යුතුය.තවදුරටත් ඔවුන් ඔබ පිළිබඳ අපේක්ෂාවක් නොමැතිව ඔබගේ අප්‍රාණික සිරුර හැරදමාඅවසානයි. ඒ සමිබන්ධව ඔබට කල හැකි කිසිවක් නැත. (මරණානුස්සති කොටස)
මෙසේ මෘත දේහයක් බවට පත් වූඔබ සිරුර දෙස බලා සිටිනා ඔබටදිනක්දෙකක් යනවිට මේ මළ සිරුර ලේ බැස රතුවී යන අයුරුත් ඉන්පසු නිල් වී ඉදිමි යන අයුරුත්දර්ශනය වනවා.ඉදිමුන ශරීරය තැන් තැන්වලින් පුපුරා පරම දුඟදවු ඔජස් ගල ගලා යන ආකාරය දර්ශනය වනවා.සුවඳ විලවුන් දමා සුවඳවත් කර ගෙන ජීවිත කාලයක් පුරා ඔබ සැරසූ ඒ ශරිරයේදුඟදට ආකාර්ශනය වන මැස්සන් ඔබේ ශරිරය පුරා වසා සිටිනා අයුරුත් කලක් ආලේපන සුවඳගල්වා ආරක්ෂා කල මේ ශරිරය මැස්සන්ගේ ආහාරයක් බවට පත්වි තිබෙන ආකාරයත් ඔබට දර්ශනය වනවා.ඔබේ ශරිරයේ ඔබ ඉතා අගේවත් කියා සැලකූ ශරිරාංග සියල්ල කුණුවී පරම අපවිත්‍ර වී යනඅයුරු ඔබට දැන් දර්ශනය වනවා.
තවත් දින කිහිපයක් ඉකුත්වත්මමේ ශරිරය ඉහඳ පණුවන් *මැසි පණුවන්a(ඇතුළු විවිධ පණුවන්ගේ හාකෘමින්ගේ ආහාරයක් බවට පත්වන ආකාරයත් ඔබ ප්‍රිය කල මේ ශරිරය ඒ සත්ත්වයින් කැබලි වලටකඩමින් ආහාර කරගන්නා ආකාරයත් ඔබ දකිනවා.
තවත් කිහිප දිනකින් මස්දියවෙමින් ගොස් මේ ශරිරයේ ඇට කටු තැනින් තැන මතුවන ආකාරයත් තවත් ටික දිනකින් ඇටකටු අළුවන් පැහැයෙන් දිස්වන අකාරයත් ඔබ දකිනවා. තවත් කාලයක් ගතවිමේ දී අවිවට වැස්සට ලක්ව ඔබේ ඇට සැකිල්ල විසිරි යන ආකාරයත්ඇට කටු තැන් තැන් වල විසිරි ගොස් එහි වර්ණය හුණු පැහැයට පත්වන ආකාරයත් ඔබ දකිනවා.
මේ හුණු පැහැඇටකටු තවත් කාලයකදී දිරා දිරා ගොස් පසටම පස්වි නැත්තටම නැතිවි හිස්වි යන ආකාරයත් ඔබදකිනවා.
ඉතාමත් සතියෙන්" සමාධිමත් සිතකින් ඔබට මෙයදක්නට හැකිනමි මේ අවස්ථාවේ දී ඔබේ සිතින් මේ ශරිරය අතහැරී යෑමට අවශ්‍ය වනවා.සකල රූපයන් අතහැරී ගිය ඒ ශාන්ත සිතේ වන සැනසුම ඔබට මෙබදුමොහොතක අත් දැකිය හැකි වනවා.මෙවැනිතත්වයක් අත්දැකිය හැකි අයෙකුට ඉන් ඉදිරියට ගොස් නාමස්කන්ධ ධර්මයන් අතහැරිම තුලින් උතුමිනිර්වාණයට සිත පත්කර ගැනීමටත් මග-ඵල අවභෝධය ලැබීමටත් හැකියාවක් ඇති වනවා.
Image may be NSFW.
Clik here to view.
