කායගතාසතිය පරිකමිම භාවනාව.
01)ශරිර කොටස් හොදින් හදුනාගත් පසු ඒවායේ හැඩය, පිහිටි ස්ථානය පිළිබඳව ප්‍රමාණවත් දැණුමක් ද ලද පසු පමණක් පරිකමිම භාවනාව කල යුතුය.
02)ඉන් අනතුරුව ශරිරය සෘජුව තබා සුදුසු භාවනා ඉරියවිවකින් හිඳගෙන තමාගේ ශරිරය සිතින් දකින්නට උත්සහ කල යුතුය.
03)මේ අවස්ථාවේ දී තමාගේ ශරිරයම සිතින් මෙනෙහි කිරීම හෝ තමා ඉදිරියේ සිතින් මවාගත් තම ශරිරයේ ප්‍රථිබිමිබයක් මෙනෙහි කිරීම හෝ කල හැක. කවර ආකාරයෙන් මෙනෙහි කිරීම කල ද කමක් නැත.
04)යමි හෙයකින් තමාගේ ශරිරයේ ප්‍රථිබිමිබයක් නැතහොත් පරාවර්ථනයක් මෙනෙහි කරන්නේ නමි ඒ ප්‍රථිබිමිබය තමාගේ ශරිරයේ පරාවර්ථනයක් වන බව දැනසිටිය යුතුය.
05)ඉන් අනතුරුව පිළිවලින් ශරීරකොටස් ගෙන කෙස් යැයි සිතින් මෙනෙහි කරමින් තමාගේ ශරිරයේ කෙස් පිහිටා ඇති ආකාරය සිතන් දැකීමට උත්සුක විය යතුය.
06)ඉක්මන් වී ශරිර කොටස් වේගයෙන් බලාගෙන යෑමට වඩා පරිකමිම භාවනාවේදී අපේක්ශා කරණුයේ ඔබ වැඩිමට බලාපොරොත්තු වන භාවනාවේ පදනම දමාගැණිම බැවින්, කාලය ගෙන ශරිර කොටස් මනසට හොදින් පැහැදිලිව දර්ශනය වන අයුරින් අත්දැකීමට උත්සුක විය යුතුය. භාවනාව හොදින් ප්‍රහුණ වූ කල්හි පියවි ඇසින් දකින අයුරෙන්ම වර්ණ ද සහිතව හිසකෙස් තමාගේ සිතට දර්ශනය විය යුතුය.
07)මේ ආකාරයට ලොමි, නිය, දත්, ආදී වශයෙන් වන්නාවූ ශරිරයේ අනිත් අංගයන්ද මනසට ඉතාමත් පහැදිලි ලෙස දර්ශනය වන තෙක් දැකිය යුතුය.
08)සෙම, සොටු, සැරව ආදිය, ලේ, මුත්‍ර ආදිය ආපෝ ධාතුව බැවින් ඒවායේ ශරිරයෙන් පිටතදී ඇති ස්වරූපය වර්ණය ආදිය දැකීමට උත්සුක වීම ප්‍රමාණවත්ය.
09)මේ ආකාරයට පළමුවර ශරිර කොටස් සියල්ලම සිතින් බලා භාවනා කොට අවසන් කිරීමට තරමක කාලයක් ගතවීමට ඉඩ ඇත.
10)විටක කෙස් මෙනෙහි කරමින් සිටිනා විට කෙස් ඉතාමත් හොදින් පෙනෙන්නට වී අනතුරුව කෙස් රූප සංඥාව සිතට නොපෙනී යාමට හෝ, කෙස් සිතට නොවැටහීයාමට ඉඩ ඇත. නැතහොත් ආලොකමත් වී රූප නිමිත්ත නොපෙනීයා හැක. නැතහොත් අධුරට ඇඳ වැටිය හැක. එවන් විටක කෙස් මෙනෙහි කිරීම පසකින් දමා ලොමි මෙනෙහි කල යුතුය. මේ ආකාරයට අන් කොටස් සමිබන්ධව ද පිළිපදැයි යුතුය.
11)මෙසේ දිනපතා භාවනා කාලය තුල ශරිර කොටස් පිළිවලින් මෙනෙහි කිරීම කල යුතුය.
12)භාවනා කාලය හා ඔබගේ සති, සමාධි තත්වයන් මත යමි අවස්ථාවක දී කෙස් යන්න සිතින් මෙනෙහි කරත්ම කෙස් කිසිදු ආයාසයකින් තොරව මෙනෙහි කල හැකි තත්වයක් උත්ගතවන බව අත්දැකිය හැකිවනු ඇත.
13)එවන් විටක ප්‍රධාන භාවනාවට යොමු විය යුතුය.