කායගතාසති ප්‍රධාන භාවනාව.
01)මේතාක් පරිකමිම වශයෙන් ඔබ කරනු ලැබුවේ ශරිර කොටස් ශරිරය තුල පිහිටා ඇති ආකාරය සිතින් මෙනෙහි කර ඒ පිළිබඳව ප්‍රවීනතාවයක් ලබාගැනීමයි. ඒ ප්‍රවීනතාවය නොමැතිව මෙතැන් සිට භාවනාව කල නොහැකිවා සේම එයින් ප්‍රථිඵල ලැබීමද සාර්ථක නැත.
02)පරිකමිම භාවනාව ප්‍රගුණකරගත් පසු මූලික භාවනාව සඳහා ප්‍රවිශ්ඨ වීමට පෙර සෑම විටම පරිකමිම භාවනාව කල යුතුය. ඒ සඳහා මිනිත්තුවක සිට මිනිත්තු 05 දක්වා කාලයක් ඔබට වැය විය හැක. ඉන් අනතුරුව ඔබේ ශරිරය හෝ එහි ප්‍රතිබිමිබය දෙස නැවතත් සිතින් බලා කෙස් යැයි මෙනෙහි කරමින් ශරිරයේ කෙස් සියල්ලම ගලවා පසකින් ගොඩ ගැසිය යුතුය.
03)මෙහි දී සැබවින්ම ශරිරයේ ඇති කෙස් සියල්ල ගලවා ඉවත් කරන්නේය යන හැඟිම හා අවභෝධය ඇතිවම කෙස් ඉවත් කිරීම කල යුතුය. එසේ ඉවත් කල ඹබට නැවතත් ශරිරයේ ප්‍රතිබිමිබය දෙස බැලීමේදී හිසේ කෙස් දර්ශනය විය නොහැක. මෙහිදී හිස් කෙස් නැති බවත් ඉවත් කල කෙස් පසෙක ඇති බවත් පැහැදිලිව දැකීමට උත්සුක විය යුතුය.
04)මේ ආකාරයට ශරිරයේ ලොමි, නිය, දත්, ආදියත් ගලවා පසකින් ගොඩ ගැසිය යුතුය.
05)ඉන්පසු දොඩමි ලෙල්ලක් ගලවා දමන්නාක් මෙන් නැතහොත් මස් මරණ තැනක කුකුලන් ආදී සතුන්ගේ හම ගලවා ඉවත් කරන්නාක් මෙන් ශරිරයේ හම ගලවා ඉවත් කල යුතුය.
06)එවන් විටක ඔබට ශරිරයේ ප්‍රතිබිමිබය තුලින් හමක් දර්ශනය නොවී මස් පෙනෙමින් තිබිය යුතුය. මෙබදු තත්වයක් ඇතිවීමට නමි පරිකමිම භාවනාව හොදින් වැඩී තිබිය යුතුය. එබදු තත්වයක් ඇති නොවේ නමි පරිකමිම භාවනාව නැවත නැවත වැඩිය යුතුය.
07)ඉන්පසු මස් පිඩු ආදියත් ශරිරයේ අන් සියළුම අවයවත් ගලව ගලවා පසිකින් ගොඩ ගැසිය යුතුය.
08)ශරිරයේ ඇති ආපෝ කොටස් ඔබ ගලවා ගොඩගසන ලද ශරිරකොටස් ගොඩවල් වලින් එකතුකරගත හැක. මේ ආකාරයට ආපෝ කොටස් 12 ත් පඨවි කොටස් 20ත් වෙන වෙනම ගොඩවල් වලට වෙන් කල යුතුය.
09)මේ ආකාරයට ඉතාමත් පහසුවෙන් ශරිර කොටස් ගොඩ ගැසිය හැකි අයුරන් භාවනාව දියුණු වන තුරු එය බහුලීකරණය කල යුතුය.
10)එසේ දියුණු විට පමණක්. මෙතෙක් භවානාව අවසානයේදී එනමි පඨවි කොටස් හා ආපෝ කොටස් වෙන් කර ඉවර වෙත්ම, ශරිරයේ ප්‍රතිබිමිබය දෙය බැලීමට උත්සුක විය යුතුය. නැතහොත් තමාගේ ශරිරය දෙස බැලීමට උත්සුක විය යුතුය. එහිදී ඔබට ඔබේ ශරිරයේ ප්‍රතිබිමිබය සොයාගත නොහැකි වී නමි මෙතෙක් කල් මමයි, මගේ යැයි කියන ලද මේ ශරිරය දැන් කෝ? යන ප්‍රශ්ණය ඔබ විසින් ඔබේ සිතින් ඇසිය යුතුය.
11)ඔබ නිසි සතියකින්, සමාදියකින්, ප්‍රඥාවකින් භාවනාව ගැන ප්‍රවීණතාවයකින් මෙම භාවනාව කලේ නමි එම අවස්ථවේ ඒ සදහා පිළිතුර ඔබට ලැබෙනු ඇත. එම පිළිතුර වචනයකින් ලැබෙන පිළිතුරක් නොවේ. භාවනාමය අත්දැකීමකි.
12)සති පටිඨාන සූත්‍රයේ දක්වා ඇති “කලෙකශරීරයෙහිඇතිවීමිස්වභාවහාකලෙකශරීරයෙහිනැතිවීමි ස්වභාවහෝඅනුවබලමින්වාසයකරන්නේය. ඒභික්ෂුවටසත්වයෙක්පුද්ගලයෙක්නොවූශරීරයපමණක්ඇත්තේයයියනසිහියහොඬින්පිහිටියේවෙයි”යන මෙම තත්වය අත්දැකිය හැකි අතිශය පහසුම භාවනාවක් වන මෙය නුවනැත්තෝ ඒ අයුරෙන්ම පිළිපදිත්වා. (විශේෂිත දැනගැන්ම පිණිස)එසේ පිළිතුරු නොලැබේ නමි හා භාවනාව හොදින්ම ප්‍රගුණ වී ඇතිනමි ඉන් ඉදිරියට කල යුතු දේද ඇත.