කායගතා සතිය ගැන දතයුතු දේ.
01)මෙස් වඩනු ලබන්නේ කායගතාසති භාවනාවයි. මෙය පිළිකුල් භාවනාව නොවන අතර පිළිකුල් භාවනාවෙන් වෙනස් වෙයි. පිළිකුල වැඩීමේදී මේ එක් එක් ශරිර අවයවයක ඇති පිළිකුල් ස්වභාවය මෙනෙහි කරමින් පිළිකුල් සංඥාව වඩන නමුත් මෙහිදී කරනුයේ සතිපටිඨාන සූත්‍රයේ දක්වා ඇති පරිදිම මුං, තල, වී, හැල් ආදී බීජ ඇති මල්ලක් ලිහා බලා ඒ එක් එක් බීජ වෙන වෙනම වෙන්කරන්නා සේ ශරිර කොටස් වෙන්කරමින් විමසා බැලීමයි.
02)කායගතාසති භාවානාව නැතහොත් ශරීරගත කොටස් පිළිබඳව සිහිය පිහිටවීමේ දී ශරීරංග පිළිබඳව පළමුව අවබෝධයක් ලබා තිබිය යුතුය.
03)එම ශරිරංග, ශරිරයේ පිහිටා ඇති ආකාරයත්, ඒ ශරිරංගයන්ගේ හැඩය හා ස්වභාවය පිළිබඳව ද දැනුමක් තිබිය යුතුය.
04)එසේම මේ ශරිර කොටස් දෙතිස කටපාඩමේ දැනසීටීම ද ඉතා වැදගත් වනු ඇත.
05)ඉන් අනතුරුව පහතින් දක්වා ඇති රූප පෙළ හෝ වෙනත් පින්තූර ඇසුරු කර ගනිමින් එම ශරිර කොටස් හි ස්වභාවය හා පිහිටි ස්ථානය ආදිය සිතේ ධාරණය කරගත යුතුය.
06)ඉන් අනතුරුව පරිකමිම භාවනාව කල යුතුය.
07)ශරීර කොටස් හදුනා ගැනීම.
Clik here to view.
