Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

නිවනට කෙටිම මග- සක්මන් භාවනාව පරිකමිම හා ප්‍රධාන භාවනාව. (12)

$
0
0
සක්මන් භාවනාව පරිකමිම භාවනාව
01)පළමුව සක්මනේ එක් කෙලවරක සිට දකුණු කකුල ඔසවා තබන විට දකුණ ලෙසද, වමිකකුල ඔසවා තබන විට වම වශයෙන් ද මෙනෙහි කරමින් සක්මන් භාවනාව කල යුතුය.

02)මෙසේ පැය භාගය බැගින් දවසට දෙවරක් සති දෙකක්  භාවනා කිරීම ප්‍රමාණවත් වනු ඇත.

03)ඇවිදීම සිදුකරනා කවර අවස්ථාවක දී වුවද දකුණ වම වශයෙන් සිත පිහිටුවමින් ඇවිදීමට හුරුකර ගත යුතුය.

04)ඉන් අනතුරුව පය ඔසවන විට ඔසවන ලෙසත් පය තබනා විට පය තබනා ලෙසත් මෙනෙහි කරමින් සක්මන් කල යුතුය.

05)මෙය සතියක කාලයක් පැය ½බැගින් දවසට දෙවරක් කිරීම ප්‍රමාණවත් වනු ඇත.

06)ඉන් අනතුරුව පය ඔසවන විට ඔසවන ලෙසත්, පය ඉදිරියට ගෙනයන විට ගෙනයන ලෙසත්, තබන විට පය තබන ලෙසත් ඉහත ආකාරයෙන්ම මෙනෙහි කරමින් සතියක් භාවනා කල යුතුය.

07)මේ ආකාරයට පාදය එසවීම, ඉදිරියට ගෙනයෑම, පාදය තැබීම ඉතාමත් නිවැරදි ලෙස සිතින් දකිමින් භාවනා කිරීමට හැකිවූ විටක දී ප්‍රධාන භාවනාවට යොමුවිය යුතුය.
 
සක්මන් භාවනාව ප්‍රධාන භාවනාව
01)පළමුව ප්‍රගුණකරගත් පරිකමිම භාවනාව අවම වශයෙන් වම දකුණ වශයෙන් හෝ මෙනෙහි කරමින් පැය ½ක් හෝ වැඩිය යුතුය.

02)මෙහිදී පළමුව ඔබේ සිත පාදයේ පතුලේ පිහිටා ඇතැයි සිතා භාවනා කිරීමට පටන් ගත හැක. කාය විඥානයන් ශරිරය පුරාම ඇතිවන බැවින් පාදයේ පතුලේ සිත ඇතැයි සිතීමේ වරදක් නැත. 

03)ඉන් අනතුරුව සිතත් සමඟ පාදය ඔසවන බව ඉදිරියට ගෙන යන බව, බිම තබන බව මෙනෙහි කරමින් භාවනා කල යුතුය. මෙසේ මේ භාවනාව හුරුකල යුතුය. එහිදී ඔබට යමි අත්දැකීම අත්දැකිය හැක.

04)ඉන් නතුරුව පාදය ඔසවන විට පාදයේ ඇති පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස්ද සමඟ පාදය එසවෙන බවත්, පාදය ඉදිරියට ගෙනයන විට ධාතු කොටස් සමඟ පාදය ඉදිරියට ගෙන යෙන බවත්, පාදය තබනා විට එම ධාතු කොටස් සමග පාදය තබනා බවත් සිතින් දකිමින් සක්මන් කල යුතුය.

05)මෙසේ මේ භාවනාව ප්‍රගුණවූ විටකදී ඔබ දනහිස දක්වා පොළවේ එරීගියා මෙන් අවස්ථාවක් වුවද අයෙකුට අත්දැකිය හැකි වනු ඇත. එවන් අත්දැකීමි යමෙකුට අතිශය චිත්ත ප්‍රීතිය ඇතිකර දෙන්නාවු අත්දැකීමක් වුව ද ඒවායේ ඇලීම නොකල යුතුය. යමි කලෙක ඒවායේ ඇලුන විට එය කාමචිඡන්ද නීවරණ ධර්මය වන නිසා ඒ අත්දැකීමි පිරිහී යනු ඇත. මේ ප්‍රකාශ කලේ සුළු අත්දැකීමක් පමණි. මෙහිදී අත්දැකිය හැකි හා අත්දැකිය යුතු තත්වයන් බොහෝ වන අතර ඒවා ඔබ අත්දැක සොයාගත යුතුය. මෙහි නොකියනු ලැබේ.


Viewing all articles
Browse latest Browse all 168

Trending Articles