Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

නිවනට කෙටිම මග- සක්මන් භාවනාව සැලකිලිමත් විය යුතු කරුණු (11)

$
0
0
සක්මන් භාවනාව සැලකිලිමත් විය යුතු කරුණු (11)
01)සතිපටිඨාන සූත්‍රයේ ඉහතින් දක්වා ඇති කායානුපස්සනා ක්‍රමය ප්‍රායෝගික ලෙස පහුසුවෙන්ම ක්‍රියාවට නංවනුයේ සක්මන් භාවනාව තුලිනි.

02)සක්මන් භාවනාව යනු ඉතාමත් ප්‍රශස්ථ භාවනාවකි. මේ සසුනේ ලද හැකි උපරිම ප්‍රථිපල දක්වා එම භාවනාව දියුණු කල හැක.

03)පර්‍යක භාවනාව කිරීමට පෙර යමෙකුට අවම වශයෙන් පැය කාලක කාලයක් සක්මන් භාවනාව කල හැකිනමි එය පර්‍යක භාවනාව සඳහා වඩාත් උපකාරී වනු ඇත.

04)සක්මන් භාවනාව කිරීමට වැලි මළුවකම, සක්මන් මළුවකම අවශ්‍යතාවයක් නැත.

05)නිවසේ යමි හිස් අවකාශයක සිමෙන්ති පොළවේ හෝ ටයිල් පොලවේ අවම වශයෙන් අඩි 15 ක පමණ දිග ප්‍රමාණයක් වෙනකර ගෙන එහි සක්මන් භාවනාව කල හැක.

06)සක්මන් භාවනාව කිරීමේදී ශරිරය සෘජුව තබාගත යුතුය. පාද දෙස බැලීම නොකල යුතුය. පාදයන්ගේ ගමන් මඟ සිතින් දකින්නට උත්සාහ කරමින් සක්මන් කල යුතුය.

07)අත් පිටුපසට කර තබාගෙන හෝ ඉදිරියට කොට තබා සක්මන් කල හැක. වැඩි වේලාවක් සක්මන් කිරීමේදී අත් වල පිහිටීම මත, උරහිස් වේදනාවන් ඇතිවීමට ඉඩකඩ ඇත. එවන් විටකදී දෙ අත බැදගෙන සක්මන් කල හැකිය. එසේ අත්පා මාරුකරනා විටද එය සිහියෙන්ම කල යුතුය.

08)සක්මන් කිරිම්දී ඉතාමත් සෙමින්ද නොවන, ඉතාමත් වේගවත්ද නොවන ලෙස තත්පරයක‍ට එක් අඩිය බැගින් තබා සක්මන් කිරීම සුඳුසු වනු ඇත.

09)පාවහන් පැලද සක්මන් කිරිම සුදුසු නැත.

10)සක්මන කෙලවර නැවත හැරීමේදී නතරවී අඩි හරවා හැරීමට වඩා වෘත්තාකාර චලනයක් දක්වමින් හැරීම වඩා සුදුසුවනු ඇත. එවන් විටක සක්මනේ දිග කෙටි වුවහොත් කැරකිල්ල ඇතිවීමට සමහර අයෙකුට ඉඩ ඇති බැවින් සක්මනේ දිග පිළිබදව සැලකිලිමත් විය යුතුය.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles