01)ඔබ අතිශය වුවමනාවකින් හා සතියකින් යුතුව ඉහත පරිදි භාවනාවේ නියුතු වුවා නමි. වේ වන විට ඔබ ලද අත්දැකීමි රාශියකි. ඒ පිළිබඳව දැනුමි දිය හැකි ඊ- ලිපිනයක් ඔබට සපයා ඇත.
02)දැන් ආනාපානසති ප්‍රධාන භාවනාව වැඩීමට ඔබට කාලය එලඹ ඇත. එහිදී ඔබ කල යුත්තේ, භාහිර වායුගොලයේ සිට ශරිර අභ්‍යන්තරයේ ඇති පෙනහළු දක්වා වායුව ගමන් කරනා ආශ්වාස ක්‍රියාවලියත්, පෙනහළු වල සිට භාහිර වායුඝෝලය දක්වා වාතය ගමන් ගන්නා ප්‍රාස්වාශ ක්‍රියාවලියේදීත්, භාහිර වායුඝෝලයේ සිට පෙනහළු දක්වාත් පෙනහළුවල සිට භාහිර වායුඝොලය දක්වාත් වායුවේ ගමන් මඟ සිතින් දකිමින් ආශ්වාස කිරීම හා ප්‍රාස්වාස කිරීමයි.
03)මෙසේ නිසි සතියක්, සමාධියක් ඇතිව භාවනාවේ නියුතු වන ඔබට, සතිපටිඨාන සූත්‍රයේ දක්වා ඇති, දිගු හුස්ම, කෙටි හුස්ම, ශරිරය පුරා හුස්ම පැතිරීයෑම ආදී වශයෙන් වන විවිධ අත්දැකීමි අත්දැකිය හැක. එහි ස්වභාවය මෙහි විස්තර කර නැත මේ දක්වා ඇත්තේ වචන පමණි. ඔබ එය භාවනාව තුලින් අත්දැකිය යුතු තත්වයකි.
04)සමහර අයෙකුට මේ ආකාරයට දිගින් දිගටම භාවනා කරනා විට ධ්‍යානංග පහල වීමටද ඉඩ ඇත.
05)සමහර අයෙකුට මේ ආකාරයට භාවනා කරමින් යනවිට වේගයෙන් හුස්ම වැටීමට පටන් ගත හැක. තවත් කලෙක හුස්ම තුනී වී ගියා මෙන් දැකිය හැක. තවත් කලෙක ස්වලප මොහාතකට හුස්ම නතර වීම හෝ හිරවීම වුවද විය හැක.
06)ඒ කුමක් වුවද බිය නොවී භාවනාව දිගටම කල යුතුය. එවැනි තත්වයන්ට බිය විය යුතු නැත. එවැනි තත්වයන් ඔබ මරණයට පත්කිරීමට සමත් නොවේ.
07)එසේ ඉදිරියට භාවනාවේ නියුතු වන අයෙකුට භාවනා අත්දැකීමි ලැබිය හැක.
08)එම භාවනා පියවර වැඩෙනා අයෙකුට ඉදිරි භාවනා පියවර වෙත යෑමට සුදුසුකමි ලැබේ.
09)එසේ ප්‍රථිපල නොලැබේ නමි නැවත නැවතත් පරිකමිම කාලය වැඩි කල යුතුය. පරිකමිම භාවනාව තුලින් සතිය පිහිටුවා ගැනිමට පහසුවක් ඇති කරයි. සතිය වර්ධනය වන විට සමාධිය වර්ධනය වේ.
10)භාවනා අත්දැකීමි ලැබෙනුයේ සතියත් සමාධියත් ඇතිවිටය. අන් ක්‍රමයක් නැත.