ආනාපානසතියේ දී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු (08)

02)ඔබ මේ වඩන්නේ සමථ වශයෙන් ආනාපානසතිය නොවේ. මේ වඩනුයේ ආනාපානසති විදර්ශනාවයි. සමථ වශයෙන් ආනාපාන සතිය වැඩීමේ දී හා විදර්ශනාමය වශයෙන් වඩනා ආකාරය අතර වෙනසක් ඇත.
03)යමි පතපොත කියවා ආනාපානසතිය වඩනා විටදී භාවිතාකරනා ගණන් කිරීමේ ක්‍රම, නාසයේ මුල, මැද, අඟ වැදීමේ ක්‍රම, පිමිබීමි හැකිලීමි ක්‍රම ආදී වශයෙන් වන්නාවූ බොහෝ ක්‍රම ඔබ දැන සිටීමට හැකියාවක් ඇත. ඒ සියල්ල පසෙකින් තබා පහත ප්‍රකාශ කර ඇති ආකාරයෙන් භාවනාව කල යුතුය.
04)සියළුම ආනාපානසති ක්‍රම එක්කොට භාවනා කිරීම සුදුසු නොවේ. එබැවින් මෙම භාවනාව වඩන්නේ නමි එම භාවනාව පමණක් වැඩීම කල යුතුය.
05)එය නැවත නැවත වැඩිය යුතුය. බහුලීකරණය කල යුතුය.
ආනාපානසති පරිකමිම භාවනාව
01)පුර්ව කෘත්‍ය කල යුතුය.
02)පලඟක් බැඳ ශරිරය සෘජුවතබා ගෙන සතිපටිඨාන සූත්‍රයේ දක්වා ඇති පරිදි හිදගත යුතුය යුතුය. (භාවනා අත්පොත කියවා ගන්න.)
03)චතුර් ආරක්ෂක භාවනාව වැඩිය යුතුය.
04)ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය සිදුවන ආකාරය මදවේලාවක් නිසොල්මන් සිතින් බලා සිටිය යුතුය.
05)අනතුරුව ආශ්වාස රුල්ල සමඟ බුද්ධෝ, ධමිමෝ, සංඝෝ වශයෙන් මෙනෙහිකල යුතුය. ප්‍රාස්වාස රැල්ල සමඟ සංඝෝ, ධමිමෝ, බුද්ධෝ වශයෙන් මෙනෙහි කල යුතුය.
06)මෙසේ මෙනෙහි කිරීමේ දී විශේෂ ආයාසයක් නොයොදමින් ස්වභාවික ආශ්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය සමඟම මෙම මෙනෙහි කිරිම කල යුතුය. මේ ආකාරයට මෙම පරිකමිම වචනයන්ගෙන් සිත පිට යෑමට නොදී ආස්වාස ක්‍රියාවලියත් ප්‍රාස්වාස ක්‍රියාවලියත් කල යුතුය.
07)සති දෙකක පමණ කාලයක් දිනකට පැය දෙකක පමණ කාලයක් වෙන කරගනිමින් මෙම භවානාව කල යුතුය.
08)මෙම සති දෙක අවසානයේ යමි අත්දැකීමි ලැබීමට නොහැකි වේනමි. ඉදිරි සති දෙක සඳහා “බුද්”කියා සිතින් කියමින් ආශ්වාස කල යුතුය, “ධෝ”කියා කියමින් ප්‍රාශ්වාස කල යුතුය.
09)මේ අයුරු මසක් භාවනා කිරීමට උතුසුක විය යුතුය. මසක් අවසානයේ පැය දෙකක් වශයෙන් වඩනා ලද පරිකමිම භාවනාව පැය කාලක් දක්වා අඩු කල යුතුය.
10)පුර්ව කෘත්‍ය ආදිය පිළිවලින් සිදුකර පැය කාලක කාලයක් පරිකමිම භාවනාව කර අනතුරුව ප්‍රධාන භාවනාව කල යුතුය.