Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

නිවනට කෙටිම මඟ- සතිපටිඨාන භාවනාව සඳහා මූලික උපදේස්. (05)

$
0
0
සතිපටිඨාන භාවනාව සඳහා මූලික උපදේස්. (5)
01)ඔබ භාවනාවට ආධුනිකයෙකු නමි භාවනාව ඇරඹීම සඳහා ගතයුතු සියළුම ක්‍රියාමාර්ග හා ඒ සඳහා පිළිබැදිය යුතු ආකාරය භාවනා අත්පොත ලිපි පෙලේ ඇත. ඒ අනුව කටයුතු කල යුතුය.

02)දෙවනුව පූර්වකෘත්‍ය කල යුතුම වන්නේය. ආර්‍යඋපවාද ආදිය තිබිය හැකි බැවින් එවා සමාකරගත යුතුය. (එසේ කරගත යුතු බවට පටිසමිභිදාමග්ග අටිඨකථාවේ හා ත්‍රිපිටකයේ ඇත.) මේය කරනා ආකාරය භාවනා අත්පොත ලිපි පෙලේ ඇත.

03)අනතුරුව සෑම භාවනා වාරයකදීම චතුර් ආරක්ෂක භාවනාව වැඩිය යුතුය. එය වඩනා ආකාරය හා එය වැඩිය යුත්ත් ඇයි යන කාරණයත්, භාවනා අත්පොත ලිපි පෙලේ ඇත.

04)ඉන් අනතුරුව සතිපටිඨාන භාවනා අතරින් ඔබ වැඩීමට කැමති භවනාවත් තොරාගත යුතුය. එය සමඟ දක්වා ඇති පරිකමිම භවනාව අවම වශයෙන් පැය කාලක් (1/4) කල යුතුම වන්නේය.

05)අනතුරුව ප්‍රධාන භවනාව කල යුතුය.

06)මෙහිදී මේ භවනාවන් වැඩිය හැකි පහසුක්‍රම මෙහි දක්වා ඇත. එම භාවනාවන් නිසි සතියකින් හා සමාධියක් ඇතිව වඩනා විට ඔබට අතිවිශාල භාවනාමය අත්දැකීමි රාශියක් කෙටි කලකින් හා ඉතා පහසුවෙන් ලබාගත හැක. එහිදී අත් දැකිය හැකි ප්‍රායෝගික තත්වයන් හා අත්දැකීමි කිසිවක් මෙහි දක්වා නැත. ඒවා සොයාගත යුත්තේ ඔබ විසිනි. ඔබගේ අත්දැකීමි මඉ ඉදිරි පියවර කරා යා හැක.

07)භාවනා කමටහන් ඔබට සුදුසු පරිදි වෙනස්කර ගැණිමට නොයා යුතුය. යමක් යමි ආකාරයෙන් දක්වා ඇත්නමි එය ඒ ආකාරයෙන්ම වැඩිය යුතුය. කමටහන් වෙනස්කොට වැඩීමට යෑමේ විශාල අවධානමි තත්වයක් ඇති බැවින් කිසිවිටකත් එසේ නොකිරීමට වගබලාගත යුතුම වන්නේය.

08)ඔබ භවනාකරනාතුර යමි අත්දැකීමක් ලදහොත් එහි නොඇලිය යුතුය. ඉදිරි භාවනා කටයුතු කරගෙන යෑම සඳහා සුදුසු ස්ථාන කරා යොමු කිරිම කල හැක. ඒ සඳහා jmthanuja@gmail.comඊ ලිපිනය මගින් ඔබගේ අත්දැකීම දැනුමි දිය හැක.

09)මෙහි දක්වා ඇති සමහර භාවනාවනහි දැක්විය හැක්කේ කොටසක් පමණි. එහිදී ඔබ ලබනා අත්දැකීම මත ඉදිරි පියවර කුමක් විය යුතුද යන්න තීරණය කල යුතුය. උදාහරණ වශයෙන් ආනාපානසතිය දැක්විය හැක. නමුත් සමහර භාවනා කමටහන් අවසන තෙක් මෙහි දක්වා ඇත. එවන් විටක ඒ භාවනා කමටහනේ දක්වා ඇති පරිදි අවසාන අවස්ථාව දක්වාම එය නැවත නැවත වැඩීම කල යුතුය. 

10)යමි භාවනාවක් තුලින් අත්දැකීමක් ලැබීමට යමෙකුට එය වරක් දෙවරක් වැඩීම තුලින් හැක. තවත් අයෙකුට ඒ සඳහා 10 වරක් 20 වරක් වැඩීමට සිදුවේ. තවත් අයෙකුට එය 100 වරක් විය හැක. කෙසේ වුවද යමි භාවනාවක් තොරාගත් පසු එය බහුලී කරණය කල යුතුය. එක් භාවානාවක් වඩා. එය අතහැර තවත් භාවනාවක් වැඩීමට යෑම නිශ්ඵල තත්වයකි. එබැවින් ඔබට සුදුසු භාවනාවක් තොරාගැනීමේදී සැලකිලිමත් විය යුතුය.

11)මෙහිදී නවසීවතික භාවනාව හා චතුධාතු භාවනාව සියල්ලන්ටම නිර්දේශ කරනු ලැබේ. ඉතා ඉක්මන් ප්‍රථිපල ලද හැකි අති සාර්ථක භාවනා ක්‍රම දෙකක් බැවින් එය වැඩීම කවරෙකුට වුවද සුදුසු විය හැක.

12)භාවනාව කිහිප විටක් වාඩිවී වඩා ප්‍රගුණකරගත් පසු බස්රථයේ වාඩිවී ගමන් ගන්නා විට හෝ වැඩීමට හැකියාවක් ඇත.

13)කායානුපස්සනා නොවඩා වේදනානුපස්සනාවන්ට අත තැබීමට යෑම දුශ්කර හා නිශඵල ප්‍රයත්නයක් විය හැකිය. එබැවින් කායානුපස්සනා කෙරේ අවධානය යොමු කිරීම ප්‍රමාණවත් වනු ඇත.

14)මෙම උපදෙස් තදින්ම පිළිපැදීම කල යුතුය.

15)මෙහි දක්වා ඇත්තේ මේ එක් එක් භාවනාවක් වැඩිය හැකි එක් භාවනා ක්‍රමයක් පමණි. තව බොහෝ භාවනා ක්‍රම ඇත. සියල්ලන්ටම පහසුවෙන් කල හැකි භාවනා ක්‍රමයක් බැගින් පමණක් මෙහි දක්වා ඇත.

16)යමි භවානාවක් වඩා ඒ සදහා දැරිය යුතු උපරිම වෙහස දැරූ පසුත් ඉන් යමි ප්‍රථිපලයක් නොලැබේ නමි පමණක් වෙනත් භාවනා ක්‍රමයකට මාරුවීම කල යුතුය. උදාහරණ වශයෙන් ආනාපානසතිය වැඩිය හැකි එකම ක්‍රමය මෙහි දක්වා ඇති ක්‍රමය පමණක් නොවේ. විවිධ ආකාරයෙන් ආනාපානසතිය වැඩිය හැක. ඒ කුමන අයුරෙන් හෝ ආනාපානසතිය නොවැ‍ඩේ නමි තමාට ආනාපානසතිය නොවැඩෙන භාවනාවකැයි කියා ඉවත දැමිය හැක.

17)එතෙක් ඉවසීමෙන් තමා තොරාගන්නා භාවනාවේ නියුතු විය යුතුය.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles