උත්සන්නතාවය අනුව ධාතු බෙදා වෙන්කර ගැනීමේ පිළිවෙල (04)
ශාක පත්‍රයක් ගත් විට එය අතින් අල්ලා බැලූ විට එහි යමි උණුසුමක් හෝ සිසිල් බවක් ඇත. එය එහි ඇති තේජෝ බවයි. යමි අමු ශාක පත්‍රයක් ගෙන මිරිකා, අතින් පොඩිකර ගත් විට බැලූ විට එහි යමි ද්‍රාවණයක්, යුශයක් ලබාගත හැක. එය එහි ඇති ආපෝ බවයි. වියලි කොලයක් ගත්විට එය අතින් මිරිකා බැලූවිට එබදු යුශයක් ගත නොහැක. ඒ එහි ආපෝ බව අඩුවීමයි. වියලී ඇඹරී ගොස් ඇති ශාක පත්‍රයක් හෝ මුද්‍රස්පළමක් ගෙන ජලයට දැමූවිට එහි ඇති හැකිලී ගිය ස්වභාවය නැතිවී එය පිමිබෙනු ඇත. එයට හේතුව වන්නේ එහි දැන් ආපෝ බව වැඩිවී තිබිමයි. යමි අවස්ථාවක දී වියලි කොලය ද ගෙන ගිනි කබලක් මත තබා රත් කල අවස්ථාවක් ගතහොත්, ක්‍රමයෙන් එහි ආපෝ බව තව තවත් ඉවත් කිරීම කල හැක එහිදී ක්‍රමයෙන් ශාක පත්‍රය අගුරු බවට පත්වේ. ඒ අගුරුද තවත් අධික උශ්ණත්වයකට පත්කලහොත් එහි ඇති අගුරු නමි පඨවි බව බිදි බවට කාබන් අංශු වායෝ ධාතුව හා එක්ව භාහිර ලෝකයට මුසුවී යයි. ශාක පත්‍රය යන්න නොපෙනී නැතිවී යයි.
මෙයින් දැනගත යුතු වැදගත් රීතිය..
01)යමි සජීවී හෝ අජීවී වස්තුවක් නිර්මිත එහි ස්වරූපය ලබා ඇත්තේ එහි පවතින පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතුන්ගේ යමි ප්‍රමාණාත්මක සංකලණයක් මතය. යමි අවස්ථාවකදී මෙම ධාතුන් අසමතුලිත වීමක දී ඒ වස්තුවේ ස්වරූපය බිදී යෑම සිදුවෙයි.
02)එකදු ධාතුවකට හෝ අනිත් ධාතුන්ගේ පැවැත්මෙන් තොරව ස්වාධිනව පැවතිය නොහැක.
03)නමුත් උත්සන්නතාවය මත ධාතුන් බෙදා වෙන්කල හැක.
නැවතත් ශාක පත්‍රය සලකා බැලීමේදී එහි ශාක පතුයක් වශයෙන් යමි පිමිබුන ස්වරූපයක් ඇත. නැතහොත් වියලී ඇත්නමි එහි හැකිලුන ස්වරූපයක් අත. එය එහි ඇත්තාවූ වායෝ ධාතුවයි. ශාකපත්‍රය වියලා පොඩිකර ගත් විට හෝ අමු ශාක පතුයේ තදට දැනෙන්නාවූ කොටස පඨවි ධාතුවයි. මේ ආකාරයට මේ ශාක පත්‍රය තුල ධාතු කොටස් 04 ම ඇත.
මිනිස් ශරිරයේ අවයවයක් බෙදා බැලීම
උදාහරණයක් ලෙස පෙනහැල්ල සලකා බලමු. එහි යමි තෙතමනයක් ඇත. එය එහි ඇති ආපෝ බවයි. පෙනහැල්ලේ ඇති පිමිබුන බව වායෝ බවයි. එසේම එහි ඇති උනුසුම හෝ සිසිල තේජෝ බවයි. පෙනහැල්ලේ ඇති තද බව හෝ මොලෙක් බව පඨවි බවයි. යමි අවස්ථාවකදී මිනිසෙකුගේ ශරිරයෙන් පිටතට ගත් පෙනහැල්ලක් බාහිර ලෝකයේ දමා ඇතැයි සිතමු. ටික දිනකින් එය වර්ණය වෙනෙස්වී ඉදිමීමට ලක්වේ. අනතුරුව එය තැනින් තැනින් පුපුරා වායෝ ධාතුව වායෝ ධාතුවට එක්ව යයි. එයින් ඕජස් ගලමින් ආපෝ ධාතුව ආපෝ ධාතුවට ඉවත්ව යයි. වාශ්පවන කොටසද වායෝ ධාතුව ලෙස ඉවත්ව යයි. මේ සියල්ල සමඟ තේජෝ ධාතුවක්ද ඉවත්ව යයි. යමි කලෙක එය කරවල වේලී ගියාක් මෙන් තත්වයට පත්වෙයි. එහිදී එහි පඨවි බව ප්‍රකටව පෙනෙන්ට පටන් ගනියි. එවන් විටක එය පොරණුවක දමා පිලිස්සුවා යැයි සිතමු. එහිදී තවදුරටත් එහි ඇති ආපෝ ධාතුව වාශ්පලෙස හෝ පිටව යයි. ඒ සමඟ වායෝ ධාතුවද, උනුසුමි බවද පිටව යයි. තවදුරටත් අගුරු බවට පත්ව පඨවි ධාතුව ප්‍රකටකරමින් අවශේෂයක් ඉතිරිවෙයි. එය තවදුරටත් රත්කලහොත් ඒ අගුරුද කාබන් අංශු ලෙස වාතයට එක්වී යයි. පෙනහැල්ල නොපෙනී යයි. කිසිවක් ඉතුරු නොවෙයි.
මේ ආකාරයට භාහිර ලොකයේ ඇති සෑම අජීවි හා සජීවි වස්තුවක්මත් මේ ශරිරයේ ඇති සෑම ශරිරංගයක්මත් ධාතු කොටස් වලින් නිර්මිත බවත් ඒවා නැත්තටම නැතිවී භාහිර පරිසරයට එකතුවී යන අවස්ථාව දක්වා පත්කල හැකි බවට අවභෝධයත්, එසේ සිතින් දකිමින් ඒවා භාහිර පරිසරයට එකතු කිරිමේ කුසලතාවයත් ඔබට තිබිය යුතුය.