සෝකධමිමතෝ
මේ පඤ්චස්කන්ධ ධර්මයෝ සෝකය ගෙන දෙන්නේය.
මාගේ මේ රූපයේ ස්වභාවය වන්නේ අනිත්‍ය බවයි. අනිත්‍ය බව ලක්ෂන කොට ඇති මේ ශරිරය කෙසේ කීවද කුමන අයුරෙන් කීවද නිත්‍යව නොපවතියි. එබැවින් මේ ශරිරය ව්‍යාධියට, ජරාවට, මරණයට පත්වෙයි. නීරෝගීව සිටින්නට කැමැති මිනිසාට රෝගී බව ඇතිවීම සෝකය ගෙන දෙයි, තරුණව සිටින්නට කැමති මිනිසාට, වියපත්බව සෝකය ගෙන දෙයි, ජීවත්ව සිටින්නට කැමති මිනිසාට මරණය සෝකය ගෙනදෙයි. එසේ වුවද මේ ව්‍යාධි, ජරා, මරණ තත්වයන් ඉක්මවන ලද්දාවූ කිසිවෙක් අතීතයේ වූයේද නැත. අනාගතයට ඇත්තේද නැත. වර්ථමානයේ ඇත්තේද නැ. එබැවින් මේ ශරිරයේ වෙනස්වන සුළු බව නියත වශයෙන්ම සෝකය ගෙන දෙයි.
මේ ශරිරය කැමතිවන්නාවූ ප්‍රිය රූප, ශබිධ, ගන්ධ, රස, ස්පර්ශ ආදිය නියත වශයෙන්ම සුඛයක් ගෙනදුන්න ද ඒවායේ ද නියත පැවතීමක් නැත. තාවකාලිකව යමි සැපතක් ලබාදුන්නද යමි කලෙක් ඒවා අභාවයට යෑමත් සමඟ ඒ තුලින් ඇතිකර දෙන්නේ ද මහා සෝකයකි. මේ ශරිරයට ප්‍රිය රූප, ශබිධ, ගන්ධ, රස, ස්පර්ශ නොලැබී යන්නේ නමි එයද මහා සෝකයකි. එබැවින් මේ ශරිරයට කුමක් ලැබුනත් කුමක් නොලැබුනත් නියත වශයෙන්ම ලැබෙනුයේ සෝකයකි. මාගේ ශරිරය මෙන්ම අන්‍යන්ගේ ශරිරයන් නිසා ද නියත වශයෙන්ම මට ඇතිවනුයේ සෝකයක් පමණි. එබැවින් යමි කලෙක සකල සෝකයන්ගේ උප්පත්ති ස්ථාය වන මේ ශරිරයේ නොපැවැත්මක් වේ නමි එයම ශාන්ත වන්නේය. ඒයම සුඛ දායක වන්නේය. එයම ක්ෂේම වන්නේය.
මාගේ නාමස්කන්ධය සෝක ධර්මයක්ද?
කය අරමුණු කරගනිමින්, මනස අරහුනු කර ගනිමින්, අන්‍ය රූප, ශබිධ, ගන්ධ, රස, ස්පර්ශ ආදිය අරමුණු කර ගනිමින්, ප්‍රිය විප්පයෝගය අරමුණ කර ගනිමින්, අප්‍රියසමිපයෝගය අරමුණු කර ගනිමින්, කැමති දෑ නොලැබී යෑම අරමුණු කර ගනිමින් සෝකය උපදින්නේ නාමස්නධයේම ය. යමිසේ මේ ශරිරය හෝ වෙනත් කුමන අරමුණක් තිබුනද නාමස්න්ධය නොමැති විටකදී, නාමස්කන්ධය නොපවතින විටක දී සෝකයට ඇතිවීමට තැනක්, ස්ථානයක් ඇත්තේ නැත. එබැවින් සෝකයේ සැබෑ උපත ඇත්තේ නාමස්කන්ධය තුලය. මිනිසෙකුට සෝක වීමට යමිතාක් හේතු ඇත්නමි සැබවින්ම සෝකය ගෙනදෙන්නේ හේතු නිසා නොව නාමස්කන්ධයේ පැවතීම නිසාය. යමිකලෙක නාමස්න්ධයේ පැවතීමක් නැත්තේ නමි කෙතරමි සෝකය ගෙන දෙන හේතු ඇතිවුව ද සෝකය ඇතිවීම ට ඉඩක් නැත. එබැවින් මේ නාමස්න්ධය සෝකය ගෙන දෙනු ලබන ධර්මයක් වන්නේය. යමි කලෙක මේ නාමස්න්ධයේ නීවි යාමක් නැත්තටම නැතිවී යාමක් සිදුවේනමි, එයම ශාන්ත වන්නේය. එයම සුඛ සහගත වන්නේය. එයම ක්ෂේම වන්නේය.