උපද්දවතෝ
පඤ්චස්කන්ධ ධර්මයන් නොදත් මහත් අනර්ථයන් හා උපද්‍රව ගෙන දෙන්නෝය.
මාගේ රූපස්කන්ධය උපද්‍රව ගෙන දෙන්නේද?
යමි විටක යමි ධර්මයක් අනපේක්ෂිත අවස්ථාවන්හි හානියක් සිදු කරයි නමි එම ධර්මය උපද්‍රව ගෙන දෙන ධර්මයක් වන්න්ය. මාගේ මේ ශරීරය ඇත. මා එයට ඇලුමි කරමි. මාගේ හිත මිත්‍ර, ඥාතීන් ආදීන් ඇත. මා ඔවුන්ට ද ඇලුමි කරමි. එසේ වුවද මා ඇළුමි කරනා මේ ශරිරයට කුමන මොහොතක හෝ අනපෙක්ෂිත උපද්‍රවයක් ඇතිවීමට හැකියාවක් ඇත. මා ඇළුමි කරනා අන්‍යන්ගේ ශරිරයන්ට ද එබදු උපද්‍රව ඇතිවිය හැක.
මහා මාර්ගයේ ගමන් ගන්නා විට මට වුවද, මාගේ ප්‍රියයන්ට වුවද නොසිතූ ලෙස රිය අනතුරුක් ඇතිවිය හැක. එසේ රිය අනතුරකට බදුන් වීම නිසා ශරිරය බිදී, අතපය කැඩී, ඇවිදීමට හෝ නොහැකිව කලක් රෝහලකට වී සිටීමට වුවද සිදුවිය හැක. එබදු අවස්ථාවක දී මාගේ රුකියාව වුවද නොසිතූ ලෙස අහිමි වීමට හැකියාව ඇත. මා අබාධිත වීම නිසා මාගේ පෙමිවතී හෝ පෙමිවතා මා හැර යෑමට වුවද හැකියාව ඇත. මා ආබාධිතව සිටිනා විට ඒ ආබාධිත තත්වය වෙනුවෙන් මා වෙනත් කාර්යක් සඳහා වෙන්කොට තැබූ මාගේ සියළුම ධනය වියදමි වීමට හෝ හැකියාවක් ඇත. ඒ සඳහා මාගේ නිවෙස්, ගේදොර ආදිය උකස් තබා රෝගී බවින් මිදුන අවස්ථවේ සිට ජීවිත කාලයම ණය ගෙවමින් සිටීමට වුවද සිදුවිය හැක. ඒ රිය අනතුර නිසා යමෙක් මරණයට පත් වූවා නමි අනපේක්ෂිත නඩු හබ වලට පැටලී දුක්විඳීමට සිදුවනු ඇත. මා මෙන්ම මාගේ ප්‍රියයන්ට වුවද මෙබදු තත්වයක් ඇතවු ද මට එය උපද්‍රවයක්ම වනු ඇත. මෙබදු තත්වයන් පත්වූ බොහෝ දෙනෙක් මා පෞද්ගලිකවම දැක ඇත. ජනමාධ්‍ය තුලින්ද දැක ඇත. එබැවින් මටත් අන්‍යන්ටත් ඇතිවන උපද්‍රවයන්ගේ නිමාවක් නැත. මේ ශරිරය යමිසේ පවතීද සියළු උපද්‍රවයන් ඇතිවීමට හේතුව වන්නේ එයයි. යමිසේ ශරිරයක් නොපවතී ද එහිදී උපද්‍රව ඇතිවීමට ස්ථානයක් නැත.
හොදින් සිටිනා මට හිටි හැටියේ පිළිකාවක් වැනි තත්වයක් ඇතිවීමට හැකියාවක් ඇත. එසේත් නැතහොත් කසිදා සුවකල නොහැකි රෝගයක් වුවද වැළදිය හැක. නැතහොත ඩෙංගු වැනි රෝගයක් වුවද එක් වරම වැළඳීමට හැකියාවක් ඇත. නැතහොත් එක්වරම ඌරු උණ වැනි රෝගයක් වුවද වැලඳීමට හැකියාවක් ඇත. එක්වරම මේ ශරිරයට වැළඳී එන්නාවූ මෙම රෝගයන් මහා උපද්‍රවයන් වන්නේය. මෙසේ අනපේක්ෂිත රොග උපද්‍රව ඇතිවීමට හේතු වන්නේ මේ ශරිරයේ පැවතීමයි. යමි කලෙක මේ ශරිරය නොපවතියි ද එහිදී රෝග උපද්‍රව ඇතිවීමට ඉඩ නැත.
මේ ශරිරය මරණය ලක්ෂණ කොට ඇත. මරණයම සාරකොට ඇත. මාගේ මවි-පියන්, හිත මිතුරන් ,ඥාතීන් ආදින් එක් වරම මරණයට පත්වීමෙන් මහා උපද්‍රව ඇතිවිය හැක. මරණයට පත්වන සුළු ශරිරයක් පැවතීම ම මහා උපද්‍රවයකි. මේ ශරිරය මරණයට පත්නොවේ නමි එබදු උපද්‍රව ඇති නොවේ. ඔවුන් නැතිවීම තුලින් ඇතිවන කසිදු උපද්‍රවයක් එවිට ඇතිවන්නේ නැත. එබැවින් මරණයට පතවීමෙන් උපද්‍රව ඇතිකරන මේ ශරිරය නොපැවතීමම මහා සහනයක් වන්නේය. එබදු ශරිරයකින් මිදීම ම සුඛ දායක වන්නේය. මේ ආකාරයෙන් මේ ශරිරයට ඇතිවන උපද්‍රවයන්ගේ ප්‍රමාණයක් නැත. එබැවින් මේ ශරිරය නොදැනම මහා උපද්‍රවයන් පමුණුවන බැවින් පරම දුක්ඛිත ධර්මයක් වන්නේය.
මාගේ නාමස්කන්ධය උපද්‍රව ගෙන දේද?
ආල කලෝ ආලය හැර දැමීම නිසා මහා උපද්‍රව ඇති වෙති. ප්‍රේම කිරිම නිසාද උපද්‍රව ඇතිවෙති. ප්‍රේම නොකිරීම නිසාද උපද්‍රව ඇතිවෙති. ප්‍රිය වූවෝ අප්‍රිය වීම නිසා උපද්‍රව ඇතිවෙති. විශ්වාස වන්ත වූවෝ අවිස්වාස වීම නිසා උපද්‍රව ඇතිවෙති. දුරස්ව සිටියෝ සිතින් ලංකර ගැනිම නිසා උපද්‍රව ඇතිවෙති. ලංව සිටියෝ සිතින් දුරස් කිරීම නිසාද උපද්‍රව ඇතිවෙති. දෝමනස්ස, උපායාස, පරිදේව, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සමිපයෝග නිසා ද උපද්‍රව ඇතිවෙති. කථා බහ නිසා උපද්‍රව ඇතිවෙති. කථා නොකිරීම නිසාද උපද්‍රව ඇතිවෙති. සමහරෙක්ට අධික සතුට ඇතිවීම නිසා හෘර්ධ්යාධ වැනි තත්වයන් ඇතිවීම නිසා ද උද්‍රව ඇතිවති. අධ්‍යාපනය වැඩියෙන් ලැබීම නිසා ද උපද්‍රව ඇතිවෙත්. අධ්‍යාපනය නොලැබීම නිසා ද උපද්‍රව ඇතිවෙති. අධ්‍යාපනය ප්‍රමාණවත්ව ලැබුව ද උපද්‍රව ඇතිවෙති.
කෝප වීම නිසාද උපද්‍රව ඇතිවෙති. කෝප නොවී නිහඩව සිටිය ද උපද්‍රව ඇතිවෙති. ඉවසුව ද උපද්‍රව ඇතිවෙති. නොයිවසුව ද උපද්‍රව ඇතිවෙති. මේ නාමස්කන්ධයේ පැවතීමක් වේද එමගින් ඇතිකර දෙන්නාවූ උපද්‍රවයන්ගේ සීමාවක් නැත. මේ නාමස්කන්ධය තුලින් ඇතිවන කිනමි මනෝ භාවයක් වුවද මහා උපද්‍රවයක් වීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස අසමගි දෙදෙනක් සමඟිකරවීම සඳහා ඔබ හොඳ සිතින් පිටකරනා ලද වචන කලකදී ඔබට මහා උපද්‍රවයක් ගෙන දීමට ඉඩ ඇත. එබැවින් හොඳක් කල ද නරකක් කලද, යහපතක් කලද, අවැඩක් කලද මේ නාමස්කන්ධයේ පැවතීම උපද්‍රව ගෙන දීමට හේතුවන්නේය. නොසිතූ ඕනෑම විටක එයට උපද්‍රවයක් ඇතිකරලීමට හැකියාවක් ඇත. මෙබදු නොසිතූ අවස්ථාවේ උපද්‍රව ගෙනදෙන්නාවූ උපද්‍රවකාරී ධර්මයක් නොපැවතීම ම ක්ෂේම වේ. නොපැවතීමම ශාන්ත වේ. නොපැවතීමම සුඛ දායක වේ.