ව්‍යාධිධමිමතෝ
මේ පඤ්චස්කන්ධ ධර්මයන් රොගී බවට පත්වන ස්වභාවයෙන් යුක්තය.
මාගේ රූපස්කන්ධය ව්‍යාධියට පත්වන සුළු ධර්මයක්ද?

කුඩා හිසේරදයක් ඇතිවූ විට ශරිරයට ඇතිවන දුක්වේදනාව කෙතෙක්ද? මේසේ බලන විට, අත්පා ආදියේ ඇතිවන රෝග, ආතරයිටිස්, හෘර්ධ රෝග, වකුගඩු රෝග, අර්ශස් රෝග, පිළිකා රෝග, අංශ භාග රෝග ආදිය නිසා මිනිසුන් විඳිනා දුකෙහි නිමාවක් නැත. අහෝ මේ සා දුක්ගෙන දෙන රෝගපීඩාවන්ට වාසස්ථානයක් වූ මේ රූපස්කන්ධය පැවතීම ම හැර තවත් කිනමි රෝගයක්ද? මේ රූපස්කන්ධයේ පැවතීම ම මහා රෝගයක පැවතීමක් වන්නේය. යමිසේ, පිලිකා රොගයක් ඇතිවූ විට, එයින් ශරිරයේ සෑම අවයවයකම රෝගී තත්වයන් ඇති කරන්නේ යමිසේද, ඒඩිස් රෝගය ආසාදිත වූ විට, ශරිරයේ සෑම අවයවයකම රෝගී තත්වයන් සංකූලතාවයන් ඇතිවන්නේ යමි සේද, මේ ශරිරය නමි රෝගය ඇතිවිට එයින් ඇතිකර දෙන්නාවූ රෝගාබාධයන්ගේ ප්‍රමාණය අසීමිතය. යමිතාක් අතීතයේ සොයාගත් රොගාබාධයන් වීනමි, වර්ථමානයේ ව්‍යවහාර කරන්නාවූ රෝගාබාධයන් වේ නමි, ලොකයේ කවර වෛද්‍යවිද්‍යාවකින් වුවද හදුනා ගන්නා කායික රෝගයන් වේ නමි, ඒ සෑම රෝගයක්ම මෙ ශරිරයේම ඇතිවේ. ශරිරයම හේතුකොට, ශරිරයම ප්‍රත්‍යකොට ඇතිවෙයි. එබැවින් මේ ශරිරය යමිතාක් පවතීද මේ රෝගයන්ද ඒතාක්ම පවතියි. යමිසේ මේ ශරිරයේ අභාවයක්, නැත්තටම නැතිවීයාමක් වේද මේ සකල රෝග දුක්ඛයන්ගේ නිමාව වන්නේද එයයි. එබැවින් මේ රූපස්කන්ධය නමි රෝගය නොපැවතීම ම ක්ෂේම වේ. නොපැවතීම ම සුඛ වේ, නොපැවතීම ම ශාන්ත වේ.
මාගේ නාමස්කන්ධය ව්‍යාධියට පත්වන ධර්මයක්ද?
රාග, ද්වේශ, මෝහ, අවිද්‍යා, තෘශ්ණා, මාන, දිටිඨි වශයෙන් වන්නාවූ යමිතාක් සත්ත්වයින් අගතියට ගෙන යන ප්‍රපඤ්ච ධර්මයන් වේද ඒ සියල්ලේම උත්පත්ති ස්ථානය වන්නේ මේ නාමස්කන්ධයයි. රාගයෙන් යුක්තවූ තැනැත්තාට ඒ රාගය මගින් ඇතිකරන්නාවූ මානසික රොගී තතවයන් නිසා, රාග වස්තු සෙවීමට, රාග වස්තු පරිශිලනය කිරිමට, රාගවස්තු අත්පත්කර ගැනිමට කෙතෙක් නමි දුක් විදිය යුතුද. ප්‍රේමය, ආලය ආදී ව්‍යාධිතත්වයන් උග්‍රවීම නිසා පිස්සන් බවට පත්වූවන්, උන්මත්තකයන් බවට පත්වූවන් අප්‍රමාණය. ජීවිතය වරද්දවාගත් ජීවිතය නොමඟගියවුන්ගේ ප්‍රමාණය අප්‍රමාණය. ජීවිතය විනාශකරගත්තන්ගේ ප්‍රමාණයද ගනන් නැත. තෘශ්ණා - මාන - දෘෂ්ඨි ආදී මනෝ ව්‍යාධි තත්වයන් නිසා, යුද්ධ, ආගමි වාද, ජාති වාද, මත ගැටුමි, බෙදුමි වාද ආදිය ඇතිකර ගනිමින් විනාශ වූවෝ අතීතයේද, වර්ථමානයේද ප්‍රමාණයක් නැත. අනාගතයටද එය අප්‍රමාණ වන්නේය. මෝහය නිසා, බිය නිසා, සැකය නිසා ජීවිතය වනසාගත්තවුන්ගේ ප්‍රමාණයක් නැත. එබැවින් මේ නාමස්කන්ධයේ පැවතීම ම මහා රෝගයක පැවතීමක් වන්නේය, කරුණා, මෛත්‍රී, මුදිතා, උපේක්ෂා, ශ්‍රද්ධා, ආදී වශෙයන් ඇතිවන්නාවූ කුසල පාර්ශවික මනෝ භාවයන් හරුනුවිට අන්සෑම සිතුවිල්කම පැවැත්ම මනෝ ව්‍යාධියකම පැවැත්මක් වන්නේය. යමිතාක් අයොනිසෝ මනසිකාරයන් වේද ඒ සියල්ලම මනෝ ව්‍යාධිතත්වයන්ම වන්නේය. එබැවින් මේ නාමස්කන්ධය මනෝ ව්‍යාධීන්ට උත්පත්ති ස්ථානයක් වන්නේය. මනෝ ව්‍යාධින්ට පැවතීමේ ස්ථානයක් වන්නේය. මේ කවරක් තුලින් වුවද ජනිත වනුයේ ඒකාන්ත දුකකි. යමි කලෙක මේ නාමස්කන්ධයේ තුරන්වීමක් වේ නමි සකල මනෝ ව්‍යාධින්ගේ නිමාව වන්නේ එයයි.
මානසික ආතතිය, මනෝ විසාදිය, මානසික අසංතුලිතතාවය, මානසික පීඩනය, මනෝ ව්‍යාකූලතාවය, ආදීවශයෙන් විවිධ නමි ඇති මානසික රෝග සියල්ලම මේ නාමස්කන්ධයට වැළදෙයි. කුමන වදනක් භාවතා කර පැවසුවද මේ සෑම මනෝ ව්‍යාධියක්ම උත්පාද වන්නේ මේ නාමස්කන්ධයේ බැවින් ඒහි යමි නිරුද්ධවී යාමක් වේ නමි නොපැවතීමක් වේ නමි එයම ශාන්ත වන්නේය. එයම ක්ෂේම වන්නේය. එයම පරම සුඛය වන්නේය.