Quantcast
Viewing all articles
Browse latest Browse all 168

16 වන දවස - ජරාධමිමතෝ

ජරාධමිමතෝ
Image may be NSFW.
Clik here to view.
මේ පඤ්චස්කන්ධ ධර්මයන් වියපත්වන ස්වභාවයෙන් යුක්තය.
මාගේ රූපස්කන්ධය වියපත් වන ස්වභාවයෙන් යුක්තද? 
අතීතයේ එක්තරා දිනයක මා මනුශ්‍යයෙක් වශයෙන් මෙළොව එලිය දුටු දිනයේ සිට අද දක්වා කෙතෙක් නමි වියපත්වී ඇතිද? කුඩා ළදරුවෙකුගේ අවස්ථාවේ සිට, ළමයා, තරුණයා, මැදිවියේ තැනැත්තා, වියපත් තැනැත්තා වයෝවෘද්ධ තැනැත්තා දක්වා මාගේ මේ ශරිරය වෙනස්වෙමින් පවතියි. එම ක්‍රියාවලිය කිසිදු කරුණක් මත වෙනස්කිරිමේ හැකියාවක් නැත. මාගේ මවිපියන්, සහොදර සහොදරියන්, ඥාතීන් හිතමිත්‍රාදින්, මාගේ බුඩුබාහිර ආදිය නිවාස, ගෘහභාණ්ඩ, ගස්වැල් පවා මේ ධර්මතාවයෙන් මිදුනෝ නොවෙති. සැමදා තරුණව සිටින්ට කැමති සත්ත්වයින් වියපත් වීම ඔවුන්ට දැරිය නොහැකි දුකකි.

අතීතයේ යමිතාක් සත්වයින් වීද ඒ සියළුම සත්ත්වයින් ශරිරයන් රජා ගින්න නමින් හදුන්වන වියපත් වීමේ දුකින් ගිනි ගනු ලැබුවා. අද දිනයේ යමිතාක් මිනිසුන් වේද ඔවුන්ගේ සිරුරු ද යමිසේ දේවොලක කපුරු දැල්වූ විට ඒ කපුරුමතින් නැගෙන්නාවූ දැල්ලෙන් ඒ කපුරුම දියකර යවන්නායේ ජරාව නමි වියපත් වීමේ ගින්නෙන් දවනු ලැබේ. මේ ශරිරය ඇත්තවුන්ගේ ශරිරයේ වියපත් වීම මරණය සමඟද කෙලෙවර වන්නක් නොවේ. මරණයෙන් පසු ද මේ ශරිරය ජරාවට පත්වේ. වඩ වඩාත් ජරාවට පත්වී පසට, දියට, සුලඟට, උනුසුමට සිසිලට ම ජීරණය වී යයි. ඒ රූප සන්තතියේ ජරාවට පත්වීම අදෘශ්‍යමාන වනුයේ මා මේ පරිහරණය කරන්නාවූ ශරිරය යමි කෙලෙක මරණයෙන් පසු ඇටකටු ආදිය ද දිරාගොස් නැත්තටම නැතිවීයන අවස්ථවක් වේද ඒ අවස්ථාවේදීය. එතෙක් මේ ශරිරය නියත ලෙසම ජරා ගින්නෙන් දවනු ලබයි.

කළුවට තිබූ කෙස් සුදුවීම ජරාවෙන් දැවීයාම නිසා අත්වන ප්‍රතිපලයකි. හොඳට ඇදී බෙර හමක් මෙන් තිබූ ශරිරයේ හම රුලි වැටීම ජරාගින්න නිස සිදුවන්නකි. කෙලින් තිබූ ශරිරය කුදුවීම ජරාගින්න නිසා සිදුවන්නකි. පිරිපුන්ව තිබූ ශරිරය වැහැරීයාම ජරාගින්න නිසා සිදුවන්නකි. ලස්සනට තිබූ ශරිර වර්ණය නැතිවීම ජරාගින්න නිසා සිදුවන්නකි. දත්, කෙස් හැලීයාම ජරාගින්න නිසා සිදුවන්නකි. මේ ආකාරයට ඉටියන් තනා මිනිසෙක් ආකාරයෙන්ම සකසන ලද යමි පිළිරුවක් වේ නමි ඒ පිළිරුව මහා ගිනිගොඩකට දැමූවිටකදී අත්වන ඉරණම මේ ජරාගින්න තුලින් මේ ශරිරයට ද අත් කර දෙයි. ගින්නට දැමූ ඒ ඉටිරුවේ වර්ණය පිලිස්සී යමිසේ යමි ආකාරයකින් ද එපරිද්දෙන් මේ වියපත් බවත් සමඟ මේ ශරිරයේ වර්ණය පිලිස්සී යයි. යමිසේ ඒ පෘෂ්ඨිමත්ව තිබූ ඒ ඉටි රුව ගින්නෙන් දියවී ක්ෂිනවී යන්නේ යමි සේද එපරිද්දෙන් මේ ශරිරය වියපත් වීමත් සමඟ දියවී කෘශවී වැහැරී යයි. යමිසේ ගින්නෙන් දවන ඉටිරුවේ ශරිරංග ඒ මේ අත ඇඹරී ගොස් ඇදවී යන්නේ යන්නේ යමි සේද මේ ශරිරයත් වියපත් වීමත් සමඟ කුදුවී දරදඩු වි සෙලවිය නොහැකි වී ඇදවී විකෘති වී යයි. යමිස් ඒ ඉටි පිළිරුවේ සිවිය දියවී යන්නේ යමි සේද මේ සම නමි ශරිරයේ සිවිය ද ඒසේම රුලි වැටී වියලී යයි. යමි කලක ඒ ඉටිරුව ඉටිරුවක් ‍යැයි කියා හදුනාගත නොහැකි පරිදි දියවී විකෘතිවී යයිද? මේ ශරිරයද මරණයෙන් පසු ඒසේම විකෘකිවී යයි. යමි කලෙක ඒ ඉටිරුවේ සැකිල්ල පමණක් ඉතුරුවී ඉටි සියල්ල දැවී නැත්තටම නැතිවේ ද ඒසේම මේශරිරයේ ද සැකිල්ල පමණක් ඉතුරුවී ලේ, මස්, නහර ආදී සියල්ල පස්ට පස්වී යයි. යමි කලක ඒ ඉටිරුවේ සැකිල්ලද ගින්නෙන් දැවී නැත්තටම නැතිවී යයිද එසේම මේ ශරිරයේ අස්ථි පඤ්ජරයද ජරාගින්නෙන් දවනලදුව කලකදී නැත්තටම නැතිවී යයි. ජරාගින්නේ දැවීම එතෙක් විද්‍යාමන වේ.

උපන්දා සිට තෙල් කබලක දමා බදින කැවුමක් සේ ජරා ගින්නෙන් තැවෙමින් සිටිනා මා ඒකාන්ත වශයන්ම දුකටම පත්ව සිටිමි. මේ ජරාගින්නෙන් මාගේ ශරිරය දැවීම නිසා මා අතීතයේ විදි දුකද ප්‍රමාණ කල නොහැක. මට අනාගතයට විදින්නට වන දුකද ප්‍රමාණ කල නොහැක. මේ මොහොතේ මා විදිනා දුකද ප්‍රමාණ කල නොහැක. මෙබදු දුක්ඛිත වූ ශරිරයක් දරා සිටීම ම මහා දුක්ඛයක් වන්නේය. මෙබදු දුක්ඛිත ශරිරයකින් මිදීම ම ශාන්ත වන්නේය. එහි නොපැවැත්මක් යමි කලෙක වන්නේ නමි එයම ක්ෂේම වන්නේය.

මාගේ නාමස්කන්ධය වියපත්වන ස්වභාවයෙන් යුක්තද?
ශරීරයේ වියපත බව නිසා නාමස්කන්ධයේ වියපත් වීමද ප්‍රකටව දැනෙන්නට වෙයි. සැබවින්ම මෙහිදී වියප්තවුයේ නාමස්ඛන්ධ සත්තියයි. මේ ශරිරය ක්‍රමයෙන් වියපත් වෙත්ම නාමස්කන්ධයද එයට අනුරූපව හැඩගැසී වියපත්වන බවක් පිලිබිඹුවෙයි. තරුණයන් ළමයින් සේ කෙලිලොල්ව ජීවත් විමට කැමැත්තෙන් සිටිනවා විය හැක. නමුත් තරුණයෙකුට ළමයෙක් මෙන් හැසීරිම සුදුසු නොවේ. මැදිවියේ අයෙකුට බද්‍ර යෞවනේ පසුවන්නෙකු සේ හැසිරිමට සිතෙන්නට පුළුවන නමුත් වියපත් වූ ශරිරයෙන් යුත් ඔහුට ඒ හැසිරිම සුදසු නොවේ. මහල්ලෙකුට තරුණයෙකු, ළමයෙකු මෙන් හැසිමට සිතිය හැක. එසේ හැසිරිම සමාජය අනුමත නොකරයි. එබදු හැසිරිමක් ඇතිවිට සමාජයෙන් ගර්හා කරනු ලැබෙයි. මේසේ රූපස්කන්ධය වියපත්වීම නිසාම නාමස්කන්ධය ඒයට අනුරුපව සකස් වේ.

තරුණ වියේ වෛවාරණ ඇදුමි මොස්තර කිරිමට කැමති වුවත් වියපත් වීමත් සමඟ ඒ සඳහා ඇති රුචිකත්වය නැතිවී යයි. තරුණ වියේ රස ගීතයන්ට පවා වූ රුචිකත්වය මහළු වියේදී වෙනස්වී යයි. තරුණ වියේ නිවැරදි ලෙස දුටු දෘශ්ටිය මහළු වියෙදී වෙනස්වී යයි. එසේත් නැතහොත්, ළදරුවෙකු කැමැත්තනේ සිටිනා කෙළි බඩු ආදියට තරුණයෙකු ගේ කැමැත්තක් ඇත්තේ නැත. වියපත් වූ මහලෙකුට එබදු කළිබඩුවක වටිනාකමක් කිසිසේත්ම නැත.

කුඩා කල පින්තූර එකතු කිරිම මුද්දර එකතු කරිම ආදිය, ඉතා ආසාවෙන් කැමැත්තෙන් කලද කල් යත්ම මනසින් මොරා වැඩෙත්ම ඒවා ලාමක ක්‍රියා යැයි අත් දකියි. නැතහොත් ඵලකට නැති ක්‍රියා යැයි බොහො විට සිතෙයි. සමහර විට ඒ එක් එක් මුද්දරයක් එකතු කිරිම සඳහා ඔබ බොහො දුක් වින්දා විය හැක. බොහො දෙනා සමඟ රණ්ඩු සරුවල් කලා විය හැක. මහත් මානසික අසහනයට පත්ව සිටියා විය හැක. නමුත් ඒ දුක් පොදිය ඔබ එකතු කලේ අර්ථ ශුන්‍යව යැයි ඔබට දැන් සිතේ. මෙබදු තත්වයන් උත්ගත වන්නේ මේ නාමස්න්ධ සන්තතියේ වියපත් බවක් මේරූ බවක් ඇතිවන බැවිනි. එසේනමි එබදු අර්ථ ශුණ්‍ය ක්‍රියා කරා විවිධ වයස් කාණ්ඩයන්තුල විවිධ තත්වයන්ට පෙරළි ගොස් ඔබ දුකට පතකලේ මේ නාමස්කන්ධයමය. එබැවින් මේ නාමස්නව්ධයද ජරාවන් පෙළනු ලබයි. යමි කලෙක මේ නාමස්කන්ධයේ නොපැවැත්මක් වේද එයම ශාන්ත වේය. සුඛ වේ, ක්ෂේම වේ.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles