භයතෝ
මාගෙ රූපස්කන්ධය බිය ගෙන දෙයිද?
මේ ලෝකයේ යමිතාක් භෞතික වස්තූන් වේද ඒ සෑම දෙයකින්ම මේ ශරියට බිය ගෙන දෙනු ලබයි. ශරිරය ආරක්ෂා කිරිමට පානය කරන්නාවූ ඖශධය ම ශරිරයට ආසාත්මික වීමෙන් බිය ගෙන දෙයි. මේ ශරිරය ඇවිදින විට වැටෙයි කියා බිය ගෙන දෙයි. ශරීරය පිරිසිඳු කරනා විට ලිසා යෙයි කියා බිය ගෙන දෙයි. ආහාර ගන්නා විට ආහාර හිරවේ කියා බිය ගෙන දෙයි. ජලය පානය කරනා විට ජලය ඉස්මොළයේ යැයි කිය බිය ගෙනදෙයි. පිහිනන විට ගිලෙයි කියා බිය ගෙන දෙයි, වාහනයක යනවිය හැප්පි තුවාලවී, මරණය සිදුවෙයි කියා බිය ගෙන දෙයි, වහින විට අකුණු සැර වදියි කියා බියගෙන දෙයි. ක්‍රිඩා කරණ විට ආබාධයන්ට ලක්වේ, තුවාලවෙයි කියා බියගෙන දෙයි, ශරිර කොටස් දුර්වල වේ කියා බිය ගෙන දෙයි. ඇස්, කණ්, නාසා අහිමි වෙයි කියා බිය ගෙන දෙයි. විවිධ රෝගාබාධ ඇතිවෙයි කියා බිය ගෙන දෙයි, වියපත් වේ කියා බිය ගෙන දෙයි, අවසන මරණයට පත්වේ කියා බියගෙන දෙයි, ඉනුත් එහා මණයට පත්වූ විට මේ ශරිරයට කුමක් වේද කියා බිය ගෙන දෙයි. මේ ශරිරය නිසා මෙන්ම අන්‍යන්ගේ ශරිර නිසාද බිය ඇතිවෙයි. මේ ආකාරයට ශරිරය පැවතීම නිසා, එය පැවැත්වීමට, ආරක්ෂා කිරීමට සිදුවන නිසා ඇතිවන බියෙහි ප්‍රමාණයක් නැත. මේ ශරීරය පැවතිම ම බිය පැවතිමට වාසස්ථානයක්, බියේහි උපතට උල්පතක්ම වන්නේය. බියෙහි උත්පත්ති ස්ථානය මේ ශරිරය වන්නේය. මෙසා බියක් ජනිත කරන සුළු වූ මේ භයංකාර ශරිරය පැවතීම ම මාහා දුකක් වන්නේය. මේ ශරිරයෙන් මිදීම ම පරම සැපත වන්නේය. මේ ශරිරය නැතිවී යන අවස්ථාවක් වේද එයම ක්ෂේම වන්නේය.
මාගේ නාමස්කන්ධය බිය ගෙන දෙයිද?
තරුණ මා වියපත් වේ කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි, වියපත් මා මරණයට පත්වේ කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. කළුවට ඇති කොණ්ඩය ඉදෙයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. ඇති කොන්ඩය හැලී යයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. දුක් ඇතිවෙයි කියා මේ නාමස් කන්ධයට බිය ඇතිවෙයි, රෝග ඇතිවෙයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. සමාජයේ තනිවෙයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. නින්දා අපහාද, උපහාසයන්ට ලක්වේ කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. ඇති දේ නැතිවෙයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවේයි. රක්ෂාව, වස්තුව මිල මුදල්, ආභරණ, ආදිය නැතිවෙයි, සොරසතුරන් පැහැර ගනු ලැබෙයි, විනාශ වෙයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. රජයෙන්, උසාවි ආදියෙන් දඩ කන්නට, සිරගතවන්නට, වෙයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි, නඩු හබ ආදියට පැටලෙයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. පරාජයට පත්වෙයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි.
ප්‍රියයන් වෙන් වෙයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. අප්‍රියයන් හා එක්වීමට සිදුවෙයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. විරූපී වෙයි කියාමේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. මැසි, මදුරු, වසංගත රෝගයන්ට ගොදුරු වෙයි කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවයි. අමනුශ්‍යයන් නිසා මේ නාමස්කන්ධයට බිය ඇතිවයි. චිත්‍රපට නිසා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. කථාන්දර පොත් නිසා පවා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි.
තමා නිසාම, තමා කල කී දේ නිසා, තමා කරන්නට සිටින දෑ නිසා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. අන්‍යයන් කල කී දෑ හා අන්‍යයන් කරන්නට සිටින දෑ නිසා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. කුසල් කිරීමට නොහැකි වූවා කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. අකුසල් කලා කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. කී බොරු හෙලිවේ කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. සොරකමි කලහොත් ඒසේ කල බැවින් මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. නැති සොරකමි වලට හසුවේ කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. රාගය ඇතිකරන වස්තූන් ලැබුනද මේ නාමස්කන්ධයට බිය ඇතිවෙයි. ඒවා නොලැබේ කියා මේ නාමස්කන්ධයට බිය ඇතිවේ. ලැබුන කාම වස්තුන් නැතිවේ කියා නාමස්කන්ධයට බිය ඇතිවෙයි. ග්‍රහ දෝශ ඇතිවෙයි කියා. ගංවතුර නියං කාල ඇතිවෙයි කියා බිය ඇතිවෙයි.
නයි, පොළගුන්, ගොනුසු, පැත්තෑ වැනි සත්ත්වයින් දශ්ඨ කරයි කියා බිය ඇතිවෙයි. ආහාර ගන්නා විට අජීරණය වේ කියා බිය ඇතිවෙයි. මේ ආකාරයට නාමස්කන්ධයට බිය ඇතිවීමේ හේතු අනන්තය අප්‍රමාණය අසීමිතය. රහතුන් වහන්සේ හැර මේ විශ්වයේ සෑම සත්ත්වයෙක්ම බියෙන් පෙළමින්ම සිටිති. බියෙන් තැති ගෙනම සිටිති. මිනිසුන්ට බියවීමට ඇති හේතුන් අසීමිතය, අනන්තය, අප්‍රමාණය. යමි තාක් හේතු ඇත්ද ඒ සෑම හේතුවකින්ම මිනිසුන්ට බිය ගෙන දිය හැක. ගහකින් වැටෙනා කොලකට, අඩි ශබිධයකට, ඇරෙන වැහෙන ජනෙල් පියනකට පවා මේ නාමස්කන්ධයට බිය ගෙන දිය හැක. යමිසේ නාමස්කන්ධයේ පැවතීමක් වේද එයම බියේ පැවතීම වන්නේය. යමිතාක් බිය හේතුන් ඇත්ද ඒ සියල්ලම නාමස්කන්ධයෙන්ම උපත ලබන්නේය. එබැවින් මෙබදු භයංකාර වූ නාමස්කන්ධය පැවතීම ම මහා දුක්ඛයක පැවතීමක් වන්නේය. එයින් යමි කලෙක මිදීමක් වේද එයම ශාන්ත වේ. එයම සුඛ වේ. එයම ක්ෂේම වේ.