අලේණතෝ
මාගේ මේ ශරිරය නැතහොත් රූපස්කන්ධය මට ආරක්ෂාවක් නොවන්නේද?
ලෙඩ වෙන සුළු ශරිරයක් ඇති මගේ ශරිරය කෙතෙකේ ලෙඩ නොවේවා කියා මා කීවද ඒ ශරිරය ලොඩ නොවී නොසිටියි. මට රෝගයන්ගෙන් ආරක්ෂාවක් සැපයීමට මේ ශරිරයට හැකියාවක් නැත. මහළු බවට පත්වන මේ ශරීරයට මහළු නොවේවා කියා මා කොතක් කීවද මේ ශරිරය මහළු බවටම පත් වෙයි. මහළු බවටපත්වීමෙන් මා ආරක්ෂා කිරිමට මේ ශරිරයට හැකියාවක් නැත. මරණයට පත්වන ස්වභාව ඇති මේ ශරියට මා මරණයට පත් නොවේවා කියා කොතක් කීව ද, මා මරණයට පත් කර නොසිටීමට එයට හැකියාවක් නැත. මරණයෙන් මා රක්ෂා කිරීමට මේ ශරිරයට හැකියාවක් නැත. කුසගිනි පිපාසා දැනෙනා මේ ශරිරයට කුසගිනි පිපාසා නොදැනේවා කියා මා කොතෙක් කීවද කුසගිනි පිපාසා නොදැනී සිටිමට මේ ශරිරයට හැකියාවක් නැත. කුසගින්නෙන් පිපාසාවෙන් මේ ශරිරයට මා රක්ෂා කල නොහැක. කැඩී, බිදී තැලී යන ස්වභාවයෙන් යුක්ත වූ ශරියට මා රක්ෂා කෙරෙත්වා කියා මා කෙතේ කිවද කැඩී බිදී යන ස්වභාව ඇත්තාවූ මේ ශරිරයට කැඩී බිදි යාමෙන් මා රක්ෂා කල නොහැක. ඒ හේතුන් පැමිණි විට මේ ශරීරය කැඩී බිදී යන්නේය. මේ ආකාරයට මේ ශරිරයට මා රක්ෂා කිරිමට කිසිදු හැකියාවක් ඇත්තේ නැත. මා කෙසේ කැමති වුවද මේ ශරිරය මා රක්ෂා කිරිමට ඉදිරිපත් නොවේ. මෙබදුවූ ශරිරයක් දැරීමෙන් කවර නමි ප්රයොජනයක්ද? කිසිදු උපකාරයක් නැත්තාවූ කොතෙක් අහාර-පාන සපයා, කෙතෙක් සුඛ විහරණ ලබා දී ආරක්ෂා කලද කිසිදු ආරක්ෂාවක් මට කිසිදු විටක ලබා නොදෙන්නාවූ මෙබදු ශරියකින් කිනමි ඵලක්ද කිනමි ප්රයෝජනයක්ද? මෙබදු ශරිරයක් නොපැවතීම ම ශාන්ත වේ, මෙම රූපස්කන්ධය නැත්තටම නැතිවී යාම ම සුඛ සහගත වේ. මේ රූපස්කන්ධය නිරුද්ධ වී යාම ම ප්රනීත වේ.
මාගේ නාමස්කන්ධයට මා රක්ෂා කල හැකිද?
මට සෝකයක් නොවේවා කියා මා කොතක් කීවද මේ නාමස්කන්ධයට මට සෝකයක් ගෙන නොදී සිටිමට හැකියාවක් නැත. සෝකයන්ගෙන් ම රක්ෂා කිරිමේ හැකියාව එය සතු නොවේ. මට මහා වැලපීමි සහිත පරිද්ව දුඛ්ඛයන් නොදේවා කියා මේ නාමස්කන්ධයට මා කෙනෙත් කිවද එය මට පරිදේව දුක් ගෙන නොදීමට සමත් නෙවේ. එය මට පරිදේව දුක්ඛයන්ගෙන් ආරක්ෂාවක් නොවේ. මේ නාමස්කන්ධයට මා දොමනස්සයන් ගෙන නොදේවා කියා කොතෙක් කීවද දෝමනස්සය නමි මානසික අසහනයෙන් මා රක්ෂා කිරිමේ ශක්තිය එය සතු නොව්. එය මානසික අසහනයන් ගෙනදීම සඳහාම සූදානමින් සිටියි, මට ප්රිය විප්පයෝග දුක්ඛයන් නොගෙන්වා අප්රිය සම්පයෝග දුක්ඛයන් නොගෙනේවා කියා කොතක් මේ නාමස්ක්න්ධයට කීවද නාමස්කන්ධය මට ඒ දුක්ඛයන්ගෙන් ආරක්ෂාවක් නොවේ. නියත වශයෙන්ම නාමස්ඛන්ධය මට ඒ දුක්ඛයන් ගෙනදෙනු ලැබේ. මට තෘශ්ණා, මාන, දිටිඨි ආදිය ඇති නොවේවා. අකුසල මූලයන් ඇතිනොවේවා කියා කොතෙක් කීව ද මේ නාමස්කන්ධය මට එවායින් ආරක්ෂාවක් නොවේ. ඒකාන්ත වශයෙන්ම අනන්ත වූ දුක්ඛයන්ගෙන් එකදු දුක්ඛයකට හෝ මට ආරක්ෂාවක් ලබාදීමට මේ නාමස්ඛන්ධයට හැකියාවක් නැත. මෙබදු ගුණමකු වූ නාමස්කන්ධයක් දරා සිටිමන් කවර නමි ප්රයොජනයක්ද? මේ නාමස්කන්ධය නැත්තටම නැතිවී යාම ම ශාන්තය. මේ නාමස්කන්ධය නැත්තටම නැතිවී යාම ම සුඛය. මේ නාමස්කන්ධයේ නොපවතීම ම ක්ෂේම වේ.