Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

13 වන දවස - අසරණතෝ

$
0
0
අසරණතෝ
පඤ්චස්කන්ධ ධර්මයන් අසරණ ධර්මයන් වන්නේය.

මාගේ රූපස්කන්ධය අසරණ ධර්මයක්ද?
යමෙකුට තවත් අයෙකුට සරණ,  වීමට හැකියාවක් ඇත්තේ ඒ තැනැත්තා අසරණයෙක් නොවන්නේ නමි පමණි. ඉතාමත් දුක්ඛිත තත්වයට පත්ව, කන්නට අදින්නට හො නොමැතිව මියෙන්නට ඔන්න මෙන්න අවස්ථාවේ, කාත් කවුරුත් නොමැතිව, පාරේ වැටී ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙන දුගියෙක් වේ නමි එබදු අයක් අන්ත අසරණ වූ අයෙක් ලෙස සමාජය හැදින්වීමට පුළුවන. එබදු අන්ත අසරණ වූ අයකුගෙන් මට පිහිටක් ලබාගත හැකිද? එබදු අන්ත අසරණ වූවෙකුගෙන් මට කවර නමි සරණක්ද? යමෙකුට තවත් අයෙකුට සරණක් විය හැක්කේ එම තැනැත්තා අසරණ නොවී සිටින්නේ නමි පමණි.

මාගේ මේ රූපස්කන්ධය නැතහොත් ශරිරයට, අප්‍රමාණ වූ රෝග පිඩා ආදිය පැමිනෙයි. රෝග පීඩා ආදියේදී ඒවායින් මා රක්ෂා කර මේ ශරිරයට මට සරණක් විය නොහැක. ඒ අසරණ වූ ශරිරයට බෙහෙත් ආදිය පොවමින් මා සරණ විය යුතුය. මේ ශරිරය වියපත් වීමට පැමිණෙයි. වියපත් වූ ශරිරයේ අවයවයන් නිසි පරිදි ක්‍රියාත්මක නොවෙයි. නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නාවූ ඇස් ආදියෙන් යමි කාර්‍යක් කර ගැණිමට නමි එයට කණ්නාඩි පැළදිය යුතුය. කන් ආදිය ක්‍ර‍ියාත්මක නොවන අවස්තාව දී ඒ සඳහා ශ්‍රවනාබාධිත උපකරන පැලදිය යුතුය. ශාර්ධය ක්‍රියාත්මක නොවන අවසථාවේදී, වෙනත් වෙනත් අවයව ක්‍රියාත්මක නොවන අවස්ථාව්දී ඒ අවයව බද්ධ කිරිම, ශල්‍යකර්මයන්ට බදුන් කිරිම ආදිය කල යුතුය. මෙසේ අසරණ වී කිසිවක් කරගත නොහැකිව මරණයට පත්වන රෝගියා මෙන්, සෑම විටම අසරණව මියෙන්ට තැත්කරන ශරිරයමට මා සරණ වී එය රුකගත යුතුය. තවත් වියපත් වන විට මේ ශරිරය නැවිම් දිහ හැරිමේ කටයුතු කරගැනිම අපහසු වන්නේය එවන් විටක තෙල් බහෙත් ආදිය උලමින් වේදනා මකමින් මෙ ශරිරයට පිහිට විය යුතුය. තවත් කලකදී මේ ශරිරය ඇවිදිමට පවා නොහැකි වන්නේය. එවන් විටකදී මේ ශරිරය සැරඇටි, රෝද පුටු ආදිය උපකාර කර ගනිමින් මා විසින් සරණ වී ඇවිද්දවිය  යුතුය.

මේ ශරිරය නිරන්තරයෙන් පෙළෙන්නාවූ කුසගිනි, පිපාසාවන්ගෙන් අසරණ වන්නේය, කිසිත් කර ගත නොහැකිව අසරණ වන මේ ශරිරයට මා විසින් ආහාර දී සරණ විය යුතුය. මේ ශරිරය මළමුත්‍රා දිය පහකිරිමට අවශ්‍යව අසරණ වන්නේය. එවන් විටක ඒවා පිට කොට මා මේ ශරිරයට සරණ විය යුතුය. මේ ශරිරය තවත් විටක දහඩිය, සේම, සොටු, සැරව ආදිය වගුරුවමින් අසරණ වන්නේය. එවන් විටක මා මේ ශරිරය නිරන්තරයෙන් පිස දමමින්, නහවමින්, පිරිසිදු කරමින් සරණ විය යුතුය. තවත් විටක මේ ශරිරයෙන් දුගඳ වහනය වෙමින් අසරණ වන්නේය. එවන් විටක මේ අසරණ ශරිරය සුවදවත් කර මා සරණ විය යුතුය.

තවත් විටක මේ ශරිය මැස්සන් මදුරුවන් ආදීන් නිසා පිඩාවට පත්ව අසරණ වන්නේය. එවිට ඒ මැස්සන් මදුරුවන් ආදිය පළවා හරින්මින් ශරීරයට පිහිට විය යුතුය. තවත් විටක මේ ශරිරය වෙහෙසට පත්ව නිදි මතව අසරණ වන්නේය. එවිට මාමේ ශරිරයට නින්ද ලබාදී පිහිට විය යුතුය.

පාරක අසරණව ඇඳවැටී සිටිනාවූ අසරණයා වුවද, මේ ශරිරය නමි වන අසරණයා තරමි අසරණ නැත. මාගේ මුලු ජීවිත කාලයම මිඩංගුවන්නේ මේ අසරණයාට පිහිට වන්නටය. මේ අසරණ ශරිරයට කෙතෙක් මා පිහිට වුවද එහි අසරණ බව කිසි දිනක නැතිවී යන්නේ නැත. ඒ වෙනුවට එය වඩ වඩාත් අසරණවී යන්නේය. මෙබදු පලකට නැති අසරණ බවිකින් පෙලෙන්නාවූ ශරිරයක් දරමින් එයට ඇප උපස්ථාන කරිමින් වෙහෙසීම තරමි දුකක් තවත් මෙළොව තිබිය හැකිද? මෙබදු අසරණයෙක්වූ මට කිසිදු කලක අංශු මාත්‍රයික හෝපිහිටක් ලද නෙහැකි වූ අසරණයෙකුගෙන් මා මිදෙයි නමි, මා ගැලවෙයි නමි එය කෙතරමි නමි සහනයක්ද? මේ අසරණ වූ ශරිරය පැවතීම ම මහා දුකක පැවතීමක් වන්නේය. යමි කලෙක මේ ශරිරයේ නොපැවැත්මක් වේ නමි එයම ශාන්ත වන්නේය. එයම ක්ෂේම වන්නේය. එයම පරම සුඛ දායක වන්නේය.

මාගේ නාමස්කන්ධය අසරණයෙක්ද?
යමිසේ, කෑමට, බිමට හෝ ඇදීමට වතක් නොමැතිව රෝගීව වීදියක් අසල වැටී සිටින, දරුණු රෝගාබාධයට ලක්ව, සිටින කාත් කාවුරුවත් නොමැති අයෙක් වේ නමි, ඔහු අසරණයෙක් යැයි නිගමනය කල හැක. ඔහුගේ රෝගාබාධය අනුව ඔහුට කෑම, බීම, සුඛ විහරණ, සැප සමිපත් කෙතෙක් සැපයුවද ඉන් ඔහු තෘප්තිමත් නොවන්නේ නමි හා එයින් ඔහු වඩ වඩා දුකටම පත්වන්නේ නමි ඔහු නියත වශයෙන්ම දුක්ඛිත තත්වයටම පත් අසරණයකි.

මාගේ මේ නාමස්කන්ධය ද එබදුම අසරණයෙකි. මාගේ මේ සිතට නැතහොත් නාමස්කන්ධයට ඇවැසිවන අවශ්‍යතාවයන්ගේ නිමක් නැත. කෑම, බීම, ඇදුමි, පැලදුමි, යාන, වාහන, රැකියා, මිල මුදල්, වතු පිටි, ගෙවල් දොරවල්, විවිධාකාරයේ භාණ්ඩ, සංගීතය, චිත්‍රපට, ආවාහ විවාහ, විනොදය, යනාදී වශයෙන් මාගේ නාමස්කන්ධය අසරණව තමාට කිසිත් කරගත නොහැකිව මාගෙන් ඉල්ලා මට වදකර සිටින්නාවූ දේ බොහෝ ඇත. මේසේ අසරණ වී මාගෙන් ඉල්ලා සිටිනාවූ රසවත් ආහාර වේලක් ගැන මා සිතුවහොත් මේ රසවත් ආහාර වේල සපයාදීම සඳහා මා දුක් මහන්සිවී මිල මුදල් සෙවිය යුතුය. මිලමුදල් සොයා ඒවා වියදමි කර රසවත් යැයි අසරණයා කියන්නාවූ ආකාරයේ ආහාර වේලක් ඇති තැනැට ඔහු පැමිණවිය යුතුය. එහි ගිය පමණින්ද මේ අසරණ නාමස්කන්ධයට කල හැකි දෙයක් නැත. ඒ සදහා එම ආහාර වේල දිවෙහි ස්පර්ශ වන ලෙස ආහාර කර ගත යුතුය. ඒ ආහාර වේල සිතූ පරදි රසවත් වූයේ නමි ඒවිට ඒ රසවත් ආහාර වේල නිසා තාවකාලිකව අසරණ බවින මිදිය හැක. නැතහොත් අසරණ බව තව තවත් වැඩිවී වෙනත් රසවත් ආහාර සෙවීමට සිදුවනු ඇත. නැතහොත් ඒ ආහාර වේල රස්වත් වුවහොත්, නැවත වරක් ඒ ආහාර වේල රස විදිමට අවශ්‍ය යැයි කියා අසරන බව ඇතිවනු ඇත. මේ ආහාර වේල සැපයීම තුලින් රසවත් ආහාරයක් ලැබීමට ඇති කැමැත් නමි සරණ බව ඉවත්වීම කිසිකලක සිදු නොවේ. එය තාවකාලිකව යටපත් කිරිම පමණක් කලහැකි අතර, නැවත නැවත අසරණ වූ විට නැවත නැවත තාවකාලිකව යටපත් කල යුතුය. එම ආහාරය ගැනිම නිසා තාවකාලිකව අසරණ බව නැති කිරීමට දරන ලද ප්‍රයත්නයේ ප්‍රථිපලයක් ලෙස සමහර විට මට, දියවැඩයා, අදි රුධිර පීඩනය ආදී රෝගාබාධයන්ට ලක්ව තව තවත් අසරණ වන්ට සිදුවිය හැක. ඒ අහාරය නිසා, මළපහ කිරිම, ආදිය කිරිමටද සිදුවනු ඇත, ඒ ආහාරය විශ විමට වුවද හැක. මේ ආකාරයට මේ නාමස්කන්ධයට වන එක් අසරණ බවක් තාවකාලිකව යටපත් කිරිමට යාමේදි ප්‍රමාණ කල නොහැකි අසරණතාවයන් රුසක් උත්ගත වනු ඇත. එබැවින් රූපස්කන්ධයට ද වඩා අන්ත අසරණ අසරණයා වන්නේ නාමස්කන්ධයයි.

මෙබද අසරණ වූ ධර්මයක්, අසරණකමින් පීඩිතව එයට ප්‍රතිකාර කරන මෙන් මට නිරන්තරයෙන් හිංසා කරනාවූ පිඩා කරන්නාවූ ධර්මයක් නොපැවතීම සුදුසු වන්නේය. මගේ නොවීම ම සුදුසු වන්නේය. මට අයත් දෙයක් නොවීම ම සුදුසු ව්න්නේය. දුරුන්ම දුරු කල යුතු ධර්මයක් වන්නේය. මෙබදු අසරණ වූ නාමස්කන්ධයේ නොපැවැත්ම ම සුඛ දායක වන්නේය. එහි නොපැවැත්ම ම ක්ෂේම වන්නේය. එහි නැතිවී යාමම ශාන්ත හා සුඛ දායක වන්නේය.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles