Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

12 වන දවස - සල්ලතෝ

$
0
0
සල්ලතෝ,
පංචස්කන්ධ ධර්මයන් හුල් බඳුය.

මාපඤ්චස්කන්ධය හුලක් වැනිද?
හුල්වල ස්වභාවය වන්නේ ඇණෙන සුළුබවය, යමිසේ හුල් ගොඩක් මැද සිටිනා තැනැත්තාට නිරන්තරයෙන් වේදනා විඳිමින් සිටීමට සිදුවෙයි. මාගේ මේ ශරිරය යමි සේ හුල් වලින් අනින්නා සේ වේදනා දෙමින් පවතියි. මාගේ ම් ශරීරයට එක් රෝගයක් වැළදී එයින් මිදී ස්වල්ප කාලයක් ගිය පසු වෙනත් රෝගයකට ගොදුරුවේ. ඒ රෝගයට ප්‍රතිකාර කල විට තවත් රෝගයකට ගොදුරුවේ. මේ ආකාරයකට රෝග වැළදෙන ස්වභාවයෙන් යුතු මේ ශරිරයට එකක් පසුපස එකක් රෝග හුල් වලින් විදිනු ලැබැයි.

මැස්සන්, මුදුරුවන්, විවිධ කෘමින්, කූඹින්, ගොනුස්සන්, සර්පයන් ආදී විවිධ සත්ත්වයින්ගෙන් ද මේ ශරිරයට හානි පැමිනෙයි. මොවුන්ගේ පීඩාවෙන් තොරව මේ ශරීරයට පැවතීමට නොහැක. එකක් පසු පස එකක් දුක්ඛ වේදනා හුල් වලින් මේ ශරිරයට අනිනු ලැබෙයි.

කුසගින්න පිපාසාව යන හුල් වලින් ද මේ ශරිරයට නිරන්තරයෙන් අනිනිනු ලැබෙයි. මරණ මංචකය වනතුරු එයින් මිදීමක් නමි කිසි දිනයක ඇතිනොවේ.

කුසගිනි පිපාසාව නිවීම ඉබේ කල නොහැක. කුසගිණි පිපාසාව නිවා මේ ශරිරිය පවත්වාගෙන යෑමට, මේ ශරිරය ආරක්ෂා කිරිමට, ‍ගෙවල්-දොරවල් ආදිය ඇවැසි වන්නේය. ඒවාද සිතූ පමණින් ලැබිය නොහැක. ඒ සඳහා දුක් විදිමින් කාලයක් ඉගෙන ගැනිමටත්, ඉන් අනතුරුව රැකි රක්ෂා ආදිය කරමින් මුදල් සෙවීමටත් සිදුවෙයි. මේ ආකාරයට මේ ශරිරය පැවැත්වීම සදහා කලයුතු කටයුතු නමි වන හුල් 100 ගණනකින් මේ ශරිරයට එක් දිනකදී පමණක් යමි පුද්ගලයෙකුට විදිනු ලැබෙයි. ඒකාත් එසේවූ මේ ශරිරයේ පැවැත්ම ම හුලක පැවැත්මක් බදුය. එබදු ශරිරය පවතිනා තැනැත්තාට ඒ හුල් ඇණිම නිසා සිදුවන වේදනාවෙන් ගැලවීයාමක් නමි නැත. ඒ හුල් වලින් ගැලවිය හැකි එකම ක්‍රමය වන්නේ මේ ශරිරයේ නොපැවත්මයි. මේ හුලක් බදු වූ ඇණයක් බුදුවූ ශරිරය නොපැවතීම ම ක්ෂේම වේ. නොපැවතීම ම ශාන්ත වේ, නොපැවතීම ම සුඛ දායක වේ.

මාගේ නාමස්කන්ධය හුලක් බදුදු?
සැබවින්ම මාගේ නාමස්කන්ධයේ පැවතීමද මහා ඇණයක පැවතීමක් බදුය. එය නිරන්තරයෙන් ඇණෙමින් පීඩා ගෙනදෙයි. උදාහරණයක් ලෙස එන් අයෙකුට පෙම කොට ඒ ප්‍රෙම හුල ඇණි ගිය විට, ඒ ප්‍රේමය පවත්වාගෙන යෑම සඳහා විදිය යුතු අනන්ත වූ දුක් වේදනා විදිය යුතුය, ඒ ප්‍රේමය ඇති විට, රාග, මෝහ, ද්වේශ ආදී අනන්ත හුල් වලින් පීඩාවට පත්වීමට සිදුවේ. එම ප්‍රේමය යමි කලෙක නැතිවී ගිය විට ප්‍රේම හුල ගැලවී ගොස් විහර හුල ඇනි යයි. ඉන් පසු ඒ හුල නිසා විදිය යුතු දුක් වේදනා විදිය යුතුය. කලකදී ඒ විරහහුලත් ගැලවී ගිය කල, නැවත අලුත් ප්‍රේම හුලකින් විදිනු ලබයි. මේ ආකාරයට මේ සිත ඇති විට අනන්ත අපරිමාන හුල් වලින් විදුමි කන්නට සිදුවෙයි.

අයකුට කර් රථයක් මිලදී ගන්නට අවශ්‍ය වන්නේ නමි ඒ කාර් රථය මිලදී ගැනීමේ හුල ඇනුන මිනිසා ඒ හුල ගලවා ගැණිමට නොහැකිව, කර් ර්ථ සොයා දුක් විදියි, ඒ සඳහා මුදල් ආදිය සොයමින් දුක් විදිය, ඒ මුදල් ආදිය දුකසේ සොයා කාර් රථය මිලදී ගත්විට ඒ හුල ගැලවී යයි. නැවතත් ඊට වඩා හොඳ කාර් රථයක් මිලදි ගත යුතුයැයි නැවතත් හුලතින් අනිනු ලබයි. ඒ හුලෙන් ගැලවීමට ඒ හුල ගලවා ගන්නට නොදත් මිනිසා නැවතත් වෙනත් කාර් රථයක් සොයමින් දුක් විදියි. ඒ කාර් රථය සොයාගත් විට ඒ හුලත් ගැලවී යයි. එම කාර් රථයෙන් ද සෑහිමකට පත් නොවන්නාට, ලැමිබෝ ගිනි රථයක් ගත යුතු යැයි හුලකින් විදිනු ලබයි. ඒ හුල ගලවා ගණිමට ඔහු ලැමිබෝ ගිනි රථයක් සොයමින් දුක් විදියි. ලැබිබෝ ගිනි ගත්තාවූ මිනිසාට ගුවන් යානයක් ද වුවමනා වෙයි. ඒ හුලෙන් ගැලවීමට නමි ඔහු ගුවන්ක් යානයක් සොය දුක් විදිය යුතුය. ගුවන් යානයක් ගත් තැනැත්තාගේ හුල් ඇනීමද නිමා නොවේ. ඔහුට නැවක් ගත යුතු යැයි නැවතත් හුළකින් අනිනු ලැබේ. ඒ එලෙන් ගැලවීමට ඔහු නැවක් මිලදී ගත යුතුය. මේ ආකාරයෙන් නාමස්කන්ධයේ අවශ්‍යතායන්ගේ සීමාවක් නැත. එක් අතකින් නාමස්කන්ධය හා සසඳා බලනා විට රූපස්කන්ධයේ අවශ්‍යතා සීමාසහිත යැයි කිවහැක. නමුත් නාමස්කන්ධය සමිබන්ධයෙන් එකක් පසුපස එකක් මිනිසෙකුට ඇනේනාවූ හුල් වල නිමාවක් නැත.

මේ නාමස්කන්ධයේ පැවතීම ම මහා හුලක පැවතීමකි. එය තරමි තවත් ඇණයක් නැත. එයින් ගැලවීයාම ම ශාන්තවේ. එහි නොපැවැත්ම ම සුඛ වේ. යමිසේ නාමස්කන්ධය නොමැතිවේද එය ම කෂේම වේ. මේ ආකාරයට මාගේ පඤ්චස්කන්ධ ධර්ම මෙන්ම අන්‍යන්ගේ පංචස්කන්ධ ධර්මයන්ද මහාම හුල්මවේ. එවායේ නොපැවතිම ම ශාන්ත වේ. ඒවායේ අභාවයම ප්‍රනීත වේ.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles