ගණ්ඩතෝ
මේ පඤ්චස්කන්ධ ධර්මයෝ ගඩුවක් බදුය.
යමිසේ ශරිරයේ ගඩුවක් ඇති කල්හි එයින් සැරව, ලේ, ඔජස් ආදිය, ගැලීම කැසීම සිදුවන්නා සේ, මේ ශරිරය යමිසේ පවතියි ද? එයින් නිරන්තරයෙන්ම මළ මුත්‍ර පහවෙයි. මෙවායේ කිසිදු ප්‍රිය ජනක බවක් ඇත්තේ නැත. එසේ පිටවන්නාවූ වැගිරෙන්නාවූ ද්‍රව්‍යන්ගේ රන්, රිදි, මුතු, මැණික් වන් වටිනා කමක් ඇතිතේ ද නැත. ඒවා පිටවන්නෝ පවා දැක්නට අප්‍රිය වන්නාවූ, අපේක්ෂා රහිතවම හැරදමන්නා වූ ද්‍රව්‍යයන්ම වන්නේය.
යමි සේ ගඩුවකින් ලේ සැරව වැගිරෙයිද,මේ ශරිරයෙන් ද නිරන්තරයෙන් දහදිය, සෙම, සොටු ආදිය වැගිරෙනු ලැබෙයි. යමිසේ ලේ සැරව වැගිරෙන ගඩුවක් පිරිසිදු කල යතු වේද? මේ ශරිරය ද නිරන්තරයෙන් නහවමින් පිසදමමින් විවිද ආලේපන ගල්වමින්, දිනකට කිහිප විටක් පිරිසිදු කරමින් පැවැත්විය යුතුය.
යමිසේ ගඩුවක් ඇති කලිහි කැසුමි, දැවුමි, රිදුමි ඇති වේද එමෙන්ම මේ ශරිරය ඇති කල්හි එය මඟින් අනන්ත වූත් අප්‍රමාණ වූත් දුක්ඛ වේදනාවන් ගෙන දෙනු ලබයි, මේ ශරිරය මගින් දිනකට කිහිප විටක් කුසගිනි වේදනා ගෙන දෙනු ලබයි, බොහෝ වරක් පිපාස වේදනා ගෙන දෙනු ලබයි, බොහෝ වරක්, ශරිරයේ දැවීමි තැවීමි, රිදුමි වේදනා ගෙන දෙනු ලබයි, නිදිමත ආදිය ඇතිවූ විට නොනිද සිටිම නිසා වේදනා ගෙනදෙයි, ශරිරයේ අත්පා ආදියේ වේදනා ගෙනදෙයි, සිටගෙන සිටියද වේදනා ගෙනදෙයි, හිඳගෙන සිටියද වේදනා ගෙනදෙයි, ඇවිදිමින් සිටියද වේදනා ගෙනදෙයි, නිදමින් සිටියද වේදනා ගෙනදෙයි, ශරිරයේ ඉරියවි ඒ මේ අත මාරු කරමින් මේ වේදනා නසමින් කාලය ගතකරන්නට ම සිදුවී තිබෙයි. එබැවින් මේ ශරිරයේ පැවැත්ම ම මහා දුකක් වන්නේය.
යමිසේ ගඩුවක් ඇති කලිහි, එයට බෙහෙත් ආදිය සොයා පිළියමි කල යුතු සේ මේ ශරිරය ඇති කල්හි, එය නෑවිම, ඇවිද්දවීම, සැතපවීම, මළ මුත්‍ර පිට කරවීම, රෝග ආදියට බෙහෙත් ගැල්වීම, සැරසීම, ආහාර පාන ආදියෙන් සන්තර්පණය කිරිම ආදිය කල යුතු වෙයි. මේවා සිතූ පමනින්ම කල නොහැක. ඒ ආකාරයට මේ ශරිරය සන්තර්පණය කරනු වස් අනන්ත අපරිමිත දුක්ඛයන් විදීමට සිදුවෙයි. එබැවින් එබදු දුක් දෙන ගඩුවක් වැනි මේ ශරිරය පැවතීම ම දුකක් වන්නේය. මේ ශරිරයෙන් යමි අවස්ථාවකදී මිදීමක් වේද, එයම සුඛ සහගත වෙයි. මේ ශරිරය යමි අවස්ථාවකදී නැතවී යාමක් වේද එයම ක්ෂේම වේ. එයම ශාන්තවේ. එයම ප්‍රනීත වේ.
මාගේ නාමස්කන්ධයේ පැවතීම ගඩුවක පැවතීම්ක බදු වේද?
යමිසේ නාමස්කන්ධය පවතින විට යමි ගඩුවකින් ලේ-සැරව ගලා යන්නා සේ, එයින් රාග, ද්වේශ. මොහා දී ක්ලේෂ - අකුසල ධර්ම ගලා යෑම සිදුවෙයි, තෘශ්ණා, මාන. දිටිඨි සංඛයාත ප්‍රපංච ධර්මයන් එහි වර්ධනය වේ. මේ නාමස්කන්ධය පවතින නිසා, ප්‍රිය රූප, ප්‍රිය ශබිධ, ප්‍රිය ගණ්ධ, ප්‍රිය රස, ප්‍රිය, ස්පර්ශයන් ඇතිවූ විට ඒවා කෙරෙහි තෘශ්ණාවක් ජනිත වේ. යමිසේ ගඩුවක් කසන්නාක් මේන් කසන්නට කසන්නට ඒ වණය වැඩිවන නමුත්, යමි සුඛ වේදනාවක් ද දැනෙන්නා සේ, ඒ ප්‍රිය සහගත අරමුණු සොය සොයා ඉන් ලබනා අල්ප වූ ආශ්වාදය විදිමින් සංසාරය නමි වණය වැඩි වැඩියෙන් වර්ධනය වීම සිදුවේ. යමිසේ කුණුවූ ගඩුවකින් දුඝද පැතිරෙන්නා සේ, නාමස්කන්ධය ඇතිවිට, වෛරය, ද්වේශය, මෝහය, රාගය වැනි අප්‍රසන්න මනෝ භාවයන් ජනිත වීම සිදුවෙයි. මේවා සියල්ල සුඛාස්වාදයන් නොවේ. යමි තරමකට හෝසුඛාස්වාදයක් මෙන් පෙනුනද මෙහි පිටිපස නියත ලෙසම ලුහු බැඳ එන්නේ ඒකාන්ත දුක්ඛයකි. එබැවින් මේ නාමස්කන්ධයේ පැවැත්ම ම මහා ගඩුවක, සුව නොවන ගඩුවක පැවැත්මක් බදු වන්නේය. යමිසේ මේ නාමස්කන්ධය නැතිවී නැත්තටම නැතිවී යයිද, එයම ශාන්ත වේ, ඒයම ප්‍රතීත වේ, එයම පරම සැපත වේ.