Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

10 වන දවස - රෝගතෝ

$
0
0
රෝගතෝ
පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම රෝගයක පැවතීම බඳුය.

මාගේ රූපස්කන්ධය රෝගයන්ට බදුන්වන ස්වභාවයෙන් යුක්තද?
මේලොව යමිතාක් වෙද්‍යවරුන් විසින් සොයාගන්නා ලද රෝගයන් ඇත්නමි ඒ සෑම රෝගයක්ම මේ පංචස්කන්ධ ධර්මයන්ටම වැළ‍ඳෙන රෝගයන්ම වන්නේය. ගිරිමානන්ද සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ මිනිස් ශරීරයට වැළදෙන රෝග වර්ග කර දක්වා ඇත. යමිතාක් මේලොව රෝග ඇත්නමි ඒ සියළුම රෝග මේ වර්ගීකරණය තුලට ඇතුලත් කල හැක.

“ඉති ඉමස්‌මිං කායෙ විවිධා ආබාධා උප්‌පජ්‌ජන්‌තිසෙය්‍යථිදංචක්‌ඛුරොගොසොතරොගො ඝානරොගො ජිව්‌හාරොගො කායරොගො සීසරොගො කණ්‌ණරොගො මුඛරොගො දන්‌තරොගො ඔට්‌ඨරොගොකාසො සාසො පිනාසො ඩාහො ජරො කුච්‌ඡිරොගොමුච්‌ඡා පක්‌ඛන්‌දිකා සූලා විසූචිකා කුට්‌ඨං ගණ්‌ඩො කිලාසො සොසො අපමාරො දද්‌දු කණ්‌ඩුකච්‌ඡු නඛසා විතච්‌ඡිකා ලොහිතං පිත්‌තං මධුමෙහො අංසා පිළකා භගන්‌දලා පිත්‌තසමුට්‌ඨානාආබාධා සෙම්‌හසමුට්‌ඨානා ආබාධා වාතසමුට්‌ඨානා ආබාධා සන්‌නිපාතිකා ආබාධා උතුපරිණාමජාආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්‌කමිකා ආබාධා කම්‌මවිපාකජා ආබාධා සීතං උණ්‌හං ජිඝච්‌ඡාපිපාසා උච්‌චාරො පස්‌සාවොති.

මෙහි තේරුම වන්නේ, මේ ශරිරයේ මෙබඳු විවිධාකාර ආබාධ ඇතිවෙනවා;
ඇස් රෝග, කණ සමිබන්ධ රෝග, නාසය සමිබන්ධ රෝග, දිව සමිබන්ධ රෝග, ශරිරය සමිබන්ධ රෝග, හිසේ රෝග, කණේ පිටත උපදිනා රෝග, මුඛයේ උපදිනා රොග, දත් සමිබන්ධ රෝග, ක්ෂය රෝගය, ස්වාස රෝග, පීනස, දාහය, උණ, කුසේ රෝග, මුස ය, රක්ත අතිසාරය, සූල ය, විසූචිකාව, කුෂ්ඨ, ගඩු, කිලාස, සෝස, අපස්මාරය, දද, කණුඩු, මසුක, නිය කුණුවීම, විවර්චිකාව, රත් පිත, දියවැඩියාව (මධුමේහය), පක්ෂාගාතය, පිළිකා. බගන්දලා(අර්ශස්), පිතින් වන රෝග, සෙමින්වන රෝග, වාතයෙන් වන රෝග, තුන් දොසම කිපීමෙන් වන රෝග, සෘතු පෙරළිමෙන් වන රෝග, ශරිරය නිසි පරිදි භාවිතා නොකිරීම නිසා වන රෝග, උපක්‍රමයෙන් වන රෝග, කර්ම විපාක වශයෙන්වන රෝග, ශිත, උෂ්ණය, බඩගින්න, පිපාසාව, මළද්‍රව්‍ය , මුත්‍ර පිටකිරිමට වීමය.

මේ අනුව බලනා කල යමිතාක් රෝග ඇත්නමි මේ සියළුම රෝගයන්ගේ උප්පත්තිස්ථානය වන්නේ මේශරීරයයි. මේ ශරිරය දරා සිටීම ම, මේ ශරීරයේ පැවැත්ම ම මහා රෝගයක පැවතීම වන්නේය.

විශේෂිතව වැළදෙන රෝග නැති විට මේ ශරිරයට මළ මුත්‍ර පිට කිරිමට සිදුවීම, කෑමට, බීමට සිදුවීම, බඩගිනි, පිපාසා ඇතිවීම ආදී වශයෙන් වන්නාවූ ‍දේද රෝගම වන්නේය. මෙසේ මේ ශරිරයට කුමන මොහොකත හෝ මේ රෝගී තත්වයන් ඇතිවීම් ඉඩ ප්‍රස්ථාව ඇත. ඊයේ දිනයේ නිරොගීව සිටිය ද අද වන විට යමි රෝගී තත්වයකට ලක්වීමේ අවධානමක් සෑම අයෙකුටම ඇත. එබැවින් මේ ශරිරයේ පැවැත්ම ම මහා රෝගයක පැවැත්මක් වන්නේය. යමි කලෙක මේ ශරිරය නොපැවැත්මක් වේ නමි මේ සකල රෝගයන්ගේද නොපැවැත්ම වන්නේය. එබැවින් ‍යමි සේ මේශරිරය නැත්තටම නැතිවී යන්නේ ද මේ රෝගයන්ගේ පැවැත්මක් ද නැතිවන්නේය.

මාගේ නාමස්කන්ධය රෝගයක්ද?
නාමස්කන්ධය නැතහොත් සිත පවතින විටදී, රාගය, ද්වේශය, මොහය, ඊර්ශයාව, මානය, දිටිඨිය, විචිකිචිචාව, දුක, දොමිනස, උපායාස, පරිදේව, ආදරය, විරහව ආදී නොයෙකුත් මනො භාවයන් ඇතිවීම කිසිකලෙකත් වැලැක්විය නොහැක. යමෙක් මා ඉදිරියට පැමිණ මට වැරින් බැණ වැදී, මට පහර දුන්නොතින් හෝ යමක් මට පිරිසක් ඉදිරියේ දැරැය නොහැකි අන්දමින් නින්දා අපහාස කලහොත් හෝ, යමෙක් මට ‍අභූත චෝදනා එල්ල කලහොත් හෝ, මා ආදාරය කරන්නාවූ අයෙක්, මා රාගයෙන් වෙලී සිටින්නාවූ අයෙක්, මා ඇළුමි කරන්නාවූ මාගේ මවි, පිය, අඹු, දරු, ඥාති හිතමිත්‍රාදින්ගේ වියොවක් හෝ මාගේ සිතට කෙතෙරමි වේදනාවක්, කෙතෙරමි දැවීමක්, කෙතරමි තැවීමක් ගෙන දීමට සමත් වේද? සැබවින්ම ශරිරයට වැළදන රෝගයකට යමි අවස්ථාවකදී බෙහෙත් භාවිතා කිරිම තුලින් එය පහසුවෙන් සුවපත් කර ගැණිමට හැකියාව ඇත. නමුත් මාගේ නාමස්කන්ධයේ වැදී එන එබදු දරුණු කටුක වූ වේදනාවන් නිසා, මා සිහිසුන් වීමට වුවද ඉඩ ඇත. දින, සති, මාස ගණන් නැතහොත් වසර ගණනනාවක් පුරා මා පස්චත්තාප වෙමින් සියළු වැඩ කටයුතු අතපසු කරගැනීමට තරමි හේතු විය හැක. නැතහොත් සියදිවි නසා ගැණිමට තරමින් දරුණු තත්වයකට පත් කිරිමට තරමි මේ නාමස්කන්ධයට වැලදෙන්නාවූ රෝග තත්වයන් හේතු විය හැක. මිතුරන් සතුරන් වීමට, මිනිසුන් අතර ජාතිවාදී ගිනි දැල්, ආගමි වාදී ගිනිදැල් ඇවිලීයාමට පවා මේ නාමස්කන්ධයට වැලදෙන් ඊර්ශයාව - මානය, ආදී රෝගීතත්වයන් හේතුවිය හැක. නියත වශයෙන්ම මේ නාමස්කන්ධය නැතහොත් වේදනා, සංඥා, සංඛ‍ාර, විඤාණ, පැවතීම ම මහා රෝගයක් වන්නේය. යමිතාක් ශාරිරීක රෝගයන්ගේ දුක්ඛ සහත භාවය වුව ද දැනෙනුයේ මේ නාමස්කන්ධය පැවතීම මතය. එබැවින් මේ නාමස්කන්ධය නැත්තටම නැතිවී යාම ම සුදුසු වන්නේය. එය පැවතීම ම මහා රෝගයක පැවතීමක් මහා දුක්ක පැවතීමක්. වන්නේය.මාගේ පංචස්කන්ධ ධර්ම මෙන්ම අන්‍යන්ගේ පංචස්කන්ධ ධර්මයන් ද මහා රෝගයන්ම වන්නේය. මේ පංචස්කන්ධ ධර්මයන් කොහේ පැවතුනද එය මහා රෝගයක පැවතීමක් ම වන්නේය. එබැවින් මෙම පංචස්කන්ධ දර්ම නැතිවී යාම ම ශාන්ත වන්නේය, ප්‍රනීත වන්නනේය, සුඛ සහගත වන්නේය. ක්ෂේම වන්නේය.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles