අනිචිචතෝ.
අනිත්‍ය යන්නෙහි අර්ථය වන්නේ නියත බවක් නැත වෙනස් වන ස්වරූපයෙන් යුක්තය යන අර්ථයයි. වෙනස් වී නැතිවී යාම ස්වරූප කොට ඇති යමක් ඇත්නමි එය අනිත්‍ය යැයි කියනු ලැබේ. පලෝකතෝ, චලතෝ, පභංගුතෝ, අධූවතෝ, විපරිනාමධමිමොතෝ, විභවතෝ, සංඛතතෝ, මරණධමිමතෝ යන පදයන්ගෙන් විස්තර කරනු ලැබූයේ මේ අනිත්‍යබව අත්දැකිය හැකි වවිධ ස්වරූපයන්ය.
මේතාක් ජීවිත අවභෝධයක් බවට පත් කරගනිමින් අත් විදිනු ලැබූ, පලෝකතෝ, චලතෝ, පභංගුතෝ, අධූවතෝ, විපරිනාම ධමිමොතෝ, විභවතෝ, සංඛතතෝ, මරණධමිමතෝ යන පද අටින්ම විස්තර වනු ලබන්නේ අනිත්‍යතාවයේ ස්වභාවයන් 08 කි. ඒ ඒ පුද්ගලයාට අනිත්‍යතාවය දර්ශනය වන ආකාරය විවිධය. ඉහතින් අත්දකින ලද භාවනා පද 08 තුල ඔබට වඩාත් සමීප භාවනා පදයක් තිබෙනවා විය හැක. සමහර භාවනා පද අත්දැකීමට එතරමි පහසු නැතැයි ඔබට සිතෙන්නට හැක. එසේ දැනීම සාමාණ්‍ය තත්වයක් වන අතර, මේතාක් භාවනා පද 08ක් තුලින් අත්දැකීමට උත්සුක වූ සමස්ථ කරුණු මෙම භවනා පදයේ දී එකක් කොට අත්දැකීමට උත්සාහවන්ත විය යුතුය. මෙම භාවනා පද 08 මේතාක් තමාගේ ජීවිත අත්දැකීමි හා ගලපා බැලූ කල, 08 වන දිනය අවසන් වන මේ අවස්ථාවේදී ඔබට හමුවන ඕනෑම ස්ත්‍රීයක්, පුරුෂයෙක් මෙන්ම තමා තුලත් වන අනිත්‍ය ලක්ෂණය ප්‍රකටව දැකීමට හැකිවිය යුතුය. ඔබ ප්‍රඥාවන්තයෙක් නමි කුඩා කුහුඹුවන්ගේ සිට තිරිසන්ගත සත්ත්වයින්, ගස්වැල්, ඇල දාල, ගංගා ආදී සජීවි අජීවි කවර ධර්මයක් තුල වුවුද මොහොතක් පසා මෙම අනිත්‍යතාවය නෙහැර පවතින බව අත්දැකිය හැකිවනු ඇත. සෑම ක්‍රියාවක් තුලම, සෑම වචනයක් තුලම, සෑම සිතුවිල්ලක් තුලම, සෑම රූපයක්, ශබිදයක්, ඝන්ධයක්, රසයක්, ස්පර්ශයක්, මනෝභාවයක් තුලම මේ අනිත්‍ය බව ඇති බව දැකීමට හැකි විය යුතුය. එසේම මේ පඤ්චස්කන්ධ ධර්මය මොහොතක් හෝ එකම ආකාරයකට නාපැවතී රූපයත් නාමස්කන්ධ 04 ත් වවිධ වෙනස්වීමි වලට ලක්වෙමින් වෙනස්වෙමින්ම පවතින ආකාරය ඔබට අත්දැකීමට හැකිවිය යුතුය. ඒ සඳහා අත්වැලක් පහතින් සපයා ඇත. ඒ අනුව ඔබ කල යුත්තේ ඔබව හසුවන සෑම අරමුණක්ම අනිත්‍යට පත්වන ආකාරය සිතින් බලමින් අද දිනයේ කටයුතු වල නියැලීමයි.
ක්‍රියාවක් කරනා අතරතුර අනිත්‍යබව දැකීම.
උදාහරණයක් වශයෙන් ඔබ අහාර ගන්නා අවස්ථාවක් සලකා බලමු.මෙහිදී ආහාර ගැණිමට සිතනා ඔබ පළමුව ආහාරයක් පිළියල කරගත යුතුය. නැතහොත් ආහාරයක් මිලදී ගැනීම කල යුතුය. ආහාරයක් මිලදී ගන්නේ නමි ඒ සඳහා ඔබ ආහාර අලෙවි කරනා ස්ථානයක් කරා යා යුතුය. ඉන් අනතුරුව ආහාරය මුදල් ගෙවා මිලදී ගතයුතුය. මිලදී ගත් ආහාරය ඉන් පසු මුඛය තුලට දමාගත යුතුය. ඉන් අනතුරුව එය සපමින් ගිල දැමිය යුතුය. මේ ආකාරයට ආහාරය ශරිරය තුලට ඇතුලු කර ඉවර වෙත්ම ආහාර ගැනීම නමි වූ ක්‍රියාදාමය නැතහොත් සන්තතියේ අවසානයක් සිදුවේ. එසේම ඒ සන්තතිය තුලදී ඇතිවූ ආහාරය රසවත් වීම නිසා සුඛයි යන වේදනාව නැතහොත් නීරස නිසා දුඛයි යන වේදනාව, ඒ රසයට එතරමි ඇල්මක් ඇතිනොවීම නිසා ඇතිවූ අදුක්ඛම සුඛ වේදනා වශයෙන් වන්නාවූ වේදනා සමූහය නැතහොත් වේදනා සන්තතිය ද ආහාය ගෙන අවසන් වෙත්ම අවසන් වේ. ඒසේම ඒ ආහාරය ගන්නා අවස්ථාවේ දී ඇතිවූ රසයි, නීරයි, තිත්යි, ලුණු රසයි, පැණි රසයි, ගදයි, සුවඳයි, උනුයි, නිවිලා ආදි වශයෙන් විවිධාකාරයෙන් ඇතිවූ සංඥාවන් ද සමූහයද ඒ ආහාරය ගැනීම නමි සන්තතික ක්‍රියාව අවසන් වෙත්ම අවසන් වී ඇත. එසේම ඒ ආහාරය ගන්නා අවස්ථාවේ දී දිව ආහාරයේ ගැටීම නිසාත්, මුඛය ආදී ශරිර ඉන්ද්‍රියන් ඒ ආහාරයේ වැදිම නිසාත් ඇතිවූ රස පිළිබඳ දැනීමි, ස්පර්ශය පිළිබඳ දැනීමි. ආහාරය දැකිම මත ඇතිවූ රූප පිළිබඳ දැනීමි, ආහාරය රස විදිමේ දී කණට ඇසුන ශබිධ පිළිබඳ දැනීමි ද ඒ ආහාරය ගැනීම නමි ක්‍රියාවලිය කර අවසන් වත්ම අවසන් වනු ඇත. එසේම ඒ ආහාරය ගන්නා අතරතුර ඒ ආහාරය සමිබන්ධව හෝ වෙන කුමක් හෝ සමිබන්ධට ඇතිවුන සිතුවිලි හෙවත් මනෝ සංඛාරයන්ද, මුඛය සෙලවීම, අත්සේලවීම ආදි වශයෙන් ඇතිවුන කාය සංඛාරද, වචන පිටකිරිම තුලින් ඇතිවූ වචී සංඛාර ද ඒ ආහාරය ගැනීම නමි ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ අවසන් වේ. මේ ආකාරයට, ආහාරය ගැනීම ආරමිභයේ දී ඇතිවී තිබූ රූප, වේදනා, සංඥා. සංඛාර, විඥාන සංඛයාත පංචස්කන්ධ සංන්තතිය නැතහොත් ප්‍රවාහය ආහාරය ගැනීම කර අවසන් වත්ම අනිත්‍යට ගොස් අවසන්වී ඇත.
මේ ආකාරයට, ඇවිදීම, විවිධ කටයුතු කිරිම, රෙදි සේදීම, කථා කිරිම ආදී කිනමි ක්‍රියාවක් කල ද මේ ආකාරයට පංචස්කන්ධ සන්තතියක් ඒ ඒ ක්‍රියාවක් මූලික කර ගනිමින් ඉපිද ඒ ක්‍රියාව අවසන් වෙත්ම අවසන් වී නැත්තටම නැතිවී යන ආකාරය දැකීමට උත්සුක විය යුතුය.
ඉන් අනතුරුව මේ එක් එක් සන්තතියක් තුල රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පඤ්චස්කන්ධ ධර්මයන් අනිත්‍යට යමින් පවතින ආකාරය දැකීමට උත්සාහ දැරිය යුතුය.
උදාහරණයක් වශයෙන් ඉහත ආහාර ගැණිමේ ක්‍රියාවලියම ගතහොත් ආහාරයක් ලබාගණිමට සිතා පළමු පියවර තබත්ම කලින් තිබූ රූපස්කන්ධය වෙනස් වී අනිත්‍යට ගොස් වෙනත් ස්වරූපකට පත්වනු ලබයි. මෙසේ අවිදන් යන පියවරක් පියවරක් පාසා රූපස්කන්ධය වෙනස්වී අනිත්‍යට යෑම සිදුවේ. ඉන් අනතුරුව ආහාරය මිලදී ගැනීමේ දී ආහාරය සපා කෑමේ දී ආදී වශයෙන් කරනා කරනා එක් එක් ක්‍රියාවක් පසා ශරිරයේ රූපස්කන්ධය අනිත්‍ය යෑම දැකීමට උත්සාහ කල යුතුය. ඉන් අනුරුව ආහාරය ගෙන අනභව කරන අවස්ථාවේදී විටෙක සුඛ වේදනාවන්, තවත් විටක දුක්ඛ වේදනාවන් තවත් විටක අදුක්ඛම සුඛ වේදනාවන් වශයෙන් වේදනා ස්කන්ධය ද වෙනස් වෙමින් යන ආකාරයත් ඒවායේ ද කිසිදු නියත බවක් නැති ආකාරයත්, ඒක් වේදනාවක් අවසන් වත්ම තවත් වේදනාවක් උපදීමි වශයෙන් ව්දනා ස්කන්ධය අනිත්‍යට යමින් පවතින ආකාරයත් දැකීමට උත්සුක විය යුතුය. මේ ආකාරයට රසයි, රස නෑ, ගදයි, සුවඳයි, හොදයි, හොඳ නෑ, උනුයි ආදී වශයෙන් විවිධ සංඥා ඇතිවන ආකාරයත්, ඒ සංඥාවන් අනිත්‍යට යමින් අළුත් අළුත් සංඥා උපදින ආකාරයත්, නියත වහයෙන් පවිතන එකදු හෝ සංඥාවක් නොමැති බවත් අවභෝධ කරගත යුතුය. විඥාන ස්කන්ධය හා සංඛාර ස්කන්ධය සමිබන්ධව ද මෙසේ දැකීමට උත්සුක විය යුතුය.
පංචස්කන්ධ ධර්ම අතුරින් රූපස්කන්ධයේ අනිත්‍යට යෑම ප්‍රකටවම අත්දැකිය යුතු අතර නාමස්කන්ධ ධර්ම අතරින් ප්‍රකටව පෙනො ස්කන්ධ ධර්මයන් අත්දැකීම ප්‍රමාණවත් වනු ඇත. මේ ආකාරයට තමාගේ දෛනික වැඩකටයුතු අතර තුර පංචස්කන්ධ ධර්මය අධ්‍යනය කරමින් කාලය ගතකරන්නාවූ නැතැත්තාට මේ පංචස්කන්ධ ධර්මය නැතහොත් මම මා වශයෙන් හදුන්වා ගන්නා මේ ගොඩවල් පහ තුල නියත වශයන් පවතින එකම ධර්මතාවයක් හෝ නැති බවත්, මෙය වෙනස් වෙමින්, වෙනස් වෙමින් නැතිවෙමින් නැවත ඇතිවෙමින් පවතිනා ධර්මතාවක් පමණක් බවත් අනිත්‍ය වූ ධර්මයක් වන බවත් ජීවිතාවභෝධයක් බවට පත්වන්නේය.
මෙසේ අනිත්‍ය දර්ශනය තහවුරුවන තෙක්මෙය අතිදැකිය යුතු වන්නේය. ඉන් අනතුරුව දුක්ඛානු පස්සනාව ජීවිතාවභෝධයක් බවට පත්කරගත යුතුය.