මරණ ධමිමතෝ
පඤ්චස්කන්ධ ධර්මයෝ මරණය ලක්ෂන කොට ඇත.
මාගේ රූපස්කන්ධය මරණය ලක්ෂණය කොට ඇතිද?
මේ පඤ්චස්කන්ධ ධර්මයන්ගේ ක්ෂනික මරණයක් මෙන්ම සන්තති මරණයක් ඇත. ක්ෂනික මරණය නමි මොහොතක් මොහොතක් පාසා ශරීරයේ සිදුවන රූපයන්ගේ බිඳීයාම හා නාමස්කන්ධයේ බිඳී යාමයි. සන්තති මරණය යනු මේ ශරිරය සංඛයාත රූපස්කන්ධයත් නාමස්කන්ධයත් මේ භවය සමිබන්ධව සිඳී යාමයි. අතීතයේ වාසය කලාවූ බුදු, පසේ බුදු, මහරහත් උතුමෝද, සෝවාන් ආදී මග-ඵල ලාබී උතුමෝද, මහා වීරයෝද, ධනසමිපත් වලින් ආඩ්‍ය වූ රජ දරුවෝද, සෘධිමතුන්ද, සාමාන්‍ය ජනයාද ඇතුළු යමිතාක් මිනිසුන් මේ මිහිමත වීද ඒ අතීතයේ වූ සෑම සියළු මිනිසෙක්ම මරණයෙන් කෙලවර කරන ලද්දෝය.
වර්ථමානයේ මාගේ නෑදෑ, ඤාතී හිතමිත්‍රාදී යමිතාක් මිනිසුන් වේද ඒ සියල්ලෝද මරණය පරම කොට ඇත, මරණයම ලක්ෂන කොට ඇත. මරණයම උරුමකොට ඇත. මාද මරණය උරුමකොට ඇත, මරණය ලක්ෂන කොට ඇත්තෙක්මි. මරණය පරමකොට ඇත්තෙක්මි. මරණය ජයගෙන අමරණිය වූවෙක් අතීතයේ වූවේද නැත. වර්ථමානයේ ඇත්තේද නැත. අනාගතයට ද විය නොහැක. ඒසේ සිටි එක් අයෙකු හෝ වී නමි ඒ පිළිබඳව ජනප්‍රවාදයක් හෝ තිබිය යුතුය. අවම වශයෙන් එසේ ගොතන ලද සුරංගනා කථාවක් හෝ නැත. එබැවින් මරණය තරමි ජීවිතයට සමීප වූ අන් කිසිවක්ද නැත. මේ ආකාරයට සන්තතියක් වශයෙන් මේ ශරිරය මරණයට පත්වේ.
ඉන් එහාට ගොස් මේ ශරිරය අවයව වශයෙන් ගතහොත් ඒ සෑම අවයවයකම, ඉනුත් ඔබිබට ගොස් බැලූවිට ඒ අවයව නිර්මිත වූ සෑම සෙලයකම, ඉනුත් මත්තේ ඒ සෛල තුලවන සෑම සෙලීය ඉන්ද්‍රයිකාවකම සන්තති නිමාවක් ඇත. එයිනුත් එහාට ගිය කල හමුවන අණු - අයන ආදියේද බිඳී යෑමක් ඇත. එබැවින් මරණයට පත්වීම නැතහොත් කෙලවර වීම මේ ශරීරය තුල සෑම අංගයකින්ම විද්‍යාමාන වන තත්වයකි.
යමිසේ සුර්‍යයා උදාවූ තැන සිට, තත්පරයෙන් තත්පරයට, විනාඩියෙන් විනාඩියට, පැයෙන් පැයට අස්ථානයේ ගිලී යයිද එසේම මේ ජීවිතයද තත්පරයෙන් තත්පරයට, විනාඩියෙන් විනාඩියට, පැයෙන් පැයට, දවසින් දවසට, සතියෙන් සතියට, මාසයෙන් මාසයට, වසරින් වසරට මරණය කරාම ලඟාවෙයි.
යමිසේ කුඩාවට කුඩාවට මොදුවන මල් කැකුලක්, ටික කලකින්ම පිපී, සුවඳ දී එය නටුවෙන් ගිලිහී බිම පතිතවී පරව යන්නා සේ, මේ ජීවිතය ද විවිධ වයස් කාණ්ඩ පසුකරමින් පැමිණ අවසානයේ මරණයෙන් කෙලවර වේ.
මේ ආකාරයට මේ ශරීරය මරණයම ලක්ෂණ කොට ඇත. මරණයම උරුමකර ඇත. මරණයම සාරකොට ඇත.
මාගේ නාමස්කන්ධය මරණයට පත්වන ධර්මයක්ද?
අපි ජීවිත කාලයක් මුලුල්ලේ විවිධ දෑ පිළිබඳව අධ්‍යනය කරමු. පාසල්, විශ්වවිද්‍යාල, ආදියට දුකසේ ඇතුලුව අධ්‍යාපනය ලබමු. විවිධ රුකි රක්ෂා ආදියත් වෘත්තිය පුහුණව ආදියත් ලබමු. ඥාතින්, මවි-පියන්, සහෝදර සහොදරියන්, හිත මිත්‍රාදීන්, යහළුවන්, ආදීන් සිතින් අල්ලාගෙන, ඔවුන්ට ඥාතීන්, හිතමිතුරන් ආදී නමි කියමින්, ඔවුන්ගේ ඕනෑ එපා කමි ආදිය සොයා බලමින් කටයුතු කරමු. ජීවිතය රසාස්වාදනය කරන්නේ යැයි කියමින් මේ ශඩායතනයන් තුලින් ප්‍රිය ජනක අමුණුම උපදවා ගැණිම පිණිස වෙහෙස මහන්සිව කටයුතු කරමු. ඒ සඳහා විවිධ ක්‍රියාකාරකමි කරමු.
නමුත් මරණ මංචකය පැමිණි විට, මේ ශඩායතනය ආශ්‍රිතව උපදවන ලද සෑම බඳීමක්ම නිමාවට පමුණුවමින් මේ ශරීරය සමිබන්ධව තවදුරටත් නාමස්කන්ධය ඉපදීම සිදුනොවන බැවින් එය මේ ශරිරය ඇසුරේ නොපවතිනු ඇත. එබවින් මේ ශරිරය සමිබන්ධව උපදින්නාවූ වේදනා, සංඥා, විඥාන, සංඛාර සන්තතීන්ගේ අවසානය මණයත් සමඟ සිදුවේ. කෙනෙකු කැමැති වුව ද අකැමැති වුව ද මරණ මංචකයේදි මේ ඉරණමට මුහුණදීමට නියත වශයෙන්ම සිදුවන බැවින් මෙ නාමස්කන්ධය ද මරණයට පත්වන ධර්මයකි.
මේ නාමස්කන්ධ ධර්මයන් මොහොතක් මොහොතක් පාසා ද මරණයට පත්වෙමින් පවතියි. ඇසට රූපයක් හමුවූ විට අනිත්‍යවූ ඇසත්, රූපයත් අනිත්‍ය වන්නාසේ ඒ රූපය පිළිබඳ උපන් ස්පර්ශයත්, විඥානයත්, සංඥාවත්, වේදනාවත්, සංඛාරත් යන මේ නාමධර්ම සියල්ම අනිත්‍යටම යන්නේය. එබැවින් මොහොතක් මොහොතක් පාසා මේ නාමස්කන්ධය තුල උපතක්, මද වේලාවක පැවතීමක්, හා මරණයක් ඇත. මේ අකාරයට මේ නාමස්කන්ධ ධර්ම සන්තතිය සැලකූවිට ඒ තුල ද නියත වශයෙන්ම කලක් පවත්න කිසිවක් ඇත්තේ නැත. නියත වශයෙන්ම මේ නාම ධර්ම සන්තතිය මරණයම උරුමකරගත් මරණයම ලක්ෂණය කරගත් ධර්මයක් වන බැවින් මරණ ධර්මයක්ම වන්නේය.