සංඛතෝ
සංඛතෝ යන වදනේ අර්ථය වන්නේ සංස්කාරයන් හේතුන් නිසා සෑදී ඇත යන්නයි.
සත්‍යවශයෙන්ම මාගේ රූපස්කන්ධය හේතු නිසා සෑදී ඇත්ද?
රූපයේ හේතු වශයෙන් දැක්විය හැක්කේ අවිද්‍යාව, තෘශ්ණාව, උපාදාන, කර්මය, චිත්තය, සෘතුව සහ ආහාරයයි. මෙය පිළිපබඳව පහදා දීමට පටිචිච සමුප්පාදය පුළුල් ලෙස විස්තර කල යුතුය. එය මෙම ස්ථානයේ කිරීමට හැකියාවක් නැත. නමුත් අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙලේ පටිචිච සමුප්පාදයට අදාල කොටස කියවා ගැණිමෙන් මේ පිළබඳව ඔබට අවභෝධයක් ලබාගැණිමට හැකිවනු ඇත. එසේ වුවද මෙම භාවනාව ඉදිරියට කරගෙන යාමට පහසුවීමට රූපස්කන්ධයේ හේතු වශයෙන් ආහාරය පාදක වන බව පමණක් මෙහිදී සලකා බලමු.
මාගේ ම් ශරීරය පැවැත්වීමට නමි මේ ශරිරයට නිරන්තරයෙන් පිටතින් ආහාර එකතු කිරීමට සිදුවේ. මිනිසෙකු වශයෙන් මාගේ ජීවිතයේ ආරමිභකම අවස්ථාව ගැන සිතා බැලුවහොත්, මවගේ ඩිමිබ සෛලයක් හා පියාගේ ශුක්‍ර සෛලයක් එකිනෙක සංසේචනය වන අවස්ථාව එය යැයි සිතිය හැක. මවගේ ඩිමිබ සෛලයක් සමන්විත වනුයේ මොනවායින්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධතුන්ගෙන් එය සමන්විතව ඇත. පියාගේ ශුක්‍ර සෛලයක අන්තර්ගත වනුයේ මොනවා ද එහි ද අන්තර්ගතව ඇත්තේ මෙම ධාතු කොටස් 04 ය (අබෞද්ධයෙකුට කියු බුදු දහම ලිපි පෙලේ ධාතුවිස්තරය කියවා තේරුමිගෙන තිබිය යුතුය) මවගේ ඩිමිබ සෛලයක් හා පියාගේ ශුක්‍ර සෛලයක් එකිනක හා සමිබන්ධ වීමෙන් ඇතිවු යුක්තානු සෛලය ද සමන්නාගත වනුයේ මෙම ධාතු කොටස් 04 නි. එම යුක්තානු සෛලය වර්ධනය වී ඇතිවන කළලය සමන්විත වනුයේ ද මෙම ධාතු කොටස් 04 නි. මෙම කළලය වර්ධනය වීමට අවශ්‍ය පෝෂනය ලෙස මවගේ කළල බන්ධය හරහා සැපයූ පෝෂ්‍ය පදාර්ථයන් සමාන්නාගත වුයේ ද පඨවි, ආපො, තේජෝ, වායෝ ධාතු වලිනි.
මේ ආකාරයෙන් මා දරුවෙකු ලෙස මෙළොව එලිය දුටු අවස්ථාවේ සිට ආහාර ලෙස ශරිරයට ඇතුලු කලේද පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතුන්මය. අද දක්වා මා මේ ශරිරිය මරණයට පත්වන මොහොත දක්වාම එය පැවැත්විමට ආහාර ලෙස එයට ඇතුළු කරනු ලබන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායො ධාතුන්මය. මේහිදී මවගේ ඩිමිබ සෛලයත්, පියාගේ ශුකු සෛලයත් වරධනය වී අද පවතින මාගේ මේ ශරිරය නිර්මාණය වී ඇත. මවගේ ඩිමිබ සෙලයෙත් පියාගේ ශුක්‍ර සෛලයෙත් නිර්මාණකරුවා වූයේ බාහිරෙන් මවත් පියාත් ශරිරයට ඇතුළු කරනු ලැබූ පඨවි ආදී ධාතු කොටස් 04ය. එම ධාතු කොටස් 04 න් නිර්මිත ශරීරය පැවැත්විමට භාහිරෙන් එම ධාතු කොටස්ම නැවත නැවත් ඇතුළු කරමින් මේ ශරිරය අද දක්වා මා පවත්වාගෙන එනු ලැබුවා. මතු දවසක මාගෙ ශරිරය මරණයට පත්වූ අවස්ථාවක, සොහොනට ගෙන ගොස් දමනු ලැබූ ඒ මළ සිරුර ටික කලකින්ම කුණුවී එහි ඇති පඨවි කොටස් පසටම පස්වී යනු ඇත. එහි ඇති ආපෝ කොටස් ඔජස් ලෙස ගලායමින් වාශ්ප ආකාරයට පත්වෙමින් ආපෝ ධාතුවටම නැවත එකතු වනු ලැබෙයි, එහි ඇති, වායෝ ධාතුව වායෝ ධාතු කොටසට ම එකතු වේ. තේජෝ ධාතුව අන් ධාතු 03 සමඟම සිසිලසක් හෝ උණුසුමක් ලෙස පිටවී යාම සිදුවේ. මේ ආකාරයට භාහිරෙන් පැමිනි ධාතු කොටස් මරණයෙන් පසු නැවතත් භාහිර ධාතු කොටස් වලටම එකතුවී යන්නේය. භාහිරෙන් පැමිණ, භාහිර දේ මතම යැපෙමින් පැවිත, භාහිර ධාතුන්ටම එකතුවී යන කිසිදාක මගේ නොවූ මේ ශරිරයේ මම, මගේ යැයි ගන්නට ඇත්තේ කුමක්ද?
මේ ශරිරය, ඒය පැවතිමට හේතුවන ආහාර, ආදි සාධක පැවතීම මතම පවතියි ඒ සාධක නොපැවතීම මත නොපවතියි, ශරිරයට ආහාර ඇතුළ නොකර සිටියහොත් ආහාර නොමැතිව මේ ශරිරිය මිය යෑම සිදුවේ, මේ ශරිරය පැවැත්විමට පාදක වූ කර්මය ක්ෂය වී යාම සිදුවුවහොත් ද මේ ශරිරය නොපවතියි, අවිද්‍යා තෘශ්ණා ආදි ම් සංසාරය තන්නාවූ මවිපියන් දෙනො නැති කල්හි ද මේ ශරිරයක් නොපවතියි. මේ අයුරෙන් මේ ශරිරය හේතුන් ගේන් නිර්මාණය වූවකි. ඒ හේතු ඇති කල මේ ශරිරය පවතියි. ඒ හේතු නැතිවී ගිය කල මේ ශරිරියට පැවතීමට කිසිදු හැකියාවක් නැත. මාගේ ශරිරය මෙන්ම අන්‍යන්ගේ ශරියන් ද එසේමය. එබැවින්මේ ශරිරය යනු සංඛත වූ හේතුන් මත පවතින ධර්මයකි.
නාමස්කන්ධයේ හේතු සලකා බලීමේදී ස්පර්ශය නැතහොත් ඵස්සය එහි මූලික හේතුව වශයෙක් දැක්විය හැක.
ඇසක් ඇතිවිට, කණක් ඇතිවිට, නාසයක් ඇතිවිට, දිවක් ඇතිවිට, ශරිරයක් ඇතිවිට, මනසක් ඇතිවිට, බාහිර පවතින රූප ,ශබිධ, ගන්ධ, රස, ස්පර්ශ, ආදිය සමඟ ඒ ආයතනයන් ගැටිම නැතහොත් ස්පර්ශය වැලැක්විය හැකි කරුණක් නොවේ. මෙසේ ස්පර්ශයක් ඇතිවූ විට ඒ නිසා වේදනාවක් මා කැමති වුවත් අකැමැති වුවත් ඇතිවිම සිදුවේ. ඇස සහ රූප යන ධර්මයන් ඇතිවිට ඇසේ හා රූපයේ හමුවිම නැතහොත් ස්පර්ශය සිදුවූවිට එම හේතුන් ඇතිවිට වේදනාව යන්න ඇතිවේ. වේදනාවට හේතුවූ ඇසත් රූපත්, ස්පර්ශයත් යමි අවස්ථාවකදී නැතිවී යත්ද එහිදි වේදනාවක් ඇති නොවේ. මෙසේ වේදනාව ඇතිවූ විට, මේ ආකාරයට, විඥානයක් ඉපදීමත්, වේදනාවක් ජනිත වීමත් සංඥාවක් ඇතිවීමත්, ඒ හේතුවෙන් සංස්කාර ජනිත වීමත් යන නාම ස්කන්ධ 04 හි ඇතිවීම හේතුන් මත රදා පවතියි. ඒවා ඇතිවීමට හේතුවන හේතුන් නැතිවූ විට නාමස්කන්ධය ඇති නොවේ. නාමස්කන්ධය ඇතිවීමට හේතුවන හේතුන් ඇතිවිට නාමස්කන්ධය ඇතිවීමද කිසිවෙකුට වැලැක්විය නොහැක. එබැවින් නාමස්කන්ධය හේතුන් මත නිර්මාණය වී ඇත. මාගේ නාමස්කන්ධය මෙන්ම අන්‍යන්ගේ නාමස්කන්ධයන්ද මෙසේ සංඛත ධර්මයන්ම වන්නේය.