Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

06 වන දවස විභවතෝ

$
0
0

විභවතෝ යන පදයේ අර්ථය වන්නේ සංස්ඛාරයන්ගේ දියුණුවක් ඇත්තේ නැත යන්නයි.

මාගේ රූපස්කන්ධයේ දියුණුවක් ඇත්තේ නැතිද?
බැලූ බැල්මට මාගේ රූපස්කන්ධයේ දියුණුවක් ඇතිසේ මට පෙනි යයි. එසේ වුවද සත්‍යවශයෙන්ම මාගේ රූපස්කන්ධයේ දියුණවක් සිදුවේද? ආහාර ආදිය ගැණිම තුලින් ශරිරය වර්ධනය වන ලෙස පෙණිගිය ද සත්‍ය වශයෙන්ම ශරිරයේ දියුණුවක් සිදුවේද? ළදරුවෙකු, ළමයෙකු ලෙස වර්ධනය වූ විට, ළමයෙකු; තරුණයකු ලෙස වර්ධනය වූ විට, තරුණයෙකු; මැදිවියේ පුරුෂයෙකු ලෙස වර්ධනය වූ විට, පංචස්කන්ධයේ දියුණුවක් සිදුවූ බව සිතන්නට අපි පෙළඹී ඇත. එසේනමි ඒ අනුවම මැදිවියේ තැනැත්තා වියපත් වූවිට ද, වියපත්වූ තැනැත්තා මරණයට පත්වූ විට ද යන් අවස්තාවන්හී ද දියුණුවක් සිදුවී ඇතැයි කියා ද ප්‍රකාශ කල යුතුය. නමුත් මා එසේ ප්‍රකාශ නොකරනුයේ මා තුල මේතාක් පැවති වැරදි අවභෝධ මතය. සැබවින් උපන් මොහාතේ සිට මරණ මංචකය දක්වා මේ ශරිරය සන්තතියක් වශයෙන් පිරිහීමට පත්වීමක් මිස එහි දියුණුවක් කිසි කලෙකත් ඇතිවී නැත. ඒසේ සැබැ ලෙසම මෙම රූපස්කන්ධය දියුණුවට පත් වන්නේ නමි, කිසිවෙකුට කිසි කලෙක මරණයක් පැමිණිය නොහැකි අතර, හොදින් පෙනෙමින් තිබූ ඇස් ආදිය නොපෙනීයාම වෙනුවට තව තවත් හොඳින් පෙනෙන්ට පටන් ගත යුතුය, ඇසෙමින් තිබූ කණ් නො ඇසී යාම වෙනුවට තව තවත් කණ් හොදින් වැඩ කිරිමට පටන් ගත යුතුය. නිරෝගී බව නැතිවී යාම වෙනුවට කාලයත් සමඟ වඩ වඩා නිරොගී විය යුතුය. තරුණ බව පිරිහී යෑම වෙනුවට තව තවත් තරුණ බවට පත්විය යුතුය. මේ කිසිවක් මේ ආකාරයෙක් කවරෙකුට හෝ ලැබිය හැකි ද්වල් නොවේ. ඒසේ රූපස්කන්ධයේ දියුණවක් ඇතිවූ අයෙකු ගැන මේතාක් කාලයකට මට අසන්නට ලැබී ද නැත. ඒසේ වූ අයෙක් අතීතයේ ද නොවීය, අනාගතයට ද විය නොහැක, වර්ථමානයේ ද ඇත්තේ නැත.

යමිසේ පොල්තෙල් පහනක් දැල්වූ විට එහි තිරයත් තෙලත් ඇතිතෙක් එම ප්‍රදීපය දැල්වී තෙල් අවසන්වූ විට තිරය ගිනිගෙන දැවී පහන නිවී යන්නා සේ, මේ ජීවිතයද ලදරු කලින් ආරමිභ වූ විට, පහන දැල්වූ විගස පහනේ දැල්ල ලපටි සෞම්‍ය එකක් වන්නාසේ, එසේ පවතියි. යමිසේ ස්වල්ප වේලාවකින් පහනේ දැල්ල මෝරා වැඩී හොඳ ආලෝකයක් දෙන්නා සේ මේ ශරිරයේ ද වඩා ඵලදායි කාලයන් හා වඩා හොදින් ක්‍රියාත්මක වන කාලයන් ලෙස තරුණ විය හා මැදිවිය පවතියි. යමිසේ යමි කලෙක පහනේ තෙල් දැවී ගොස් පහන් තිරය දැවී එයින් නැගෙන්නාවූ ආලොකය දුමි සහිත එකක් වන්නා සේ මහළු වියේදී මේ ශරිරය ජරාජීරණ වී යයි. යමි සේ පහන තිරය ද දැවී නිවියන්නා සේ මරණයත් සමඟ මේ ශරිරය බිදී විසිරී යයි. පහන දැල්වූ අවස්ථාවේ සිට පහන නීවි තිරය ද දැවී අවසන් වන අවස්ථාව තෙක් සිදුවුයේ පහනේ තෙල්වල දැවී යාම හා පහන් තිරයේ දැවී යාමයි. ඒ අතර තුර තෙල්වලත් පහන් තිරයෙත් ක්‍රියාකාරිත්වය මත පහන විවිධ තත්වයන් පසුකරමින් පැමිණියා. ඒ කුමන තත්වයක් පසුකර පැමිණිය ද අවසන් ප්‍රථිපලය වූයේ පහනේ තෙල් අවස්න් වීම වන බැවින් එසේම මේ ශරිරයද කුමන කුමන තත්වයන් පසුකර පැමිණියද එහි අවසන් ප්‍රථිපලය වන්නේ මරණයෙන් කෙලවලවීමයි. එබැවින් මේ රූපස්කන්ධයේ සැබැවට ඇති දියුනුවක් නැත. ඇත්තේ පරිහාණියක්ම පමණි.

මාගේ නාමස්කන්ධයේ දියුණවක් පවතින්නේද?
නාමස්කන්ධය සලකා බැලීමේ දී බැලූ බැල්මට එහිද යමි දියුණුවක් ඇතැයි හැඟීයාමට හැක. අධ්‍යාපණය ආදිය ලැබීම, ගුණ දහමින් වර්ධනය වීම, නව නව අත් දැකීමි ලැබීම, ජීවිත අවභෝධයන්, ජීවිත අත්දැකීමි ආදිය තුලින් නාමස්කන්ධයේ වර්ධනයක් සිදු වන්නේ යැයි මට සිතිය හැක. මෙබදු දේ තුලින් පාරමිතාවක් නැතහොත් අවභෝධයක් ඇතිවන වන බව සැබෑය. නමුත් මෙහිදී සලකා බලන්නේ ඒබදු දියුණුවක් පිළිබඳව නොවේ.  මේ නාමස්කන්ධයේ සැබෑවට සිදුවන වර්ධනයක් තබා මේ නාමස්කන්ධයට මොහොතක් හෝ පැවැතීමට ද හැකියාවක් නැත. වේදනා ස්කන්ධය ගත්තද, සංඥා ස්කන්ධය ගත්තද, විඥාන ස්කන්ධය ගත්තද සංස්කාර ස්කන්ධය ගත්තද මේ කවරක වුවද ස්වභාවය වන්නේ ඒ ඒ නාමධර්මයන් උපන් සැනින් අභාවයට යෑමයි. මේ උපදින නාමධර්මයන් ඉපිද එහිම අභාවයට යනවා මිස, ඒ නාම ධර්මයන්ට අන්තැනකට ගමන් කිරිමට හෝ, අන් අයෙකු තුලට ගමන් කිරිමට හෝ, වෙන තැනකින් පැමිණිමට හෝ, හැකියාවක් ඇත්තේ නැත. පරමාර්ථමය වශයෙන් අනන්ත අප්‍රමාණ නාමධර්මයන් ඉපිද ඉපිද නිරුද්ධ වනවා මිස, ඒ එකදු නාමධර්මයකට හෝ වර්ධනය වීමට හැකියාවක් ඇත්තේ නැත. ගිනියමි වී ඇත්තාවූ ලෝහ තැටියකට එකක් පසුපස එකක් වැටෙන සේ දියබිදු වැක්කෙරෙයි නමි, යමි සේ එක් එක් දියබිදුවක් වැටුන විගස එය තැටියේ මදක් විද්‍යාමානව වාශ්ප වී නොපෙනී යයි. ඉන්පසුව වැටෙන්නාවූ දිය බිදුවට සිදුවන්නේ ද එයමය. මේ ආකාරයට විවිධ නාමධර්මයන්ද මොහොතක් විද්‍යාමානවී නොපෙනී යයි. අවසන ගිනියමි වූ තැටිය මත සැබැවට ඉතුරුවන ජලයක් නැත්තේ යමි සේද මේ නාමධර්මයන්ගේ ද ඉතිරිවන කිසිවක් ඇත්තේ නැත.  එබැවින්, මේ නාමධර්මයන්ගේ වැඩිදියුණු වීමක් ඇත්ත් නැත.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles