Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

05 වන දවස - අද්ධුවතෝ

$
0
0
අද්ධුවතෝ.
ස්කන්ධයන්ගේ අථිර බවක්ම ඇත.
මාගේ ශරීරයේ නැතහොත් රූපස්කන්ධයේ යමි අස්ථිර බවක් ඇත්ද?
මේ ලොකයේ ජීවත් වූ බොහෝ මිනිසුන් ගැහැණුන් ගැන කථා අප අසා ඇත්තෙමු. ඔවුන් අතරින් කිසිවෙකු ද ස්ථිව පැවතුනේ නැත. ඔවුන්ගේ ශරිරයන් හෝ ඔවුන් ඇලුමිකල ඔවුන් ප්‍රියකල කිසිවෙකුගේ ශරිරයක් හෝ සදාකල් පැවතුනේ නැත. ස්ථිර වශයෙන් සදා කල් පැවති ගහක් කොලක් හෝ තිරිසන්ගත සත්ත්වයෙක් හෝ වෙනයම් දෙයක් හෝ මේතාක් මිහිපිට ඇත්තේ නැත.

සෘධින්ගෙන් කෙල පැමිණි මාගේ භාග්‍යවතුන්වහන්සේගේ ශරිරය පවා සැමකල් පැවතුනේ නැත. මහානුභාව සමිපන්න රාජ රාජාදින්ගේ වුවද ශරිරයන් සදාකල් පැවතුනේ නැත. අද පවතින මාගේ ශරිරය ඇතුළු කිසිදු අයකුගේ ශරිරයක් සදාකල් පවතින්නේ නැත. මාගේ මවි පියන් ඥාතින් හිත මිතුරන් මා ඇළුමි කරන්නන් මාගේ විරුද්ධ වාදීන් ආදී සියල්ලන්ගේම ශරිරයන් අස්ථිරම වන්නේය. එය යමි කාලයක් පැවතී ඒ කාලය අවසානයේ අභාවයට යන්නේය. මා පරිහරණය කරන්නාවූ බඩු බාහිර යාන වාහන ආදිය වුවද එහි පැවතිය හැකි කාලය පැවත අභාවයටම යන්නේය.

ශරීරයක අවයවයන් ගත්ත ද එහිද ඇත්තාවූ ස්ථිර බවක් නැත. ඒ සියල්ලම අභාවයට යන සුළු ස්වභාවයෙන්ම යුක්ත වන්නේය. එබැවින් සකල රූපස්කන්ධය පුරාවටම ඇත්තේ අස්ථිර බවකි. ස්ථිරව එහි පැවැත්විය හැකි කිසිවක් ඇත්තේ නැත. ශරිරයේ වර්ණය වුවද, ශරිරයේ හැඩය වුවද, ශරිරයේ බර වුවද, ශරිරයේ සෞඛ්‍ය තත්වය වුවද ස්ථිරව පැවැත්විය නොහැක. ඒ සියල්ල අස්ථිර වන්නේය. තාවකාලිකම වන්නේය.

ළදරු ශරිරය ස්ථිර දෙයක් නොව අස්ථිර දෙයකි. කලකදී එය ළදරු බව හැර ළමා වියට පැමිණෙයි. ළමාවිය ද ස්ථිර දෙයක් නොව අස්ථිර දෙයකි. කලකදී එය ළමා විය හැර තරුණ වියට පැමිණෙයි, තරුණ විය වුවද ස්ථිර දෙයක් නොව අස්තිර දෙයකි කලකදී එය තරුණ විය හැර මැදිවියට පැමිණෙයි. මැදි විය වුවද ස්ථිර දෙයක් නොව අස්ථිර දෙයකි කලකදී එය මැදිවිය හැර මහළු විය ට පැමිණෙයි, මහළු විය වුවද ස්ථිර දෙයක් නොව අස්තිර දෙයකි. මේ ශරිරය කලකදී මහළු වියද හැරදමා ප්‍රාණය නිරුද්ධ වු මළ මිණියක් බවට පත්වේ. මළ සිරුර වුවද ස්ථිර දෙයක් නොව අස්ථිර දෙයකි. කලකදී එය කුණුවී, ඹ්ජස ගලා යන අපවිත්‍ර කුණු දෙයක් (කුණුපයක්) බවට පත්වේ. මේ කුණු වු දෙය පවා ස්ථිර දෙයක් නොව අස්ථිර දෙයකි, කලකදී එය ඇටකටු ගොඩක් බවට පත්වේ. මේ ඇටකටු ගොඩ පවා ස්ථිර දෙයක් නොව අස්ථිර දෙයකි. කලකදී එය කැඩි බඳි ගිය හුණු කැබලි ගොඩක් බවට පත්වේ. මේ හුනු කැබලි ගොඩ පවා ස්ථිර දෙයක් නොව අස්තිර දෙයකි. කලකදී එය පසටම පස්වී යනු ඇත. මේ අකාරයට මේ රූපස්කන්ධය කුල ස්ථිරව පැවැත්විය හැකි එකදු කරුණක් හෝ ඇත්තේ නැත. රූපස්කන්ධයක් වේ නමි ඒය අස්ථිරත්වයම සාරය කොට ඇත. එහි කිසිදු ස්ථිර බවක් ඇත්තේ නැත. මාගේ මේ රූපය මෙන්ම අන්‍යන්ගේ රූපයන් ද අස්ථිර වූ ධර්මයන්ම වන්නේය.

මාගේ නාමස්කන්ධය අස්ථිර බවින් යුක්තද?
මට වෙලාවකට ඉතා හොඳ යැයි සිතනා යමක් වේ නමි එය මට ටික දිනකින්ම හෝ ටික වේලාවකට පසුව එය ොඳ යැයිසිතෙයි. මා බොහෝ ඇළුමි කරනා යමි දෙයක් වේ නමි ටික කලකින්ම ඒ පිළිබදව වන්නාවූ ඇල්ම මා කෙරෙන් ගිලිහි යයි. මා ප්‍රිය කරන්නාවූ දේ කලකින් මට අප්‍රිය වේ. මා අතිශයෙන් ප්‍රිය වූ ආහාරයන් පවා කලක දී මුවට ලංකීරිමට හෝ අප්‍රසන්න ලෙස පිළිකුල් වේ. මා පිළිකුල් කල ආහාර මට ප්‍රිය වේ. මා සතුරන් සේ ලෙස සිතා කටයුතු කල අය මා මිතුරන් සේ සලකා කටයුතු කරයි. මා මිතුරන් ලෙස සලකූවන් මාගේ සතුරන් ලෙස සලකා මා කටයුතු කිරිමට පෙළබෙයි. මා කෙරේ ප්‍රේමයක් ඇල්මක් ඇතැයි සිතූ අය මා කෙරේ ඇල්මක් නැතැයි මා සිතයි. විටෙක මා වර්ණනා කල දෙයක් විටෙක මා නැවත විවේචනය කරයි. විටක මා යමක් ගැන සිතූ ආකාරයෙන් තවත් විටක ඒ පිළිබඳව සීතිමට පවා අකමැති වෙයි. කලෙක මාගේ යැයි සිතා සිටි මේ ශරිරය පවා මරණ මංචකයේ දී මාගෙන් අතහැරී යයි. මේ ආකාරයට මාගේ වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ස්කන්ධන්ගේ ස්ථිර බවක් ඇත්තේ නැත. ඒවා අස්ථිර වූ ධර්යන්ම වේ. මාගේ මෙන්ම අන්‍යන්ගේ රූපස්කන්ධයේ ද නාමස්කන්ධයේ ද ස්වභාවය වන්නේ මෙයයි. ස්ථිර වූ කිසිදු පඤ්චස්කන්ධ ධර්මයක් අතීතයේ වුයේ ද නැත. අනාගතයට වන්නේ ද නැත වර්ථමානයේ ඇත්තේ ද නැත.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles