Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

04 වන දවස - චලතෝ

$
0
0
චලතෝ
චලතෝ යන්නෙහි අර්ථය ‍සැලෙන ස්වභාවයෙන් යුක්තව වෙනස්වන්නේය යන්නය. 


මාගේ රූපය සැලන ස්වභාවයෙන් යුක්තව වෙනස්වන්නේද?
මාගේ රූපය සැලෙන්නේ කවර කරුනු මතද? මාගේ මේ ශරීරය මැස්සන් මදුරුවන් නිසා සැලෙයි. අවිව, වැස්ස, ගිනි, දිය, සුලං, රිය අනතුරු, බෙහෙත්, දූවිලිය, කෘමි සතුන්, අවි ආයුධ, විවිධ රෝග, වියපත් වීම, මරණයට පත්වීම ආදිය නිසා සැලෙයි. මේසේ මාගේ ශරීරය සැලීමට ලක්වන්නාවූ මාගේ ශරීරය සැලීමට ලක්කල හැකි හේතු දහස් ගණනක් නොව ලක්ෂ ගණනකි. උදාහරණයක් ලෙස මාගේ ශරීරය මදුරුවෙකු නිසා සැලීමට ලක්වන්නේ කෙසේද? ඩෙංගු වැනි මදුරුවෙකු මාගේ ශරිරය දශ්ඨ කලේ යැයි සිතමු. එම මදුරුවා දශ්ඨ කිරීම නිසා මේ ශරිරයට පහසුවෙන් ඩෙංගු රෝගය වැළඳිය හැක. එවන් විට මේතාක් නිරොගීව සිටි මට රෝගී තත්වයක් ඇතිවීම තුලින් සැලීම නැතහොත් වෙනස්වන ස්වභාවයට පත්වේ. ඒ රෝගී තත්වය නිසා ගන්නා බෙහෙත් හේත් නිසා ශරිරය තවත් ආකාරයකට වෙනස් වීමට ලක්වේ. ඒ රෝගය උත්සන්න වුවහොත් නැවතත් ශරීරය තවත් ආකාරයට පත්වේ. ඒ රෝගය සුව නොවුනහොත් ශරිරය මරණයට පත්වේ. එය ද වෙනස්විමකි. ඒ රෝගය සුව වුහොත් ශරිරය සුවපත් වේ. එයද ශරිරයේ වෙනස් වීමකි. මේ ආකාරයට ශරිරය සැලෙන බවින් යුක්තය.

මේ ශරිරය ඇවිදින විට එක් ආකාරයකින් පවතියි, හිඳ ගන්නා විට තවත් ආකාරයකින් පවතියි, දුවනා විට තවත් ආකාරයකින් පවතියි, නිදනා විට තවත් ආකාරයකින් පවතියි, අත-පය ඔසවන විට තවත් ආකාරයකින් පවතියි, අත පය පහල හෙලනා විට තවත් ආකාරයකින් පවතියි, මේ ආකාරයට ශරිරය ඉරියවිවෙන් ඉරියවිවට සැලෙමින් පවතියි.

කුසගිනි නොමැතිව සිටින අවස්ථාව කුසගින්න ඇතිවිම තුලින් සැලීමට ලක්වේ. මළමුත්‍ර පිට කිරිමේ පීඩාවක් නොමැතිව සිටින අවස්ථාව මළමුත්‍ර පිට කිරිමට අවශ්‍ය විමෙන් සැලිමට ලක්වේ. පිපාසාවෙන් සිටිනා අවස්ථාවේ ශරිරයේ තත්වය පිපාසාව පහවයෑමෙන් සැලීමට ලක්වේ. මේ ආකාරයෙන් ශරිරය වෙනස්විමට ලක්වන්නාවූ හේතු සාධක අනන්ත ප්‍රමාණයක් අප්‍රමාණ ප්‍රමාණයක් ඇත. මෙසේ මාගේ ශරිරය මෙන්ම අන්‍යන්ගේ ශරීරයන්ද වෙනස්වන සැලීමට ලක්වන ස්වභාවයෙන් යුක්තය.

ලාබාල වියේ වූවෝ, ළමාවියට පැමිණිමෙන් වෙනස්වෙයි, ළමා වියේ වූවෝ තරුණ වියට පැමිණිමෙන් වෙනස් වෙයි. තරුණ වියේ වූවෝ මැදිවියට පැමිණිමෙන් පෙරලී යයි. මැදිවියේ වූවෝ මහළු වියට පැමිණීමෙන් වෙනස්වී යයි මහළු වියේ වූවෝ  මරණයට පත්වීමෙන් වෙනස් වෙයි. මරණයට පත්වූ අවස්ථාවෙන් ද මේ සැලීම කෙලවර වන්නේ නැත. දිනක් පරණ වූ මළමිණිය දින ගනන් ගෙවී යත්ම, නිල්වේ, ඉදිමේ, කුණුවේ, ඕජාව ගලායයි, පණුවන්ගෙන් ජරාවාස වෙයි. සත්ත්වයින් ශරිර කොටස් කා දැමීමම සිදුවෙයි, පසට පස්වී දිරා යෑම සිදුවේ, තවත් කලකදී ඇට කටු පමණක් ඉතිරි වේ, ඒ ඉතිරිවූ ඇට කටු ද, කලකදී දිර දිරා ගොස් කැබැලි බවට පත්වේ, ඒවා ද තවත් දිරමින් ගොස් පසටම එක්වී නැතිවී යයි. මේ ආකාරයට රූපය නැත්තටම නැතිවී අදෘශ්‍යමාන වන තෙක්ම වෙනස්වන ස්වරූපයෙන් යුක්ත වෙයි.

මෙසේ මාගේ ශරිරයත් සැලෙන බවින් යුක්තය. වෙනස්වන බවින් යුක්තය. අන්‍යන්ගේ ශරිර ද සැලෙන බවින් වෙනස්වන බවින් යුක්තය මෙසේ සැලන බවින් වෙනස්වන බවින් යුක්ත නොවූ ශරිරයක් ඇතිව සිටි අයෙක් අතීතයේ සිටියේ ද නැත, අනාගතයට වීමටද නොහැක. වර්ථමානයේ ඇත්තේද නැත. එබැවින් සෑම ශරිරයක් තුලම රූපස්කන්ධයක් තුලම සැලනෙ බව ලක්ෂන කොට ඇත.

මාගේ නාමස්කන්ධයේ සැලෙන ස්වභාවයක් ඇතිද?
විටෙක මට දුකක් ඇතිවේ, තවත් විටක මට සතුටක් ඇතිවේ, තවත් විටක මට දුකක් හෝ සතුටක් ඇතිනොවේ, විටක, මට ශ්‍රද්දාව ඇතිවේ, තවත් විටක ප්‍රීතිය ඇතිවේ, තවත් විටක ලෝභය ඇතිවේ, තවත් විටක මට ද්වේශයත් මොහයත් ඇතිවේ. මේ ආකාරයට නාමස්කන්ධයේ ද වෙනස්වන සැලෙන ස්වභාවයක් ඇත.

සුවපත් බවින් සිටි විට උපදුන වේදනා, සංඥා, සංඛාර, විඤාන රොගී බවට පත්වූ විට ඇතිනොවේ, රොගී බවින් සිටිනා විට ඇතිවන ඒ නාමධර්ම නිරෝගි බවට පත්වූ විට ඇති නොවේ. ළදරු කාලයේ ඇතිවූ නාම ධර්ම, තරුණ වියේ දී ඇති නොවේ, තරුණ වියේ ඇතිවූ නාමධර්මයන් හා මැදි වියේදී ඇතිවන නාම ධර්ම අතර විශාල වෙනසක් සසදා බැලිමේදී ඇත. එයටත් වඩා  වෙනසක් වියපත්වූ විට ඇතිවන නාමධර්මයන්හි ඇත. මරණයට පත්වූ විට ඒ ශරිරය තුල තවදුරටත් නාම ධර්ම ඇති නොවේ. මෙසේ නාමස්කන්ධයේ ද ‍සැලීයන ස්වභාවයක්, වෙනස්වන ස්වභාවයක් ඇත. මාගේ නාම ධර්මයන්ගේ මෙන්ම අන්‍යන්ගේ නාමධර්මයන්ගේ ස්වභාවය වන්න ද මෙයයි.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles