Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

පළමු දවස - විපරිනාම ධමිමතෝ.

$
0
0

විපරිනාම ධමිමතෝ.
යමක් වෙනස් වන ස්වරූපයෙන් යුක්ත නමි එය විපරිනාම ධර්මයක් යැයි කියනු ලැබේ.

මා විපරිනාම ධර්මයක්ද?
මා දෙස බැලූ විට මාගේ හිස කෙස්, මුහුණ, ඇස්, කන්, නාසය, ශරීරය, අතපය, ආදිය මට දැක ගත හැක. සිනාසුන විට දත් සහ, කට විවෘත කල විට දිව දැකගත හැක. මාගේ ශරිරය අභ්‍යන්තරයේ, මට කණ්නාඩියකින් දැකගත නොහැකි තවත් අවයව රාශියක් ද ඇත. මෙසේ බාහිරෙන් මට පෙනෙන්නට ඇති මාගේ ශරීරය වෙනස්වන සුළු ධර්මයක්ද? මුලින්ම මාගේ කෙස් දෙස අවධානය යොමු කරමු.


මාගේ කෙස් වෙනස් වන සුළු ධර්මයක්ද?
මා කුඩා කල මාගේ කෙස් පැවතියේ එක් ආකාරයකටයි, සමහර විට මාගේ කෙස් කුඩා කල බොකුටු ස්වරූපයෙන් පැවතියා. නමුත් මාගේ කෙස් දැන් එයට වඩා වෙනස් ස්වරූපයකට පත්ව ඇත. මින් කලකට ඉහත දී මාගේ කෙස් ඉතාමත් ඝණව වැඩී තිබුණා. නමුත් දැන් මාගේ කෙස් ඇත්තේ ටිකකි. එසේත් නැත්නමි ඉස්සර මාගේ කෙස් ටිකක් තිබූ නමුත් දැන් මගේ හිසේ කෙස් බොහෝමයක් ඇත. ඉස්සර මාගේ කෙස් තද කලු පැහැයෙන් තිබූ නමුත් දැන් මාගේ කෙස් ඉදුනු ස්වරූපයකට පත්ව ඇත. එහි වර්ණය වෙනස් වී ගොස් තඹ පැහැයට පත්ව ඇත. මා දැනට කිහිප දිනකට පෙර මාගේ කොණ්ඩය කපා කොට කල නමුත් දැන් මාගේ කොණ්ඩය නැවතත් වැවී ඇත. මිට කාලයකට ඉහත දී මම කොන්ඩ විලාසිතාවක් කල මුත් දැන් ඒ විලාසිතාව නැතිවී ගොස් ඇත. දැනට ස්වල්ප මොහොතකට පෙර මා කෙස් පිරා පිළිවලකට සකස් කල නමුත් දැන් මාගේ කෙස් අවුල් වී ඇත. නැතහොත් කලින් මාගේ කෙස් අවුල්ව පැවති නමුත් දැන් පීරා සකස් කල පසු මාගේ කෙස් පිළිවලකට සකස් වී ඇත. මේ ආකාරයට බැලූ විට මාගේ කෙස් වෙනස්වන සුළු ධර්මයක්ද? ඔවි නියත වශයෙන්ම මාගේ කෙස් වෙනස් වන සුළු ධර්මයකි. එකිසි විටකත් එකම ආකාරයකින් පවතින ධර්මයක් නොවේ. එහි වෙනස්වන බව නමි ලක්ෂණය ඇත.

මා දන්නා අන්‍යන්ගේ කෙස්වෙනස්වන සුළු බවින් යුක්තද?
මාගේ යහළුවන්, යෙහෙලියන් ආදීන්ගේ කෙස්ද නියත වශයෙන්ම වෙනස්වන සුළු බවින් යුක්තය. කලක දී මා දැන සිටි මාගේ යහළු යෙහෙලියන් නෑදෑ හිත මිත්‍රයන් හා විවිධ මිනිසුන්ගේ  කෙස් අද වන විට නැතිවී ගොස් තටිටය පෑදී ඇත. සමහරෙක්ගේ කොන්ඩය විවිධ ආකාරයට වෙනස්වී ඇත. එහි වර්ණය වෙනස් වී ඇත. කෙස් වැවි වර්ධනය වී ඇත. නැතහොත් කොට වී ඇත. මේ ආකාරයට මා දන්නා සෑම සියළු දෙනාගේම කෙස් වෙනස්වන සුළු බවින් යුක්තය.

කෙස් වෙනස් නොවන්නාවූ මා දන්නා කවරෙකු හෝ වේද?
මා දන්න තරමින් කෙස් වෙනස් නොවූ එකදු මිනිසෙකු හෝ අත්තේ නැත. එසේ කෙස් වෙනස් නොවී ඒ ආකාරයටම පැවති මිනිසෙක් සිටියේ යැයි කියා මා කිසි කලෙකත් අසා හෝ නැත. එබැවින් නියත වශයෙක් කෙස් වෙනස්වන සුළු ධර්මයකි.

කෙස් මේ ආකාරයෙන් වෙනස් වන විට මාගේ මුහුණේ ස්වරූපයද පෙනුම ද, වෙනස් වන බවින් යුක්තය, කුඩාකල මාගේ මුහුණ දැන් මාගේ මුහුණ හා කිසිවිටකත් සමකල නොහැක. දුටුවෙකුට ඒ මා යැයි කියා හදුනාගත නොහැකි පරිදි එය වෙනස්වී ඇත. මා දන්නා සෑම අයෙකුගේම මුහුණු පවා කලින් කලට වනස්වන ස්වරූපයෙන් යුක්තය. එකම අයුරෙන් මුහුණක් පැවති කිසිවෙක් මා මෙතෙක් දැක නැත. සියළු දෙනාගේම මුහුණ නමි වන දෙය අතපය, ශරීරය දත්, නිය ආදී වශයෙන් මා යමෙක් හදුනා ගන්නා සියළුම රූප කාය අංගයන් මෙන්ම ශරීර වර්ණය පවා වෙනස්වන සුළු ලක්ෂණයෙන් යුක්තය. මේතාක් වෙනස් නොවී ඒ අයුරෙන්ම ශරීරය පවත්වාගන්නට හැකිවූ එකදු නළුවෙක් නිලියෙක් ගැන හෝ මා අසා නැත. මාගේ පරපුරේ හෝ එසේ සිටියෙකු ගැන කිසිදු තොරතුරක් මට ලැබී නැත. කිසිදු පත පොතක හෝ එබදු නොවෙනස්ව සිටි අයෙකු ගැන සත්‍ය තොරතුරක් ඇතුලත්ව නැත. එබැවින් නියත වශයෙන්ම මේ ශරීරය නියත වශයෙන්ම වනස්වන සුළු ලක්ෂණයෙන් යුක්තය.


මාගේ වේදනාවන් වෙස්වන සුළු බවින් යුක්තද?
මා ‍ප්‍රිය කරනු ලබන ගීතයක් රස විදිනා අවස්ථාවක දී, මට ඇතිවූ සුඛ වේදනාව ඒ ගීතය දෙවන වර අසන අවස්ථාව් දී බොහෝ විට ඇති නොවේ. දිනයක් තුල මා කරන ක්‍රියාවන්ගෙන් විවිධාකාර වේදනාවන් මා අත් දකියි. එකම සුඛ වේදනාවේ වුවුද විවිධ මිටිටම් මා අත් දකියි. එකම දුක්ඛ වේදනාවේ වුවද අඩු වැඩි වීමි ඇත. එබැවින් මා සිටින්නේ සුඛ වේදනාවෙන්ම ද? නැත. එහි සුඛ වේදනාත් ඇත, යමි යමි දුක් වේදනාත් ඇත. එසේම සුඛයක් නොවූත් දුකක් නොවූත් වේදනා ද ඇත. මේ ආකාරයට මට දැනෙනනා වේදනාවන්ගේ වෙනස්වන සුළු ස්වභාවයක් ඇත. විටෙක මට සුඛ වේදනාවක් ගෙනදුන් මාගේ ඤාති හිත මිත්‍රයන් මා හා අමනාප වීම තුලින් මට දුක්ඛ වේදනාවක් ඇතිවනු ඇත. එසෙත් නැතහොත් ඔවුන් මනාප වුවත් අමනාප වුවත් මට කිසිදු වේදනාවක් හට නොගන්නට ද හැකිය. මේ ආකාරයට ජීවිතයේ දවසක් තුල මට කිනමි වේදනාවක් ඇතිවුව ද එය ස්ථිර ලෙසම දිනය පුරාම පවත්වා ගැනිමට මට හැකිවූයේ නැත. ඒ වේදනාවේ ඇතිවීමක් හා පැවතීමක් නියත ලෙසම ඇත. නමුත් එය නැතිවී ගිය පසු නැවතත් කුමක් හෝ නව වේදනාවක් ඇතිවේ. එහි ස්වරූපය වන්නේ ද ඇතිවීම පැවතීම හා නැතිවීයාමයි. මේ ආකාරයට වේදනාවෙනස්වන සුළු බවක් ඇත. කිසිදු වේදනාවක් නොවෙනස්ව පැවතුන බවක් මාගේ ජීවිත කාලය තුල මා කිසි දිනක අත් දැක නැත. ඒසේ නියත සුඛ වේදනාවෙන්ම සිටි හෝ වෙනත් එකම වේදනාවක් ම පමණක් විදිමින් සිටි අයෙකු පිළිබඳව ද  මාගේ ජීවිත කාලය තුල මා මේතාක් අසා නැත. එසේ සිටි අයෙකු ගැන දන්නා කෙනෙකු ගැන ද මාගේ දැනීමක් නැත. එබැවින් මාගේ වේදනාවේද අන්‍යන්ගේ ව්දනාවේද වෙනස්වන බවක් නියත වශයෙන්ම ඇත.

මාගේ සංඥාවන් වෙනස්වන සුළු බවින් යුක්තද?
මා යමෙක් ඉතා හොද යැයි සිතා හොඳයන සංඥාව උපදවාගෙන සිටියා විය හැක. නමුත් අද දිනයේ සිදුවූ යමි සිදුවීමක් නිසා මා තවදුරටත් ඔහු හොඳ අයෙකු යැයි නොසලකන්න ඉඩ ඇත. ඒ අනුව හොඳ යැයි කියන්නාවූ සංඥාව වෙනස්වී දැන් එහි ඇත්තේ වෙනත් සංඥාවකි. මා අද උදේ කණ්නාඩියෙන් මුහුණ බැලූ විට ලස්සනයියැයි සංඥාවක් ඉපදුනා විය හැක. දහවල් බොහෝ වැඩ කොට වෙහෙස මහන්සි වී නිවසට පැමිණි විට මුහුණ ලස්සන නැතැයි සංඥාවක් ඉපදුනා විය හැක. මේ ආකාරයට අද දවස රස්නේ දවසක්යැයි මට සිතුනා විය හැක. නමුත් අද වර්ශාව පතිතවූයේ නමි අද දවස සිසිල් දිනයක්යැයි මට සිතෙන්නට පුළුවන. මේ ආකාරයට මාගේ සංඥාවන් විටින් විට වෙනස්වන බවකින් යුක්තය. මා මේ ඇතිකර ගන්නා සංඥා මෙන්ම අන්‍යන් ඇතිකර ගන්නා සංඥාවන්ගේ ද වනස්වන සුළු බවක් ඇත. එකම සංඥාවක් සෑමදා ඇතිකර ගෙන සිටි කිසිවෙක් ගැන මා මේතාක් කල් අසා හෝ නැත. එබදු අයෙක් දැක හෝ නැත. සියල්ලන්ගේම සංඥාවන් වෙනස් වේ.

මා පොතක් කියවන අවස්ථාවේදී එහි ඇති වචනයෙන් වචනයට, එහි ඇති අකුරෙන් අකුරට, එහි ඇති වාක්‍යයෙන් වාක්‍යට, එහි ඇති ඡේදයෙන් ඡේදයට මාගේ සංඥාවන් වෙනස් වෙයි. ඒ සංඥාවන් ඇතිවී ‍පැවතී වහාම නැතිවී යයි.  නැවතත් අළුත් සංඥාවන් ඇතිවී පවතී නැතිවී යයි. මා මෙන්ම අන් සියල්ලෝ ද පොත් කියවන විට දී හෝ වෙන කුමන කරුණක් කල ද සංඥාවන් ඇතිවෙමින් නැතිවෙමින් හා අළුත් අළුත්, වෙනත් වෙනත් සංඥාවන් ජනිත වෙමින්ම පවතියි. මේ ආකාරයට සංඥාවන් වෙනස්වන බවින් යුක්තය.

මාගේ විඤාණ වෙස්වන බවින් යුක්තද?
දිනක දී මා කොපමණ දේ දකින්නේද? කොපමණ දේ නමි අසන්නේද? කොපමණ ස්පර්ශ ලබන්නේද? කොපමණ ගඳ- සුවද විඳින්නේද? කොපමණ රසයන්, රස විදින්නේද? කොපමණ නමි සිතින් ම සිතුවිලි ඇතිකර ගන්නේද? මේ ලබන්නාවූ දැනිමී එකක් හෝ වෙනස් නොවී පැවතුනේ නැත. ඒ දැනීම ලබාදුන් ගඳ සුවද ආදියත්, රූප ආදියත්, වෙස්වීමට බදුන්වේ. වෙස්වීම තුලින් වෙනම ම දැනිමක් ඇතිකරයි. අළුත්ම දැනීමක් ඇතිකරයි. චිත්‍රපටයක් නරඹනා විට රූප පිළිබඳ දැනීමි ගැනිය නොහැකි සංඛ්‍යාවක් ඇතිවේ. ඒ ඒක් දැනිමක් තවත් දැනිමකට වෙනස් වේ. එය නැවත තවත් දැනිමකට වෙනස් වේ. මේ ආකාරයට මට දැනෙන්නාවූ සෑම දැනිමක් ද අන්‍යන්ට දැනෙන්නාවූ සෑම දැනිමකම ද වෙනස්වන සුළු බවක් ඇත. මෙබදු දැනිම වෙනස් නොවන්නාවූ එකම දැනිමක් පමණක් සැමදා තිබු අයෙකු ගැන මා කිසි දිනක ආසා හෝ නැත. එසේ එකම දැනිමක් පමනක් මා ද අත්විඳ නැත. එබැවින් සෑම දැනිමක්ම වෙනස්වන බවින් යුක්තය.

මාගේ සංඛාර වෙනස්වන බවින් යුක්තද?
මාගේ කය මෙහෙයවා කරනා ක්‍රියා නැතහොත් කාය සංස්කාර නිරන්තරයෙන් වෙනස් වේ. මාගේ වචනය මෙහෙයවා කරනා ක්‍රියා නොහොත් වචී සංස්ඛාර ද නිරන්තරයෙන් වෙනස් වේ. මගේ සිත මෙහෙයවා කරනා ක්‍රියා නැතහොත් චිත්ත සංස්ඛාරයන් ද මොහොතක් පාසා වෙනස් වේ. මේ ආකාරයට කුමන සංස්කාරයක් වුවද වෙනස්වන බවින්ම යුක්තය. වෙනස් නොවන්නාවූ එකම සංඛාරයක් කිසි දිනක පවතින්නේ නැත. යමි පුද්ගලයෙක් පිළිබඳව යමි අවස්ථාවකදී වර්ණනා කල මා, තවත් මොහොතක ඔහු ගැන වෙනත් යමක් සිතයි නැතහොත් නුගුනක් හෝ කියයි. යමෙක් හොඳයැයි සිතු අප පසුව ඔහු ගැන වෙනත් යමක් සිතයි. එක් ක්‍රියාවක් කල අපි ඉන් පසු තවත් ක්‍රියාවක් කරයි. මේ ආකාරයට මාගේ මෙන්ම අන් සැමගේම සංඛාරයන් වෙනස්වෙමින් ම පවතියි. වෙනස් නොවී පැවති එකදු සංඛාරයක් ගැන හෝ මා අසා නැත. සංඛාර වෙනස් නොවුන එක් අයෙකු ගැන හෝ මා ආසා නැත. එබැවින් සංඛාර ස්කන්ධය නියත වශයෙන්ම වෙනස්වන බවින් යුක්තය.

මේ අනුව මාගේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, විඥාණස්කණක්ධය සංඛාර ස්කන්ධය මෙන්ම අන්‍යන්ගේ පඤ්චස්කන්ධයන් ද වෙනස්වන බවින්ම යුක්තය. වෙනස්වන බවම ලක්ෂණ කොට ඇත. වෙනස්වීමෙන් ගැලවී නැත. මිදී නැත. එම පඤ්චස්කන්ධ ධර්මයන්ගේ ලක්ෂණය වන්නේ වෙනස්වීමයි.

සැලකිය යුතුයි;
මේ ආකරයට පළමුව මෙහි දක්වා ඇති විස්තරය කියවා බලා තේරුමිගත යුතුය. (පළමු කියවීම)
දෙවනුව නැවතත් කියවා, තමා හා සසඳා බලා අවභෝධ කර ගත යුතුය.(දෙවන කියවීම)

තෙවනුව; මෙහි දක්වා ඇතතේ උදාහරණ කිහිපයක් පමණි. ඒ උදාහරණයන් ආකෘතිය කර ගනිමින් දිනය තුල සිදුවන සෑම සිදුවීමක් තුලින්ම වෙනස්වීම නමි ලක්ෂනය අතිදැකීම උත්සුක විය යුතුය. මෙසේ එම භාවනා පදය තමාගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් බවට පත් කල යුතුය.

තෙවනුව කී ජීවිත අවභෝධයක් බවට පත්කර ගැනීමට උත්සුක වන අවස්ථාවේදී  දිනය ආරමිභයේදී අද‍ දිනය මෙම භාවනා මනසිකාරයෙන් පසුවන්නේ යැයි අදිශ්ඨානයක් කල යුතුය. නැතහොත් තදින් සිතාගත යුතුය. ඉන් අනතුරුව දිනයේ වැඩ කටයුතු වල නියතුවන අවස්ථාව්දී විශේෂ ආයාසයක් නොයොදා, තමාගෙත් අන්‍යන්ගෙත් පඤ්චස්කන්ධ ධර්මයන් වෙනස්වන ආකාරය අත් දැකිය යුතුය. වෙනස්වන ආකාරය සිතින්ම දකිමින් මෙය නියත වශයෙන්ම වෙනස්වන බව යන්න ලක්ෂණ කොට ඇති ධර්මයක්ය යන අවභෝධය තමා සතුකර  ගත යුතුය.

එදින නින්දට පෙර නැවත වරක් වෙනස්වන බව යන ලක්ෂණය තමා අත් දුටු ආකාරය මෙනෙහි කල යුතුය.

අන් භාවනා පද සමිබන්ධයෙන්ද ක්‍රියා කල යුත්තේ මෙසේය.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles