Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

දෙවන දවස - පභංගුතෝ

$
0
0

පභංගුතෝ
පභංගුතෝ යන්නෙහි අර්ථය වන්නේ බි‍ඳෙන ස්වභාවයෙන් යුක්තය යන්නයි. 


මාගේ මේ ශරිරය බි‍ඳෙන ස්වභාවයෙන් යුක්තද?

මා වාහනයක හැපුනොතින් හෝ උස තැනකින් වැටුනොතින් මාගේ ශරීරයේ ඇටකටු, හිස්කබල ආදීඅස්ථින් බිඳීයාමට හැකියාවක් ඇත. මාගේ මෙන්ම අන්‍යන්ගේ ශරීරද, තිරිසන්ගත සත්ත්වයින්ගේ ශරීරයන් පවා මේ ආකාරයට බිඳීයාමට හැකියාවක් ඇත. ඒ භෞතික වශයෙන් මට පෙනී යන මේ ශරිරයේ ඇතිවන බිදීමයි. මේ ශරිරය බිඳී නොයන ලොහයක් බදු දෙයකින් නිර්මිත ඉතා තද, ඝණ දෙයක් නොවේ. රිය අනතුරු ආදිය මා ඕනෑ තරමි දැක ඇත. නිවසක උඩුමහලක සිට වැරෙන් පොළොවට අතහරින ලද වළඳක් යමි සේ බිඳී සුනු විසුනු වී යයිද එ මෙන් රිය අනතුරු ආදිය නිසා ශරිරයන් කැබැලි කැබිලි වලට බිඳී ගිය අවස්ථාවන්ද මා දැක ඇත.  ආහාරයේ වන ගල්, බොල් ආදිය හැපුන අවස්ථා වල දී දත් පවා බිඳී යයි. එබැවින් මාගේ ශරීරය තුල බිඳී යාමේ ස්වභාවයක් ඇත. මාගේ ශරීරය පමණක් නොව අන්‍යන්ගේ ශරීරත් මෙසේ බිඳීයන් ස්වභාවයෙන් යුක්තය.

මාගේ ශරීරය මෙන්ම අන්‍යන්ගේ ශරිරයන් ද නිර්මාණය වී ඇත්තේ සෛලයන් ගෙනි. සෙලයන්ගෙන් නිර්මාණය නොවු කෙස්, නිය, දත් ආදිය වුවද කැබැලි කැබැලි වලට බිදියෑම සිදුවෙයි. එක් තත්පරයක කාලයක් තුලදී පමණක් මේ ශරිරය තුල සෙල ලක්ෂ ගණනක් බිදි (විනාශ වී) යනු ඇත. නොබිදී සැමදා පවතින එකදු සෛලයක් හො නැත. (මෙම ප්‍රමාණයට ශරිරයේ බිඳීයෑම දැකිම ප්‍රමාණවත්ය) එබැවින් උතුරන වතුර බේසමක දිය බුබුලු පිපිරි පිපිරි යන්නා සේ ශරිරය තුල සෑම තැනකම සෛලයන් බිදි බිදී - බිදි බිදි යන්නේය. එබැවින් මේ ශරිරය සෑම විටම බිදෙමින් නැවත සකස් වෙමින් පවතින දෙයකි.


මේ ශරීරය කලක් ඇවෑමෙන් වෙනස්වී ගොස් මරණයට පත්වේ. එසේ මරණයට පත්වූ පසු සොහොනට ගෙනගොස් දමන ලද මේ ශරිරයේ ගණ ද්‍රව්‍යන් ඝණ ද්‍රව්‍ය බවටම පත්ව බිඳී පසට එකතුවී යයි. ද්‍රව තත්වයේයේ වූ ද්‍රව්‍යන් ද්‍රව තත්වයටම බිදි ද්‍රවයන්ටම එකතුවී යයි. වායුමය තත්වයේ වු ද්‍රව්‍යන් වායුන් බවටම බිඳි වාතයටම එකතුවී යයි. මේ සියල්ල සමඟ උනුසුමි බව හෝ සිසිල් බවක් වේ නමි එය ද ඉවත්වී යයි. මේ ආකාරයට මේ ශරිරය උපතෙ සිටම බිදෙමින්ම පවතී අවසන බිදී ගොස් අවසන් වෙයි.  මාගේ ශරිරය මේ තත්වය ඉක්මවාගිය ශරිරයක් නොවේ. මේ ශරිරය මෙන්ම අන්‍යන්ගේ ශරිරයන් ද මේ තත්වය ඉක්මවා ගොස් නැත.

මාගේ වේදනාව බි‍ඳෙන සුළුද?

මීට පෙර මා ලද අත්දැකිමි මත වේදනාව වෙනස්වන සුළු දෙයක් බව මා දැන් දන්නා කරුනක්. එක් වේදනාවක් ඇතිවූ විට එතනට තවත් වේදනාවක් ඇති වීමට නමි එම වේදනාව බිදී යා යුතුය. ඒ ඇතිවූ වේදනාව ද බිදිගිය පසු තවත් වේදනාවක් ඇතිවයි.

තුඩ මුවහත් නොවු පෑනක් වැනි යමක් ගෙන මගේ මැදගිල්ලේ සිට වැලමිට තෙක් වේගයෙන් අනිමින් යන අවස්ථාවක් සැලකුවහොත්, තත්පරයකදී ඇනුමි 03 කල හැකි නමි ඒ ස්ථාන තුනෙහි ඇතිවන වේදනා 03 ම ඔබට අත්දැකිය හැක. මුලින් ඇතිවූ වේදනාව බිඳිගිය පසු එම වේදනාව නැත කියාද වේදනාවක්  ඇතිවේ. නැවතත් අනිනා විට සුඛ හෝ දුඛ සහගත වේදනාවක් නැවත ඇතිවේ. කටුව එසවූ විට ඒ වේදනාව බිදීගොස් නැවත වේදනාවක් නැත කියා වේදනාවක් ඇතිවේ. මේ ආකාරයකට තත්පරයක දී 10 පාරක් හෝ ඊට වඩා වේගයෙන් ඇනීම සිදුකල හැකි නමි ඒසා වේගයෙන් ඔබට ඇතිවන වේදනාව බිඳ බිදී යන ආකාරය අත්දකින්නට ඔබට හැකි වනු ඇත. වේදනා ස්කන්ධය මෙයටත් වඩා අතිවිශාල වේගයකින් ක්‍රියාත්මක වේ. මේ ආකාරයට ඔබට ඇතිවන සුඛ වේදනාවන්, දුක්ඛ වේදනාවන්, අදුක්ඛම සුඛ වේදනාවන් වශයෙන් වේදනාවන් වෙනස්වෙමින් ඇතිවිමට හැකිවන්නේ උපන් වේදනාවන් බිදි යන බැවිනි. එහි ස්වභාවය වන්නේ ඇතිවිම මද කලක් පැවතිම හා බිදි නැතිවි යාමයි. එබැවින් මාගේ වේදනා ස්ඛන්ධය මෙන්ම අන්‍යන්ගේ වේදනා ස්ඛන්ධයන් ද බිදීයන ස්වභාවයම ලක්ෂණ කොට ඇත.

මේ ආකාරයටම සංඥා ස්කන්ධය ද, සංඛාර ස්කන්ධය ද, විඥාන ස්කන්ධය ද බිඳී යෑම ලක්ෂණ කොට ඇති බව ගලපා අත්දැකිය යුතුය.

සැලකිය යුතුයි;

දිනය තුලදී පඤ්චස්කන්ධය බිඳීයාම අත්දැකීමේ දී ඔබට ප්‍රකටව පෙනී යන බිදීයාම දැකිමට උත්සුක වීම ප්‍රමාණවත්ය.  උදාහරණ ලෙස යමෙකුට මේ ආකාරයෙන් ද එය කල හැක. ඔබ ඉදිරියට පැමිණ යමෙක් ඔබ සමග කථා කරන්නේ යැයි සිතමු. ඔබට ඔහුගේ ශරිරය දෙස බලා එය බිදීයන ස්වභාවයෙන් යුක්තදැයි සිතන් විමසා සිටිය හැක. රිය අනතුරක්, වැනි අවස්ථාවකදී ඔහුගේ ශරීරය බිඳී කුඩුවී සුනුවිසුනු වී යා හැකිද යන්න සිතා බලන්න. බොමිබයකට හසුවීම වැනී අවස්ථාවදී ඔහුගේ ශරීරය බිදී සුනුවිසුනුවී යා හැකිදැයි සිතා බලන්න. ඔහු මෙන්ම ඔබටද එසේ විය හැකි බැවි සිතා බලන්න.

එමේන්ම ඔහු ඔබ සමඟ කථා කරන අවස්ථාවේදී, ඔහු කියනා වචන තුලින් විවිධාකාර සුඛ වේදනාවන්, දුක්ඛ වේදනාවන්, අදුක්ඛම සුඛ වේදනාවන් ඇතිවෙමින් බිදෙමින් යන ආකාරය දකින්නට උත්සාහ කරන්න. ඔහු පිටකරන වචනයක් වචනයක් පාසා සංඥා ස්කන්ධයේ පැවැත්ම අත්දැකීමි වශයෙන් එක් එක් සංඥාවක් උපදිමින් බි‍ඳෙමින් යන ආකරය දකින්නට උත්සාහ කරන්න. මේ ආකාරයට ඔබට පහසු ස්කන්ධයක් ගෙන එහි බිදී යාම අත්දකින්ට උත්සුක වන්න.


මෙහි ප්‍රථිපලය විය යුත්තේ, ඔබ විසින් මේ පඤ්චස්කන්ධ ලොකය තුල නොබිඳන සුළු කිසිවක් ඇතිතේ නැත යන නිගමනයට අවභෝධයෙන් යුතුව එල්භ ගැනීමයි.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles