හැදින්වීම 2 කොටස
පඤ්චස්කන්ධය.
පඤ්චස්කන්ධය යන වදනේ අර්ථය වනුයේ ස්කන්ධයන් 05 යන අර්ථයයි. ස්කන්ධයන් යන්න මහා බරක්, මහා ප්‍රමාණයක්, මහා ගොඩක් වශයෙන් අර්ථ දැක්විය හැක. ඒ අනුව මහා ගොඩවල් 05 ස්කන්ධ පංචකය නැතහොත් පංඤ්චස්කන්ධය යන නමින් හදුන්වනු ලැබේ. (අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙලේ පංඤ්චස්කන්ධයට අදාල කොටස් කියවිය යුතුය)
මේ පඤ්චස්කන්ධය වන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය හා විඥාණස්කන්ධයයි. (මෙහි දීර්ඝ විවරණයක් නොකරන අතර අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපිපෙල කියවිය යුතුමය.)
රූපස්කන්ධය.
ඇසට පෙනෙනා ඔබගේත් අන්යන්ගෙත් රූප නැතහොත් ශරීරයන් රූපස්කන්ධය වේ.
වේදනා ස්කන්ධය
ඔබට ඇතිවන “සුඛ සහගත වේදනා, දුක්ඛ සහත වේදනා, සුඛයක්ද දුකක්ද නොවනා වේදනා”වේදනා ස්කන්ධය නමිවේ.
සංඥා ස්කන්ධය
ගස්, ගස්, මල්, පළතුරු, ගෑණි, මිනිහා, සතා, තිරිසනා, අහස, වලාකුලු, දුඛයි, සුඛයි, කැතැයි, ලස්සනයි, හොඳයි, නරකයි, කළුවරයි, පාටයි, දුඟදයි, සුවඳයි, “අ”“ආ”... A, B,... නිමල්, කසුන්, තරුෂි, නයනා යනාදි වශයෙන් ඔබ තුලු උපදින අනන්ත අපුමාන වූ සෑම සියළු හදුනා ගැණිමක්ම සංඥාස්කන්ධය නමි වේ.
විඥාන ස්කන්ධය
ඔබ ඇසින් රූපයක් දුටු විට ඔබට ඒ රූපය පෙනුනා, කණින් ශබිධයක් ඇසුන විට ඔබට ඒ ශබිධය ඇසුනා, ඔබගේ නාසයෙන් ගඳක් සුවදක් දැනුන විට ඔබට ඒ ගඳ සුවඳ දැනුනා, ඔබගේ දිවට රසයක් දැනුන විට ඔබට ඒ රස දැනුනා, ඔබගේ ශරීරයට යමි ස්පර්ශයක් ලද විට ඔබට ඒ ස්පර්ශය දැනුනා, ඔබගේ මනසට යමි සිතුවිල්ලක් නැහුන විට, ඔබට ඒ දේ සිතුනා වශයෙන් ඇතිවන්නාවූ සියළුම දැනීමි විඥාන ස්කන්ධය වශයෙන් හදුන්වනු ලැබේ.
සංඛාර ස්කන්ධය
සිතෙන් ගලායන්නාවූ අප්‍රමාණ වූ සිතුවිලි සියල්ල සංඛාර ස්කන්ධය යනුවෙන් හදුවනු ලැබේ. මෙහි දී ඔබ කය නොසොල්වා භාවනා කරනා අවස්ථාවක දී කය මෙහෙයවීමෙන් කරන කාය සංස්කාරත්, වචනය මෙහෙයවීමෙන් කරන වචී සංස්කාරත් නැති බැවින් එබදු අවස්ථාවක දී සිතින් ඇති වන සිතුවිලි හෙවත් චිත්ත සංස්ඛාර පමණක් මෙම භාවනාව සමිබන්ධව සලකා බලනු ලැබේ.
පඤ්චස්කන්ධය පිළිබඳව යමිතාක් හෝ අවභෝධයක් ඇති අයෙකුට මෙම භාවනාව ඉදිරියට කරගෙන යෑම සඳහා මෙම පංඤ්චස්කන්ධ දැනිම වුවුද ප්‍රමාණවත් වන්නේය. එසේ දැනුමක් නොමැති අය අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙළ කියවිය යුතුම යැයි අවධාරණය කරනු ලැබේ.
මේ අනුව මිනිසා නමි උපකරණයේ උපංග වන්නේ මෙම පංඤ්චස්කන්ධය නොවන්න් දැයි බලන්න. එසේනමි, භාවනා පද 40 මුලින්ම හදුනාගෙන සිටිමු.
පඤ්චක්ඛන්ධේ අනිචිතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අඝතෝ, අබාධතෝ, පරතෝ, පලෝකතෝ, ඊතිතෝ, උපද්දවතෝ, භයතෝ, උපසග්ගතෝ, චලතෝ, පංභංගුතෝ, අද්ධුවතෝ, අතාණතෝ, අලේනතෝ, අසරණතෝ, රිත්තතෝ, තුචිඡ්තෝ, සුඤ්ඤතෝ, අනත්තතෝ, ආදීනවතෝ, විපරිනාම ධමිමතෝ, අසාරකතෝ, අඝමූලතෝ, වධකතෝ, විභවතෝ, සාසවතෝ, සංඛතතෝ, මරාමිසතෝ, ජාතිධමිමතෝ, ජරාධමිමතෝ, ව්‍යාධි ධමිමතෝ, මරණ ධමිමතෝ, සෝක ධමිමතෝ, පරිදේව ධමිමතෝ, උපායාස ධමිමතෝ, සංකිලේසික ධමිමතෝ,
අනිචිචානුපස්සනා
අනිචිතෝ, පලෝකතෝ, චලතෝ, පභංගුතෝ, අධූවතෝ, විපරිනාම ධමිමොතෝ, විභවතෝ, සංඛතතෝ, මරණධමිමතෝ,
දුක්ඛානු පස්සනා
දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අඝතෝ, ආබාධතෝ, ඊතිතෝ, උපද්දවතෝ, භයතෝ, උපසග්ගතෝ, අතානතෝ, අලේණතෝ, අසරණතෝ, ආදීනවතෝ, අඝමූලතෝ, වධකතෝ, සාසාවතෝ, මරාමිසතෝ, ජරාධමිමතෝ, ජාතිධමිමතෝ, ව්යාධිධමිමතෝ, සෝක ධමිමතෝ, පරිදේවධමිමතෝ, උපායාස ධමිමතෝ, සංකිලේසික ධමිමතෝ.
අනත්තානූ පස්සනා.
පරතෝ, රිත්තතෝ, තුචිඡතෝ, සුඤ්ඤතෝ, අනත්තතෝ, අසාරකතෝ
(පටිසමිභිදාමග්ගපකරණය)
එසේනමි මේ එක් එක් භාවනා පදයක් ගෙන පඤ්චස්කන්ධයේ බහා දින සතලිසක් ජීවිත අත්දැකීමක් බවට පත් කර ගිනිමු.