හැදින්වීම 1 කොටස
බුද්ධ, ධමිම, සංඝ යන තුන් රුවන දිවි ඇතිතෙක් අත් නොහරිනා සරණක් කොට ගනිමියි කියා, තුන් රුවන සරණකර ගනිමින්, එකී සරණ යෑම තුලින් බලාපාරොත්තු වන්නාවූ ඒකායන අභිලාශය වන සකල සංස්කාරයන්ගේ මිදීම නමිවූ සකල (“වාන”නමි වන) බැඳීමි වලින් තොරවූ නිර්වාණය මුදුන් පමුණුවාගැණිම පිණිස උපකාරී වන්නාවූ ආර්‍යශ්ඨංගික මාර්ගය පිරීමි වශයෙන්, අවම වශයන් පංචශිලය හෝ සමාදන්ව එය රක්ෂා කරන්නා බෞද්ධයෙකි. අන්‍යන් නාම මාත්‍ර බෞද්ධයන් මිස සත්‍ය බෞද්ධයන් ලෙස අර්ථ දැක්වීම නුසුදුසු වන්නේය.(ශිල මංජරී කියවන්න)
සොරකමක් කල අයෙක් තමා සොරකමි නොකලේ යැයි කුමන අයුරෙන් කියූවද ගීත වශයෙන් ගායනා කරමින් කියූව ද, පොත් ලියා පලකරමින් කියුව ද, ප්‍රත්‍ය, ධනය වියදමි කරමින් කියූව ද සොරකම කල තැනැත්තා සොරකමි නොකල බව මුලු සමාජයම පිළිගත්ත ද සැබැවින් තමා සොරකමි කල නිසා ඔහු සොරෙකුම වන්නේය. යමක් තමා බෞද්ධයෙක් යැයි කුමන අයුරෙන් කියූවද, මල් පහන් පුද පුදා කියුව ද, පුවත් පත් වල පලකරමින් කියූව ද, ගීත ගායනා කරමින් කියූව ද, බෞද්ධයෙකු වීමට ඇවැසි වන්නාවූ අවම ප්‍රථිපත්තිය හෝ නොපුරන්නාවූ තැනැත්තා බෞද්ධයෙකු වන්නේ නැත. බෞද්ධ දර්ශනය පුද්ගලයානු බද්ධ දර්ශනයකි. එයින් පුද්ගලික විමුක්තිය සලසා දෙයි. තමා විසින් තුන්රුවන සරණ යෑම, තමා විසින් ශිලයක් රක්ෂා කිරිම, තමා විසින් බණ භාවනාදිය කිරිම තුලින් තමාගේ නිර්වාණ මාර්ගය හෙලි පෙහෙලි වනු මිස, තමාගේ පංචස්කන්ධය ක්ෂය වනු මිස, එයින් අන් අයෙකුට ඇති ඵලක් නැත. භාග්‍යවතුන් වහන්සේට වුවුද නිර්වාණ මාර්ගය සාක්ෂාත්කර දීමෙන් ලෝක සත්ත්වයාට උපකාර කිරීමට හැකිවූයේ උන්වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුවය. එබැවින් වැඩ කැමැති ජනයා පරාර්ථයට පෙර ස්වාර්ථය සාදාගත යුතුය.
තම ජීවිතය ද බේරාගැණිමට නොහැකිව මහා සැඩපහරක ගසාගෙන යන්නෙකුට ඒසේම ගසාගෙන යන තවකෙකුගේ ජීවිතය බේරා ගැනිම උගහට කරුණකි. මහා ඕගයක් මැද වුවද සිටගෙන සිටීමට හැකියාව ඇති යමි පුරුෂයෙක් වේ නමි එබදු අයෙකුට තවකෙකුගේ දිවි බේරාගැණිමට හැකියාව ඇත. බෞද්ධයන් වන්නාවූ යමෙක් වේ නමි එය නාම මාත්‍රීක වූ ලේබලයකින් සීමාවූවක් නොව, ක්‍රියාව තුලින්ම තමා බෞද්ධයෙකු විය යුතුය. එබැවින් යමෙක් බෞද්ධයෙකු වන්නේ තමා උපතින් බෞද්ධයෙකු වූ නිසා නොව, ප්‍රථිපත්තිය පිරිම නිසාම වන බැවි නුවනැත්තෝ නිරන්තරයෙන් මෙනෙහි කල යුතුය.
ඒ අනුව මෙනැත් සිට පුරා ලිපි 40කට වැඩි ගණනකින් පටිසමිභිදාමග්ගයේ පද 40 කින් පමණක් දක්වා ඇති චත්තාළීසාකාර මහා විදර්ශනා භාවනාව විස්තරාත්මකව දක්වනු ලැබේ. මෙම භාවනාව අන් තැනැක ඇති වෙනම ම නිර්මාණය කරන ලද අමුතුම භාවනා ක්‍රමයක් නොවේ. තමාගේ පංඤ්චස්කන්ධය දෙස තමා විසින්ම නිවැරදි ලෙස දැකීම මෙහි අරමුණයි. බෞද්ධයෙකු තුල තිබිය යුතු වැදගත්ම ලක්ෂණය වන්නේ විචක්ෂණ බුද්ධය හා ප්‍රඥාවෙන් යුකුත වීමයි. මෙම ධර්මය භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවන්තයින් සඳහාම දේශනා කර ඇත. යමෙකු තමාට ප්‍රඥාව නැතැයි සිතන්නේ නමි. මේ පංඤ්චස්කන්ධ ලෝකය තුල නියත වශයෙන්ම පවතින කිසිවක් ඇත්තේ නැති බැවින්, ප්‍රඥාව නැති තැනැත්තාට ප්‍රඥාව වර්ධනය කර ගත හැක. යමෙකුට පාරමිතාක් නැත්තේ නමි ඔහුට පාරමිතාව පුර්ණය කර ගත හැක. එබැවින් පංඤ්ස්කන්ධය දැකීම සඳහා පංඤ්චස්කන්ධය හාරාවුස්සමින් කරන්නාවූ භාවනාව නිවන් කැමැති යමෙක් වේ නමි ඔහුට නිවන් යාමේ කෙටිම මඟ හා පහසුම හා වේගවත්ම මාර්ගය වනු ඇත.
උදහරණයක් ගනිමු. ඔබ කිසි දිනක භාවිතා කර නැතුවා සේම නොදකින ලද යමි උපකරණයක් ඔබට ලැබුනා යැයි සිතමු. එසේම එය භාවිතා කිරීමට පෙර එය සකස් කර ගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව භාවිත අත්පොත (යූසර් මැනුවල්) ඔබට සපයා ඇතැයි සිතමු. පළමුව එම උපකරණයෙන් ඔබට අවශ්‍ය කාර්‍යය සිදු කර ගැණිමට සිතනා ඔබ කල යුත්තේ එම භාවිත අත් පොත හොදින් කියවා පරිශිලනය කර එය තෙරුමි ගැණිමයි. එබදු ඔබට එම උපකරණය කුමක් සඳහා භාවිතා වන්නක්ද? එම උපකරණයේ නිර්මාණය වී අත්තේ කෙසේද? එම උපකරණය නිර්මාණය කලෝ කවරහුද? එම උපකරණයෙන් කල හැක්කේ කවර කටයුත්තක් ද? එම උපකරණයේ භාවිත අමද්‍රව්‍යන් මොනවාද? එම උපකරණයේ භාවිත අමුද්‍රව්‍යන්ගේ ස්වභාවය කුමක්ද? කවර තත්ව යටතේ එම උපකරණය වැඩි කලක් පවතියි ද? කවර තත්ව යටතේ ඒ උපකණය නැතිවී විනාශ වී ක්‍රියාතාමක කල නොහැකි තත්වයට පත්වේද? යනාදී වශයෙන් අවභෝධයක් ලබාගත හැකිවනු ඇත. ඉන් අනතුරුව එම උපංගයන් එකිනෙක සවි කොට, එකිනෙක ගලපා සකස් කර ගැණිම කලයුතුය. අනතුරුව ඔබට එම උපකරණයෙන් ගත හැකි ප්‍රයෝජනයක් ගත හැක.
මේ ආකාරයෙන්ම නිර්වාණය සාදා ගැණිමට බලාපාරොත්තු වන්නාවූ ඔබට පංඤ්චස්කන්ධය නමි නමි උපාංගත්, ඒ උපාංග තුලින් නිර්මාණය වූ මිනිසා නමි වන උපකරණයත් ආදේශ කල විට පංඤ්චස්කන්ධය නමි උපංගයන්ගේ ස්වභාවයත්, ඒවා ක්‍රියාත්මක වන ආකාරයත්, ඒ තුලින් මිනිසා නමි වන උපකරණය සැදී ඇති ආකාරයත්, මිනිසා නමි උපකරණයේ අභාවය සිදුවන ආකාරයත්, එය අභාවයට පැමිණවිය හැකි ආකාරයත්, එම උපකරණයේ යථා ස්වභාවයත්, ඒ තුලින් නිර්වාණය සාක්සාත් කර ගන්නා ආකාරයත් මෙම ලිපි ලිපි පෙළින් ඔබට ඉදිරිපත් කර ඇත..
ඒ අනුව මෙම ලිපි පෙළ භාවිතා කල යුතු ආකාරය;
- මෙම ලිපි පෙළ සකස් කිරීමේ දී මිනිසා නමි සන්තති ධර්ම තුල ප්‍රකටව දැකිය හැකි ලක්ෂණ පමණක් විමසනු ලැබේ.
- ත්‍රිපිටක පාඨ ඉදිරිපත් කරමින් කරණු ලබන විමසීමකට වඩා, නිරික්ෂණය කිරිම තුලින් තමාට පහසුවෙන්ම අවභෝධ කරගත හැකි කරුණු විමසනු ලැබේ.
- ධර්මය පිළිඹඳව විශාල අවභෝධයක් නැත්තෙකුට වුවද මෙම භාවනාව කොට අත්දැකිය හැක.
- මෙහි පළමුව අනිචිචානු පස්සනා ඉදිරිපත් කරණු ලබන අතර ඉන් අනතුරුව දුක්ඛානුපස්සනාද, එයටත් පසුව අනත්තානු පස්සනාද ඉදිරිපත් කරනු ලැබේ.
මේ භාවනා ක්‍රමය ප්‍රගුණ කිරිමේදී පිළිපැදිය යුතු ආකාරය.
- මේ එක් එක් භාවනා පදයක් එක් දිනකට එක් භාවනා පදය බැගින් දින 40ක් මෙනෙහි කිරීමේ හා අත්දැකීමේ භවනාව කල යුතුය.
උදාහරණ වශයෙන් පළමු දිනය;
“විපරිනාම ධමිමා”භාවනා පදය භාවනා කිරීමේදී පහත පරිදි පිළිපැදිය යුතුය. මෙහි සඳහන් කරුණු පළමුව වරක් කියවා තෙරුමි ගත යුතුය. මෙහි දක්වා ඇත්තේ ඒම භාවනා පදය මෙනෙහි කල යුතු ආකාරයට අත් වැලක් පමණි.
- දෙවන වර කියවීමේ දී මෙම කරුණු තමා හා ගලපමින් සංසන්ධනය කරමින් මෙය නැවැරදි ද නැතහොත් වැරදිද යන ගැටළුව තමාගෙන්ම විමසා සිටිය යුතුය. එය අවභෝධ කර ගත යුතුය.
- ඉන් අනතුරුව එක් දිනයක් ගෙන එදින තමාගේ සුපුරුදු වැඩ කටයුතු කරනා අතර තුර තමා විසින් කරනා සෑම ක්‍රියාවක්ම, ඇවිදීම, නිදියෑම, කථා කිරීම, සිනාසීම, රැකියාවේ නියුතු වීම, වැසිකිලි කැසිකිලි කිරීම, ආහාර පාන ගැණිම ආදී සෑම ක්‍රියාවක්ම මෙම භාවනා පදයට ගලපා එදින පුරාවටම “විපරිනාම ධමිමා”යන භාවනා පදය තමාගේ ජීවිත අවභෝධයක් බවට පත් කර ගත යුතුය.
- මේ ආකාරයට භාවනා පද 40 දින 40 ක කාලයක් තමාගේ ජීවිත අත්දැකීමක් බවට පත් කර ගත යුතුය. ඉන් අනතුරුව පිළිපැදිය යුතු ආකාරය 40 වන දිනය අවසානයේ දක්වනු ලැබේ.
- මෙහි භාවනා පද 40 එකවර කියවා භාවනා කරන්නට යෑම සුදුසු නොවේ. එක දිනයක දී එක් භාවනා පදය බැගින් පමණක් ගෙන සෑම භාවනා පදයක්ම අත්දැකීම අනිවාර්‍ය වේ.
- අවශ්‍ය විශේෂිත උපදෙස් ඒ ඒ ස්ථානයන්හි විශේෂිතව සඳහන් කොට ඇත.
ඉතා වැදගත්,
මෙම භාවනාව සාර්ථක කර ගැණිම පිණිස අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙළපළමුව කියවා අවභෝධ කරගෙන තිබීම අතීශය වැදගත් වනු ඇත. එසේම භාවනා අත්පොත ලිපි පෙළ කියවා ගෙන තිබිය යුතුය. එම ලිපි වල සඳහන් කරුණු නැවත නැවත මෙහි සටහන් කිරිම කරණු නොලැබේ.
සකල සම්‍යක් දෘෂ්ඨික දෙවියන් මෙපින් අනුමොදනා වේවා!! සමිබුදු සසුන බැබලේවා. සියළු සත නිවනෙන් නීවී සැනසේවා!!
2013 ක්වූ බක් පුරපසලොස්වක පොහො දින.
නීතිඥ තනූජ කේ. ජයසුන්දර.