Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

පර පණ නැසීම සිදුවන්නේ කෙසේද?

$
0
0

මින් පෙර ලිපි කිහිපය තුලින් කර්මය පිළිබඳව අවශ්‍ය දැනුවත් බව ඇතිකර ගැණිමට ඔබ සමත් වූ බැවින් මෙතුන් සිට සිල් පද එකිනෙක ගෙන සලකා බැලීමට අදහස් කරමු.

ඒ අනුව ප්‍රථමයෙන් සලකා බැලිය යුත්තේ යමි කර්මයක් කර්ම පථයක් බවට පත්වන්නේ කෙසේද යන්නයි. මෙය පර පණ නැසීම නමි කර්ම පථය උදාහරණයට ගිනිමින් පහදා ගනිමු.

පරපණ නැසීම යනුවෙන් හදුන්වනු ලබන්නේ යමි ස්වභාවික ආකාරයකින් එනමු බුදු දහමේ පෙන්වා දෙන පරිදි කර්මක්ෂය නැතහොත් කර්මය ක්ෂය වීමෙන් සිදුවන මරණය, අ‍ායුක්ෂය එනමි ආයුශය ක්ෂය වීමෙන් සිදුවන මරණය නැතහොත් උභයක්ෂය නැතහොත් කර්මය හා ආයුශය යන දෙකම ක්ෂය වීමෙන් සිදුවන මරණයකින් තොරව, මරණයට පත්විය යුතු සත්ත්වයෙකුගේ ප්‍රාණය කිසියමි ස්වභාවික නොවන ක්‍රමයක් තුලින් උපක්‍රමිකව අවසන් කර දැමීමයි. මෙහිදී සත්ත්වයා යන්නට ප්‍රමාණය හෝ ඒ සත්ත්වයා ඇසට පෙණිම නොපෙනීම වැදගත් නොවේ. අන්වීක්ෂිය මටිටමමේ පංචස්කන්ධ ධර්මයන්ගේ සිට ඇසට පෙනෙනා විශාලතම සත්ත්වයින් දක්වා කිනමි සත්ත්වයෙකුගේ හෝ ස්වභාවිකව සිදුවිය යුතු මරණය වෙනත් ආකාරයක් මගින් සිදුකිරීම තුලින් කර්ම පථය සමිපුර්ණ වන්නේ නමි එහිදී නියත වශයෙන්ම ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවේ. 

මෙම අංග 05 සමිපුර්ණ වීමෙන් ප්‍රාණඝාත අකුසල කර්මය සමිපුරණ වේ.

  1. සතෙකු වීමය.
  2. සතෙකු වන බවට දැණිමය
  3. සත්ත්වයා මැරීමට සිතක් ඇතිවීමය
  4. සත්ත්වයා මැරීමට උපක්‍රම නැතහොත් ප්‍රයෝග යෙදීම
  5. ඒ තුලින් සත්ත්වයාගේ මරණය සිදුවීම.

මෙම කරුණු 05 ම සමිපුර්ණ වුවහොත් ප්‍රාණගාත අකුසල කර්මපථය සමිපුර්ණ වීමෙන් ප්‍රාණ ඝාතය නමි අකුසලකර්මය සිදුවන අතර, මෙයින් එක් අංගයක් හෝ තෘප්ත නොවන්නේ නමි ප්‍රාණඝාත අකුසලකර්මය සිදු නොවේ. නමුත් ප්‍රවෘති විපාක ගෙන දෙන්නාවූ කර්මයක් පමණක් සිදුවේ. ප්‍රවෘත්විපාක යනු මොනවාද යන්න මින් පෙර සාකචිඡා කල අතර නැවත් වරක් සරලව පහදා දෙන්නේ නමි, එදිනෙදා ජීවතයේදී සුඛ වේදනා, දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා වශයෛන් අත්දකින්නට වනුයේ මෙම ප්‍රවෘති විපාකයන්ය.

එසේනමි දැන් සිල් පද වෙන වෙනම ගෙන සලකා බලමු.
මෙහි උදාහරණය වශයෙන් ප්‍රණඝාත අකුසල කර්මය සිදුවීමට සමිපුර්ණවිය යුතු කර්මපථය දක්වා ඇති බැවින් පළමුව ප්‍රාණගාත අකුසල කර්මය පිළිබඳවම සලකා බලමු.

සතෙකු වීමය
යමෙකුට ප්‍රණඝාත අකුසලකර්මය සිදුකරන්නට නමි ඒසේ ඝාතනයට ලත්වන්නාවූ දෙය සත්ත්වයෙකු විය යුතුය. සත්වයෙක් නමි නාම-රූපයන්ගේ එකතුවක් විය යුතුය. සමහර චලනයන් දක්වාන්නාවූ නිදිකුමිබා වැනි ශාකයන් ඇති බව ඔබ දැක ඇත. යමි අයක් නිදිකුමිබා ශාකය සත්ත්වයෙක් යැයි සිතා එම ශාකය කපාකොටා විනාශ කර දැමුවා යැයි සිතමු. එහිදී ඔහුගේ චේතනාව සත්ත්වයෙකු මැරීම වුවත් එහිදී නිදිකුමිබා ශාකය සත්ත්වයෙකු නොවීම මත අකුසල කර්ම පථය සමිපුර්ණ වී ප්‍රාණඝාත අකුසල කර්මය සිදුනොවේ. නමුත් දෝමනස්ස සහගත පටිඝ සමිප්‍රයුක්ත වශයෙන් උපදින්නාවූ අකුසල කර්ම සිත නිසා ප්‍රවෘති විපාක ගෙන දෙයි.


සතෙක් බව දැනීමය.
උදාහරණ ලෙස යමෙකු ප්‍රණගාත අකුසල කර්මය සිදුකිරීමට ඒ ඝාතණය වන්නාවූ දෙය සත්ත්වයෙකු බව දැන සිටිය යුතුය. උදාහරණයක් ගතහොත් කටුස්සන්, වන්දන්, සලඹයන් මෙන්ම සමහර සර්ප විශේෂයන් වැනි පරිසරයේ වර්ණයට අනුවර්ථනය විය හැකි සත්ත්වයින් ඇති බව ඔබ දැක ඇතුවාට සැක නැත. ඔබ ගසක් කපාන්නේ යැයි සිතමු. මෙම ගස කපන අවස්ථාවේදී ඔබේ පොරෝ පහරකින් එම කපන්නාවූ ගසේ එම ස්ථානයේ අනුවර්ථනයක් යොදාගනිමින් සැගවී සිටි සත්ත්වයෙක් මරණයට පත්වූවා නමි හා ඔබ විසින් එම පොරෝ පහර ගරසුවේ එහි සතෙකු සිටින බව නොදැන හා නොපෙනී, ගස කැපීමේ චේතනාවෙන් ගසේ කඳ යැයි සිතා නමි, එහිදී සත්ත්වයෙකු මැරීමේ චේතනාව ඔබ තුල නැති බැවින් අකුසල කර්ම පථය සමිපුර්ණ නොවේ.

සත්ත්වයා මැරීමට සිතක් ඇතිවීම.
යමෙක් සත්ත්වයෙක් වන්නේ නමි හා, ඔබ ඒ දෙය සතෙකු බව දන්නේ නමුදු, ඔබට එම සතා මැරීමට සිතක් නූපන්නේ නමි කර්ම පථය සමිපුර්ණ නොවේ. උදාහණයක් මඟින් මෙහි විලෝමය පහදා ගැණිම තුලින් කරුණු වඩාත් පැහැදිලිවනු ඇත. ඔබ මකුලු දැලක හිරවී ඉන් ගැවීයාමට උත්සාහ දරන කුරුමිණයෙක් වැනි සත්ත්වයෙක් ඉන් ගලවා ඒ සත්ත්වයාට අභය දානය දෙන්නට සිත්න්නේ යැයි සිතමු. මේසේ සිතන්නාවූ ඔබ එම සත්ත්වයා ගලවාගත යුතුය යන චේතනාව සහිතව ලී කැබල්ලකින් ඒ සත්ත්වයා එහාට මෙහාට අදින අවස්ථාවකදී එම සත්ත්වයා මරණයට පත්වුවහොත් එහිදී කර්ම පථය සමිපුර්ණ නොවීමට ඉඩ ඇත. එයට හේතුව වන්නේ ඔබට ඒ සත්ත්වයා මැරිම සඳහා සිතක් නූපදීමත්, ඔබ ඒ අවස්ථාවේදී ඒ සත්ත්වයා බේරාගැණිම සඳහා ක්‍රියාකිරීමත් නිසාය. සත්ත්වයෙක් මැරීමේදී උපදින සිත දොමනස්ස සහගත පටිඝ සමිප්‍රයුක්ත චිත්තයන් වන අතර, සත්ත්වයා බේරාගැනිමට උත්සුක වීසම්දී උපදින සිත සොමනස්ස සහගත සිතකි. එබැවින් ද්වේශ මූලයකින් තොරව කොතෙක් උත්සුක වුවත් සතෙක් මැරිය නොහැක.


සත්ත්වයා මැරීමට ප්‍රයොග යෙදීම,
ඉහත කර්ම පථයේ ඉදිරියට පැමිණෙන ඔබ සත්ත්වයා මැරීම සඳහා කඩු, මුගුරු, දඩු, දාදිය යොදාගනිමින් යොදන්නාවූ ප්‍රයොගයන් මෙයින් අදහස් වේ. මෙම යොදන ප්‍රයෝගයන් 06 ආකාර විය හැකි බව දක්වා ඇත.

සාහත්ථික ප්‍රයෝගය- තමා විසින් තම අතින්ම මැරීම
තමා විසින්ම යමි සත්ත්වයෙකුගේ දිව තොර කිරීම මෙනමින් හැදින්ේ.

ආණත්තික ප්‍රයෝගය- අනුන් ලවා මැරවීම
යමි අයෙකු ලවා සත්ත්වයෙකුගේ දිවි තොර කරවීම මෙනමින් හැදින්වේ. උදාහරණ ලෙස වෙළදපොලේ කුකුලන් මස් පිණිස විකිණිමට ඇති ස්ථාන අතර, ඔබට ගොස් කැමති කුකුලෙකු පෙන්වා ඒ සතාගේ මස් ඉල්ලා සිටීමට අවකාශ සලසා ඇති ස්ථානයන් ද ඇත. එබදු ස්ථානයකොට ගොස් ඔබ යමි සත්ත්වයෙකු පෙන්වා මරණ ලෙස දන්වා සිටි විට, එම සත්ත්වයා ‍වෙනත් අයෙකු විසින් මරා ඔබට මස් දුන් විට මැරූ තැනැත්තාට සේම එහි අකුසල කර්මය ඔබ කෙරේ ද සමිපුර්ණ වනු ඇත.
තවත් උදාහරණයක් ගතහොත් යමි යමි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමි යොදා ගනිමින් එම මන්ත්‍ර කරුවන් වෙත ගොස් යමි යමි පුද්ගලයන් මරණයට පත්කරනා ලෙස සමහරු ඉල්ලා සිටිති. එබදු අවස්ථාවලදී යකදුරන් යන්ත්‍ර මන්ත්‍ර කියා එම කාර්‍ය විවිධ යක්ශ, භූත හා පහත් දේව කොටිටාශයන් වෙත පවරනු ලබයි. එවන් විටක එසේ ඔබ මරණයට පත්කිරිමට බලාපොරොත්තු වූ තැනැත්තා එහි ප්‍රථිපලයක් ලෙස මියගියහොත් ඔබටත්, යකදුරාටත්, ඒ කටයුත්ත කලාවූ අමනුශ්‍ය කොටිඨාශයන්ටත් එකසේ ප්‍රණගාථ අකුසලකර්ම පථය සමිපුර්ණ වේ. යමිසේ එයින් බලාපාරොත්තු වන අය මිය නොගියහොත් ප්‍රවෘති විපාක පමණක් ලැබේ.

නිස්සග්ගිය ප්‍රයෝග- ගල්, දඩු, මුගුරු, පොලු, දුණු ආදියෙන් විදීමෙන් වැඩි තැබීමි ආදියෙන් මැරීම

ථාවර ප්‍රයොග- බොරු වලවල් උගුල් ඇටවීම ආදියෙන් මැරීම
යමෙක් සත්ත්වයෙකු මැරීමේ අදහසින් බොරුවලක් කපා තැබුයේ නමි, එහි වැටී මිය යන එක් එක් සත්ත්වයා ගානේ කර්ම පථයස මිපුර්ණ වී අකුසල කර්මසිදුවේ. මදුරුවන් මිය යාමට හේතුවන මඳරු දඟර දුමි, මැස්සන් කැරපාත්තන් ආදින් මැරීමට යොදාගන්නා රසායන ද්‍රව්‍ය ආදිය ඉස ඔවුන්ගේ මරණය බලාපාරොත්තු වීමෙන් ඒ මිය යෙන සත්ත්වයෙක් සත්ත්වයෙක් ගණනේ අකුසල කර්ම සිදුවේ.

සෘදිමය ප්‍රයෝගය- සෘදි බලයෙන් මැරීම
ඉහතින් කියනා ලද අවස්ථා 04ම කය භාවිතා කරමින් සිදුකරන ලද ප්‍රයෝගයන්වේ. සිත පාදක කර ෂෘධි බලයෙන් සත්ත්වයින් මරණයට පත්කිරිමටද පුළුවන්. එබද විටකදී ප්‍රාණගාත අකුසල කර්මය සිත යන ද්වාරය මුලික වී සිදුවෙයි.

විද්‍යාමය ප්‍රයෝගය-මන්ත්‍ර ගුරුකමි, බෙහෙත්ආදියෙන් මැරීම
මන්ත්‍ර ගුරුකමි ආදිය කර වස්කවි ආදියෙන් වචනයෙන් සත්ත්වයින් මරණයට පත්කල හැකි ක්‍රමයක් අද ද ඇත. එබදු ක්‍රමයක් භාවිතා කර සත්ත්වයින් මරණයට පත්කරනා  විටදී වචනය යන ද්වාරය මුලික කර ගනිමින් ප්‍රණගාත අකුසලකර්මය සිදුවේ.මේ ආකාරයට ප්‍රයොග යෙදීම තුලින් සත්ත්වයා මරණයට පත්වුවහොත් කර්ම පථය සමිපුර්ණ වී අකුසල කර්මය සිදුවේ. නැතහොත් ප්‍රවෘති විපාක පමණක් ලබාදෙන කර්ම සිදුවේ.

සත්ත්වයා මරණයට පත්වීම.
ඉහත කර්මපථය ක්‍රමිකව සමිපුර්ණවිම තුලින් යමි සත්ත්වයෙක් ඔබ අතින් මරණයට පත්වන අවස්තාවක දී ඔබ ප්‍රාණඝාත අකුසල කර්මය සිදුකර ගනියි. නැතහොත් ප්‍රවෘති විපාක පමනක් ඇතිවන කර්මයක් සිදුකර ගනියි.

ඉහත කර්ම පථය සමිපුර්ණ වීමකින් තොරව ඔබ ඇවිදන් යන අවස්ථ‍ාවක දී හෝ වාහනයක් පදවාගෙන යන අවස්තාවක දී එහි රෝද වලට යටවී යමි යමි සත්ත්වයින් මිය යා හැක. එම අවස්ථවේදී ඔබ තුල වූ චේතනාව ඇවිදීම නැතහොත් වාහනය පැදවීම යන්න වන නිසා එහිදී සත්ත්වයින් මිය යෑමෙන් අකුසල කර්මයක් සිදු නොව්. නමුත් ඔබ සත්ත්වයින් මැරීමට කියා ඇවිදින ලද්දේ නමි හා සත්ත්වයින් මැරීමට කියා වාහනය පැදවූයේ නමි එයින් පිළිවලින් කර්ම පථය සමිපුර්ණ වී අකුසල කර්මය සිදුවේ.

එබැවින් මෙම කර්ම පථය සමිපුර්ණ වීමෙන් තොරව ප්‍රථඝාත අකුසල කර්මයෙන් වෙන්වීමේ සික්ෂාපදය පලුදු නොවේ.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles