(පෙර ලිපි හා සමිබන්ධිතය)මින් පෙර ලිපියෙන් මිනිස් දිවිසේ ඇති දුර්ලභ බව හා කුසල මූලයන් හා අකුසල මූලයන් පිළිබඳව දැනුමක් ඇතිකර ගනු ලැබූ ආකාරය ඔබට මතක ඇති. ඒ අනුව ඔබ කුසල කර්මයන් රුස්කර ගැණිමට බලාපොරොත්තු වන්නේ නමි, ඒ සඳහා මාර්ගය භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත. එය වන්නේ සමිමා දිටිටිය, සමිමා සංකප්පය, සමිමා වාචාව, සමිමා කමිමන්තය, සමිමා ආජීවය, සමිමා වායාමය, සමිමා සතිය හා සමිමා සමාධියසංඛ්යාත ආර්‍ය අශ්ඨාංගික මාර්ගයයි. මේ ආර්‍ය අංශ්ඨංගික මාර්ගය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නගනුයේ ශිලය තුලින්, ඉන්ද්‍රිය සංවරය තුලින්, ප්‍රත්‍යවේක්ෂා කිරිම තුලින් හා භාවනාව තුලිනි. ඒ සඳහා අවශ්‍ය දැනුම මේබිලොගයෙන් ඔබට සපයා ඇත. මෙම මාර්ගයේ ගමන් ගැණිම තුලින් මාර්ග-ඵල අවභෝධය ලැබීමේදී ඒ ඒ තත්වයන් යටතේ භවය ක්ෂයකර දැමීම තුලින් සසර බිය නැතිකරගත හැක. සංසාරය නමි රෝගයට පිළියම වන්නේ එයයි.
ප්‍රතිසන්ධි විපාක හා ප්‍රවෘති විපාක
මේවන විට කර්මය ගැන සරල හෝ අදහසක් ඔබට ඇති බැවින් ප්‍රතිසන්ධි විපාක හා ප්‍රවෘති විපාක පිළිබඳව සරලව දැනගමු. මේ පිළිබදව මනා දැනුමක් ඇතිකර ගැණිමට නමි අභිධර්මය පිළිබඳව හොද අවභෝධයක් ඔබ සතුව පැවතිය යුතුය. අභිධර්ම යනු, ප්‍රඥා සමිප්‍රයුක්ත කුසල කර්මයක් කරගැණිමට ඔබට මහොපකාරි වන්නාවූ බුද්ධ භාශිතයන් අතරින් ප්‍රමුඛතම දේශනයකි.
81ක් වන ලෞකික සිත් අතරින් අකුසල සිත් (12) කාමාවචර කුසල් සිත් (08) රූපාවචර කුසල් සිත් (05) අරූපාවචර කුසල් සිත් 04 යන සිත් 29ය කර්ම සිත් වේ. මේ කර්මයන් සමිපුර්ණ බවට පැමිණි විට කර්ම පථ යැයි පවසනු ලබයි මෙයින් කර්ම පථ තත්වයට පැමිණියාවූ කර්ම, ප්‍රතිසන්ධි විපාක ලබා දීමට නොහොත් නැවත භවයක් උපදවීමට පටිචිච සමුප්පාදයේ සංඛාර පචිචයා විඥාන යන තැනෙහිදී උපකාරිවන අතර කර්ම පථ පුර්ණත්වයට නොපැමිනි කර්ම, ප්‍රවෘත්ති විපාක ලබාදීමට සමත් වේ. ප්‍රවෘත්ති විපාක යනු. මින් පෙර අපි සාකචිඡා කල පරිදි ජීවිත කාලයක් තුල එක් දිනයක් උදාහරණයට ගතහොත් එදින ඔබ ඉදිරියට පැමිණ සිටින්නාවූ සුඛ, දුක් හෝ උපෙක්ෂා සහගත විදීම වන්නේය.
මේ විදීම ඇතිවූ විට දී (නැතහොත් එම විදිමි සඳහා මූලික වන අරමුණු ඔබ වෙත එල්බ සිටි විට දී) එය මගින් නැවතත් කුසල කර්මයන් සිදු කර ගැනිමට හෝ අකුසල කර්මයක් සිදුකර ගැණිමට හෝ අව්‍යාකෘත කර්මයක් සිදුකර ගැණිමට ඔබට අවස්ථාව උදාවන්නේය.එක කුමක් බවට පරිවර්ථනය කරගන්නේද යන තෝරාගැණිමට ඔබට හැකියාවක් ඇත.සතිය නැතහොත් සිහිය අවශ්‍ය වන්නේ මෙම තොරාගැණිම නිවැරදි ආකාරයෙන් සිදුකිරීම පිණිසය.
මෙය උදාහරණයකින් පහදා ගමු. යමෙක් ඔබ ඉදිරියට පැමිණ ඔබට පහර දුන්නේ යැයි සිතමු. එම පහරකෑම තුලින් ඔබට උපදින්නාවූ දුක්ඛ දායක වේදනාව ඔබට උපන්නේ අතීත භවයේ ඔබ විසින් රුස් කල යමි කර්මයක විපාකයක් වශයෙනි. මේ විපාකය උපන්විට එය ඇතිකර දුන් අරමුණ හා ඒ විඳීම නැතහොත් වේදනාව ඇතිවිට, සුඛ වේදනාවට ම ඇලුමි කරන්නාවූ ඔබ එම සුඛ වේදනාවට ලොභයෙන්, හෝ ඒ එළඹ සිටි දුක් ගෙන දෙන්නාවූඅරමුණ කෙරේ ද්වේශයෙන්හෝ මෝහයෙන් යුතුව අකුසල මූල සිත් පෙරදැරිව යමි ක්‍රියාවන් කරන්නේ නමි, එයින් ඔබ නැවතත් අකුසල කර්මයන් රැස්වීම සිදුවන අතර ඒවායින් කර්ම පථ සමිපුර්ණ වන්නාවූ අකුසල කර්ම ප්‍රතිසන්ධි විපාක ලබාදීමට උපකාරි විය හැක.
එසේම කර්ම පථ සමිපුර්ණ නොවන්නා වූ කර්ම අනාගත භවයේ ප්‍රවෘති විපාක ලබා දීමට හේතුවනු ඇත. මෙහිදී අකුසල මූල සිත් නූපදවා. විදර්ශනාව වැඩිමෙන්, සතියෙන් හෝ, කරුණා දයාව ඇතිකර ගැනිමෙන් ඒසේ ඔබට පහර දුන් අය කෙරේ ඔබ මෛත්‍රීය පැතිරවුවහොත් එවන් විටක ඔබ විසින් අලෝභ, අදෝශ, අමොහ මූලික කුසල කර්මයන් එහිදී රැස්කරනු ලබයි. මේ ආකාරයට සෑම ක්‍රියාවක්තුලින්ම කුසල කර්මයක්, අකුසල කර්මයක් හෝ අව්‍යකෘත කර්මයක් රුස්වීම සිදුවන අතර, ඒ රැස්වන කර්මයන් ඊලඟ භවය නමි ගෘහය ඉදිකරන්නාවූ ගඩොල් බඳුවන්නේය.
මේ භවයේ ඔබ රැස්කරනා කර්ම සංඛයාත ගඩොල් එකිනෙක මත තැබීමෙන් අනාගත භවය නමි ගෘහයේ නිර්මාර්තෘ නැතහොත් මැවුමිකරු වන්නේ ඔබමය. මේ දුක්ගෙන දෙන ක්‍රියාවලිය අවසාන වනුයේ සතර මාර්ගය-සතර ඵලය හා අවසානයේ ලබන්නාවූ පරම සැනසීම වන පරම නිර්වාණධාතුව තුලින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ සංඛ්‍යාතසකල සංස්කාර ධර්මයන්ගේ නිස්සරණය ලැබිම තුලිනි. එබැවින් නියම විමුක්තිය ඇත්තේ කුසල කර්ම තුල හෝ අකුසල කර්ම තුල නොවන බවත් සියලු කුසල කර්ම අකුසල කර්ම අව්‍යාකෘත කර්ම සංඛයාත පටිචිච සමුප්පාදය නිරවශේෂ වශයෙන් නිරුද්ධ වී නැත්තටම නැතිවී යාම තුලින් වන බට ඔබ වටහාගත යුතුම වන්නේය.
මෙහිදී භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් මොහොතේ ශ්‍රී මුඛයෙන් දේශිත උදානය මෙහි සටහන් තැබීම වටී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ මේ කියු කරුණු පිළිබඳව නොවන්නේද කියා බලන්න?
අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබිබිසං
ගහකාරකං ගවෙස්සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිටිඨෝසි පුනගහේන කාහසි
සබිබා තේ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිතං
විසකාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගාතී.
මෙහි භාවය වන්නේ මෙයයි.
මම සසර නොයෙක් භවයන්හි මේ ගෙය නැමති සිරුර මවන වඩුවා කවුරුන්දැයි සොයමින් ඇවිද්දෙමි. ඒ මෙසේ මෙය නැවත නැවත හට ගැන්ම මහත් දුකක් වන බැවිනි.
තෘශ්ණාව නමි ගෙවල් මවන වඩුව, මම තොප හදුනා ගත්තෙමි. නැවතත් සිරුරු නැමති ගෙවල් තොපට ඉදිකල නොහැක්කේය. තොපගේ කෙලෙස් නමි වන ගෙවල් හදන උපකරණ මා විසින් විනාශ කරන ලදි.කැණිමඩලද වනසා දමන ලදි. මගේ සිත සංඛාර ඉපදීමෙන් තොර බවට පත් කරන ලදි. තෘශ්ණාවද සමිපුර්ණයෙන් ක්ෂය කරන ලදි. (ධමිමපදය/ජරාවග්ගය)
ඔබට නිර්වාණයම වේවා!!