Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

මේ තරමි මිනිස්සු ඉන්න ලොකේ මිනිස් දිවිය දුර්ලභයි කීම වැරදීමක් විය නොහැකිද?

$
0
0

මින් පෙර පලවූ ලිපි ද්විත්වයෙන් කුසල මූල හා අකුසල මූල පිළිබඳව සරල අවභෝධයක් අප ලබාගනු ලැබුවා. එම අවභෝධය ඇති ඔබට දැන් ඕනෑම ක්‍රියාවක් කුසල කර්මයක්ද නැතහොත් අකුසල කර්මයක්ද යන්න සොයා දැන ගැනීමට හැකියාව ඇත. මේ පිළිබඳව දැනුම වඩාත් පුළුල් වීමට නමි අභිධර්මය පිළිබඳව යමි අවධානයක් යොමුකරනා මෙන් ඔබට දන්වාසිටිනු ලැබේ. ඒ අනුව අද දින සලකා බැලීමට බලාපොරොත්තු වන්නේ මිනිස් දිවිය මෙතරමි දුර්ලභ යැයි ප්‍රකාශ කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවයි.

මින් පෙර ලිපි 

ේ ලිපිත් වැදගත්
මිනිස් දිවිය දුර්ලභ යැයි කිවිවට "ඔය ඕනතැමි මිනිස්සු ඉන්නේ අඩුවක් නතිව යැයි සමහරු කරනා ප්‍රකාශයන් ඇසී ඇත." මෙහිදී මිනිස් දිවිය සලාකා බැලිය යුත්තේ ක ජනගහනය හා සමිබන්ධ කර නොවේ. 

world population is the total number of living humanson Earth. As of today, it is estimated to number 7.074 billionby the United States Census Bureau (USCB) විකිපීඩියාවට අනුව ලොක් මිනිස් ජනගහනය කොටි හත්සියයක් නැතහොත් බිලියන 7කට මදක් වැඩි බදක්වා ඇත. මේ මිනිසුන් සමිබන්ධවය.

උදාහරණයක් සලකා බලමු ලොව එක මිනිසෙකුට කෘමි ගණත්වය ගණන්ගතහොත් ඒ පිළිබඳව මෙබදු දත්ත ඉදිරිපත් කර ඇත http://www.si.edu/Encyclopedia_SI/nmnh/buginfo/bugnos.htm
and for a current estimate of world population 
http://www.census.gov/ipc/www/popclockworld.html 

based upon the accuracy of the available measurements, we can say that there are between 150 million and 1.5 billion insects for every man, woman, and child.
-TeeGeeRoo 

මෙයට අනුව සෑම මිනිසෙකුටම කෘමියන් මිලියන 150 සිට බිලියන 1.5ක් දක්වා ප්‍රමාණයක් සිටිනා බව දක්වා ඇත. මේ ගණන්වල නිරවද්‍යතාවය කුමක් වුවත්, ඔබට ප්‍රකාශ කිරීම අවශ්‍ය වූයේ කෘමින් යනු ද පංචස්කන්ධ ධර්ම ම වන බවත් ඔවුන් ද රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ ආදියෙන් නිර්මිතව ඇති බවත්ය. මේ අනමතග්ග සංසාරය මුලුල්ලේ ඔබ ද මා ද අනන්ත වරක් කෘමින්ව සිට ඇත. දැන් සිටින කෘමින් ද මිනිසුන්ගේ සිට දිව්‍යරාජ පදිවි දක්වා කාමසුඛයන් භුක්තිවිද ඇත. එබැවින් මෙහිදී ඔබට පහදා දීමට අවශ්‍ය වුයේ. ඔබ හැරුණුකොට ලොවේ තවත් සත්ත්වයින් අසීමිත ප්‍රමාණයක් සිටිනා බවත් කෘමින්, තිරිසනුත්, පක්ෂින්, ජලයේ වාසය කරනා සත්ත්වයින්, උභය ජීවින් ආදී ඇසට පෙනෙන සත්ත්වයින් ද ඒ සත්ත්වයින් හැරුනු කොට ඇසට නොපෙනෙන, නිරයගත සත්ත්වයින්, ප්‍රේතයින්, අසුරකායික සත්ත්වයින්, යක්ෂයින්, භූතයින්, දෙවියන්, භ්‍රහ්මයන් ආදී මේ එක් ලොක ධාතුවක් තුල ඇති ලොවි 31 හි වසන්නාවූ සත්ත්වයින්ගේ ප්‍රමාණය කෙනෙකුට කියා නිමකල නොහැකි තරමි වන බවයි. එම සමස්ථ සත්ත්වයින් හා සංන්සන්දනාත්මකව බලනා කල මිනිසෙක් වශයෙන් ඔබට ලැබෙන අගය 0 කටත් අඩු අගයක් වනු ඇත. භාග්‍යවතුන්වහන්සේ එදා ඒ දේශනාකල මිනිස් බව දුර්ලභ යැයි කියනා කියමන වටහා ගැණිමට ඔබගේ අවභෝධය මෙපමණක් වීම ප්‍රමාණවත් වනු ඇත.

ේ ලිපිය කියවන්න
කවුරුන්ද මා ඔබේ 

විශ්වයේ පරිමාණය.මේ සබැඳියෙන් ඔබේ තරම ගැන යමි අවභෝධයක් ලබාගත හැක. (බැලිය යුතුමය)

නඛසිඛ සූත්‍රයේ සඳහන් පරිදි එක්තරා අවස්ථාවකදී ලොකවිදු ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස් ස්වල්පයක් ගෙන මහණෙනි මේ නිය පිට ඇති පස් ස්වල්පය යමි සේද මේ මහා ප්‍රථිවියේ ඇති පස් සියල්ල වේද මින් කුමක් විශාල වන්නේදැයි භික්ෂුන් වහන්සේගෙන් විමසා සිටි සේක.
එයට පිළිතුරු දෙමින් භික්ෂුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේට සැල කර සිටින්නේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස! ඔබවහන්සේගේ නිය පිට ඇති පස් ස්වල්පය මේ මහා පොලොවේ ඇති අති විශාල පස් හා සම කිරිමට හෝ තරමි නොවේ යන්නයි.

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනුයේ මහණෙනි යමිසේ මේ පෘථිවියේ ඇති පස් යමිතාක් වේද ඒ පස් කාම සුගතිගාමී සත්ත්වයින් නමි, මේ නිය පිට ඇති පස් ස්වල්පය යමිතාක් වේද භවයේ සැරිසරන්නාවූ සත්ත්වයින් අතරින් කාමසුගති ගාමී සත්ත්වයින් අතරින් එපමණ ස්වල්ප සත්ත්වයින් පිරිසක් පමණක් නැවත සුගතීගාමි වන බව හා අන් සියල්ලෝම සුගතියෙන් සුගතියට නොව දුගතියටම ගමන්ගන්නා බව දේශනාකොට ඇත. 

ඉහතින් අප කර්මය සමිබන්ධය ඔබගේ දෛනික වැඩ ලැස්තුව ගෙන කරනා ලද විශ්ලේෂණය අනුව, දිනක දී ඔබ විසින් කරන්නාවූ කාර්‍යන්ගෙන් 100% ක් බොහො දුරට අකුසල කර්ම ම වන බව ඔබ විසින් තේරුමි ගනු ලැබුවා. ඒ අනුව මිනිසක්ව සිටිනා සෑම මොහොතක් පාසා. කරන්නාවූ සෑම ක්‍රියාවක් පාසා. කියන්නාවූ සෑම වදනක් පාසා. සිතන්නාවූ සෑම සිතුවිල්ලක් පාසා රැස්වන සංස්කාර තුලින් මේ තනාගන්නේ ඔබගේ අනාගත භවය වන බව ඔබට දැන් පැහැදිලි වනු ඇත. මේ තනාගන්නා අකුසල කර්ම පිරි භවය අනාගත භවය ලෙස ඔබට ලබාදෙන්නේ දුගතිගාමී විඤ්ඤ‍ණයක් බව ඔබට දැන් පැහැදිලි විය යුතුය.

බැලූ බැල්මට මෙය අතිශොක්තියක් යැයි හෝ මෙහි එතරමි සැලකිය යුතු කරුනක් නැතැයි හෝ යමෙකුට සිතුනද ඉහතින් පහදා ගත් කරුණු හා මින්පෙර ලිපි මගින් ඇතිකරගත් දැනුම මත ඔබට භාග්‍යවතුන් වහන්සේගේ උපමාවේ ඇති නිරවද්‍යතාවය සනාථ විය යුතුය. බොහෝ දෙනා ඉදහිට දානයක් දී දනක් පිනක් කර, මලක් පහනක් පූජාකර දිව්‍යලෝක සමිපත්තිය විදින්නට බලා සිටිති. මෙතේ බුදුන් හමුවේ නිවන් දකින්නට බලා සිටිති. ඉහතින් කල පැහැදිලි කිරීම පහදා ගැණිමට තරමි ඔබ ප්‍රඤ්ඤා සමිප්‍රයුක්ත වූයේ නමි, එක් දිනකදී පමණක් ඔබ විසින් කරනා ක්‍රියාවන් තුලින් රැස් කරනා අකුසල මූල සමිප්‍රයුක්ත අකුසල කර්ම කෙතෙක්දැයි ඔබටම සිතා ගත හැක. වැඩි දෙනෙකුගේ සමිපුර්ණ දිනයම ලොභ, ද්වේශ, මොහ තුලින් උපන් අකුසලයක් මිස එහි කිසිදු කුසල මූලයක් නැත.

එවන් ඔබට දුගති ගාමීප්‍රතිසන්ධියක් ලැබෙන්නේ කෙසේද? (අබෞද්ධයෙකුට කියු බුදු දහම ලිපිපෙලේ පටිචිචසමුප්පාදයේ සංඛාර පචිචයා විඤ්ඤාණ කොටස කියවන්න)  යමි බදුනක් ඇතිනමි හා ඒ බදුනේ රතු මැණික් කැට 02 ක් පමණක් හා ඉතිරි ප්‍රමාණය කළු අගුරු කැබලි වලින් මුටිටිය පිරී ඇතිනමි, එක් වරකට මුටිටියෙන් එලියට ගන්නා දෙය මැනික් කැටයක් වීමේ සමිභාවිතාව ඉතාමත් අඩු අගයක පවතිනු ඇත. මෙසේ දෛනිකව ඔබ බුදුන් වැදීම පමණක් කරන අයක් නමි උදේ සවස බුදුන් වැදීම තුලින් උපන් කුසල කර්ම දෙකහි අගය 02 නමි ජීවිත කාලයම ඔබ විසින් මෙම ක්‍රියාව කලේ නමි ඔබේ කුසල කර්මයන්ගේ අගය 02 කි. දෛනිකව අන් සියල්ල අකුසල කර්ම නමි අහි අගය 98 යැයි කිව හැක. මෙහිදී සලාකා බැලිය යුත්තේ, බොහො දිනවල එකදු කුසල මූලයක් හෝ නැති විට එහි 100%ක්ම අකුසල කර්ම වීමය. එබදු විටක කුසල මූල දෙකෙහි අගය 0 වූ දිනයන්ද බොහො ඇත. එබැවින් මා ගන්නා උදාහරණයද සාධාරණ නොවේ. 

කෙසේ වුවද ඔබගේ සමස්ථ ජීවිතය සලකා බැලූවිට එහි කුසල මූලයන්ගේ අගය 02 නමි එය රතු මැනික් කැට 02 බදුනමි හා ඉතිරි අකුසල කර්ම අඟුරු කැට සම නමි, ප්‍රතිසන්ධි මොහොතේ ඔබ වෙත කුසල කර්මයක් එල්බ සිටීමේ සමිභාවිතාව කෙතරමි අවම අගයක්ද යන්න ඔබම සිතා බලන්න. ඒ මත භාග්‍යවතුන්වහන්සේඋදාහරණය කෙතෙරමි නිවැරදි වේද යන්න ඔබම සලකා බලන්න.

ඉන් අනුතුරුව මහා කාරුනික වූ භාග්‍යවතුන් වහන්සේ නැවත ප්‍රකාශ කර සිටින්නේ මහණෙනි මේ මහා පෘථිවියේ පස් යමිතාක්ද ඒතාක් සත්ත්වයින් දුගති වලම සිටිනා බවත් මාගේ නියපිට ඇති පස් යමිතාක්ද සුගතිගාමී සත්ත්වයින් එතරමිම අල්ප වන බවයි. 

මේ අනුව සුගතියක උපත ලැබීම, ඒ තුලිනුත් බුද්ධොත්පාද කාලයක උපත ලැබීම, සද්ධර්මය ශ්‍රවණය කිරිමට ලැබීම, ඒ සඳහා සුදුසු දේශයක උපත ලැබීම, ගොළු බිහිරි, කෙලතොලු නොවී ඉන්ද්‍රිය විකලත්වයකින් ොරවඋපත ලැබීම ආදී වශයෙන් යමෙක් උපත ලබයි නමි එහි ඇති දුර්ලභ බව ගැන කීමට කවර නමි කථාද?

ප්‍රිය මිතුනේ මිනිස් දිවිය එතරමි ම දුර්ලභය. අතිශය දුර්ලභ වටිනා අවස්ථාවකි. එහි වටිනාකම සිතාගත නොහැකි තරමේ එකකි. මිනිස් බව ලැබීමේ දුර්ලභ බව භග්‍යවතුන්වහන්සේ තවත් වරෙකදිඝ නිකායේ දක්වා ඇතිපරිදි දේශනා කරනුයේ. මහණෙනි ගොවියෙක් සිටී ගොවිකමි කරන්නාවූ ඔහුගේ විය දන්ඩ ගැලැවීගොස් ජලාශයන් හරහා ගසාගෙන ගොස් මහ මුහුදේ වැටෙයි. මහමුහුදේ වැටුනාවූ මේ විය දණ්ඩ මුහුසිවි දිශාවට ගසාගෙන යයි. එසේ විය දණ්ඩ ගසාගෙන යන අතරේ මේ මහ මුහුදේ එක්තරා කැස්බෑවෙක් සිටියි. මේ කැස්බෑවාගේ එක් ඇසක් කණවී ඇත. මේ කැස්බෑවා මුහුදෙන් පිටතට එන්නේ එක්කෝ අවුරුදු 100කට වරක්, 1000 කට වරක් හෝ 100000 කට වරක් නමි, මෙම මුහුදෙන් පිටතට එන කණ කැස්බෑ‍වාගේ පෙනෙන ඇස වියගසේ සිදුර හා ගැටී ඕ ට එයින් අහස පෙනීම සිදුවිය හැකි ක්‍රියාවක්ද යන්නයි. එයට භික්ෂුන්වහන්ටස් දෙන පිලිතුර වන්නේ භාග්‍යවතුන් වහන්ස අතිශය දුර්ලභව අවස්ථාවක් වන එය ඉතාමත් කලාතුරකින් වීමටද බැරි නැති බවයි.

එවිට භාග්‍යවතුන්වහන්සේ පවසන්නේ මහනෙණි එය යමි සේද, යමෙක් මිනිසත් බව ලැබීම ඊටත් වඩා දුර්ලභ වූ අවස්ථාවක් යැයි මම කියමි යයි සියල්ල තත් ආකාරයෙන් දන්නාවූ ලොක නාථයානන් වහන්සේ එවිට පිළිතුරු දුන් සේක.

මිනිස් භවයේ විශේෂත්වය
ප්‍රිය මිතුරනේ. එය එසේමය. මේ මිනිසත් බව තරමි දුර්ලභ දෙයක් තවද ඇත්තේ නැතැයි කිව හැක. කුසල කර්ම, අකුසල කර්ම අතරින් කුමක් රුස්කල යුතුද යන්න ඔබ විසින්ම තිරණය කල හැකි, කුසල විපාක අකුසල විපාක දෙකම ලැබෙන්නාවූ, ආශ්චර්‍යමත් අනාගත භවයක් ඉපදවීමට හැකියාව ඔබ සතුවම ඇත්තාවූ නැතහොත් භවයෙන් නිස්සරණය වීමේ හැකියාව ඔබ වෙතම පවරන්නවූ, ව්‍යාධි, ජරා, මරණ, ඉපදීම ආදී දේවදූතයන් නිරන්තරයෙන් ඔබව අමතන්නාවූ මෙබදු සුන්දර වූ දුර්ලභ වූ භවයක් ලැබීම අතිශය දුෂ්කරම වන්නේය. 

මෙවන් දුර්ලභ භවයක් ලත් ඔබ කල යුත්තේ කමිසැප විඳිමින් කාලම මැරීම නොවේ. මෙම කලාතුරකින් ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රථිපල නෙලාගැනිම සදහා, සද්ධමිම ශ්‍රවණය, කල්‍යානමිත්‍ර සේවනය, යොනිසෝ මනසිකාරය හා ධමිමානු ධමිම ප්‍රතිපදාවේ යෙදීමයි. එසේ දුර්ලභ අවස්ථාවෙන් නිසිපරිදි ප්‍රයොජනගන්නාවූ ඔබ නියත වශයෙන් මෙළොව වශයෙන්ද පරලොවි වශයෙන්ද ප්‍රිති වනු නොඅනුමානය.

මේ මැදින් පුරපොහොය දිනයේ ඔබසැමගේ සිත භව නිස්සරණයට යොමු වේවා! උතුමි නිවනින්ම නිවී සැනසෙත්වා!
තෙරුවන් සරණයි!

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles