මින් පෙර ලිපියෙන් අකුසල මූල පරීක්ෂාව සිදුකරගන්නා ආකාරය පහදාගනු ලැබූ ආකාරය ඔබගේ මතකයේ ඇති. එසේනමි;
දැන් යමක් කුසල කර්මයක් වන්නේ කෙසේද යන්න මැන බැලීම සිදුකරන ආකාරය පහදාගත යුතුය. යමි අරමුණක් ශඩායතනයේ ස්පර්ශ වූ විට තෘශ්ණාවන්ද, ඒ තෘශ්ණාවන් වර්ධනය වීමෙන් උපාදානයන් ද, ඒ උපාදානයන්ගේ මෙහෙයවීමෙන් කර්මයන්ද සිදුවන බව කලින් ප්‍රකාශ කෙරිණි. ඒ අනුව මේ සිදුවන ක්‍රියාවන් කුසලකර්මයක් හෝ අකුසල කර්මයක් බවට පත්කර ගැනීමේ හැකියාව ද ඔබ සතුව ඇත. කලින් සඳහන් කල ආකාරයට ලෝභය, ද්වේශය, මෝහය මූලිකව සිදුකරනු ලබන්නාවූ ඒ ක්‍රියාවන් තුලින් ජනිත වනුයේ අකුසල කර්මයන්ය. යමෙක් මෙම ක්‍රියාවන් සතිය නැතහොත් සිහිය පෙරටු කොටගෙන කරන්නේ නමි හෝ, ලෝක සත්ත්වයා සුවපත් කිරීම පිණිස කරුණා දයාව පෙරදැරිව කරන්නේ නමි හෝ, භව නිස්සරණය නැතහොත් භවයෙන් මිදීම මූලික කර ගනිමින් කරන්නේ නමි හෝ ප්‍රඥා සමිප්‍රයුක්ත උපෙක්ෂාව මූලික කර ගනිමින් කරන්නේ නමි, එයින් රැස්වන්නේ කුසල මූල මූලික වූ, කුසල කර්මයන් වන අතර, ඒ ක්‍රියාවන් සඳහා වක්‍රව හා සෘජු ලෙස උපකාරීවන ක්‍රියාවන්ද කුසල කර්මයන් ම වන්නේය.
ඔබ බුද්ධිමතෙක් නමි, ඉතා සුළු චින්තන වෙනසක් තුලින් ඔබට මුලු ජීවිතයම උඩු යටිකුරු කල හැකි බැවි මේ අනුව පැහැදිලි වනු ඇත. මෙය සිදු කරන්නේ කෙසේද යන්න සරලව සලකා බලමු. බුදු දහමේ උගන්වනු ලබන, පහදා දෙනු ලබන සාරය වන්නේද, විදර්ශනා භාවනාව වන්නේ ද මෙයයි.
කුසල මූලිකව ඇදුමි ඇඳීම
ඇදුම ඇඳීම සමිබන්ධව කලින් ගත් උදාහරණය ම උදාහරණයට ගනිමු. යමෙක් ඇදුමක් අදිනා විට ඔහුට එය මේ ආකාරයෙන් ද කල හැක, "මා මේ ඇදුම අදින්නේ ලස්සන වීමට නොවේ, අන්‍යන් අතර කැපී පෙනීමට නොවේ, ශරීරයේ අඩුතැන් පුරවාගෙන ලස්සන වීමට නොවේ. මා මේ ඇදුම අදින්නේ නියත වශයෙන්ම නව විවරයකින් අපවිත්‍ර වූ ද්‍රව්‍යන්ම වැගිරෙන දුටුවන්ට අප්‍රියතාවයක්, ලැජ්ජාවක් ඇති කරන මාගේ ශරීරය වසා ගැණිම පිණිසයි. මාගේ ශරිරය විවෘත වී තිබිම නිසා මැසි මදුරුවන්, අවිවෙන් වැස්සෙන් දුවිල්ලෙන් වන පිඩාවන් දුරුකර ගැණිම පිණිසයි. නිර්වාණ මාර්ගය ලැබිම පිණිසයි, කුසල ධර්ම සමිපාදනය කර ගැණිම පහසුවීම පිණිස අවශ්‍ය වන්නාවූ මේ ශරීරය රක්ෂා කර ගැණිම පිණිසයි."මේ ආකාරයන් සිතාද යමෙකුට ඇදුම ඇදිය හැක. දඅදුම අදිනා අවස්ථාවේ දී ඇතිවන මෙබදු සිතුවිලි මාලාවන් තුලලෝභය අන්තර්ගතව නැත. ද්වේශ සිතුවිලි ඇත්තේද නැත. මෝහ සිතුවිලි ඇත්තේද නැත. මෙය ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයයි. මෙම ප්‍රත්‍යවේකෂා ක්‍රමය ඔබගේ දෙනික වැඩ ලැයිතුව සඳහාම භාවිතා කල හැක.
නැතහොත් මේ ආකාරයෙන්ද ඒ ඇදුම ඇදිය හැක. මා ඇදුමක් අදිනවා අදිනවා යන්න මෙනහි කරමින් සතියෙන්ම මේ ඇදුම ඇදිය හැක. (භාවනා මැය යටතේ ඇති ලිපි කියවන්න)
බුදුබව වැනි තත්වයන් පතන්නාවූ අයෙක් වේ නමි, ලෝක සත්ත්වයාට උපකාර කරණු පිණිසත්, තවත් බොහෝ සත්ත්වයින් සසරෙන් එතෙර කිරිම පිණිසත් මේ ඇදුම ඇඳගෙන මාගේ කාර්‍යන් පහසුකරගන්නාවා කියා කරුණා දයාව මූලික කරගනිමින් ද ඇදුමක් ඇදිය හැක. මේ තුල ද, ලෝභය, ද්වේශය හෝ මොහයක් නැත.
තවත් ප්‍රඥාවන්ත අයෙකුට මා මේ ඇදුම අදින්නේ මාගේ මේ අනිත්‍ය වූ ශරීරය වසා ගැනිමටයි. මාගේ ශරිරය මෙන්ම මේ ඇදුම ද අනිත්‍ය යැයි සිතමින් එය ඇදිය හැක. එසේම ඇඳුම හා ශරීරයේ වන්නාවූ දුක්ඛ දායක බවත්, අනාත්ම බවත් මෙනෙහි කරමින්ද එය සිදුකල හැක. මෙය විද්ර්ශනාමය ක්‍රමයයි. මේ කවර ක්‍රමයක් තුල වුවද ලෝභය, ද්වේශය හෝ, මෝහය නැත. ඇත්තේ අලෝභ, අද්වේශ. හා අමොහමය වූ කුසල මූලයන්ය.
ඒ අනුව මෙම ස්ථානය පටිචිච සමුප්පාදයට සමිබන්ධ කර බලමු. අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ යන පටිචිච සමුප්පාද අරයට මෙම ස්ථානය සමිබන්ධ කල විට, ඉහත ප්‍රත්‍යවේක්ෂා ක්‍රම භාවිතා කරමින් ක්‍රියා කරන්නා තුල අවිද්‍යාවක් ඇතිනොවේ.ඔහු තුල ඇත්තේ ඇත්ත ඇති සැටියෙන් දැකිමේ විද්‍යාවයි. එවන් තැනැත්තා තුල ඇතිවන්නේ කුසලමය සංස්කාර ධර්මයන්ය. මෙම කුසලමය සංස්කාර නැහොත ක්‍රියාවන් තුලින් ජනිත කරනුයේ ද කුසලමය විඥානයන්ය. මේ කුසලමය විඤාණ තුලින් ඇතිකරනුයේ කුසලමය නාම-රෑප ධර්මයන්ය. එබදු නාම-රූප ධර්මයන් මගින් ඇතිකරන ශඩායතනය ඇති තැනැත්තා ප්‍රත්‍යාවෙක්ෂා ක්‍රමය භාවිතා කරනා විට ඔහු තුල ලෝභ, ද්වේශ, මොහ සංඛ්‍යාත අකුසල මූලයන් ඇතිවන්නේ නැත. එබැවින් ඔහුගේ උපාදානයන්, හා තෘශ්නාවන් ලිහිල් වී යයි. ඒවා කුසල පාර්ශවය අරමුනු කරමින්ම උපදියි. එවන් තැනැත්තා තුල කර්ම භවය ලිහිල් වෙයි, ජාතිය ක්ෂය වීමෙන් ජරා මරණ ආදියෙන් මිදීමට පත් වෙයි. මේ ආකාරයට බලනා විට, සියළු බුදුවරයානන් වහන්සේලා ගේ දේශනය වශයෙන් ඔබ දන්නා

සබිබ පාපස්ස අකරණං - කුසලස්ස උපසමිපදා
සචිත්තපරියෝ දපනං - ඒතං බුද්ධානු සාසනං
යන්නේ අර්ථය ඔබට දැන් පැහැදිලි විය යුතුය. එනමි සියළු අකුසල කර්මයන් නොකිරීමත් කුසල මූල තුලින් උපදින කුසල කර්මයන් සිදු කර ගැණිමත්, සිත ධමනය කිරීම හෙවත් ස්වභාවිකව අකුසල පාර්ශවික ක්‍රියාවන් සිදුවීමට ඇති නැඹුරුව මඟ හරිමින් විදර්ශනාමය හෝ සමථමය වශයෙන් හෝ ප්‍රත්‍යවේක්ෂා වශයෙන්, කුසලයන් සමිපාදනය කිරිමත් (භාවනාව) ඒ තුලින් භව රෝගය සුවකර ගැණිමත් සියළු භාග්‍යවතුන් වහ්නසේලාගේ දේශනයන්හි සාරංශයයි.
ඊලඟ ලිපිය සසර බිය, කර්මය හා මිනිස් දිවියේ දුර්ලභ බව