සත්ත්වයින්ගේ දිවිතොර කිරීම, සොරකමි කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, පරුෂ වචන කීම, පිසුන වචන කීම, සමිමප්පලාපය, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හා නියත මිත්‍යා දාශ්ඨිය ආදිය අකුසල කර්ම වශයෙන් හදුන්වනු ලබයි. (දශ අකුසල කර්ම පථ ඉදිරියේදී විස්තර කරනු ලබයි.) පොදුවේ විශේෂිත වූ මෙම කර්මයන් දශ කුසල කර්ම පථ 10 හා (දස කුසල කර්ම පථ පිළිබඳව පෙර ලිපියේ වස්තර ඇත) දශ අකුශල කර්ම පථ වශයෙන් හදුන්වනු ලබයි. මේ ප්‍රකට දශ කුසල කර්ම හා අකුසල කර්ම හැරුනු කොට එදිනෙදා ජීවිතයේ සිදුකරන්නාවූ යමි යමි කාර්යන් පිළිබඳව ඔබ මදක් හෝ සිතා බැලුවාද?
කාර්ය ලැයිස්තුව
නිදා ගැනීම, ඇවිදීම, ඇදුමි ඇඳීම, ආහාරපාන ලබාගැණිම, රෙදි සේදීම, ආහාර පාන පිලියෙල කිරීම, කථා කිරීම, දුරකථනයෙන් කථා කිරීම, ලිවීම, කියවීම, රුකි රක්ෂා කටයුතු කිරීම, දරුවන්ගේ කටයුතු කිරීම, ස්වාමිපුරුෂයා හා බිරිඳ සමග ශාරිරික වශයෙන් එක් වීම, ගේ දොර කටයුතු කිරීම, අධ්‍යාපනය ලැබීම, නෑම, වැසිකිලි කැසිකිලි ආදියට යෑම ආදී වශයෙන් දිනකදී ඔබ කරන්නාවූ යමිතාක් ක්‍රියාවන් සියල්ලම දිනය අවසානයේ ඔබ ලැස්තු ගතකලහොත් ඔබට ක්‍රියාවන් රාශියකින් යුත් ලේඛනයක් ලබාගත හැක. මේ ක්‍රියාවන් ඔබ වර්ග කරනුයේ කවර ආකාරයකටද?
කාර්යන් වර්ගීකරණයට ලක් කිරීම
කර්මය පිළිබඳව නිවැරදි අවභෝධයක් ලබාගැනීමට නමි මෙම ක්‍රියාවන් සියල්ල වර්ගීකරණයට ලක්කල යුතුය. ඔබ විසින් කරනු ලබන්නාවූ මේ සෑම ක්‍රියාවක්ම කුසල කර්ම, අකුසල කර්ම හෝ අව්‍යකෘත (කුසල හෝ අකුසල නොවන කර්මයක්) වශයෙන් වර්ගීකරණයකට ලක්කල හැක.
මේ වර්ගීකරණය පිණිස උපයෝගී කරගත හැකි පරීක්ෂණය වන්නේ කුසල මූල හෝ අකුසල මූල පරීක්ෂණයයි. කුසල මූල වශයෙන් හදුන්වනු ලබන්නේ අලෝභ, අදෝශ හා අමොහ යන චේතනාවන් මූලික කරගනිමින් කරන ලබන්නාවූ ක්‍රියාවන් වන අතර අකුසල මූල වශයෙන් හදුන්වනු ලබන්නේ ලෝභ, ද්වේශ මෝහ චේතනාවන් මූලිකව කරනු ලබන්නාවූ ක්රියාවන්ය.
කුසලාකුසල මූල පරීක්ෂණය
ඇස, කණ නාසය, දිව, ශරීරය, මනස යන ශඩායතනයේ රූප, ශබිධ, ගණ්ධ, රස, ස්පර්ශ, හා ධමිම යන අරමුණු ස්පර්ශ වූ විට වේදනාවක් ඇතිවන බවත් මේ වේදනාව නිසා තණ්හාවක් උපදින බවත්, මේ තණ්හාව නිසා උපාදාන ඇතිවන බවත්, මේ උපාදාන නිසා කර්ම භව රුස්වන බවත් ඔබ දැන් දන්නා කරුණක් (ඒවා සිදුවන ආකාරය අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙලේ විස්තර කොට ඇත) මේ ආකාරයට උපාදාන ඇතිවූ විට එයින් මෙහෙයවනු ලබන්නා යමි යමි ක්‍රියාවන් සිදුකරනු ලබයි. දිනකදී ඔබ විසින් සිදුකරනු ලබන්නාවූ යමිතාක් ක්‍රියාවන් ඇතිද ඒ සෑම ක්‍රියාවක්ම මේ උපාදානයන්ගේ මෙහෙයවීම තුලින් ඔබ විසින් සිදු කරනු ලබන්නාවූ ක්‍රියාවන්ම වන්නේය. එය සිදුවන අකාරය උදාහරණයක් මගින් පහදා ගමු.
ඇදුමි ඇඳිමෙන් භවය තැනේ.
උදාහරණයක් ලෙස ඔබ උදේ රැකියාව සඳහා පිටත්ව යෑමට ලස්සන ඇදුමක් අදින්නේ යැයි සිතමු. ලස්සන නැමති සංඥාව කෙරෙහි ඔබේ ඇත්තාවූ උපාදානය නිසා නැත්නමි දැඩි කැමැත්ත නිසා ඔබ ලස්සන ඇදුමක් අදිය යුතු යැයි සිතයි. ඔබ ඒ ලස්සන ඇදුම ඇදීමට ඇති අවශ්‍යතාව නැතහොත් චේතනාව තුලින් මෙහෙයවීමෙන් ලස්සන ඇදුමි ඇදීමට මුදල් සේවීම, ඒ මුදල් සෙවීමට රැකි රක්ෂා කිරීම, රැකි රක්ෂා කිරීමට අධ්‍යාපනය ලැබීම, අධ්‍යාපනය ලැබීමට වෙහෙස වීම, කෑම බීම ගැනීම, නිදා ගැනීම, විවාහ වීම, ශරීරය පවත්වාගෙන යෑම, එසේ ශරීරය පවත්වාගන යෑම පිනිස නෑම, මුල මුත්‍ර පහ කිරීම, ලිවීම, කියවීම, ඇවිදීම, ආදී වශයෙන් කරන්නාවූ ක්‍රියාවන් රාශියක් සිදුකරනු ලබයි. මේ එක් එක් ක්‍රියාවක් වෙන වෙනමත්, මේ එක් එක් ක්‍රියාවන් පොදුවෙත් ලස්සන ඇදුමක් ඇදීමට ඇති කැමැත්ත නමි වන උපාදානය සපුරා ගැණිම පිණිස ඔබ විසින් සිදුකරනු ලබන්නාවූ ක්‍රියාවන් වේ.
මින්පසු බැලිය යුත්තේ ලස්සන ඇදුමක් ඇදීමට ඇති කැමැත්ත යන්න කුසල මූල චේතනාවකට ප්‍රත්‍ය වේද අකුසල මූල චේතනාවන්ට ප්‍රත්‍ය වේද යන්නයි. ලස්සන වීමට ඇති කැමැත් යන්න ලෝභය මුල්කරගත් සිතුවිල්ලක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. නැතහොත් ද්වේශය මූලික කරගනිමින්ද එය ඇතිවිය හැක. මෙන්වන් අවස්ථවක් කරේ අවධානය යොමු කරන්න. ඔබේ හොඳම මිතුරා හෝ මිතුරිය යැයි හදුන්වාගන්නා යමෙක් වේ නමි, ඕ ලස්සන ඇදුමකින් සැරසී පැමිණිම නිමා එය ඉවසීමට නොහැකි ඔබ කෙරේ උපන් තරහ සිත හෝ ඊර්ශ්‍යා සහගත සිත් හෝ මාන සිත් ඇතිවිය හැක. එවන් ඔබ එයටවඩා හොඳ ඇදුමක් ඇදිය යුතුයැයි සිතන්නේ නමි, ඒ තුල ඇත්තේ ද්වේශය හෝ මොහය කැටිකරගත් සිතුවිලි පරමිපරාවකි. මොහයෙන් යුතුව ඇදුමි ඇදිය හැකි තවත් ආකාරයක් ඇත. මෙය මොඩ උපෙක්ෂාව නැතහොත් අඥාන උපෙක්ෂාවක් වශයෙන් හැදින්විය හැක. යමෙක් යමි අරමුණක් කෙරේ උපෙක්ෂාව ඇතිකරගත යුතතේ එහි ඇති අනිත්‍ය, දුක්ඛ, අසාර බව, පෙරළියන ස්වභාවය ආදී විදර්ශනාමය සිතුවිලි තුලින් වන අතර එසේ නොමැතිව ඇතිකර ගන්නා උපෙක්ෂාව මොහමූලික විය හැක. උදාහරණ ලෙස යමෙක් ලොභයක් හෝ, ද්වේශයක් ද නැතිව, අලෝභයක්, අද්වේශයක් හෝ අමොහයක් ද නැතිව නිකං අදින්නංවාලේ ඇදුමක් අදින්නේ නමි එහි ඇත්තේ මොහ මූලයකි. මේසේ මොහ මූලිකව, ලෝභ මූලිකව හෝ ද්වේශ මූලිකව ඇදුම ඇදීමත්, ඒ ඇදුම ඇදීම සඳහා සෘජු ලෙස හෝ වක්‍ර ලෙස ඔබ කරන්නාවූ ක්‍රියාවන් සියල්ල තුලින්ම ජනිත වනුයේ අකුසල කර්මයන් වේ.
මේ කතිකා කරනු ලැබුවේ ඔබ විසින් කරනු ලබන්නාවූ යමි ක්‍රියාවක් අකුසල කර්මයක් වන්නේ ද කුසල කර්මයක් වන්නේ ද යන්න මැන බලනා ආකාරයි. ඒ අනුව ඔබ විසින් කලින් සකස් කරනු ලැබූ ලැයිස්තුව තුල සමහර විට නැතහොත් බොහො විට එකදු කුසල කර්මයක් හෝ සොයාගැණිමට ඔබට නොහැකි වනු ඇත. කර්මය පිළිබඳව සාකචිඡා කිරීමෙ දී සසර බය ඇතිවන බව පැවසූවේ මෙබැවිනි.
ඒ අනුව ඕනෑම ක්‍රියාවක් ගෙන එය අකුසල කර්මයක්ද යන්න මැන බැලීමේ හැකියාව ඔබට දැන් ඇත.