ශිලය සඳහා කර්මයේ පරිචය.
ශීලය පිළිබඳව සාකචිඡා කිරීමේ දී කර්මය සමිබන්ධව ද යමි පමණක හෝ මූලික දැනුමක් තිබීම වැදගත් වනු ඇත. මෙහි දී කර්මය පිළිබඳව වැඩි යමක් කථා නොකරන නමුත්, සිල් පද එකිනෙක ගෙන සාකචිඡා කර බැලීමට ප්‍රථම ශීලය පලුදු වන්නේ කෙසේද නැතහොත් සීලයබිඳීමට පත්වන්නේ කෙසේද යන්න පිළිබඳව අවභෝධයක් ලබාගැන්මට කර්ම පථ සමිපූර්ණ වන්නේ කෙසේද යන්න දැන සිටිය යුතුය. ඒ පිළිබඳව මනා අවභෝධයක් ලබාගැණිමට නමි, ප්රතිසන්ධි විපාක හා ප්‍රවෘති විපාක පිළිබඳව ද දැනගෙන සිටීම වැදගත් වනු ඇත. මේ පිළිබඳව දැන ගැනීම සඳහා අවශ්‍ය වන්නාවූ කර්මය පිළිබඳ මුලික අවභෝධය මෙතැන් සිට ලබාගනිමු.කර්මය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
කර්මය යන වදන අසා බොහෝ පලපුරුදු මාතෘකාවක් වුව ද ඒ පිළිබඳව යමි පමණක හෝ අවභෝධයක් ඇත්තේ ඉතාමත් සුළු පිරිසකට පමණි. කර්මය පිළිබඳව යමි අවභෝධයක් ලබාගැනීමට යෑමේ දී සසර බිය ජනිත වන බැවින් හා වර්ථමානයේ සසර බිය දනවන ධර්ම කරුණු සාකචිඡා කිරීමට පැවිද්දන් පවා වැඩි මනාපයක් නොදක්වන බැවින් කර්මය පිළිබඳව නිවැරදි අවභෝධය ඇති පිරිස දුලබ වී ඇත. කෙසේ වෙතත් කර්මයේ නියම ස්වරූපය ඉතා සරලව මෙන්ම ඉතාමත් පැහැදිලිව වටහාගත හැක. මෙතැන් සිට ඒ පිළිබඳව සලකා බලමු.
මල්පහන් පිදීම, බුදුන් වන්දනා කිරීම, සිල් රුකිම, දානයන් දීම, භාවනා කිරීම, පිදිය යුත්තන් පිදීම, පෙහෙවස් සමාදාන වීම, ධර්මය ශ්‍රවණය කිරීම, කුසල ක්‍රියාවන් අනුමෝදනා වීම ආදී වශයෙන් වන්නාවූ කුසල කර්ම වශයෙන් හදුන්වනු ලබන සියල්ලක්මත් කර්ම වශයෙන්ම ගනන් ගනු ලබයි. කුසල හා අකුසල වශයෙන් හදුන්වන මුත් කර්මය යන්නෙන් අදහස් වන්නේ ක්‍රියාවන් ව්. මෙයින් යහපත් විපාකයක් ලබාදෙන යහපත් ක්‍රියාවන් කුසලකර්ම වහයෙන් හදුවනු ලබන අතර, අයහපත් විපාක ලබාදෙන අයහපත් ක්‍රියාන් අකුසලකර්ම වේ.
මෙහි දී දශ කුසල කර්මපථ වශයෙන් හදුන්වනු ලබන්නාවූ කුසල කර්මයන් 10 ක් ද ඇත. ඒවා පහත පරිදිවේ. පහත ලිපි කියවීමෙන් ඔබට ඒ පිළිබඳව අවභෝධයක් ලබාගත හැක.
දාන
දානය යනු වසතූන් පරිත්‍යාග කිරීමයි. එසේ වස්තූන් පරිත්‍යාග කරන අවස්ථාවේ උපදින කුසල සිත්හි සමිප්‍රයුක්ත චේතනාව දානමය කුසලකර්මය වේ.
දානය පිළිබඳව දැන ගැණිමට මෙම ලිපි කියවන්න.
ශිල
ශිලය සමිබන්ධව ඔබට මෙම ලිපි පෙළෙන් දැනුම ලබාගත හැක.
භාවනා
නිර්වාණය පිණිස හා සමිමා සමාධිය ලැබීම පිණිස, සිත විසිරී යන්ට නොදී එම අරමුණේම නැවත නැවත යෙදවීම භාවනා නමිවේ.
භාවනා සමිබන්ධව මෙම ලිපි කියවන්න.
අපචායන
අපචායන කුසල කර්මය යනු. බුද්ධ, ධමිම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරේ හා දෙමාපියන් වැඩිහිටියන් ආදීන්ට ලාභ කිර්ති අපෙක්ෂාවෙන් තොරව, දැක හුනස්නෙන් නැඟී සිටීම, ආචාර කිරීම, වන්දනාමාන කිරීම ආදියයි.
මේ ලිපි කියවන්න
වෙය්යාවචිච
එනමි තුන්රුවන, මවිපියන්, වැඩිහිටියන් ගිලනුන්, මහල්ලන්, ආදී සත්කාර කලයුත්තන්ට, කරුණා දයාවෙන් යුතුව, කර්ම ඵල අදහමින් උපකාර කිරීම, වත්පිලිවෙත් කිරිම හා සත්කාර කිරීම ආදියයි.
පත්තිදාන
තමා විශයේහි උපන්නාවූ කුසල කර්මයන් අන් අය කෙරේ සාධාරණකොට පැවරීම නැතහොත් පුණ්‍යානුමොදනා කිරීම මෙනමින් හැදින්වේ. ඒ පිළිබඳව අවශ්‍ය දැනුම ඇතිකර ගැණිමට ඔබට මේ ලිපි පෙල උපකාරී වනු ඇත.
පත්තානුමොදනා
අනුන් විසින් පමුනුවන ලද කුසලය අනුමොදනා වීම මෙනමින් හැදින්වේ. මෙය වන්නේ මෙසේය. ඔබ යමෙකුට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උපකාර කලා යැයි සිතමු. ඔහු කාලයක් ධමිමානු ධමිම ප්‍රතිපදාව පිලි පැදීම තුලින් යමි දියුණුවක් අත්පත් කරගත්තේ නමි හා. ඔහු ඔබ හමුවී, ඔබ කල උපකාරය නිසා මට මෙබදු අකාරයේ මෙබදු ආකාරයේ දියුණුවක් ලබාගැණිමට හැකිවූවා. නැතහොත් මෙබදු කුසල කර්ම රුස්කර ගැනීමට හැකිවූවා යැයි යමි විටක විස්තරාත්මකව ප්‍රකාශ කරන්නේ නමි. එම කුසල කර්මය ඔබ හේතුවෙන් ඔබ මූලික වීමෙන්සිදුකරගන්නා ලද කුසලකර්මයක් බැවින් එම පින ඔබට අනුමොදනා වීමට හැකියාවක් ඇත.
එලෙසින්ම යමෙක් තමා යමි කුසල කර්මයක් රුස්කර ගන්නා ලද ආකාර ඔබට විස්තර කරමින් පවසන අවස්ථාවිදී ඔහු ප්‍රකාශ කරන්නාවූ ඒ කුසලකර්මයට අනුරූපව ඔබතුලත් කුසලමය සිතුවිලි උපත ලබන බැවින් ඒ කුසලමය සිතුවිලි උපදින අවස්තාව පුණ්යානුමොදනාවීමේකුසලකර්මය සිදුවන අවස්ථාව ලෙස සැලකිය හැක.
එසේ නොමැතිව යමෙක් ඔබ කරා පැමිණ මම දානයක් දුන්නා. නැතහොත් ඔබ නිසා මම දියුණු වුවා පින් අනුමෝදනා වන්න කියා කියූ පමණින් ඔබට පින් අනුමොදනා වීමට නොහැක.
ධමිමසවණ
ධර්මය මෙනෙහි කරමින් ධර්ම කරුණු අවභෝධ කර ගැණිම තුලින් සිත තුල උපදිනා ප්‍රසාද ජනක සිතුවිලි ධම්ම ශ්‍රවණ කුසලකර්මයයි.
ධමිම දේශනා
ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා ආදිය නොතකා ධර්ම දේශනා කිරීම තුලින් හා ඒ සමිප්රයුක්තව උපදින්නාවූ කුසල කර්මයන් ධමිමදේශනා කුසල කර්මයයි.
මේ සඳහා මෙම ලිපි පෙළ කියවන්න.
දිටිඨුජ්ජු කමිම
දෘශ්ටිය සෘජුකර ගැණිමයි. දස වස්තුක සම්‍යක් දෘෂ්ටිය හා චතු සත්‍ය පිළිබඳ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව තමාගේ දැක්ම සෘජුකර ගැනීම මෙම කුසල කර්මයයි.
මේ පිළිබඳව දැනුමක් ඇතිකර ගැණිමට මෙම ලිපි පෙල කියවන්න.
http://www.budurashmiya.net/2013/03/blog-post_3742.html
ඉදිරි ලිපියෙන් කර්ම තුලින් භවය ගොඩනැගෙන ආකාරය...
ඉදිරි ලිපියෙන් කර්ම තුලින් භවය ගොඩනැගෙන ආකාරය...