Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

ආනාපාන සතිය සමිබන්ධ විශේෂිත කරුණු.

$
0
0
අනාපානසතිය තුලින් උපදවනු ලබන්නාවූ ධ්‍යානය ශක්තිමත් ධ්‍යානයකි. පහසුවෙන් බිඳනොවැටෙන ධ්‍යානයකි. එබැවින් මෛත්‍රී ආදී ධ්‍යාන ලබා පලපුරුද්දක් ලබා ඇති පිරිස් පවා අනාපානසති ධ්‍යානය උපදවීමට උත්සුක විය යුතුය. වැදගත්ම කරුණ වන්නේ කිනම් භාවනාවක් හෝ භාවිතා කර ප්‍රථම ධ්‍යානය උපදවා ගැනිමයි. මෙසේ යම් භාවනාවකින් ප්‍රථම ධ්‍යානය උපදවාගනු ලබන්නාවූ අයෙකුට ඉතා පහසුවෙන් අන් කිනම් අරමුණක් තුලින් වුවද සිත ධ්‍යාන ගත කිරීමට පහසුවනු ඇත. එවන් අයෙකුට කිරීමට සිදුවන වැදගත්ම කරුණවන්නේ ධ්‍යානංග 05 වෙන් වශයෙන හදුනාගැනීමට සිදුවීමයි. මෛත්‍රී භාවනාවේ ධ්‍යානංග අත්දකිනා ආකාරයට වඩා වෙනසක් ආනාපානසතියේ ධ්‍යානංග වල ඇත. මේ භාවනා දෙකටම වඩා පිළිකුල් භාවනාවේ ධ්‍යානංග වල වෙනසක් ඇත.

එබැවින් කිනම් භාවනාවක් තුලින් හෝ සිත ධ්‍යානයට පත්කර ගන්නා අයෙකුට අරමුණක් බාවිතා කර සිත ධ්‍යානයට පත්කිරීමට පහසු විය හැක. නමුත් ධ්‍යානංග පැහැදිලිකර ගැනීම තරමක අභියෝගයක් විය හැක. ඒ සදහා අනුගමනය කල යුතු වැඩ පිළිවල වන්නේද ධ්‍යානය වශීකිරීම සඳහා මින් පෙර මෛත්‍රී ධ්‍යානයේ දක්වන ලද වැඩපිලිවලමය. ඒ අනුව පිළිපදිනා අයෙකුට ධ්‍යානංග පැහැදිලි වනු ඇත.

ධ්‍යාන සම්බන්ධයෙන් කීමට ඇති දෑ බොහොමයක් මේවන විට කියා ඇති බැවින් මෙහි සදහන් කිරීමට ඇත්තේ විශේෂිත කරුණු ඇත්නම් ඒ පිළිබදව පමණි.

ආලෝකය
ආනාපානසතිය වඩනා යොගාවචරයාට අත්දැකීමට ලැබෙන්නාවූ ප්‍රධානතම උපකේලේශ ධර්මයක් ලෙස නිකාන්තිය දැක්විය හැකිය. එනම් භාවනාව තුලදී ඇතිවන්නාවූ ආලෝකයයි. මෙම ආලොකයන්ට නොඇලිය යුතුය. මෙම ආලෝකය භාවිතාකොට විවිධ අත්දැකීම් ලැබීමටද අයෙකුට හැකියාව ඇත. යමෙකුට භාවනා කරනා අවස්ථාවේ ඇතිවන ආලෝකය අදිශ්ඨාන කර සුදුස්සක් කිරීමට හැකියාවක් ඇත. නලල දෙසින් පෙනෙනා ආලොකය හෘර්ධය දෙසින් පෙනෙන්නට අදිශ්ඨාන කර එම ආලොකය හෘර්ධය දෙසට ගෙන යෑ හැකිය. හෘර්ධය දෙසින් පෙනෙනා ආලොකය හිස මුදුන, ශරිරය ඉදිරි පස, පිටුපස, නාසය මුල ආදී නැත් වලට අදිශ්ඨාන කල හැකිය. එය කැමති තාක් විශාල කල හැකිය. කැමති තාක් කුඩා කල හැකිය. එයට කැමති වර්ණයක් වේවා කියා වර්ණය අදිශ්ඨාන කල හැකිය. මේ අත්දැකීම සියල්ලන්ට ලද හැකි යැයි නොකියමි. නමුත්   අත්දැකිය හැකි අත්දැකීම් බව දත යුතුය. මේ කරුණු මෙහි සඳහන් කලේ ආලෝකය සම්බන්ධය කථා කල බැවිනි. සමථ භාවනාවේදී ඇතිවන මෙම ආලොකය නොසලකා හැර දිගටම භාවනා කල යුතු වන්නේය. එයට ඇලෙන්නට ගියහොත් භාවනාවෙන් පිරිහෙන්නට සිදුවනු ඇත.

නිමිත්ත.
ආනාපානය වඩමින් යන යොගාවචරයාට සිත ධ්‍යානගත වීමට ආසන්න වන උපචාර සමාධි මට්ටමේදී නිමිත්තක් ඇතිවිය හැක. නාසය තුලින් ජලධාරාවක් ගලායනනා මෙන්ද නාසයේ සිට පෙනහළු දක්වා බට මාර්ගයක් වැටී ඇතිමෙන්ද, මුතු පොටක් අදී යන්නා මෙන්ද, සිහින් නූලක් ඇදෙන්නා මෙන්ද මේ ආදී වශයෙන් විවිධ නිමිති ඇතිවිය හැකිය. මෙබදු නිමිති ගැන එතරම් සැලකිලිමත් වීමට යා යුතු නොවේ. ඇතිවන යමක් ඇත්නම් ඇතිවන්නට දී නැතිවන යමක් ඇත්නම් නැතිවන්නට දී, මනා සිහියෙන් තමාගේ  භාවනා අරමුනේ මනාව සතිය පිහිටවිය යුතුය.

ආනාපාන ධ්‍යානය.

උපචාර සමාධිය ඉක්මවා යන යම් අවස්ථාවදී සිත ඇතුලට එබීගොස් සිත ධ්‍යානයට පත්වන ආකාරය යමෙකුට අත්දැකිය හැක. මෙවන් අත්දැකීමක් ලද අයෙක් නැවත නැවත එම අත්දැකීම භාවිතා කල යුතුය. බහුලීකරණය කල යුතුය. ප්‍රථම ධ්‍යානය වශිකර ගත යුතුය. ධ්‍යානංග ප්‍රත්‍යෙවක්ෂා කල යුතුය.

ඊලඟ ලිපිය ආනාපානසතිය වැඩීමට ක්‍රමයක්.

මේතාක් ලිපි පෙළ ගැස්ම.
  1. ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
  2. ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය) 
  3. සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය) 
  4. නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය 
  5. හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා 
  6. රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා 
  7. කසින භාවනා 
  8. මනෝ නිර්මාණකරණ භාවනාව. 
  9. මනෝ නිර්මාණකරණ භාවනාවේ මුල් පියවර 
  10. මනෝ නිර්මාණකරන භාවනාව ක්‍රියාකාරී අවස්ථාව 
  11. මෛත්‍රී භාවනාවේ ආනිසංශය
  12. ධ්‍යාන හා ධ්‍යානංග
  13.  “සුවපත් වේවා!!“ යැයි මතුරමින් සිටීමෙන් ඇතිවන ඵලය කුමක්ද?  
  14. ධ්‍යානයට පෙර ප්‍රාථමික සමාධිමට්ටම් වල ස්වරූපය
  15. මෛත්‍රී ධ්‍යානයේ ස්වරූපය 
  16. ප්‍රථම ධ්‍යානය වශී කිරීම
  17. ඉහල ධ්‍යානයකට සිත පත්කිරීම 
  18. ආනාපානසති ධ්‍යානය උපදවීම  

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles