Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

ආනාපානසති භාවනා ක්‍රමයක්.

$
0
0
මේතාක් ලිපි පෙළ ගැස්ම.
  1. ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
  2. ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය) 
  3. සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය) 
  4. නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය 
  5. හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා 
  6. රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා 
  7. කසින භාවනා 
  8. මනෝ නිර්මාණකරණ භාවනාව. 
  9. මනෝ නිර්මාණකරණ භාවනාවේ මුල් පියවර 
  10. මනෝ නිර්මාණකරන භාවනාව ක්‍රියාකාරී අවස්ථාව 
  11. මෛත්‍රී භාවනාවේ ආනිසංශය
  12. ධ්‍යාන හා ධ්‍යානංග
  13.  “සුවපත් වේවා!!“ යැයි මතුරමින් සිටීමෙන් ඇතිවන ඵලය කුමක්ද?  
  14. ධ්‍යානයට පෙර ප්‍රාථමික සමාධිමට්ටම් වල ස්වරූපය
  15. මෛත්‍රී ධ්‍යානයේ ස්වරූපය 
  16. ප්‍රථම ධ්‍යානය වශී කිරීම
  17. ඉහල ධ්‍යානයකට සිත පත්කිරීම 
  18. ආනාපානසති ධ්‍යානය උපදවීම  
  19. ආනාපානසිතිය සම්බන්ධ විශේෂිත කරුණු
ආනාපානසතියේ දී;
01)ආස්වාස ප්‍රශ්වාස කාය යනු වායෝ ධාතුවයි. භාහිර ලොකයේ ඇති වායෝ ධාතුව හා මේ ශරිරයේ ඇති ආශ්වාස ප්‍රාස්වාස වායෝ ධාතුව ධාතු වශයෙන් සමය. භාවනාවේ දිගින් දිගටම නියුතුවීමේදී ඇතිවන අත්දැකීමි මත, මේ කරුනු ඔබට ප්‍රත්‍යක්ශ අවභෝධයක් බවට පත්වනු ඇත. නමුත් සමථ වශයෙන් ආනාපානසතිය වැඩීමේදී ධාතු ලක්ෂණ මෙනෙහි කරනු නොලැබේ.

02)ඔබ මේ වඩන්නේ විදර්ශනා වශයෙන් ආනාපානසතිය නොවේ. මේ වඩනුයේ ආනාපානසති සමථයයි. සමථ වශයෙන් ආනාපාන සතිය වැඩීමේ දී හා විදර්ශනාමය වශයෙන් වඩනා ආකාරය අතර වෙනසක් ඇත. 

03)යමි  පතපොත කියවා ආනාපානසතිය වඩනා විටදී භාවිතාකරනා ගණන් කිරීමේ ක්‍රම, නාසයේ මුල, මැද, අඟ වැදීමේ ක්‍රම, පිමිබීමි හැකිලීමි ක්‍රම ආදී වශයෙන් වන්නාවූ බොහෝ ක්‍රම ඔබ දැන සිටීමට හැකියාවක් ඇත. ඒ සියල්ල පසෙකින් තබා පහත ප්‍රකාශ කර ඇති ආකාරයෙන් භාවනාව කල යුතුය. 

04)සියළුම ආනාපානසති ක්‍රම එක්කොට භාවනා කිරීම සුදුසු නොවේ. එබැවින් මෙම භාවනාව වඩන්නේ නමි එම භාවනාව පමණක් වැඩීම කල යුතුය.

05)එය නැවත නැවත වැඩිය යුතුය. බහුලීකරණය කල යුතුය.


ආනාපානසති පරිකමිම භාවනාව
01)පුර්ව කෘත්‍ය කල යුතුය.

02)පලඟක් බැඳ ශරිරය සෘජුවතබා ගෙන සතිපටිඨාන සූත්‍රයේ දක්වා ඇති පරිදි හිදගත යුතුය යුතුය. (භාවනා අත්පොත කියවා ගන්න.) 

03)චතුර් ආරක්ෂක භාවනාව වැඩිය යුතුය.

04)ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය සිදුවන ආකාරය මදවේලාවක් නිසොල්මන් සිතින් බලා සිටිය යුතුය. 

05)අනතුරුව ආශ්වාස රුල්ල සමඟ බුද්ධෝ, ධමිමෝ, සංඝෝ වශයෙන් මෙනෙහිකල යුතුය. ප්‍රාස්වාස රැල්ල සමඟ සංඝෝ, ධමිමෝ, බුද්ධෝ වශයෙන් මෙනෙහි කල යුතුය.

06)මෙසේ මෙනෙහි කිරීමේ දී විශේෂ ආයාසයක් නොයොදමින් ස්වභාවික ආශ්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය සමඟම මෙම මෙනෙහි කිරිම කල යුතුය. මේ ආකාරයට මෙම පරිකමිම වචනයන්ගෙන් සිත පිට යෑමට නොදී ආස්වාස ක්‍රියාවලියත් ප්‍රාස්වාස ක්‍රියාවලියත් කල යුතුය.
07)සති දෙකක පමණ කාලයක් දිනකට පැය දෙකක පමණ කාලයක් වෙන කරගනිමින් මෙම භවානාව කල යුතුය.

08)මෙම සති දෙක අවසානයේ යමි අත්දැකීමි ලැබීමට නොහැකි වේ නමි. ඉදිරි සති දෙක සඳහා බුද්කියා සිතින් කියමින් ආශ්වාස කල යුතුය, ධෝකියා කියමින් ප්‍රාශ්වාස කල යුතුය.

09)මේ අයුරු මසක් භාවනා කිරීමට උතුසුක විය යුතුය. මසක් අවසානයේ පැය දෙකක් වශයෙන් වඩනා ලද පරිකමිම භාවනාව පැය කාලක් දක්වා අඩු කල යුතුය.

10)පුර්ව කෘත්‍ය ආදිය පිළිවලින් සිදුකර පැය කාලක කාලයක් පරිකමිම භාවනාව කර අනතුරුව ප්‍රධාන භාවනාව කල යුතුය. ඔබ භාවනාව ලැදියාවෙන් කරන ලද්දේ නම් හා සිත පිට යන්නට නොදී නිසි සතියක් ඇතිව කරන ලද්දේ නම්, මේ වන විට ඔබ තුල සමාධිය වර්ධණය වී තිබිය යුතුය.

ආනාපානසති ධ්‍යාන භාවනාව
01)ඔබ අතිශය වුවමනාවකින් හා සතියකින් යුතුව ඉහත පරිදි භාවනාවේ නියුතු වුවා නමි. වේ වන විට ඔබ ලද අත්දැකීමි රාශියකි. එසේ ලද හැකි අත්දැකීම් සමහරක් මින් පෙර ලිපියේ සඳහන් කර ඇත.

02)දැන් ආනාපානසති ප්‍රධාන භාවනාව වැඩීමට ඔබට කාලය එලඹ ඇත. එහිදී ඔබ කල යුත්තේ, භාහිර වායුගොලයේ සිට ශරිර අභ්‍යන්තරයේ ඇති පෙනහළු දක්වා වායුව ගමන් කරනා ආශ්වාස ක්‍රියාවලියත්, පෙනහළු වල සිට භාහිර වායුඝෝලය දක්වා වාතය ගමන් ගන්නා ප්‍රාස්වාශ ක්‍රියාවලියේදීත්, භාහිර වායුඝෝලයේ සිට පෙනහළු දක්වාත් පෙනහළුවල සිට භාහිර වායුඝොලය දක්වාත්  වායුවේ ගමන් මඟ සිතින් දකිමින් ආශ්වාස කිරීම හා ප්‍රාස්වාස කිරීමයි. 

03)මෙසේ නිසි සතියක්, සමාධියක් ඇතිව භාවනාවේ නියුතු වන ඔබට, සතිපටිඨාන සූත්‍රයේ දක්වා ඇති, දිගු හුස්ම, කෙටි හුස්ම, ශරිරය පුරා හුස්ම පැතිරීයෑම ආදී වශයෙන් වන විවිධ අත්දැකීමි අත්දැකිය හැක. එහි ස්වභාවය මෙහි විස්තර කර නැත. මේ දක්වා ඇත්තේ වචන පමණි. ඔබ එය භාවනාව තුලින් අත්දැකිය යුතු තත්වයකි. 

04)සමහර අයෙකුට මේ ආකාරයට දිගින් දිගටම භාවනා කරනා විට ධ්‍යානංග පහල වීමටද ඉඩ ඇත. 

05)සමහර අයෙකුට මේ ආකාරයට භාවනා කරමින් යනවිට වේගයෙන් හුස්ම වැටීමට පටන් ගත හැක. තවත් කලෙක හුස්ම තුනී වී ගියා මෙන් දැකිය හැක. තවත් කලෙක ස්වලප මොහාතකට හුස්ම නතර වීම හෝ හිරවීම වුවද විය හැක. 

06)ඒ කුමක් වුවද බිය නොවී භාවනාව දිගටම කල යුතුය. එවැනි තත්වයන්ට බිය විය යුතු නැත. එවැනි තත්වයන් ඔබ මරණයට පත්කිරීමට සමත් නොවේ. 

07)එසේ ඉදිරියට භාවනාවේ නියුතු වන අයෙකුට භාවනා අත්දැකීමි ලැබිය හැක. 

08)එම භාවනා පියවර වැඩෙනා අයෙකුට ඉදිරි භාවනා පියවර වෙත යෑමට සුදුසුකමි ලැබේ.  

09)එසේ ප්‍රථිපල නොලැබේ නමි නැවත නැවතත් පරිකමිම කාලය වැඩි කල යුතුය. පරිකමිම භාවනාව තුලින් සතිය පිහිටුවා ගැනිමට පහසුවක් ඇති කරයි. සතිය වර්ධනය වන විට සමාධිය වර්ධනය වේ. 

10)භාවනා අත්දැකීමි ලැබෙනුයේ සතියත් සමාධියත් ඇතිවිටය. අන් ක්‍රමයක් නැත.

11) යම් සතිය සමාධිය දියුණු වූ අවස්ථාවක සිත ධ්‍යානයට පත්වීම සිදුවනු ඇත. එවන් විටක මෛත්‍රී භාවනාවේ ප්‍රකාශ කල ආකාරයෙන් ධ්‍යානංග වෙන වෙනම ගෙන වශි කිරීමට පටන් ගත යුතුය.

12)ප්‍රථම ධ්‍යානය මනාකොට වශී කිරීමෙන් අනතුරුවම ඉහල ධ්‍යාන කරා සිත පත්කිරීම සම්බන්ධව සිතිය යුතුය.

තෙරුවන් සරණයි!
පහසුම ප්‍රතිපදාවෙන් නිර්වාණයම වේවා!!


Viewing all articles
Browse latest Browse all 168

Trending Articles