Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

ආනාපානසති ධ්‍යානය උපදවීම.

$
0
0
 මේතාක් ලිපි පෙළ ගැස්ම.
  1. ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
  2. ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය) 
  3. සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය) 
  4. නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය 
  5. හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා 
  6. රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා 
  7. කසින භාවනා 
  8. මනෝ නිර්මාණකරණ භාවනාව. 
  9. මනෝ නිර්මාණකරණ භාවනාවේ මුල් පියවර 
  10. මනෝ නිර්මාණකරන භාවනාව ක්‍රියාකාරී අවස්ථාව 
  11. මෛත්‍රී භාවනාවේ ආනිසංශය
  12. ධ්‍යාන හා ධ්‍යානංග
  13.  “සුවපත් වේවා!!“ යැයි මතුරමින් සිටීමෙන් ඇතිවන ඵලය කුමක්ද?  
  14. ධ්‍යානයට පෙර ප්‍රාථමික සමාධිමට්ටම් වල ස්වරූපය
  15. මෛත්‍රී ධ්‍යානයේ ස්වරූපය 
  16. ප්‍රථම ධ්‍යානය වශී කිරීම
  17. ඉහල ධ්‍යානයකට සිත පත්කිරීම 
ආනාපාන ධ්‍යානය.
භාවනා අතරින් අතිශය ජනප්‍රියතම භාවනාව වන්නේ මේ ආනාපාන සති භාවනාව යැයි කිවහොත් එය අවිවාදාත්මකය. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලැබීම පිණිස දුෂ්කර වෘතය අතහැර දමා නැවත මැදුමි ප්‍රතිපදාවට පැමිණ ප්‍රථම වරට ධ්‍යාන උපදවනු ලැබුයෙද, මෙම ආනාපාන නැතහොත් ආස්වාස ප්‍රාස්වාය පිළිබඳව සතිය පිහිටවීම තුලිනි. පටිසමිභිදාමග්ග ප්‍රකරණයේ ආනාපානසතිය වඩන්නාවූ යෝගාවචරයෙකුට සාතිරේක දෙසියයක් ඥාන වැඩෙනා බව විස්තරාත්මකව දක්වා ඇත. මේ කරුණු ඉදිරිපත් කරණු ලැබූයේ මෙම භාවනාවේ ඇති වැදගත් බව පිළිබඳව යම් අවභෝධයක් ඔබට ලබා දෙනු පිණිසය.

ආනාපානසතිය වැඩීම සඳහා ගුරු පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආ  ශිල්පීය ක්‍රම රාශියක් ඇත. එසේම රටින් රටට භාවිතාවද විවිධය. මේ කිනම් ක්‍රමයක් වුවද භාවිතා කිරීමේ වරදක් නැත. නමුත් වඩාත් පහසු හා ඵලදායී ක්‍රමයක් භාවිතා කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කර සිටිනු ලැබේ.


ආස්වාසය හා ප්‍රාස්වාසය
අප නොදැනුවත්වම සිදුවන්නාවූ ආස්වාස හා ප්‍රස්වාස යාන්ත්‍රනය පිළිබඳව සිහිය පිහිටුවීම මෙම භාවනාවේ මූලික පදනමයි. මිනිත්තුවකදී වාර 16 ආස්වාස ප්‍රාස්වාස යාන්ත්‍රනය සාමාණ්‍ය මිනිසෙකුගේ සිදුවන බව ගණන් බල ඇත. ශරිරයේ ජීව ක්‍රියාවලි පවත්වාගෙන යෑම සදහා අවශ්‍යවන ඔක්සිජන් වායුව ශරිරය තුලට ඇතුල්කර ගැනීමට ශරිරයෙන් ක්‍රියාත්මක වන යාන්ත්‍රනය මේ යැයි ද අර්ථ දැක්විය  හැකිය. භාහිර වායුඝොලයෙන් ඇතුලුවන වායෝ ධාතුව ස්වාසනාල හරහා පෙනහළු දක්වා ගමන් ගෙන පෙනහලු වලදී ඔක්සිජන් වායුව අවශෝශනය කර ගැනීමෙන් අනතුරුව කාබන්ඩයොක්සයිඩි හා ජල වාශ්ප බහුල වායෝ ධාතුවක් ශරිරයෙන් පිටත භාහිර වායුඝෝලයට නැවත පිටවී යයි.  මේ කවරක් කුමන ආකාරයකින් අර්ථ දැක්වුවද භාවනාව සම්බන්ධයෙන් එහි ඇති වටිනාකමක් නැත. භාවනාව සඳහා ඔබ දත යුත්තේ ශරිරය තුලට භාහිර ලොකයේ ඇති වායු රැල්ලක් ඇත්ලුවීම සිදුවන බවත් ශරිරයෙන් පිටතට වායු රුල්ලක් පිටවීම සිදුවන බවත්ය , එම වායු රුල්ලේ ආරමිභය භාහිර වායු ගොලය වන බවත්, ශරිරය තුලදී අවසානය පෙනහැල්ලවන බවත්, පෙන හැල්ලෙන් නැවත භාහිර වායුඝෝලයට වායු රුල්ලක් නිකුත්වන බවත් පමණි. ඉන් එහා දැණුමක් භාවනාව සඳහා අවශ්‍ය වන්නේ නැත. වැඩිපුර දැන සිටියද වරදක් නැත.

ආනාපානසති ධ්‍යානය. (අවධානය පිණිස.)
ආනාපානසති ධ්‍යානය වැඩීම සඳහා අන් භාවනා මෙන් නොව හොඳ ශරිර සෞඛ්‍යක් පැවතීම උපකාරකර ධර්මයක් වන්නේය. එසේම මනා ශක්තියක්ද ශරිරයේ පැවතිය යුතුය. හර්ධ රෝගීන් මෙම භාවනාව වැඩීමට අදහස් කරන්නේ නම් ගුරුන් ඇසුරේම වැඩීමට උපදෙස් දෙනු ලැබේ. තනිවම වඩන්නට නොයා යුතුය. මින් පෙර විස්තර කරන්නට යෙදුන මෛත්‍රී භාවනාවට වඩා බොහෝ වෙනස් අත්දැකීම් මෙම භාවනාව තුලින් අත්දැකීමට සිදුවීම එයට හේතුවයි. එසේම යමෙකුට මෙම ධ්‍යානය වැඩීමට හැකියාව ඇත්නම් බොහෝ ලෙඩ රෝගයන්ගෙන් සුවය ලැබීමට හැකි බවද පැවසිය යුතුමය. ස්වසන ආභාධ, අධික රුධිර පීඩනය වැඩි රෝග නිටිඨාවට සුව වීමට පවා මෙම භාවනාව උපකාර වන බව පැවසිය යුතුමය. ශරිරයේ පරිවෘත්තිය ක්‍රියාවලි හා අපවෘත්තිය ක්‍රියාවලි මනාව සිදුවීමත්, මනස සංසිඳීමත් යන කරුණ එකවර සිදුවීමට මෙම භාවනාව උපකාරවීම මෙයට හේතුව වශයෙන් සරලව දැක්විය හැක.

අනාපානසතිය වැඩිය යුතු ආකාරය භාග්‍යවතුන්වහන්සේ සතර සතිපටිඨාන සූත්‍රයේ දක්වා ඇත.  ඒ පිළිබදව මින් පෙර සකස් කරනා ලද ලිපිය පහතින් දක්වා ඇත. 

නිවනට කෙටිම මඟ- ආනාපානසතිය
ඊලඟ ලිපිය ආනාපානසතියෙන් ධ්‍යාන ලැබීම

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles