මින් පෙර ලිපි වලින් ප්‍රථම ධ්‍යානය දක්වා සිත දියුණු කර ගන්නා ආකාරය විස්තර කර දෙනු ලැබිණි. ඒ අනුව මෙම ලිපියෙන් පහදා දීමට බලාපොරොත්තු වනුයේ ද්විතියික ධ්‍යානයේ සිට ඉහලින් ඇති ධ්‍යාන දක්වා සිත දියුණු කර ගන්නා ආකාරයයි.
ද්විතියික ධ්‍යානය දක්වා සිත දියුණු කිරීමට බලාපොරොත්තු වන තැනැත්තෙක් පළමුව ප්‍රථම ධ්‍යානය මනාකොට වශිකරගත යුතුය. විශුද්ධි මාර්ගය වැනි ග්‍රන්තයන්හි මෙය පඤ්ච වශිතාවයෙන් ධ්‍යානයක් වශි කිරීම යනුවෙන් දක්වා ඇත.
- එනම් කැමති කාලයක් කැමති යමි ධ්‍යානාඞ්ගයක් ආවර්ජනය කරමින් සිටීමට හැකි බව (ආවජ්ජන වසී),
- කැමති යම් තැනක කැමති තාක් කල් කැමති ධ්‍යානාඞ්ගයකට සමවැදීමේ සමර්ථ බව (සමාපජ්ජන වසී)
- කැමති යම් තැනක කැමති තාක් කල් කැමති ධ්‍යානාඞ්ගයක් අදිශ්ඨානයේ සමර්ථ බව (අදිශ්ඨාන වසී)
- කැමති විට වහා ධ්‍යානයෙන් නැගී සිටීමේ හැකියාව. (වුටිඨාන වසී)
- කැමති ධ්‍යානංගයක් ප්‍රත්‍යෙව්ක්ශා කිරීමට සමත් බව (පච්චවෙක්ඛණ වසී)
වශයෙන් ධ්‍යානයක් මනා කොට වශිකල යුතු ආකාරය දක්වා තිබේ. මේ ආකාරයට ධ්‍යානයක් වශි කල යුතු ආකාරය මින් පෙර ලිපියේ පැහැදිලි කර ඇති අතර ඒ අනුව පිළිපදින්නාවූ අයෙකුට ඉතාමත් පහසුවෙන් වැඩි කාලයක් ධ්‍යානයකට සිත පමුණුවාගෙන පවත්වාගෙන යා හැකි වන්නේය. පඤ්චවශීතාවයම සාක්ෂාත් වන ආකාරයෙන් ධ්‍යානය වශි කිරීම සඳහා පහත ක්‍රියාවලිය අනුගමණය කරන්න.
පළමුව සිත ධ්‍යානයකට පත් කර ගැනීමේ හැකියාව ඇති අයෙක්, නැවත නැවත එම තත්වයට සිත පත් කර එම අත්දැකීම භාවිතා කිරීම, බහුලීකරණය කිරීම කල යුතුය. මේ ආකාරයට පිළිපදින්නාවූ අයෙකුට චිත්ත චෛතසිකයන්ගෙ නොයික්මවනා ස්වරූපයක් වන ධ්‍යානයට සිත පහසුවෙන්ම පත්කර ගැනීමට හැකි වනු ඇත. ඒ අත්දැකීම ලැබීමට සිත හුරු පුරුදු වූ විට කාලය අදිශ්ඨාන කිරීම ආරම්භ කල යුතුය.
පළමුව සිත ධ්‍යානයකට පත් කර ගැනීමේ හැකියාව ඇති අයෙක්, නැවත නැවත එම තත්වයට සිත පත් කර එම අත්දැකීම භාවිතා කිරීම, බහුලීකරණය කිරීම කල යුතුය. මේ ආකාරයට පිළිපදින්නාවූ අයෙකුට චිත්ත චෛතසිකයන්ගෙ නොයික්මවනා ස්වරූපයක් වන ධ්‍යානයට සිත පහසුවෙන්ම පත්කර ගැනීමට හැකි වනු ඇත. ඒ අත්දැකීම ලැබීමට සිත හුරු පුරුදු වූ විට කාලය අදිශ්ඨාන කිරීම ආරම්භ කල යුතුය.
ඒ අනුව භාවනාව ආරමිභ කිරීම පළමුව මෙවැනි අදිශ්ඨානයක් පළමුව විර්‍ය ඇති සිතකින් කර භාවනාව ආරමිභ කල යුතුය. එනම්; මට “ප්‍රථම ධයානයට සිත පත් කරගෙන් මිනිත්තු 15 ක් ඉන්නට ලැබේවා“ . මෙසේ අධිශ්ඨාන කල විට එම කාලය පුරාම ධ්‍යාන සුඛය විදිමින් සිටීමට හැකිවිය යුතුය. එසේ මිනිත්තු 15 ක් සිත ධ්‍යානයට පත් කර පවත්වා ගැනීමට නොහැකි නම් නැවත නැවත අදිශ්ඨාන කර භාවනා කල යුතුය. යම් අවස්ථාවකදී ඉතාමත් නිවැරදි ලෙස සිත ධ්‍යනගතවී මිනිත්තු 15 අවසානයේ ධ්‍යානයෙන් මිදෙයි.
එවන් විටක එම කාලය පැය ½ ක් දක්වා වැඩි කර අදිශ්ඨාන කල යුතුය. මේ ආකාරයට මේ කාලය මිනිත්තු 45 ක් දක්වා වර්ධනය කර ගැනීම ප්‍රමාණවත් වනු ඇත. පැයක් සඳහා අදිශ්ඨාන කල හැකි නම් එය වාඩාත් සුදුසු වනු ඇත.
ඉන් අනතුරුව ක්‍රමයෙන් කාලය අඩුකරමින් සිත වශිකල යුතුය. මිනිත්තු 45 නැවත පැය ½ දක්වාද, පැය ½ පැය ¼ දක්වාද, පැය ¼ මිනිත්තු 5 දක්වාද, මිනිත්තු 5 මිනිත්තුව දක්වාද, කාලය අඩුකරමින් සිත වශිකල යුතුය. මිනිත්තුවකට අදිශ්ඨාන කල විට මිනිත්තුවකදී ධ්‍යාන සිත ඉපිද එය පැවත මිනිත්තුව අවසාන වනවාත් සමඟ ධ්‍යානයෙන් නැගී සිටිය යුතුය.
මේ ආකාරයට කාලය අඩුකරමින් වැඩි කරමින් භාවනා කිරීම සඳහා ධ්‍යානංග වශී කර තිබිය යුතුය. එය කරනා ආකාරය මින් පෙර ලිපියේ පැහැදිලි කර ඇත.
අවසන් පියවර ලෙස තමාට ධ්‍යානය අදිශ්ඨාන කල හැකි උපරිම කාලයට ධ්‍යානය අදිශ්ඨාන කල යුතුය. අනතුරුව සිත ප්‍රථම ධ්‍යානයට පත් වූ පසු එවන අයෙකුට ඇවැසි නම් ධ්‍යානංග දැකගත හැක. ධ්‍යානය තුලදීද ධ්‍යානංග ධ්‍යානංගයන් ප්‍රත්‍යෙව්ක්ෂා කල යුතුය.
දෙවන ධ්‍යානය
දෙවන ධ්‍යානයේ විතක්ක විචාර යන ධ්‍යාන අඞ්ග සංසිදී ගොස් ඇත. එනම් එහී විතක්ක හා විචාර යන ධ්‍යානංග විද්‍යාමාන නැත. ප්‍රීති, සුඛ, ඒකග්ගතා යන ධ්‍යානංග පමණක් එහි ඇත.
දෙවන ධ්‍යානයට සිත පත් කිරීම.
ප්‍රථම ධ්‍යානයට සිත පත් කරගෙන ටික වේලාවක් සිටිය යුතුය. අනතුරුව විතක්ක, විචාර සංසිඳී ගිය දෙවන ධ්‍යානය උපදවාගෙන මෙපමණ වේලාවක් සිටිනනට ලැබේවායි, කැමති වේලාවක් අදිශ්ඨාන කල යුතුය. එවිට විතක්ක විචාර සංසිඳීගිය දෙවන ධ්‍යානයට සිත පත්වන ආකාරය යමෙකුට අත් දැකිය හැකිය.
තෙවන ධ්‍යානය
මෙහි විතක්කය, විචාරය, ප්‍රීතිය යන ධ්‍යානංග 03 ම සංසිඳීගොස් ඇත. ඇත්තේ සුඛ, ඒක්කග්ගතා යන ධ්‍යානංග දෙක පමණි. තෙවන ධ්‍යානයට යෑමට කැමති වන්නාවූ යෝගාවචරයා, දෙවන ධ්‍යානයේ සිටිය හැකි කාලය වැඩි කර ගත යුතුමය. අනතුරුව තෙවන ධ්‍යානය අදිශ්ඨාන කල යුතුය.
චාතුර්ථක ධ්‍යානය.
මෙහි ඇත්තේ ඒකග්ගතා ධ්‍යානංගය පමණි. පෙර පරිදි තෙවන ධ්‍යානය මනාලෙස වශිකර ගැනීමෙන් අනතුරුවම චාතුර්ථක ධ්‍යානය අදිශ්ඨාන කල යුතුය. මේ අකාරයට චාතුර්ථක ධ්‍යානය දක්වා සිත දියුණු කරගැනීමේ වැඩ පිළිවල මෙහි දක්වා ඇත.
ඊලඟ ලිපිය.
ආනාපාන ධ්‍යානය උපදවීම.
මේතාක් ලිපි පෙළ ගැස්ම.
- ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
- ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය)
- සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය)
- නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය
- හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා
- රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා
- කසින භාවනා
- මනෝ නිර්මාණකරණ භාවනාව.
- මනෝ නිර්මාණකරණ භාවනාවේ මුල් පියවර
- මනෝ නිර්මාණකරන භාවනාව ක්‍රියාකාරී අවස්ථාව
- මෛත්‍රී භාවනාවේ ආනිසංශය
- ධ්‍යාන හා ධ්‍යානංග
- “සුවපත් වේවා!!“ යැයි මතුරමින් සිටීමෙන් ඇතිවන ඵලය කුමක්ද?
- ධ්‍යානයට පෙර ප්‍රාථමික සමාධිමට්ටම් වල ස්වරූපය
- මෛත්‍රී ධ්‍යානයේ ස්වරූපය
- ප්‍රථම ධ්‍යානය වශී කිරීම