Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

ප්‍රථම ධ්‍යානය වශි කිරීම

$
0
0

ප්‍රථම ධ්‍යානය වශි කිරීම

මින් පෙර ලිපියේ සඳහන් පරිදි අත්දැකීමක් ලැබීමට සමත් වන අයෙකු. නැවත නැවත එම අත්දැකීම ලැබිමට නැවත නැවත භාවනා කල යුතුය. භාවනා කරමින් 30 වරකට වැඩි වරක් එම දැක්දැකීම ලැබිම වඩාත් සුදුසු වන්නේය. ඒසේ එම අත්දැකීම ලබා හුරු වූ අයෙකුට ඉදිරි වැඩ පිළිවල මෙතැන් සිට දක්වනු ලැබේ.

ප්‍රථම ධ්‍යානයේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා වශයෙන් ධ්‍යාන අංග 05 ක් ඇත. මෙම ධ්‍යාන අංග පහේ ස්වභාවනයන් 05 ක් ඇත. ඒ ස්වභාවයන් 05 අත්දැකීමට අදිශ්ඨාන කල යුතුය. ඒ සඳහා පහත පරිදි පිලිපැදිය යුතුය.

“මට විතක්කය පමණක් උපදවාගෙන මිනිත්තු 05 ක් ඉන්නට ලැබේවා“ යනුවෙන් පළමුව අදිශ්ඨාන කල යුතුය. ඉන් අනතුරුව තමාගේ පුරුදු භාවනාව කරගෙන යා යුතුය. එහිදී තමාගෙ සිත විතක්කයට පත්වන ආකාරය යමෙකුට අත්දැකිය හැක. විතක්කය උපන් පසු වෙන කිසිත් මෙනෙහි නොකොට එය නිරීක්ෂණය කරමින් සිටිය යුතු අතර.  නියමිත කාලය අවසානයේ එම තත්වය පහව යනු ඇත. මේ ආකාරයට විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකග්ගතාවය යන ධ්‍යාන අංග 05 ම වෙන වෙනම අත්දැකිය යුතු අතර වෙන වෙනම පැහැදිලිව හදුනාගත යුතුය. වෙන වෙනම විස්තර කිරීමට හැකි ආකාරයේ ඉතා පැහැදිලි වෙනස් කම් එම ධ්‍යානංග වල ඇත.

මේ ආකාරයට මිනිත්තු 05 බැගින් ධ්‍යානංග පහ, දස වරක් පමණ අත්දැකිය යුතුය. ඉන් අනතුරුව මිනිත්තු 10, 15 වශයෙන් එම ධ්‍යානංග 05 අත්දැකිය යුතුය. මේවා අතීශය සුඛ තත්වයන් නිසා අත්දැකීම අපහසු නොවේ.

මේ ආකාරයට ධ්‍යානය වශිකිරීමෙන් පසුව පමණක්. “ විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකග්ගතාවය යන ධ්‍යානංග 05 ම ඇති ප්‍රථම ධ්‍යානයට සිත පත්වන ආකාරය ඉතාමත් පැහැදිලිව  පෙනී සිත ධ්‍යානයට පත්කර ගෙන මිනිත්තු 15 ක් ඉන්නට ලැබේවා ලෙස අදිශ්ඨාන කර භාවනා කල යුතු අතර. ක්‍රමයෙන් ධයානංග 05 ඉතා පැහැදිලිව දර්ශණය වී සිත ධ්‍යානයට පත්වී නිසල වන ආකාරය ඔබට අත්දැකිය හැක.

එවන් අයෙකුට තමාගේ සිත නියත වශයෙන්ම ධ්‍යානට පත්ව ඇත්ද නැත්ද යන්න අත්දැකිය හැකි වන්නෙය.මෙම කාලය මිනිත්තු 20, 30, 45, 60 යනාදි වශයෙන් වර්ධනය කරගත යුතුය.

මේ ආකාරයට ප්‍රථම ධ්‍යනය වශි කරගන්නා අයෙකු පමණක් දෙවන ධ්‍යානයට යාමට උත්සුක විය යුතුය. එබැවින් දෙවන ධ්‍යානය ගැන කරුණු ඉදිරිපත් කිරීම පසුවට තබමි.

ධ්‍යානංග නොමැතිව සිත ප්‍රථම ධ්‍යානයට පත් වන්නේද?
ධ්‍යානංග නොමැතිව තමාගේ සිත ප්‍රථම ධ්‍යානයට පත්වී ඇතැයි යමෙක් පවසන්නේ නම් ඔහු වඩා ඇත්තේ මිත්‍යා සමාධියකි. බුදු දහමේ එබදු සමාධියක් ඇති බව භාග්‍යවතුන්වහන්සේ දේශනාකොට නැති බව දත යුතුය. එබැවින් යමෙක් තමාගේ සිත ප්‍රථම ධ්‍යානයට පත්ව ඇති බව පවසන්නේ නම් ඔහුට නියත වශයෙන්ම තමා ලද්දාවූ ධ්‍යානංග 05 ධ්‍යානය තුලදී අත්දැකීමට හැකි විය යුතුය. ධ්‍යානංග පරීක්ෂාව මෙහි විස්තර කිරීමට බලාපොරොත්තු නොවෙමි.

කාරුණික අවධානය පිණිස!
කෙසේ වුවද මෙම කරුණු මේ ආකාරයෙන් ඉදිරිපත් කරනුයේ අන් කරුණක් නිසා නොව. අසන්නට දකින්නට ලැබේන දෑ නිසා බව අවධාරණය කර සිටිමි. පැයක් ඇතුලත චාතුර්ථක ධ්‍යානය උපදවන්නට කියා දෙන භාවනා මධ්‍යස්ථානයක් ඇති බවත්, බොහෝ මිනිසුන් ඒ පසුපස යන බවත් දැන ගන්නට ලැබින. ඒ භාවනා උපදේශකයාට අනුව ප්‍රථම ධ්‍යානය යටි බඩ ප්‍රද්ශයේත් චාතුර්ථක ධ්‍යානය නලලේත් පිහිටා ඇති බව ඔහු කියයි. නලලට අවධානය යොමු කර චාතුර්ථක ධ්‍යානයට සිත පත්වූ බව මිනිසුන්ට පවසන ඔහු අවම වශයෙන් චක්‍ර භාවනාවන්ගේ හරය හෝ නොදන්නා අයෙක් බව කිව යුතුය. මෙය චක්‍ර භාවනා හා බෟද්ධ භාවනා රී මික්ස් කරගත් භාවනා ක්‍රමයක් දැයි සිතේ. නමුත් නම් පමණක් රීමික්ස් කර ඇත.
මේ සම්බන්ධයෙන් වෙන කීමට වදනක් නැත. දෙයියන් බුදුන්ගේ නාමයෙන් ධර්මය විකෘති කරන්නට එපා යැයි කීම පමණක් සෑහේ යැයි සිතමි. මේ ධර්මය තවත් කලක් පැවතිය යුතුය. බොහෝ පිරිසකට උපකාර පිණිස එය පැවතිය යුතුමය. මිනිසුන්ගේ ප්‍රඥා දැස් විවර වේවා. මිනිසුන් ත්‍රිපිටකය පරිශිලනය කෙරෙත්වා. ධර්මය විමසා බලත්වා. එවිට නොමඟ යාම් සිදු වන්නේ නැත. කිසිවෙකුට කිසිවෙක් නොමඟ යැවීමට හැකි වන්නේ ද නැත.

මේ ලිපි පෙළ කවරෙකුට හෝ උපකාර වීමට ඉඩ ඇති බැවින් මේ ආකාරයෙන් ලියා දැක්වීමට සිත්වූයේ එබැවිනි.සයිබර් අවකාශයක මෙබදු ලිපි පෙළක ඇති වටිනා කමක් නැති වන්නට පුළුවන. එයින් ප්‍රෙයෝජන ලබන්නෝ නැති වන්නට පුළුවන.නමුත් කුමන හෝ අයෙකුට උපකාර වේවා යන්න මාගේ ඒකායන පැතුමයි.

ඉලඟ ලිපිය.ධ්‍යානයක් ඇතිව වුද නැතිව වුවද ධ්‍යානංගයන්ට සිත වශි කිරීම.
 

මේතාක් ලිපි පෙළ ගැස්ම

  1. ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)
  2. ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය) 
  3. සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය) 
  4. නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය 
  5. හින්දු හා ත්‍රාන්ත්‍රික පරිකමිම භාවනා 
  6. රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා 
  7. කසින භාවනා 
  8. මනෝ නිර්මාණකරණ භාවනාව. 
  9. මනෝ නිර්මාණකරණ භාවනාවේ මුල් පියවර 
  10. මනෝ නිර්මාණකරන භාවනාව ක්‍රියාකාරී අවස්ථාව 
  11. මෛත්‍රී භාවනාවේ ආනිසංශය
  12. ධ්‍යාන හා ධ්‍යානංග
  13.  “සුවපත් වේවා!!“ යැයි මතුරමින් සිටීමෙන් ඇතිවන ඵලය කුමක්ද?  
  14. ධ්‍යානයට පෙර ප්‍රාථමික සමාධිමට්ටම් වල ස්වරූපය
  15. මෛත්‍රී ධ්‍යානයේ ස්වරූපය

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles